Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු හැමෝගෙම ශරීර කුඩු (body construction) එකම විදියකට, එකම සැලසුමකට (plan) එකකට නේද තියෙන්නේ. එක එක්කෙනාගේ උස, මහත, පැහැය, ආයුෂ, අවයව වල ක්‍රියාකාරිත්වය, නිරෝගිබව වගේ දේවල් වෙනස් උනාට, තියන දේවල් සේරම එකයි නේද? එතකොට ඔය සිරුරු (bodies) සේරම හැදිලා තියෙන්නේ මොනවයින්ද? සේරම පොළොවෙන් ගත්තු දේවල් වලින් කියල මතකයිද. ඇයි ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තේ නැද්ද ආහාර දාම කියල එකක්. පොළොවෙන් සාරය උරාගෙන ගස් කොලන්/පැලෑටි හැදෙනවා, ගස් කොලන්/පැලෑටි ආහාරයට අරන් ශාක භක්ෂක සත්තු හැදෙනවා, ශාකභක්ෂක සත්තු ගොදුරුකරන් මාංස භක්ෂක සත්තු හැදෙනවා, සර්ව භක්ෂක කියන ගොඩට අයිති සත්තු ශාක, මාංස දෙකම ආහාරයට ගන්නවා. (මනුස්ස අපි සේරම කාල, අනික් උන්වත් කාල අන්තිමට ලෝකෙත් කනවා නැද්ද?) ඉතින් කොහොම බැලුවත් පොළොවෙන් ගත්තු යමක් මිසක් වෙන මොකවත්ම මේකේ නැහැ නේද? ඉපදිච්ච ගමන් සත්ව/මනුස්ස පැටියෙකුට කිරිනොදී, කෑම නොදී තිබ්බොත් මැරෙනවා ඇරෙන්න හැදෙන්නේ, වැඩෙන්නේ නැහැනේ! මේසේරම අන්තිමට පොළවටම දෙන්න වෙනවා! රුපසුන්දරීල, body builders ල, සේරම පස් තමයි!

මේ අපේ ඇඟවල්වල ඇට/කටු වගේ හයිය දේවල් තියනවා, පොළොවේ පස්/ගල් වගේ හයිය දේවල් තියනවා බුදුහාමුදුරුවෝ මේවා සේරම පොදුවේ 'පඨවී ධාතු' කියල හැඳින්වුව. ආයේ අපේ ලේ/දහඩිය , පොළොවේ ජලය වගේ දේවලට 'ආපෝ ධාතු' කියල කිව්වා. රස්නේ ගතිය/ගැහෙන ගතිය 'තේජෝ ධාතු' කියල, වායු/gas 'වායෝ ධාතු' කියල කිව්වා. දැන් මෙහෙම කියපු එක 'ආගමක්' ද, නැත්නම් හොඳ විද්‍යාත්මක ඉගැන්වීමක් ද? එහෙනම්, ආගමක් කියල හිතන් ඉන්නේ... පිස්සු නේද? ඊළඟට අර හැම මනුස්සයගෙම මුලික ලක්ෂණ වගේ එකම සැලසුමකට නැත්නම් නියමිත ආකාරයකට, පිළිවෙලකට සිද්ධ වෙන, සකස් වෙන දේවල් වලට බුදුරජාණන් වහන්සේ 'ධාතු ස්වභාවයන්' කියලත් අඳුන්වල දුන්න. තව මේ 4 ජාතියෙන්, 'සතර මහා ධාතූන් ගෙන්' හැදුනු දේවල් වලට බුදුරජාණන් වහන්සේ 'රූප' කියල ඇන්දින්වුව. ඇයි ඒවිදිය නමක් දැම්මේ කියලත් උන්වහන්සේ කියල දුන්න. "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපංති උච්චති" (මහණෙනි, සතරමහා ධාතුන්ගෙන් හැදුනු සියල්ල නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඒනිසයි 'රුප' කියන්නේ) කියල. [පාලි භාෂාවෙන් 'රුප්පති' යන වචනයේ තේරුම 'නැසී වැනසී යන සුළු' කියන එකයි] පොඩ්ඩක් හිතල බලන්න මේ ඕනෙම ස්වභාවිකව හැදිච්ච, ස්වභාවික දේවල් වලින් හැදිච්ච, ඕනෙම දෙයක් කාලෙකදී දිරල, පොලවට පස් වෙලා යනවනේ, අන්න ඒකයි. හැමදාටම එක විදියට ස්ථිරව තියෙන්නේ නැහැ. අනිත්‍යයි!

