බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

    න පරේසං විලෝමානි - න පරේසං කතාකතං
    අත්තනෝව අවෙක්ළඛය්‍ය - කතානි අකතානිච


    අනුන්ගේ වචන වල ඇද කුද හොයනට ඕන නෑ
    අනුනු කළ-නොකළ දේවල් ගැන ‍සොයන්ට ඕනෙත් නෑ
    තමන් ගැනම බලාගත්තහම ඇති
    තමන් ‍කළ-නොකළ දේ ගැන බලාගත්තහම ඇති

    (ධම්ම පදය)


    වරෙක මා තුල සිතුවිලි නො ගැබුරැ ලෙස පැවතුනි,
    පිටතින් දිස්වන ඔපයට මුලා වී අස්ථිර චපල තැනැත්තෙක් වී
    නොදැමුණු සිතින් ඉන්ද්‍රියන් පිනවමින් ජීවිතය ගත කළෙමි.
    එහෙත් සූර්ය වංශික බුදුරජුනගේ විශාරද දායාන්විත දස්කමින් මා සිත දියුණු වී වැටී සිටි අක්මුල් නැති සසර මඩ වගුරෙන් ගැලවුනෙමි.

    නනද කුමරැට ධම්ම ඇස පහල වී රහත් වූ අන්දම - ථෙර ගාථා ඇසුරෙන්

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා
    මුල මැද අග පිරිසිදු අමා මහ නිවනට යොමුවන ඒ ගාම්භීර ධර්මය මම සරණ යමි
    ආර්්‍ය මහා සංඝරත්නය මම සරණ යමි

    සියළුදෙනාට තෙරැවන් සරණයි​