Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමේ එක් බිරිඳක් සිටියදී පිට පළාතකට ගොස් තවත් ගැහැණියක් විවාහ කර ගන්නා පිරිමියාට ඔබ සළකන්නේ කොහොමද? හින්දූන් අපට වඳින්නට පුහුණු කළ ස්කන්ධ කුමාරයා එවැනි අයෙකි. ඉන්දියාවේ තේවානි අම්මා සිටියදී ලක්දිවට පැමිණ වල්ලි අම්මා හා විවාහ වූ බව කියන ස්කන්ධ, “දෙන්නා දෙපැත්තෙන් සාංචි මැද්දෙන්” සේ මොණරා පිට සිටින විට ඔහුට දොහොත් මුඳුන් දීගෙන බෞද්ධයන් යන්නේ ඇයි? ඉහත සඳහන් පිරිමියාට ඔබ එසේ ගර්හා කරයි නම්, පිළිකුල් කරයි නම්, ස්කන්ධ කුමරු සම්බන්ධව වෙනසක් ඇයි? මේ පිං කර උපන් දිව්යභාවයන්ගේ හැටිද? මේවා දෙවිවරු කරන වැඩද? බුදු හිමියන් වැඩිමලා හා බාලයා මැන්නේද වයසින් නොව ශීලයෙනි. එසේ නම් මේ ස්කන්ධට පූජාව කවන්නට යන අය අතරේ යහපත් පවුල් ජීවිත ගෙවන දෙවිවරු වන් පියවරු ඇතොත්, ඒ අය වඳින්නේ තමන්ට වඩා බාලයෙකුට නොවේද?

අන්තිමේදී හින්දූන් බෞද්ධ ඔළු ගෙඩි වලට ඔවුන්ගේ කෙළවරක් නැති දේව ගණයා එබ්බූහ. උත්පලවණ්න දෙවි අතුරුදන්ව එතැනට රාවණ දේශය ගිනිබත් කළ බව කියන රාම අවතාරය සහිත විෂ්ණු තබා අපේ ඇත්තන්ට වඳින්න සැලසූහ. කැළණියට ඒ රාමට රට දුන් විභීෂණ ලැබිණි. මිථ්‍යාවේ ස්වභාවය නම් “පොඩි තල්ලුවක්” දුන් විට, ස්වයංක්‍රීය වීමයි. ඒ තල්ලුව හින්දූන් දුන් පසු, බුදු සමයේ සීමා පැන අපේ බෞද්ධයෝද දෙවිවරු මවා ගන්නට විය.

දැන් එක්, එක් පාර්ලිමේන්තු අසුන සඳහා එක්, එක් දෙවියා ගාණට, එක්, එක් ප්‍රාදේශීය සභාවට එක්, එක් දෙවියා ගාණට වැඩ සිටිති. කවුරු ගැන්නාදැයි නොදනිතත්, ගාණ තිස් තුන් කෝටියකි. සමහරුන් කටවල් ඇරගෙන දිව දික් කරගෙන, ලේ පෙරෙන මිනී ඔළු කොණ්ඩ වල්ලෙන් එල්ලා ගෙන සිටිති. මිනී අත් වලින් වස්ත්‍රය අඳිති. තවත් අයට ඇස් තුනකි. දෙපැත්තේ ගැහැණු දෙදෙනෙකි. කොණ්ඩේ එක ගැහැණියකි. රජ, සිටු පවුල් වල උපන් අයට අපේ ඇත්තන්ගේ වැඩවසම් යුගයේ තිබූ බිය නිසා, ඔවුන්ගේ මරණින් පසුව ඔවුන්වද දේවත්වයට නගා ගත් හෙයින්, බිසෝ බණ්ඩාර, අර බණ්ඩාර මේ බණ්ඩාරලා නහුතයක්ද එකතු විය. දැන් එක ගෙදරට, එක කාමරයට එක දෙවියා ගාණට සිටිති. අන්තිමේදී කාලි, (කාලි නම් යකිණියක් නම් දරුවන් කමින් සිටි බවට කථා පුවතක් බුද්ධ කාළය ගැන අප අසා ඇත), ස්කන්ධ, ශිව ආදී බියජනක විකෘති රූප අස්සට අලි හොඬවැලක් ද පැමිණ ඇත.

මුළු විශ්වයේම නුවණට අධිපති සම්මා සම්බුදු පියාණන් සිටියදී, ඔබේ දරුවාට නුවණ දෙන්නට අලි හොඬවැලක් ඇත්තෙකුම වුවමනා නම් දරුවා “පින්නවල අලි අනාථාගාරයට හෝ දෙහිවල සත්තු වත්තට ගෙන ගොස්” එහි ඉන්නා අලි ඇතුන්ට වැන්දවීම යෙහෙකි. නැතිනම් දළදා මන්දිරයේ ඇත් පන්තියට වැන්දත් කම් නැත. අඩුම ගානේ ඒ සතුන් සිරි දළදා හිමිගේ සේවයට පේවී සිටිති”.