අපි ඕනෙම කෙනෙක්ගේ ඇඟවල් ගත්තොත්, ආයේ ඔය ඕනෙම ජාතියක සත්ව ශරීරයක ස්වභාවය බැලුවොත් ඒ හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ සතරමහා ධතුත්, 'අවකාස ධාතු' කියල හඳුන්වන හිදැස් සහිත සහිත බවත්, 'විඥාණ ධාතු' නම් වූ ධාතුවේත් සංකලනයෙන් බව බුදුන්වහන්සේ අපට කියාදුන්නා. මෙහිදී විඥාණය යනු දැනගන්නවා යන අර්ථය බව බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. දැනීමක් ඇතිවන්නට නම් යම්කිසි සජීවී බවක් (aliveness), යම්කිසි ක්‍රියාකාරිත්වයක් තිබිය යුතු බව පැහැදිලියි නේද? එතකොට ක්‍රියාත්මකයි කියන්නේ වැඩ කරනවා කියන එකනේ. වැඩ කරනකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් fan එකක් බලමු... කැරකුනොත් තමයි හුලන් එන්නේ, television එකක් උනත් වැඩකරනකොට නේ පින්තුර පෙන්නේ. ඉතින් එහෙම නම් මේ ඇඟ ඇතුලෙත් මොකක් හරි වැඩක් සිද්ධවෙනවා, operation එකක් යනවා ඇතිනේද? ඉතින් හරි නේ... එහෙම එකක් තියනව නේ! බුදුහාමුදුරුවෝ ඒක හොයාගෙන කියා දුන්න. මොකද්ද දන්නවද ඒ? ඒ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන 5. අහල තියනවද? අහල ඇති හැබැයි මේ මම කියන්න හදන විදියට නම් මටවත් ඉගෙන ගන්න ලැබුනේ නැහැ. මේක මම කල්පනා කරලා කරලා ගොඩනගා ගත්තු එකක්. බැලුවම ඒක ලේසියෙන්ම තේරෙනවා. කෙනෙකුට මගෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් වෙන්නේ මේවයින් තමයි.

ඉතින් ඔය කරුණු ටිකේ 'වේදනා' කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්, 'සංඥා' කියන්නේ හඳුනාගන්නවා කියන අර්ථයෙන්, 'චේතනා' කියන්නේ චේතනා පහලකරනවා (හිතල යමක් කියනවා, කරනවා) කියන අර්ථයෙන්, 'පස්ස' කියන්නේ ස්පර්ශය (මෙතන ස්පර්ශය අපි සාමාන්‍යයෙන් කතාකරන ස්පර්ශ, touch කරනවා කියන එක නෙවෙයි. මේක කරුණු 3 ක එකතුවක්, 6 ආකාරයක ස්පර්ශයක් ගැන අපිට ඉගෙනගන්න තියනව) කියන අර්ථයෙන් සහ 'මනසිකාර' කියන්නේ මෙනෙහිකරනවා කියන අර්ථයෙන් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිකර දී තිබෙනවා. අපි මෙම කරුණු පසුව බුද්ධ දේශනාවේ ආකාරයටම ඉගෙන ගමු. එතකොට 2 වෙනි වරටනේ... වඩාත් හොඳින් තේරේවි. මේ මුලික කරුණු මම ඉගෙනගත්තේ මට ඉතාමත් හොඳින් ගැලපී ගිය, 'දිරවපු', ධාතු විභංගය නම්වූ සුත්‍ර දේශනාවෙනුයි. බුදුරජාණන් වහන්සේ මෙම සුත්‍ර දේශනාව වදාලේ පුක්කුසාති නම් භික්ෂුවකට. ඒ භික්ෂුව ශ්‍රී සද්ධර්මය පිලිබඳ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ගුණ අසා ඇතිකරගත් දැඩි, ස්ථිර විශ්වාසයක් පමණයි උන්වහන්සේ සතුව තිබුනේ... ඒත් දේශනාව අවසන් වෙනවිට උන්වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කලා. ඉතින් මේ හුඟදෙනෙකුටත් ලොකු අවස්ථාවක් තියෙනවා...

ඇත්තටම මට තිබෙන්නේ දේශනාවල් සැහෙන ප්‍රමාණයක් අහල, කරුණු ගොඩාක් එකතු කරන් ගොඩ නගා ගත්තු 'picture' එකක්! ඒහන්ද මට, මේ මම කියන්න යන පිළිවෙලට අවශ්‍යවෙන කරුණු, ඒවෙලාවට බුද්ධ දේශනාවලින් ගන්න පුළුවන්. අපිට දෙයක් කරන්න ගියාම අවශ්‍ය තැනට අවශ්‍ය දේ තිබුනම ලේසියෙන්, එපාවෙන්නේ නැතුව, ඉක්මනට වැඩේ කරන් කරන් යන්න පුළුවන් නේ. මුළු library එකක තරමේ පොත් කියවල, මාස ගණනක් දේශනා අහල මෙහෙම දේකට උත්සහ කරන්නේ කීයෙන් කීදෙනාද? ඒත් මම මේ target කරන පිරිසට වඩා ගොඩාක් දැනුම අඩු, කල්පනා කිරීමේ ශක්තිය අඩු අය නම්, පොඩ්ඩ පොඩ්ඩ හරි දැනුවත් වෙලා ධර්මයටම යොමුවෙන එකයි හොඳම දේ...

