බුදුරජාණන් වහන්සේ කවර ජාතියකට අයත්ද?
“බුදුරජාණන් වහන්සේ කවර ජාතියකට අයත්ද?” මා මිත්‍ර නුවන් බෝපගේ ඇසූ මේ පැනය අපගේ සංවාදය වඩා පුළුල් වපසරියකට පැමිණවීම පිණිස මම යොදා ගනිමි. අපගේ සංවාදය ආරම්භ වූයේ මවිසින් කළ “උඩරට වෙස් තට්ටුවේ ලේ තැවරූ යාපා පටුනේ පණිවිඩය” යන සිරසින් යුතු ප්‍රකාශයක් වෙත නුවන් බෝපගේ සිදුකරන ලද ප්‍රතිචාරයකිනි. මාගේ ප්‍රකාශය අනුව, ඔහු මා “ජාතිවාදය” ඇත්තෙකැයි චෝදනා කළ අතර එසේ පැවසීමට හේතු සහ “ජාතිවාදය” යනු කුමක්ද ? යනාදී වශයෙන් මවිසින් අසන ප්‍රශ්න සුපුරුදු පරිදි ඔහු මගහැර ගියේය. නමුත්, ඔහුගේ ප්‍රශ්න වලට මම පිළිතුරු දෙමි. ඒ සැබවින්ම, එම පිළිතුරු විමසා බලා ඔහු සිය මතය වෙනස් කරනු ඇතැයි හෝ, අඩු තරමින් සාධාරණ කරුණු දැක්වීම් කරමින් කරුණු සහිත සංවාදයක නියැලෙනු ඇතැයි හෝ සිතන නිසා නොව, මෙම සංවාදය කියවන යම් වෙනත් පාර්ශවයක් වෙතොත් ඔවුනට කරුණු තේරුම් ගැනීමට උපකාර කරනු පිණිසය.
බුදුරජාණන්වහන්සේ සිංහල ජාතියට අයත් නොවන බව නුවන් ද දනී. මමද දනිමි. බුද්ධත්වයට පැමිණීම යනු, රාගය, ද්වේශය සහ මෝහය මුල් වූ සියලු කෙලෙසුන් දුරු කොට සියලු සංකල්ප, ධර්මතාද ද සංකල්පයන්හි හා ධර්මයහි හේතූන් ද එහි නිරෝධයද පරිපූර්ණව අවබෝධ කරගන්නා අත්‍යුත්තම සාක්ෂාත් කිරීමකි. බුදුරාජාණන් වහන්සේ “අරහත්” වන සේක, යනුවෙන් ප්‍රකාශ කරද්දී අප අදහස් කරනුයේ, උන්වහන්සේගේ මෙ පරිපූර්ණ “නිකෙල්ස්” බවය.
බෝධිසත්වයන් වහන්සේ උපත ලැබුවේ ශාක්‍ය වංශයෙහි, ගෞතම ගෝත්‍රයේය. (මෙම “ගෝත්‍ර” යනු ඉංග්‍රීසියේ “Tribe” යන වදන පරිවර්තනය කිරීමට යොදන “ගෝත්‍ර” යන අර්ථය නොවන බව කිවයුතුමය. (වචන, පරිවර්තන සහ සංකල්ප පිලිබඳ වන ගැටළු ගැන පසුව සාකච්ඡා කල යුතුය). බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පැමිණි පසු, ලෝකයෙහි උන්වහන්සේට අල්ලා ගැනීමට බැඳීම් නැත. උන්වහන්සේ “උනුපාදා විමුත්ත” යනුවෙන් හඳුන්වන්නේ එබැවිනි. එනිසා, උන්වහන්සේ ආර්ය වංශයෙහි බවත්, ලොවින් මිදුණු බවත්, සියලු දුකින් තමන් වහන්සේද එතෙර වී අන්‍යයන් ද එතෙර කරවීම පිණිස මහා කරුණාවෙන් කටයුතු කල බවත් දත යුතුය. තිසරණ සරණයෙහි පිහිටා, උන්වහන්සේගේ ධර්මයෙහි මග ගෙන ආර්ය ජාතියට පැමිණීමට නුවණැති වීර්ය වන්තයින්ට අවකාශ ඇත.
නුවන්ද, මමද රළු කෙලෙස් සහිත වෙමි. එනිසා ආර්යයෝ නොවෙති. අනාර්යෝ වෙති. එනිසා, අපට සංකල්ප ඇත. අපි සංකල්ප මවමු. ආර්ය වූ නමුත් රහත් නොවූ “සෝවාන්” ආදී මුල් මට්ටම් තුනක සිටින ආර්යයෝ වුවද රහතන් වහන්සේට සාපේක්ෂව සංකල්ප ජනනය කරති.