මේ හින්දු දෙවියන් උපන් හැටි, ඔවුන් ජීවත් වූ ආකාරයන් ගැන කියවෙන කථා පුවත්ද ඔවුන් මෙන් ප්රචණ්ඩය, බිහිසුණුය, දෙවියෙකුට තබා වැද්දෙකුටවත් නුසුදුසු තරම් වනචරය. මොවුහු කඩු, කිණිසි ගෙන නිරතුරුවම යුධ වැදුණෝ වෙති. කඩු, කිණිසි, පොළු, මුගුරු යනු ප්‍රාථමික අවදියේ මිනිසා විසින් තම ආත්ම ආරක්ෂාව පතා පාවිච්චි කළ අවි-ආයුධයි. දෙවියන් පාවිච්චි කරන්නේත් මේ කැති, පොරෝ, නාරාසන ද? එසේ නම් අද සිටින මිනිසා දෙවියන්ට වඩා අවි තාක්ෂණයෙන් බලවත් නොවේද? මනුලොවට වඩා සැනසීම ඇතැයි සම්මත දෙව් ලොව සිටින දෙවියෝ, මරිය කඩේ, රාවතාවත්තේ, තොටළඟ, ග්‍රෑන්ඩ්පාස් හි වතුවල සිටින මදාවියන් සේ ආයුධ උරුක් කරගෙන සිටින්නේ කාට බියෙන්ද? මොවුනුත් මේ තරමටම බිය නම්, ඔවුන් නුඹලාගේ බිය දුරු කරන්නේ කෙසේද?

තව ටික දවසකින් “මල්ටි බැරල්” අවියක් මත නැඟ සිටින දෙවියෙක්ද අපේ ජනයා මවා ගනු ඇත.

….. දෙවියෝ පේන, ශාස්ත්‍ර කියනවාද? …..

ඔබ දේව වරමින් පේන කියන, ශාස්ත්‍ර කියන තැනකට ගොස් ඇතිද? මේවායේ සිටින “මෑණිවරු, පියවරු”, ශාස්ත්‍ර කියන ආකාරය ජීවිතයේ එක් වරක් හෝ ඔබ දැක ඇතුවාට සැක නැත. මොකක් හෝ පිල් කලඹක් ගෙන “පරල” වී, උමතුවෙන් මෙන් මොවුන් කෑ මොර දෙන්නේ, “දෙවියන්” ඔවුන්ගේ සිරුරු වලට වැසුනු පසුවය, යන්න සමාජ සම්මතයයි. මෙය සමාජ ගත වූයේ, වැලිවිට සංඝ රාජ හිමිපාණෝ උපසම්පදාව යළි මෙරටට ගෙනෙන්නට පෙර, සඟ සසුන ගණින්නාන්සේලාට සීමාවී තිබූ යුගයක, මෙරට බොහෝ පර සතුරු, රෝග බිය, සාගත වැනි වියවුල් මැද අසරණ වූ ජනයා මංකොල්ලා කා ගන්නට බිහිවූ කපටි, පවුකාර “යක් දෙස්සන්” හා දෙස්සියන් නිසාවෙනි.

මනසින් යම් සුවයක් විඳින දෙවියෙකු වෙතොත්, ඒ දෙවියා කාට හෝ වැසුණත්, “බොබ් මාර්ලේ” ගංජා ගසා ගීයක් ගයන කළක මෙන්, නැතිනම් “මයිකල් ජැක්සන්” ගීයක් ගයන කළක මෙන්, මෙලෙස ඔළුව ගස්සා, ඇඟ පත සොලවා නටාවිද?. මේ දේව පෞරුෂයක හැටිද? මේ දෙවියන් මේ මිනිසුන් ළඟට එන්නේ කුමක් බලාපොරොත්තුවෙන්ද? මෙලෙස ඇස් යටට ගිල්වා ගෙන, ඔළුව වනමින් නටන අයෙකු මහ මඟ දුටුවොත් අප ඔවුන්ට කියන්නේ “පිස්සන්” කියාය. එසේ නම් මේ දෙවියන්ට කුමක් කිව යුතුද?