[QUOTE="Damith Kariyawasam, post: 8106413, member: 31903"] මිනිස්සු හැමෝගෙම ශරීර කුඩු (body construction) එකම විදියකට, එකම සැලසුමකට (plan) එකකට නේද තියෙන්නේ. එක එක්කෙනාගේ උස, මහත, පැහැය, ආයුෂ, අවයව වල ක්‍රියාකාරිත්වය, නිරෝගිබව වගේ දේවල් වෙනස් උනාට, තියන දේවල් සේරම එකයි නේද? එතකොට ඔය සිරුරු (bodies) සේරම හැදිලා තියෙන්නේ මොනවයින්ද? සේරම පොළොවෙන් ගත්තු දේවල් වලින් කියල මතකයිද. ඇයි ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තේ නැද්ද ආහාර දාම කියල එකක්. පොළොවෙන් සාරය උරාගෙන ගස් කොලන්/පැලෑටි හැදෙනවා, ගස් කොලන්/පැලෑටි ආහාරයට අරන් ශාක භක්ෂක සත්තු හැදෙනවා, ශාකභක්ෂක සත්තු ගොදුරුකරන් මාංස භක්ෂක සත්තු හැදෙනවා, සර්ව භක්ෂක කියන ගොඩට අයිති සත්තු ශාක, මාංස දෙකම ආහාරයට ගන්නවා. (මනුස්ස අපි සේරම කාල, අනික් උන්වත් කාල අන්තිමට ලෝකෙත් කනවා නැද්ද?) ඉතින් කොහොම බැලුවත් පොළොවෙන් ගත්තු යමක් මිසක් වෙන මොකවත්ම මේකේ නැහැ නේද? ඉපදිච්ච ගමන් සත්ව/මනුස්ස පැටියෙකුට කිරිනොදී, කෑම නොදී තිබ්බොත් මැරෙනවා ඇරෙන්න හැදෙන්නේ, වැඩෙන්නේ නැහැනේ! මේසේරම අන්තිමට පොළවටම දෙන්න වෙනවා! රුපසුන්දරීල, body builders ල, සේරම පස් තමයි! මේ අපේ ඇඟවල්වල ඇට/කටු වගේ හයිය දේවල් තියනවා, පොළොවේ පස්/ගල් වගේ හයිය දේවල් තියනවා බුදුහාමුදුරුවෝ මේවා සේරම පොදුවේ 'පඨවී ධාතු' කියල හැඳින්වුව. ආයේ අපේ ලේ/දහඩිය , පොළොවේ ජලය වගේ දේවලට 'ආපෝ ධාතු' කියල කිව්වා. රස්නේ ගතිය/ගැහෙන ගතිය 'තේජෝ ධාතු' කියල, වායු/gas 'වායෝ ධාතු' කියල කිව්වා. දැන් මෙහෙම කියපු එක 'ආගමක්' ද, නැත්නම් හොඳ විද්‍යාත්මක ඉගැන්වීමක් ද? එහෙනම්, ආගමක් කියල හිතන් ඉන්නේ... පිස්සු නේද? ඊළඟට අර හැම මනුස්සයගෙම මුලික ලක්ෂණ වගේ එකම සැලසුමකට නැත්නම් නියමිත ආකාරයකට, පිළිවෙලකට සිද්ධ වෙන, සකස් වෙන දේවල් වලට බුදුරජාණන් වහන්සේ 'ධාතු ස්වභාවයන්' කියලත් අඳුන්වල දුන්න. තව මේ 4 ජාතියෙන්, 'සතර මහා ධාතූන් ගෙන්' හැදුනු දේවල් වලට බුදුරජාණන් වහන්සේ 'රූප' කියල ඇන්දින්වුව. ඇයි ඒවිදිය නමක් දැම්මේ කියලත් උන්වහන්සේ කියල දුන්න. "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපංති උච්චති" (මහණෙනි, සතරමහා ධාතුන්ගෙන් හැදුනු සියල්ල නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඒනිසයි 'රුප' කියන්නේ) කියල. [පාලි භාෂාවෙන් 'රුප්පති' යන වචනයේ තේරුම 'නැසී වැනසී යන සුළු' කියන එකයි] පොඩ්ඩක් හිතල බලන්න මේ ඕනෙම ස්වභාවිකව හැදිච්ච, ස්වභාවික දේවල් වලින් හැදිච්ච, ඕනෙම දෙයක් කාලෙකදී දිරල, පොලවට පස් වෙලා යනවනේ, අන්න ඒකයි. හැමදාටම එක විදියට ස්ථිරව තියෙන්නේ නැහැ. අනිත්‍යයි! අපි ඕනෙම කෙනෙක්ගේ ඇඟවල් ගත්තොත්, ආයේ ඔය ඕනෙම ජාතියක සත්ව ශරීරයක