බුදු දහමෙ තියෙන ඉගැන්වීම්

hpalpola

Well-known member
  • වෙනත් ආගම්වලින් බුදු දහම වෙනස් වන බව පෙන්වන ඉගැන්වීම් තියෙනවා. ඒ අතරින් ලස්සනම ඉගැන්වීම තමයි ධම්මපදයේ තියෙන මේ ඉගැන්වීම.

    අත්තා හි අත්තනො නාථො කො හි නාථො පරො සියා

    අත්තනා’ව සුදන්තෙන නාථං ලභති දුල්ලභං.


    මේකෙ තේරුම මෙහෙමයි.

    තමාහට තමා ම පිහිට වන්නේ ය. තමා හැර අන් කවරෙක් තමහට පිහිට වන්නේ ද? ඉන්‍ද්‍රියදමනයෙන් මනා කොට දැමුනාවූ තමා කරණ කොට ගෙණ ම පරමදුර්‍ලභ වූ (රහත්පල යැ යි කියන ලද) ප්‍රතිෂ්ඨාව ලබන්නේ ය.

    මෙහෙම ඉගැන්වීමක් ලෝකයේ පිලිගන්න බොහෝ ආගම්වල නැහැ. බහුතරයක් ආගම්වල තමුන්ට පිහිටවෙන්න සර්වබලධාරී දෙවිකෙනෙක් නැත්නම් ආත්මයක් ඉන්නවා. හැබැයි බුදු දහමට අනුව ජීවත් වෙන කෙනාට පිහිටවෙන්නෙ මනාව පාලනය කරගත් තමුන්ගෙ හිතම විතරයි. ඒ වුනත් වර්තමානයේ බහුතරයක් බෞද්ධයි කියා ගන්නා පිරිස මේ ඉගැන්වීම පිළිගන්නේ නැහැ. බලන්න ඉතින් ඒකෙත් හැටි. කාලයත් එක්ක සමාජය වෙනස් වෙන අපූරුව.
    IMG_2756.jpeg
     
    • Like
    Reactions: greenthunder