Read more: http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0HHoCNz

Under Creative Commons License: Attribution

[QUOTE="rehan1986, post: 9443260, member: 33131"] [SIZE=4]ගමේ එක් බිරිඳක් සිටියදී පිට පළාතකට ගොස් තවත් ගැහැණියක් විවාහ කර ගන්නා පිරිමියාට ඔබ සළකන්නේ කොහොමද? හින්දූන් අපට වඳින්නට පුහුණු කළ ස්කන්ධ කුමාරයා එවැනි අයෙකි. ඉන්දියාවේ තේවානි අම්මා සිටියදී ලක්දිවට පැමිණ වල්ලි අම්මා හා විවාහ වූ බව කියන ස්කන්ධ, “දෙන්නා දෙපැත්තෙන් සාංචි මැද්දෙන්” සේ මොණරා පිට සිටින විට ඔහුට දොහොත් මුඳුන් දීගෙන බෞද්ධයන් යන්නේ ඇයි? ඉහත සඳහන් පිරිමියාට ඔබ එසේ ගර්හා කරයි නම්, පිළිකුල් කරයි නම්, ස්කන්ධ කුමරු සම්බන්ධව වෙනසක් ඇයි? මේ පිං කර උපන් දිව්යභාවයන්ගේ හැටිද? මේවා දෙවිවරු කරන වැඩද? බුදු හිමියන් වැඩිමලා හා බාලයා මැන්නේද වයසින් නොව ශීලයෙනි. එසේ නම් මේ ස්කන්ධට පූජාව කවන්නට යන අය අතරේ යහපත් පවුල් ජීවිත ගෙවන දෙවිවරු වන් පියවරු ඇතොත්, ඒ අය වඳින්නේ තමන්ට වඩා බාලයෙකුට නොවේද?[/SIZE] [SIZE=4]අන්තිමේදී හින්දූන් බෞද්ධ ඔළු ගෙඩි වලට ඔවුන්ගේ කෙළවරක් නැති දේව ගණයා එබ්බූහ. උත්පලවණ්න දෙවි අතුරුදන්ව එතැනට රාවණ දේශය ගිනිබත් කළ බව කියන රාම අවතාරය සහිත විෂ්ණු තබා අපේ ඇත්තන්ට වඳින්න සැලසූහ. කැළණියට ඒ රාමට රට දුන් විභීෂණ ලැබිණි. මිථ්‍යාවේ ස්වභාවය නම් “පොඩි තල්ලුවක්” දුන් විට, ස්වයංක්‍රීය වීමයි. ඒ තල්ලුව හින්දූන් දුන් පසු, බුදු සමයේ සීමා පැන අපේ බෞද්ධයෝද දෙවිවරු මවා ගන්නට විය.[/SIZE] [SIZE=4]දැන් එක්, එක් පාර්ලිමේන්තු අසුන සඳහා එක්, එක් දෙවියා ගාණට, එක්, එක් ප්‍රාදේශීය සභාවට එක්, එක් දෙවියා ගාණට වැඩ සිටිති. කවුරු ගැන්නාදැයි නොදනිතත්, ගාණ තිස් තුන් කෝටියකි. සමහරුන් කටවල් ඇරගෙන දිව දික් කරගෙන, ලේ පෙරෙන මිනී ඔළු කොණ්ඩ වල්ලෙන් එල්ලා ගෙන සිටිති. මිනී අත් වලින් වස්ත්‍රය අඳිති. තවත් අයට ඇස් තුනකි. දෙපැත්තේ ගැහැණු දෙදෙනෙකි. කොණ්ඩේ එක ගැහැණියකි. රජ, සිටු පවුල් වල උපන් අයට අපේ ඇත්තන්ගේ වැඩවසම් යුගයේ තිබූ බිය නිසා, ඔවුන්ගේ මරණින් පසුව ඔවුන්වද දේවත්වයට නගා ගත් හෙයින්, බිසෝ බණ්ඩාර, අර බණ්ඩාර මේ බණ්ඩාරලා නහුතයක්ද එකතු විය. දැන් එක ගෙදරට, එක කාමරයට එක දෙවියා ගාණට සිටිති. අන්තිමේදී කාලි, (කාලි නම් යකිණියක් නම් දරුවන් කමින් සිටි බවට කථා පුවතක් බුද්ධ කාළය ගැන අප අසා ඇත), ස්කන්ධ, ශිව ආදී බියජනක විකෘති රූප අස්සට අලි හොඬවැලක් ද පැමිණ ඇත.[/SIZE] [SIZE=4]මුළු විශ්වයේම නුවණට අධිපති සම්මා සම්බුදු පියාණන් සිටියදී, ඔබේ දරුවාට නුවණ දෙන්නට අලි හොඬවැලක් ඇත්තෙකුම වුවමනා නම් දරුවා “පින්නවල අලි අනාථාගාරයට හෝ දෙහිවල සත්තු වත්තට ගෙන ගොස්” එහි ඉන්නා අලි ඇතුන්ට වැන්දවීම යෙහෙකි. නැතිනම් දළදා මන්දිරයේ ඇත් පන්තියට වැන්දත් කම් නැත. අඩුම ගානේ ඒ සතුන් සිරි දළදා හිමිගේ සේවයට පේවී සිටිති”.