බුදු අම්මෝ... පිස්සු හැදෙනවා(must see)

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    බුදු අම්මෝ... පිස්සු හැදෙනවා(must see)

    ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි ආයුද - Scary Surgical Tools in Old days


    Amputation Knife (1700s)
    මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්‍රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බු‍රුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි).

    old-medic01.jpg


    Amputation Saw (1600s)
    17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි.

    old-medic02.jpg


    Arrow Remover (1500s)
    මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි.

    old-medic03.jpg


    Artificial Leech (1800s)
    පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා.

    old-medic04.jpg


    Bullet Extractor (1500s)
    රොබින් හුඩ්ගේ කඩුව වගේ පේනමෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි.

    old-medic05.jpg


    Cervical Dilator (1800s)
    මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක්

    old-medic06.jpg


    Circumcision Knife (1770s)
    අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් (Ritual circumcision) ඉටුකිරීම සදහායි.

    old-medic07.jpg


    Ecraseur (1870s)
    මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත.

    old-medic08.jpg


    Hemorrhoid Forceps (1800s)
    තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි.

    old-medic09.jpg


    Hernia Tool (1850s)
    මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි

    old-medic10.jpg


    Hirtz Compass (1915)
    මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද bullet එක තියෙන්නේ කියල දැනගන්න.

    old-medic11.jpg


    Hysterotome/Metrotome (1860s-90s)
    මේ ශවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ

    old-medic12.jpg


    Lithotome (1740s-1830s)
    මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට ගත්ත Tool එකක්.

    old-medic13.jpg


    Mouth Gag (1880s-1910s)
    ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි.

    old-medic14.jpg


    Scarificator (1910s-20s)
    තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ තුවාල නරක් වුනාම ඒවායේ අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමටයි.

    old-medic15.jpg


    Skull Saw (1830s-60s)
    ගස් කපන්න ගන්න Chainsaw එකේම කුඩා අවධියේ ෆොටෝ එකක් වගේ පේන මේ කියත යොදා ගෙන තියෙන්නේ හිස්කබලේ සැත්කම් වලදී අනෙක් උපකරන ඇතුල් කරන්න පහසුවෙන්න, ඊට කලින් හිස්කබලේ සැලකිය යුතු කොටසක් ඉවත් කරන්නයි.

    old-medic16.jpg


    Tobacco Smoke Enema (1750s-1810s)
    මෙම උපකරණය දැනුත් භාවිතා වුනා නම් අපේ සිගරට් බොන උදවිය හුඟක් සතුටුවේවි. ඒ කාලේ දුම්කොල දුම යොදාගෙන තියෙනවා මල බද්ධයට ප්‍රතිකාරයක් ලෙස ඒකට යොදාගත්ත මුලින් කියපු අයනම් ආස වෙයි කියල හිතෙන ගැජට් එකක්

    old-medic17.jpg


    Tonsil Guillotine (1860s)
    පේන විදියට නම් උගුරේ සෙම් ගෙඩි හැදිල අමාරුවුනාම ඒවා ඉවත් කරන්න ගත්ත එකක් වගේ.

    old-medic18.jpg


    Trephine (1800s)
    අම්මෝ!!! මේක නම් කියන කොටත් ඇඟ හිරිවැටෙනවා. ඔපරේශන් වලදී හිස් කබල සිදුරු කරන්න ගත්ත එකක්.

    old-medic19.jpg


    Vaginal Speculum (1600s)
    මේක සිරුරේ තුවාල පිළිබද නිශ්චිත විනිශ්චයකට එන්න හොද දැක්කමක් ඒ ගැන ගන්න වගේම කාන්තාවන්ගේ රෝගාබාදවලදිත් ගත්ත එකක්ළු

    old-medic20.jpg


    කොහොමද?

    sourse




     
    • Like
    Reactions: rauxz and kitZrocks

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරාවටම කකුල් 2 හිරි වැටුනා ඒවා දැකලා. විශේෂයෙන් අර හිස් කබල හිල් කරන එක දැකලා.. අම්මෝ..

    රෙප්+