නුවන්, (ඔහු කියන පරිදි) ජාතියක් හා ආගමක් නැති කෙනෙකි. නමුත්, ජාතිය හා ආගම පිලිබඳ සංකල්ප සහ ඊට අදාළ මුල් වලින් ඔහු නිදහස් නැත. “කම්කරු පන්තිය”, “ධනේශ්වරය”, “සමාජ අසාධාරණය”, “විප්ලවය”, “ධනපති පන්තිය සහ ක්‍රමය විනාශ කිරීම” ඔහුගේ සංකල්ප වෙයි. සිංහල හෝ දෙමළ හෝ යනුවෙන් ස්ථාපිත සංස්කෘතික සමූහයන් වෙනුවට, නිර්ධන පන්තිය, වැඩ කරන පන්තිය, ධනපති පන්තිය ඔහුගේ සමූහන සංකල්ප වෙයි. බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ආදිය වෙනුවට, “භෞතික වාදය”, “හේතුවාදය” , “අනාගමික විමුක්තිය”, “අවිඥාන වාදය”, “මරණින් මතු උපතක් නැති බව” ආදිය ඔහු තුල වන විශ්වාස වෙයි. ඔහු කර්ම විපාක පිළිනොගනී. නමුත්, මා මිත්‍රයා ආගමක් නැත්තෙක් නොවේය. ඔහුට ආගමක් ඇත. එය නමින් පවසන්නේ නම් “උච්ඡේද වාදය” නම් වෙයි. ඔහුට අනුව සංසාරයක් හෝ ස්වර්ගයක් හෝ අපායක් නැත. (පුද්ගලිකව මාගේ මිතුරා කාරුණික හදවතක් ඇත්තකු බව තවමත් මා විශ්වාස කරන මුත්, භෞතිකවාදීන්ගේ මෙම බෙදීම වත්මන් ජාතික ආගමික සංස්කෘතික බෙදීම් වලට වඩා කුරිරු මානසික තත්ත්වයකට මනුෂ්‍යා ඇද දමන බවට කරුණු දැක්විය හැකිය.)
අනාර්යයෝ(මාර්ග ඵල නොලද්දෝ) වුවද, මෙනිසා මමත් නුවන් ඇතුළු භෞතික වාදීනුත් අතිශයින් වෙනස් වෙයි. භෞතික වාදියාට බුදුන් වහන්සේට “එතුමා” යයි කියන්නට සිතෙන්නේද, මවිසින් “භාග්‍යවතුන් වහන්සේ” “බුදුරජාණන් වහන්සේ” යනුවෙන් යොදන්නේද එනිසා විය හැකිය.
බුදුරාජාණන් වහන්සේ “ජාතිය” අනුව පුද්ගලයන් උසස් හෝ පහත් කොට නොසැලකු සේක. උන්වහන්සේ ප්‍රඥාවේත්, කරුණාවේත් මාර්ගය අපට පෙන්වා ඇත. නමුත්, උන්වහන්සේ ක්‍රියාව අනුව පුද්ගලයාගේ උසස් පහත් බව පැනවූ සේක. දෘෂ්ටිය අනුව පුද්ගලයාගේ උසස් පහත් බව පැනවූ සේක. උන්වහන්සේ සංස්කෘතික අනන්‍යතා සහ චාරිත්‍ර ධර්මද, රාජ්‍ය පාලනය සහ ජනවර්ගයන්ගේ ශිෂ්ටාචාර පැවැත්මද ප්‍රතික්ෂේප නොකළ බව අනාගමික භෞතික වාදීන් නොදන්නවා විය හැකිය. උන්වහන්සේ දුප්පත් ජනතාවගේ “දුප්පත්” බවට හේතුවන සංසාරික හේතු මෙන්ද, එයින් මිදෙන මාර්ගය වන “වීර්ය”, “නුවණ”, ආදියද දේශානා කළ සේක.
උන්වහන්සේ “වැඩකරන පංතියක්” හෝ “ධනේශ්වර පංතියක්” හෝ නොව, දුප්පත් වූද පොහොසත් වූද “පාලක”, “පාලිත” සියල්ලන්ගේ දුක සහ එයින් මිදෙන මග පැනවූ සේක.
මම සංසාරයද ස්වර්ගයද නිරයද කර්මයද විශ්වාස කරමි. ක්‍රියාව සහ දෘෂ්ටිය නිසා මනුෂ්‍යා උසස් පහත් වන බව මම අදහමි. දකිමි. යාපනයේ හෝ වෙනත් තැනෙක දුකට පත් දමිළ හෝ වෙනත් ඕනෑම ජනතාවක් කෙරෙහි කරුණාව අප සිත් තුලද ඇත. ඔවුන්ගේ සුවපත් බවද සැපවත් බවද අපේ පැතුමය. නමුත්, අයුක්තිසහගත සහ ව්‍යාජව මවන ලද ඉතිහාසයක් මගින්, සිංහල ජනයා වෙත මුදාහරින කෘරත්වය, සටකපටකම හෝ ජාතිවාදය මම අනුමත නොකරමි.
තවද, ධනවතුගේ ධනය පිලිබඳ “මුදිතාව” අපි පුහුණු කරමු. නැති පංති විඥානයක් මවාගෙන, පාලකයින් හෝ ධනවතුන් කෙරෙහි නොපසුබසින වෛරයකින් සිත් දූෂ්‍ය කිරීමට අපි විරුද්ධ වෙමු. ධනය සහ බලය පිණිස වන කෑදර බවත් බලවත් ධනවත් ජාතීන් විසින් මුදාහරින කෘර උපායයන්ටත් එරෙහිව කටයුතු කිරීමට අප සූදානම්ය. නමුත්, ඒ භෞතිකවාදී පදනමක සිට නොව, විශ්ව සාධාරණ සමාජ සදාචාර පදනමක සිටය. ඔබෙත් මගෙත් අධ්‍යාපනයද ජීවන රටාවද අපට මේ මග කියා නොදුන් බව සත්‍යයකි.
බුදුරජාණන් වහන්සේ පිලිබඳ සංවාදය යොමු වූ නිසා, නුවන් බෝපගේ ගේ ජීවන ක්‍රමය සහ චින්තනයට එරෙහි නොවන ලෙස මට කරුණාවෙන් අවවාද කල මගේ දයාබර මිතුරන්ට අවසන් වශයෙන් යමක් කිව යුතුය. ලොවෙහි විවිධ දෘෂ්ටි පැනනගී. ඒ අපට නැවතිය හැකි ස්වභාවයක් නොවේ. නමුත්, සමහර දෘෂ්ටීන් අතිශය භයානකය. බොහෝ භෞතික වාදීන් නොදන්නවා විය හැකි නමුත්, “කර්ම කර්ම ඵල විශ්වාස නොකිරීම”, “මරණින් මතු උපත විශ්වාස නොකිරීම” යනාදී මෙම ලක්ෂණ ඇති දෘෂ්ටීන් බුදුසමයට අනුව අයත් වන්නේ “නාස්තික දෘෂ්ටිය”, අහේතුක වාදය” , “උච්ඡේදවාදය” යන මිත්‍යාදෘෂ්ටි ගණයටය. එහි බැසගත් මනුෂ්‍යා එහි විපාක වශයෙන් “නිරයෙහි” ඉපදී දුක් විඳින බවට බෞද්ධ ඉගැන්වීම් වෙයි. මන්ද යත්, එවැනි දැඩි මිත්‍යා ගෘෂ්ටි ගත්තවුන්ගේ සියලු ක්‍රියාද, වචනද, සිතුවිලිද, එ අනුව යන බැවිනි. භෞතික වාදීන් කෙරෙහි අපේ කරුණාව යොමුවෙයි.
මෙම සංවාදයට අවතීර්ණ වූයේ කිසිවකු කෙරෙහි වන ක්‍රෝධයකින් නොවන බවද, කරුණු සහිත සංවාදයක් මගින් අවබෝධය නිරවුල් කරගත හැකි බවද අපේ අදහස වූ බැවිනි. නමුත්, මගේ මිත්‍රයා අපට පෙන්වන්නේ හඳය. ඔහුගේ අත දෙස නොබලන ලෙසත්, එහි සැඟවී ඇති පිහිය ගැන නොවිමසන ලෙසත්(මා මිතුරු සාරථී සමග යෙදුනු ඔහුගේ සංවාදය දෙස බලන්න) ඔහු අපට බල කරයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මුල්කොට පවත්වාගෙන යන කුරිරු නවක වධ ක්‍රියාවලිය ගැන හෝ විප්ලවීය ක්‍රියාමාර්ග වලදී මතුවන කෘරත්වය ගැන හෝ ඔහුට විවේචන නැත. ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කථාවේදී ඔහු "අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය" යන නාමය ඔහු යොදා නොගත් බැවින් ඒ පිලිබඳ විමසූ "සාරථී සොයුරාට" අන්තරේ ගැන නොකියා ඔහු ධර්මන් වික්‍රමරත්න" මහතාගේ පොතක් පෙන්වයි. හඳ පෙන්වනවා මදිවාට දැන් හේ අපට පොත්ද පෙරලයි. කෙසේ නමුත් පොත් පෙරලීම හොඳය.