[/SIZE] [SIZE=4]මේ හින්දු දෙවියන් උපන් හැටි, ඔවුන් ජීවත් වූ ආකාරයන් ගැන කියවෙන කථා පුවත්ද ඔවුන් මෙන් ප්රචණ්ඩය, බිහිසුණුය, දෙවියෙකුට තබා වැද්දෙකුටවත් නුසුදුසු තරම් වනචරය. මොවුහු කඩු, කිණිසි ගෙන නිරතුරුවම යුධ වැදුණෝ වෙති. කඩු, කිණිසි, පොළු, මුගුරු යනු ප්‍රාථමික අවදියේ මිනිසා විසින් තම ආත්ම ආරක්ෂාව පතා පාවිච්චි කළ අවි-ආයුධයි. දෙවියන් පාවිච්චි කරන්නේත් මේ කැති, පොරෝ, නාරාසන ද? එසේ නම් අද සිටින මිනිසා දෙවියන්ට වඩා අවි තාක්ෂණයෙන් බලවත් නොවේද? මනුලොවට වඩා සැනසීම ඇතැයි සම්මත දෙව් ලොව සිටින දෙවියෝ, මරිය කඩේ, රාවතාවත්තේ, තොටළඟ, ග්‍රෑන්ඩ්පාස් හි වතුවල සිටින මදාවියන් සේ ආයුධ උරුක් කරගෙන සිටින්නේ කාට බියෙන්ද? මොවුනුත් මේ තරමටම බිය නම්, ඔවුන් නුඹලාගේ බිය දුරු කරන්නේ කෙසේද?[/SIZE] [LEFT][COLOR=#000000][SIZE=4] [/SIZE][SIZE=4]තව ටික දවසකින් “මල්ටි බැරල්” අවියක් මත නැඟ සිටින දෙවියෙක්ද අපේ ජනයා මවා ගනු ඇත.[/SIZE] [SIZE=4][B]….. දෙවියෝ පේන, ශාස්ත්‍ර කියනවාද? …..[/B][/SIZE] [SIZE=4]ඔබ දේව වරමින් පේන කියන, ශාස්ත්‍ර කියන තැනකට ගොස් ඇතිද? මේවායේ සිටින “මෑණිවරු, පියවරු”, ශාස්ත්‍ර කියන ආකාරය ජීවිතයේ එක් වරක් හෝ ඔබ දැක ඇතුවාට සැක නැත. මොකක් හෝ පිල් කලඹක් ගෙන “පරල” වී, උමතුවෙන් මෙන් මොවුන් කෑ මොර දෙන්නේ, “දෙවියන්” ඔවුන්ගේ සිරුරු වලට වැසුනු පසුවය, යන්න සමාජ සම්මතයයි. මෙය සමාජ ගත වූයේ, වැලිවිට සංඝ රාජ හිමිපාණෝ උපසම්පදාව යළි මෙරටට ගෙනෙන්නට පෙර, සඟ සසුන ගණින්නාන්සේලාට සීමාවී තිබූ යුගයක, මෙරට බොහෝ පර සතුරු, රෝග බිය, සාගත වැනි වියවුල් මැද අසරණ වූ ජනයා මංකොල්ලා කා ගන්නට බිහිවූ කපටි, පවුකාර “යක් දෙස්සන්” හා දෙස්සියන් නිසාවෙනි.[/SIZE] [SIZE=4]මනසින් යම් සුවයක් විඳින දෙවියෙකු වෙතොත්, ඒ දෙවියා කාට හෝ වැසුණත්, “බොබ් මාර්ලේ” ගංජා ගසා ගීයක් ගයන කළක මෙන්, නැතිනම් “මයිකල් ජැක්සන්” ගීයක් ගයන කළක මෙන්, මෙලෙස ඔළුව ගස්සා, ඇඟ පත සොලවා නටාවිද?. මේ දේව පෞරුෂයක හැටිද? මේ දෙවියන් මේ මිනිසුන් ළඟට එන්නේ කුමක් බලාපොරොත්තුවෙන්ද? මෙලෙස ඇස් යටට ගිල්වා ගෙන, ඔළුව වනමින් නටන අයෙකු මහ මඟ දුටුවොත් අප ඔවුන්ට කියන්නේ “පිස්සන්” කියාය. එසේ නම් මේ දෙවියන්ට කුමක් කිව යුතුද?[/SIZE] [LEFT][COLOR=#000000] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/kali10g1.jpg[/IMG] [/COLOR][/LEFT] Read more: [URL]http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0HHoCNz[/URL] Under Creative Commons License: [URL="http://creativecommons.org/licenses/by/3.0"]Attribution[/URL] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom