බුදු හාමුදුරුවන්ගේ උපමා කථා

Kalana_65

Well-known member
  • ලියන් දනිව් මීයන් සේ


    මහණෙනි,
    කුණු වතුර ගලා බසින කාණුවක් ලඟ බිලයක මීයෙක් වාසය කලේය. දිනක් බළලෙක් මේ මීයා අල්ලා ගැනීමට සිතා කානුව ලඟ රැක සිට බිලයෙන් මීයා එලියට එන විටම ඌ අල්ල ගත්තේය හනික ගිලදැම්මේය

    මීයා බළලාගේ බඩ තුලදී උගේ මහ බඩවැල් කුඩා බඩවැල් සියල්ල සැපුවේය. බළලා ඉමහත් වේදනාවෙන් මරමුවට පත් විය

    මහණෙනි,
    කාන්තාවද මීයෙකු වැනිය අසoවර භික්ශුව බළලෙක් වැනිය ඇතැම් අසoවර භික්ශුහු හැඩවැඩ ඇති කාන්තාවන් දැක රාගය උපදවා ගනී ඈ ගැන කල්පනා කරමින් වේදනා විඳිති අවසානයේ සිවුරැ හැර දමා යති සිවුරැ හැරයාම මරණයට පත්වීම හා සමානය

     

    Kalana_65

    Well-known member
  • සාදු සාදු...!

    පිං සිද්ද වෙන වැඩක් දිගටම කරගෙනයන්න

    හොද වෑඩක්.........
    රෙප්+++

    hoda wadak machan :D
    rep+

    පිං අතේ වැඩක් මචං....
    ඔහොමම යමු...
    ;)

    රෙප්++

    thnx machn,, rep+

    ප්‍රතිචාර වලට බොහෝම ස්තූති:):):)
     

    Kalana_65

    Well-known member
  • VERY VERY VERY GOOD WORK

    GooD PosT Yalu
    Rep++

    maxxa....

    දිගටම කරන්න...........
    බොහොම පිං!

    Great thread,
    way to go,,
    :)


    ඔබලටත් බොහෝම ස්තූති

    තුනලොව දිනූ සම්මාසම් බුද්ධ පි......................යා
    දෙසු සම් අමා කියලා දුන් මල්ලා ඔ....................යා
    රුදුරු සසර අවසන්කර නුවන් අ.......................යා
    මෙතේ බුදුන් ලග පලයන් නිවන් සො..................යා

    kawi liyannanam ba lalakka eth thanxxxx kiwwa .....:P:P:P
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to Kalana_65 again.


    ෙගාඩක් පින් යාලුවා.. තව දාන්න.. අනිවා ෙරප් පසුව ෙදන්නමි.. ෙගාඩක් පින්.. බුදු සරණයි..
     

    Kalana_65

    Well-known member
  • තව වැදගත් කාරණයක් කිව යුතුව ඇත එනම් බුදුහාමුදුරුවන්ගේ උපමා කථා කෘතියෙ එන සියලුම කථා ත්‍රිපිඨක සාහිත්‍යයෙන් උපුටා ගත් ඒවාය පොරවගම ඤාණසිරි හිමි කෘතියෙ පිටුපස මෙසේ සඳහනක් කර ඇත.

    ත්‍රිපිඨක සාහිත්‍යයේ දක්නට ලැබෙන උපමාවන්හි ප්‍රකඨව පෙනෙන වැදගත් විශේෂතා කීපයක් ඇත අතිශෝක්තියෙන් තොර කථනය ඉන් එකකි නුදුටු නොඇසූ අත්භූත සිද්ධි ඇසුරු කල උපමා සoස්කෘත සාහිත්‍ය ඇතැම් සාහිත්‍යයන් හි සුලභ උවත් ත්‍රිපිඨක සාහිත්‍ය එයින් බොහෝ දුරට ඈත්වු බව පෙනේ ජනජීවිතය හා බෙහෙවින් සම්භන්ධ උපමාවන්ම බුද්ධ දේශනාවේ දක්නට ලැබේ. සරලභාවය මෙන්ම අර්ථාන්විතභාවයද මේවායේ දක්නට ලැබෙන තවත් විශේෂතාය තත්කාලීණ සමා ජීවිතය ඇසුරු කොට ඉදිරිපත් කල ඇතැම් උපමාවන් හැරුන විට අන් සෑම උපමාවක්ම විශ්ව සාධාරණ ලක්ෂණ විද්‍යාමාන වීමද වැදගත් විශේෂත්වයකි
     
    • Like
    Reactions: jamiezue

    Kalana_65

    Well-known member
  • ගොන් අලි

    දෙවුදත් තෙරහු සoඝ භේදය කොට පන්සීයක් භික්ෂුහු තම පසට පවරාගෙන ඔවුන් පිරිවරාගෙන ගයාශීර්ෂයේ වෙසෙති බුදුන් ලෙසට ඔවුන්ටද දහම් දෙසති ඉරියව් පවත්වති අවවාද දෙති අනුශාෂනා කරති මේ බව දත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාල සේක.

    "මහණෙනි, එක්තරා වනලැහැබක පස්පියුමෙන් සුසැදි සුන්දර විලක් විය. බිඟුරල නිරතුරුවම මල්රොන් ගනිති. මුවරල පැන් බී පවස නිවා ගනිති. වනෙහි වෙසෙන ඇත්රලටද මේ මහාවිල තෝතැන්නකි. විල කරා ඇදී එන ඇතුන් විලට බැස හොඬයෙන් නෙලුම් අල උදුරා මඬ හොඳට සෝදා සපා ගිලිති. ඒ නිසා එම ඇතුන්ගේ සිරුරු පැහැපත් විය සවිමත් විය ශක්තිමත් විය. නෙලුම් ඳඩු කෑම නිසා කිසිම ඇතෙකු මිය ගියේ නැත. කිසි දිනක අසනීපයක් වැළදූනේ නැත.

    එහෙත් ඇතැම් අකීකරු ඇත්තු නෙලුම් දඬු උදුරා නොසෝදා, මඩ සහිතවම නොසපාම ගිල දැමීය ඔවුන්ගේ සිරුර පැහැපත් වූයේ නැත සවිමත් වූයේද නැත එපමණක් නොවේ වැඩි කලක් යන්නට පෙර ඒ ඇත්තු පරලොව සැපත් වුහ

    "මහණෙනි මා අණුකරනය කරන්නට යන දෙව්දත්ට සිදුවන්නේද ඒ ඇතුන්ට අත් වූ දේමයි වැඩිකල් යන්නට පෙර දෙව්දත් අනාථව අසරනව මිය යන්නේය"
     
    Last edited:

    Kalana_65

    Well-known member
  • You must spread some Reputation around before giving it to Kalana_65 again.


    ෙගාඩක් පින් යාලුවා.. තව දාන්න.. අනිවා ෙරප් පසුව ෙදන්නමි.. ෙගාඩක් පින්.. බුදු සරණයි..


    බොහොම ස්තුති සහෝදරයා
     

    Kalana_65

    Well-known member
  • maxa...REP +

    bohoma pin
    rep +++

    bohoma pin!
    me sathkaraya digatama karagena yamata labewa!
    :)

    හොදට වැඩේ යනවා.ඔහොම කරගෙන යං.දළදා සමිදු සරණයි....

    bohoma pin


    මo හිතුවෙ නෑ මගේ කම්මැලි thread එකට මෙවැනි ප්‍රතිචාර තිබේවි කියල නමුත් බොහෝම සතුටුයි මෙවැනි ආගම දහමට ලැදි පිරිසක් එලකිරියේ සිටීම ගැන:):)
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    දළදා සමිදු සරණයි

    මම මේ tread එක bookmark කරලා තිබ්බා වෙලාවක් හම්බෙනකම් කියවන්න. ඉතින් දවස් 2-3 කට පස්සේ අද තමයි කතා ඔක්කොම කියවෙව්වේ. හරිම අර්ථවත් කතා ටිකක් ගොඩක් පින් සිංහලෙන් type කරලා අපිත් එක්ක බෙදාගත්තට. දිගටම කරගෙන යන්න.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මo හිතුවෙ නෑ මගේ කම්මැලි thread එකට මෙවැනි ප්‍රතිචාර තිබේවි කියල නමුත් බොහෝම සතුටුයි මෙවැනි ආගම දහමට ලැදි පිරිසක් එලකිරියේ සිටීම ගැන:):)
    මොන කම්මලිද..... නියම වැඩක්.....තව දාන්න,,,
    3.gif