බුදු දහම රැකගැනීමට ලොව ප්‍රථම ගරිල්ලා ව්&#8205

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
බුදු දහම රැකගැනීමට ලොව ප්‍රථම ගරිල්ලා ව්&#8205

හිමාලය කදු වැටිය ඇසුරේ වෙසෙන විවිධ බෞද්ධ ගෝත්‍ර අතර වඩා ප්‍රකට ථෙරවාදීන් වන්නේ චක්මා බෞද්ධයෝය.ඔවුන් ලෝක දේශපාලන සිතියමට එක් වුයේ මුස්ලිම් බංගලාදේශයේ බෞද්ධ රාජ්‍යයක් සඳහා ශාන්තිභාහිනි හමුදාව තනා තමන්ගේ බෞද්ධ රාජ්‍යයක් තැනීමට උත්සහා දැරු නිසාය. මේ වන විට බංගලාදේශය ඉන්දියාව සහ බුරුමය යන රටවල විසිරි පැතිරි සිටින චක්මා බෞද්ධයෝ ආගමික වශයෙන්ද සංස්කෘතික සහ භාෂා වශයෙන් ද එකම ජන කණ්ඩායමකි. 1947 බ්‍රිතාන්‍යයන් මහා බෙංගාලය බෙදා කොටසක් බටහිර බෙංගාලය නමින් ඉන්දියාවටද තවත් කොටසක් නැගෙනහිර පාකිස්ථානය නමින් පාකිස්තානයටද බෙදා දුන් පසු බංගලාදේශයේ චිතගොන් කඳුකරයේ ජීවත් වූ චක්මාවරු අතිශයින්ම පීඩිත ජන කණ්ඩායමක් බවට පත් වුහ.1947 පටන් 1971 දක්වා බටහිර පකිස්ථාන පාලනය යටතේ 1971 දෙසැම්බරයේ පටන් මේ දක්වා මුස්ලිම් බංගලාදේශය යටතේ ඔවුහු ස්වකීය අයිතිවාසිකම් උදේසා සටන් කරමින් සිටිති. අරකන් (බුරුම) සම්භවයකින් පැවත එන චක්මාවරු පොදු‍වේ සංස්කෘත සාහිත්‍යයේ රකිත හෙවත් රාක්ෂස නමින් හැදින් වෙති.ඊසාන දිග ඉන්දියා‍වේ මිසොරාන් අරුනාචාල් සහ ත්‍රිපුර යන ප්‍රාන්තවල මේ වන විට ඉන්දියානුවන් බවට පත් වී හින්දු ආගමික වාදයන්ගෙන් බැට කන චක්මාවරු තවමත් ස්වකීය ථේරවාදි ආගමික අනන්‍යතාව ගැන අතිශය ආඩම්බර වෙති. ඉන්දියාව මෝගල් මුස්ලිම් රජවරු යටතේ පාලනය වෙද්දී හින්දුන් මෙන්ම චක්මාවරුන්ටද මුස්ලිම් වීමට බල කරන්නට විය. 17 වන සියවසේදී චිතගොන් කඳුකරය ආක්‍රමණය කළ මෝගල් රජවරු රාජ් නගර් නම් වූ චිතගොන් චක්මාවරුන්ගේ අගනුවර ස්ලාමාබාත් නමින් නම් කළහ.නමුත් මෝගල්වරුන්ට පාලනය කළ හැකි වූයේ චිතගොන් කඳුකරය අතර පහත් බිම් පමණි. චිතගොන් කඳුකරයේ පසු බැස ගිය චක්මාවරු හරියටම උඩරැටියන් යුරෝපියන් සමග යුද්ධ කළ ආකාරයටම දිගින් දිගටම මෝගල් පාලකයන්ට විරුද්ධව යුද්ධ කළේය.17 වන සියවස අග භාගයේදි මෝගල් පාලකයන් සහ චක්මාවරු අතර ඇති වූ සමාදානයෙන් පසු මද කළෙකට පසු සාමාදානය එහි ළගා වූයේය. නමුත් 18 වන සියවසේදී නැගෙනහිර ඉන්දියා වෙළද සමාගම චිතගොන් කඳුකරයට හෙවත් චක්මා භූමියට කෙළ හලන්නට පටන් ගත්තේය.එයට මූලිකම හේතුව වුයේ එම භූමීයේ සරුසාරව වැඩුන කපු වගාවයි.ඉංග්‍රිසි කාර්මික විප්ලවයට පසුබිම සැපයු රෙදි කර්මාන්තයට අවශ්‍ය කපු සැපයීමට ඉංග්‍රිසින්ට කෙසේ හෝ චක්මා භූමිය අල්ලා ගැනීමට අවශ්‍ය වුයේය.මේ නිසා 18 වන සියවසේ මුල් කාර්තු දෙකේ ඇති වු යුද්ධ වලින් සුවිශාල චක්මා පිරිමි ජනගහණයක් එරටට අහිමි විය.මේ නිසා ඔවුහු යුධමය අතින් දුර්වල ජාතියක් බවට පත් වූයේය.මෙයත් හරියටම අවුරුදු 450ක් තිස්සේ ලංකාවේ උඩරැටියන් යුරෝපියන් සමග යුධ වැදීමෙන් ඇති වූ ඉරනමට සමාන ඉරනමකි. 1860 දී ඉංග්‍රීසි හමුදාව චක්මා භූමිය අල්ලා ගැනීමට සමත් වූයේය. 1971 දෙසැම්බරයේදි ඉන්දියානු හමුදාවල උපකාරයෙන් බටහිර පාකිස්ථානයෙන් ගැල වූ නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නම් රාජ්‍යක් නිර්මාණය කළේය. නිදහස් බංගලාදේශයේදි චක්මා බෞද්ධයන්ට අත් වුයේ කබලෙන් ලිපට වැටුනා හා සමාන ඉරනමකි. මේ පීඩාවන්ගෙන් විස්සෝපයට පත් චක්මා බෞද්ධයෝ 1972 දී මනමේන්ද්‍ර ලාමාගේ නායකත්වයෙන් චත්‍රග්‍රාම් ජන සමාජ සමිති හෙවත් චිතගොන් කදුකර ජනතා ව්‍යාපාරය නිර්මාණය කෙරුනේය. ඔවුහු ලෝකයේ මුල්ම බෞද්ධ ගරිල්ලා ව්‍යාපාරය එනම් ශාන්තිභාහිනි හමුදාව නිර්මාණය කර මුස්ලිම් පීඩනයට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇරඹූහ. මේ දික් ගැස්සු ගරිල්ලා යුද්ධයේදී ලොව කිසිම ජාතියකින් සහයක් නොලද චිතගොන් බෞද්ධයෝ 1984 වෙද්දි ස්වකීය නායකයා බංගලාදේශ හමුදාව විසින් ඝාතනය කිරීම දක්වා ඈතට ගමන් ගත්හ.අවසානයේ 1997 දී ඉන්දීය ආණ්ඩුව මැදිහත් වීමෙන් බංගලාදේශ ආණ්ඩුව සහ චක්මාවරු අතර සාම ගිවිසුමක් අත්සන් කිරිමට සිදු වුනේය. මේ සාම ගිවිසුමෙන් නිරායුධව බංගලාදේශ් රාජ්‍යයේ වෙනස්කම් වලට මූණ දීමට චක්මා බෞද්ධයන්ට බල කෙරුණි.අද වන විට චක්මා බෞද්ධයෝ ඉන්දියාව බංගලාදේශය බුරුමය යන රටවල් අතර බෙදා වෙන් වී ජීවත් වෙති.ඉන්දියාවේ මිශොරාම්, හිමාචාල්, ත්‍රි පුර යන ප්‍රාන්ත වලදී ඔවුන්ට ප්‍රාන්ත ආණ්ඩු වලට මන්ත්‍රිවරු පත් කර යැවීමේ ඡන්ද බලය පමණක් හිමි වී තිබෙන්නේය. බංගලාදේශයේ චිතගොන් කඳුකරයේදී චක්මා බෞද්ධයන්ගේ ඉරනම අදටත් අතිශය කණගාටුදායකය. ලාංකීයන් සහ චක්මා බෞද්ධයන් අතර අපූර්ව සමානකම් ගණනාවක් ඇත්තේය.අපි වෙසක් උත්සවයට බුදු තෙමඟුල සමරන අකාරයටම චක්මාවරු බුද්ධ පූර්නිමා නමින් වෙසක් මාසයේ පසළොස්වක දිනය ඒ ආකාරයටම සමරති.අපි සිංහල අලුත් අවුරුද්ද සමරන ආකාරයටම චක්මාවරු බිසු නම්න් අලුත් අවුරුදු උත්සවය ඒ චාරිත්‍රවාරිත්‍ර අනුවම සමරති.කවර රටක පදිංචිව සිටියත් අදටත් ඔවුන්ගේ භාෂාව චක්මා වාච්ය.ආගම ථෙරවාදී බුදුදහමයි.
 

JokerFan

Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    mage friend list eketh Chakma kenek innawa, uu kiyanwa unta Muslim ungen hena karadarai kiyala, samaharak welawata unta awilla gahala yanawalu Muslim un, Police wala unuth wadiya mokuth karanne naalu.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    un lankawata kamathi :D, Sangakkarata ehema, me u dapu ost ekak

    অামার দেখা সবচেয়ে প্রিয় খেলোয়ার কুমার সাঙ্গাকারা ।তার ব্যাটিং শিল্পের ব্যাকরণ ,ধৈর্ষ অামার কাছে অব্যাখানীয় ।অামি যখন পড়ার টেবিলে কিংবা কোন কাজে ধৈর্ষহীন হয়ে পড়ি তখন সাঙার ধৈর্ষের গুনতা স্বরন করি ।দেখা যাবে না অার রঙিন পোশাকে মুখে সুইংগাম চিবানো মূহুর্তটি ।সাঙার এই বিশ্বকাপটি শেষ বিশ্বকাপ সাথে শেষ ওডিঅাই ক্যারিয়ার । সেহেতু সাঙার জন্য বিশ্বকাপটি স্বরনীয় করে রাখতে Supon chakma babu থেকে Supon chakma sangakkara
    নামটি চেন্স করলাম ।


    translation :

    My most favorite player Kumar Sangakkara. His batting industry, grammar to my dhairṣa abyā khan. When I read in the table or no so get dhairṣahīna sāṅāra dhairṣēra, counting sbarana it. We will not be watching the colorful In the face. Mūhurtaṭi su'iṅgāma sāṅāra munch this world cup the last world cup last ōḍia̔ā'i career sāṅāra issued this certificate. For the world cup to sbaranīẏa supon chakma babu from sangakkara supon chakma
    We cēnsa the name.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    mage friend list eketh Chakma kenek innawa, uu kiyanwa unta Muslim ungen hena karadarai kiyala, samaharak welawata unta awilla gahala yanawalu Muslim un, Police wala unuth wadiya mokuth karanne naalu.

    Ow Chithagon wala Buddistlata godak karadarayi Muslim ewungen mun mehe sulutharaya wela ragana ragilla penawane :no::no::no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය චක්මා බෞද්ධයින්ගේ ආගමික ස්වරූපයෙන් එලියට ඇවිල්ල තියෙන්නෙ පීඩිත ආර්ථික උවමනාවන් නෙවෙයිද :)

    ඔව් ඔව් උන් සමාජවාදය ඕනෙ කියල තමා මේ නහින්නෙ :rolleyes: :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    WhiteWalker:21443615 said:
    ඔව් ඔව් උන් සමාජවාදය ඕනෙ කියල තමා මේ නහින්නෙ :rolleyes: :rolleyes:

    යකෝ යථාර්තය කතා කරොත් උබ කියනව සමාජවාදේ ලූ .. :lol: මොන මගුලක්ද මේ මං සමාජවාදියෙක් නෙවෙයි :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ යථාර්තය කතා කරොත් උබ කියනව සමාජවාදේ ලූ .. :lol: මොන මගුලක්ද මේ මං සමාජවාදියෙක් නෙවෙයි :rofl:

    අනේ නෑ කව්ද උඹට සමාජවාදිය කිව්වෙ ? :baffled: :baffled:
    කෝ පෙන්නපං බලන්න ඔහොම කියන උන් අම්මප මුන්ව හම ගහන්න ඕනෙ ඒ වගේ නැහැදිච්ච කතා කියනවට :baffled: :baffled: