ලිපිය කියවලත් නෑ නේ ඉතින්. එහෙම කරන්න හේතුව එක්කම තියෙනවා. සූත්‍රයක නන් තියෙනවා ස්ථාන හතරක් ගැන සංවේගය උපදවා ගන්න.
ජීවමාන කාලේම කේශ ධාතූන් නන් විහාරයක් හදන්න කියලම ඉලාගෙන ගියානේ තපස්සු භල්ලුක එක එපා කියලත් නෑ.
තව ත්‍රිපිටකයේ තියනවද නන් දන්නේ නෑ
@greenthunder ගෙන් අහල බලමු
ශාරීරික ධාතූන් ගැන ඉඟියක් ලැබෙනව කාලිංග බෝධි ජාතක අටුවාවෙ.
චෛත්‍යයෝ කෙතෙක් දැයි තථාගතයන් වහන්සේගෙන් විමසීය. ආනන්‍දය තුනකි. ස්වාමීනි, කවර වූවෝද? ශාරීරික පාරිභෝගික උද්දේසික වශයෙනි. ස්වාමීනි, ඔබවහන්සේ වැඩසිටින කල්හි චෙත්‍යයන් කරන්නට හැකිද?
ආනන්‍දය, ශාරීරික චෛත්‍ය කරන්නට නොහැකිය. බුදුරදුන්ගේ පිරිනිවි කල්හි වෙයි. (No, Ananda, not a body-shrine; that kind is made when a Buddha enters Nirvana)උද්දේසික චෛත්‍ය අවසතුකය. (වස්තු රහිතය) මමායනය පමණින්ම වේ. බුදුවරුන් විසින් පරිභෝග කරන ලද මහා බෝධිය බුදුවරුන් වැඩ සිටින කල්හිද පිරිනිවන් පෑ කල්හිද චෛත්‍යමයයි.
- කාලිංගබෝධි ජාතක අටුවාව.
චෛත්‍ය ගැන නම් ආයෙ සඳහන් වෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ. එතනදි බුදුන් කියන්නෙ උන්වහන්සේ උදෙසා චෛත්‍ය නිර්මාණය කිරීම, ඒවාට සුවඳ දුම් මල්පූජා කිරීම, වැඳීම, සිත පහදා ගැනීම් ලෝක සත්වයාට යහපතක් කියල. උන්වහන්සේගෙ ආදාහන පූජෝත්සවයත් නිකන් නෙමෙයි සක්විති රජෙකුගෙ ආකාරයෙන් රාජශ්‍රීයෙන් කරන්න කියලායි උපදෙස් දෙන්නෙ.
අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුර අළුත් පිළියෙන් වෙළත්. අළුත් පිළියෙන් වෙළා පොළාලු (මොනොවට නඟා පාදන ලද) කපු පුළුනෙන් වෙළත්. පොළා ලූ කපුපුළුනෙන් වෙළා අළුත් පිළියෙන් වෙළත්. මෙ නයින් යුගල පන්සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, හැම වර්‍ගයේ සුවඳ දරින් චිතකයක් කොට එ සිරුර දවත්. සක්විති රජහට (සක්විති රජුගේ සිරුර දා ඉතිරි වූ ධාගු තැන්පත් කොට) සතර මං හන්දියෙක තුඹක් (ස්තූපයක්) කරත්. අනඳයෙනි, මෙසේ ම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. අනඳයෙනි,
යම්සේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත් ද, එ සේම තථාගතයන්ගේ සිරුරෙහි පිළිපැද්ද යුතු. තථාගතයනට සිවු මං සන්දියෙක තුඹක් කැරැවිය යුතු. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
- මහාපරිනිබ්බාන සූත්‍රය