බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව ප්‍රේතයින්ගේ ස්වභාවය මෙයයි.
අකුසල් කර්ම කර ප්‍රේත ලොව උපන් ඒ ප්‍රේතයින්ට මිනිස් ලොව මෙන් රැකියා කිරීමක් නෑ. දෙව්ලොව මෙන් සැප විඳීමක් නෑ.
තිරෝකුඩ්ඩ සූත්‍රයට අනුව පින් අනුමෝදන් වෙන්න කැමති ප්‍රේතයින් ආපසු තමන් පෙර සිටි නිවසට පැමිණ බිත්තියෙන් එහා පැත්තේද, දොර මුල්ලේද, බිත්තිය මුල්ලේද, හතර මංසන්ධි වලද සිටින බව දක්වා තියෙනවා.
ඔබ රසවත් ආහාර පාන අනුභව කරද්දි ඒ ප්‍රේතයින් ඒ දිහා බලන් ඉන්නවා. ඒත් අකුසල කර්මයක විපාකය සුළුපටු නැහැ. ඒ රසවත් ආහාර කිසි දෙයක් ප්‍රේතයින්ට අනුභව කරන්න පුළුවන් කමක් නෑ.
කෙළ, සෙම්, සොටු, මළ, මූත්‍රා, මනුෂ්‍ය සහ තිරිසන් ස්ත්රින් දරුවෙක් වැදූ පසු වැදුම් ස්ථානයේ ඉතිරි වන අපද්‍රව්‍ය, මිනි පිළිස්සීමේදී නැගී එන තෙල, රුධිරය, මිනී කුණු වූ ඕජාව, මිනිස්, තිරිසන් ආදී සත්වයින්ගේ තුවාල ආදියෙහි ගලන සැරව, ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ සිරුරින් වැගිරෙන විවිධ අපද්‍රව්‍ය, සතුන්ගේ වමනය, පිළුණු ආහාර, පුළුටු වැනි දෑ ආහාරයට ගනිමින් ඒවායේ ගන්ධය ආඝ්‍රාණය කරමින් අසූචි මතම යැපෙන ඒ ප්‍රේතයින්ගෙන් මිනිස් ලොව නෑයින් සහ මිතුරන් අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන් "පරදත්තූප" කියන ප්‍රේත නිකායේ ප්‍රේතයින්ට විතරයි. අනිත් නිකායන් වල ප්‍රේතයින්ට පින් අනුමෝදන් වෙන්න හැකියාවක් නැහැ.
ඒ පරදත්තූප නිකායේ ප්‍රේතයින් මිනිසුන් අනුමෝදන් කරන පින් අනුමෝදන් වුනහම තාවකාලිකව දිව්‍ය ස්වභාවයෙන් ඉබේ පහළ වන ආහාර පාන අනුභව කරන්න පුළුවන්. ඉබේ පහළ වන වස්ත්‍ර වලින් ගත වසා ගන්න පුළුවන්. ප්‍රේත සිරුර අතුරුදන් වෙලා දිව්‍ය ස්වරූපයෙන් පෙනී සිටින්න පුළුවන්. ඔවුන්ට පින් අනුමෝදන් කරහම අපගේ ඥාතීන් බොහෝ කාලයක් නිදුකින් ජීවත් වේවා කියලා ඔවුන් ආශිර්වාද කරනවා.
නමුත් ඒ මිනිසුන් අනුමෝදන් කළ පුණ්‍ය විපාකය අවසන් වූ සැනින් ඒ ප්‍රේතයින් නැවත පෙර තත්වයට පත් වෙනවා. කල්ප ගණනක් ප්‍රේත ලොව දුක් විඳලා අවසන් වුනාම ඒ ප්‍රේතයින් නරකාදි වල උපත ලබනවා. සියළු අකුසල් විපාක ගෙවා අවසන් වුනාම තමයි ඒ සත්වයින් නැවත සුගති භූමි වල උපත ලබන්නෙ...
ඔබත් සමහරවිට බුදුරජාණන් වහන්සේගේ වචනය අවිශ්වාස කරමින් හිතු මනාපෙට අකුසල් කර්ම කරමින් අපිරිසිදු ජීවිතයක් ගෙවන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බුදුරජාණන් වහන්සේගේ වචනය දැන් විශ්වාස කරන්නෙ නෑ.
හැබැයි ඔබත් අකුසල් කර්ම විපාක හැටියට ප්‍රේත ලොව ඉපදුණාට පස්සෙ මේ හැම සිදුවීමක් ම අත්විඳින්න පුළුවන්. එදාට ප්‍රමාද වැඩියි.
ප්‍රඥාවන්ත සත්පුරුෂයින් අප්‍රමාදීව කුසල් දහම් ප්‍රගුණ කරත්වා...!!! මේ බිහිසුණු සසර ගමන නවතා නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා...!!!
මුලාවෙන් වැසී පවත්නා ලෝකයෙහි ස්වභාවය ලෝකයට හෙළිදරව් කර දුන් අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේවා...!!!
උපුටා ගැනීමකි .....