බුදු දහම කර් මය සිනහළු

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,736
    2,861
    113
    colombo
    ඇයි ලංකාවේ හැමෝම මොනාහරි වුනාම කර්මය කියලා හිත හදා ගන්නේ ?

    මෝඩකම නිසාද ?

    බුදු හැමදුරුවෝ කීයටවත් කිව්වේ නැහැ නේ, හැමදේම වෙන්නේ කර්මයට කියලා , ලෝකේ සිදුවෙන දේවල් වලට බුදුහමදුරුවෝ නියාම ධර්ම 5ක් කිව්වා නේ එකෙන් 1ක් විතරයි කර්මය කියන්නේ

    මේක වැරදිද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,123
    113
    Mother Earth
    සේරම වෙන්නෙ හුතු නියාමයයි බිජ්ජ නියාමයයි නිසා. ඒ හුතු නියමයයි බිජ්ජ නියාමයයි නැත්තන් මේ ලෝකෙ අද ජීවීන් කවුරුත් නෑ. ඒ කියන්නෙ දුකකුත් නෑ. :)

    - @asliyanage
     
    • Haha
    Reactions: jjpala

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    “භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
    “කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

    කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තේ, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි. කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තේ උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි. කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිටියේ. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. (කෙසේද?)
    “අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.
    “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”
    ------ Post added on Oct 12, 2023 at 8:27 PM