ඔහු ජිඔදානෝ බෘනෝ ගැන කියයි. බෘනෝ මරාදැමුණේ එවකට සිටි පාප් වහන්සේගේ සහ පල්ලියේ තිබුණු අධානග්රාහී ක්‍රියාවන් හේතුවෙනි. එය ක්‍රිස්තුස් වහන්සේ අනුමත කරනු ඇතැයි මම කිසිසේත් නොසිතමි. නමුත්, බෘනෝ ට මෙන් අප හෝ වෙනත් කෙනෙකු හෝ ඔබට හෝ වෙනත් භෞතික වාදියකුට එවැනි තර්ජනයක් කලේද? අනික, බෘනෝට ප්‍රශ්න යොමු කිරීමටත් ඒවාට පැහැදිලි කිරීම් ලබා දීමටත් අවස්ථාව නොතිබුනා විය යුතුය. ඔබට අවස්තාව ඇත. ඔබ පුළුස්සා මර දැමීමට හෝ සිරගත කිරීමට තබා අංශුමාත්ර හිංසාවකින් ඔබට දුකක් වනු දැකීම ඔබේ මිතුරකු වන මා නොපතන බව ඔබ හොඳින්ම දන්නවා විය යුතුය. අපට විශ්ව විද්‍යාල ජීවිතය අපායක් කල, අප නිරුවත්කොට ඇඳවල් යට දිගා කිරීමට කටයුතු කල, පහසු ඇඳුමක් අඳින්නට ඉඩ නොදුන්, පළමු මාස කිහිපය පුස්තකාලය තහනම් කල, පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත්කළ, අපේ ශරීර වලට තුවාල කල, අන්තරේ (ශිෂ්‍ය ව්‍යාපාරය) විසින් අපව ආරක්ෂා කල බව කීමට තරම්, ඔබ ආධානග්‍රහී සහ ව්‍යාජ වීම ගැන මම විමතියට පත් වීමි. මා ආදරය කල, කරන මගේ දුකෙහි මට පිහිටට සිටි උපකාරක මිත්‍රයකු වූ නුවන් බෝපගේ තුල මීට වැඩි ආත්ම දමනයක් සහ කරුණාවක් විය.
කොටහේනේ හැදී වැඩුණු, බොහෝ දමිළ මිතුරු මිතුරියන් සිටි, ගෙවල් දෙකකට එහායින් පිහිටි “තේවානි අම්මා” ගේ තෝස රස බැලූ, යාපනයේ සිට ජීවිතය සොයා පැමිණි දමිළ පවුල් ගණනාවකට වසර ගණනක් නවාතැන් දුන් කාමර දෙකක් සහිත කුඩා නිවසක හැදුනු වැඩුණු මට දමිළයා දමිළයා ලෙස තේරුම්ගෙන ඔවුන් සමග දයාවේත්, මෛත්රීයේත්, මානව සහෝදරත්වයේත් ජීවන ගමනක යෙදීමට සිංහලයකු වීම හෝ බෞද්ධයකු වීම කිසිදු බාධාවක් නැත.
නමුත්, සිංහලයකු ලෙසත් බෞද්ධයකු ලෙසත් ජීවත් වීමටත් වසර දහස් ගණනක් තුල සිංහල බස කථාකරන, බුදුසමය අනුව පවතින්නට කටයුතු කල මානව වර්ගයක සේම, ශ්‍රේෂ්ට ජාතියකට එරෙහිව අභ්‍යන්තරයෙන් හෝ බාහිරින් එන කුරිරු ප්‍රහාර හමුවේ මුනිවත රැකීමට තරම් මම නික්ලේශී නොවෙමි. එනිසා, දාර්ශනිකයකුගේ හෝ විද්‍යාඥයකු ගේ හෝ උපමාවක් ගෙන ඔබේ ක්‍රියාවලිය නුසුදුසු ලෙස තහවුරු කිරීමට ඔබ දරන උත්සාහය වෙනුවට, නුවණින් ද මිතුදමින්ද යුතුව කරුණු දක්වන මෙන් අයදිමි.
මෙත් සිතිනි
By Sasith Rajasooriya