ස්වභාවය බැලුවොත් ඒ හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ සතරමහා ධතුත්, 'අවකාස ධාතු' කියල හඳුන්වන හිදැස් සහිත සහිත බවත්, 'විඥාණ ධාතු' නම් වූ ධාතුවේත් සංකලනයෙන් බව බුදුන්වහන්සේ අපට කියාදුන්නා. මෙහිදී විඥාණය යනු දැනගන්නවා යන අර්ථය බව බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. දැනීමක් ඇතිවන්නට නම් යම්කිසි සජීවී බවක් (aliveness), යම්කිසි ක්‍රියාකාරිත්වයක් තිබිය යුතු බව පැහැදිලියි නේද? එතකොට ක්‍රියාත්මකයි කියන්නේ වැඩ කරනවා කියන එකනේ. වැඩ කරනකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් fan එකක් බලමු... කැරකුනොත් තමයි හුලන් එන්නේ, television එකක් උනත් වැඩකරනකොට නේ පින්තුර පෙන්නේ. ඉතින් එහෙම නම් මේ ඇඟ ඇතුලෙත් මොකක් හරි වැඩක් සිද්ධවෙනවා, operation එකක් යනවා ඇතිනේද? ඉතින් හරි නේ... එහෙම එකක් තියනව නේ! බුදුහාමුදුරුවෝ ඒක හොයාගෙන කියා දුන්න. මොකද්ද දන්නවද ඒ? ඒ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන 5. අහල තියනවද? අහල ඇති හැබැයි මේ මම කියන්න හදන විදියට නම් මටවත් ඉගෙන ගන්න ලැබුනේ නැහැ. මේක මම කල්පනා කරලා කරලා ගොඩනගා ගත්තු එකක්. බැලුවම ඒක ලේසියෙන්ම තේරෙනවා. කෙනෙකුට මගෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් වෙන්නේ මේවයින් තමයි. ඉතින් ඔය කරුණු ටිකේ 'වේදනා' කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්, 'සංඥා' කියන්නේ හඳුනාගන්නවා කියන අර්ථයෙන්, 'චේතනා' කියන්නේ චේතනා පහලකරනවා (හිතල යමක් කියනවා, කරනවා) කියන අර්ථයෙන්, 'පස්ස' කියන්නේ ස්පර්ශය (මෙතන ස්පර්ශය අපි සාමාන්‍යයෙන් කතාකරන ස්පර්ශ, touch කරනවා කියන එක නෙවෙයි. මේක කරුණු 3 ක එකතුවක්, 6 ආකාරයක ස්පර්ශයක් ගැන අපිට ඉගෙනගන්න තියනව) කියන අර්ථයෙන් සහ 'මනසිකාර' කියන්නේ මෙනෙහිකරනවා කියන අර්ථයෙන් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිකර දී තිබෙනවා. අපි මෙම කරුණු පසුව බුද්ධ දේශනාවේ ආකාරයටම ඉගෙන ගමු. එතකොට 2 වෙනි වරටනේ... වඩාත් හොඳින් තේරේවි. මේ මුලික කරුණු මම ඉගෙනගත්තේ මට ඉතාමත් හොඳින් ගැලපී ගිය, 'දිරවපු', ධාතු විභංගය නම්වූ සුත්‍ර දේශනාවෙනුයි. බුදුරජාණන් වහන්සේ මෙම සුත්‍ර දේශනාව වදාලේ පුක්කුසාති නම් භික්ෂුවකට. ඒ භික්ෂුව ශ්‍රී සද්ධර්මය පිලිබඳ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ගුණ අසා ඇතිකරගත් දැඩි, ස්ථිර විශ්වාසයක් පමණයි උන්වහන්සේ සතුව තිබුනේ... ඒත් දේශනාව අවසන් වෙනවිට උන්වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කලා. ඉතින් මේ හුඟදෙනෙකුටත් ලොකු අවස්ථාවක් තියෙනවා... ඇත්තටම මට තිබෙන්නේ දේශනාවල් සැහෙන ප්‍රමාණයක් අහල, කරුණු ගොඩාක් එකතු කරන් ගොඩ නගා ගත්තු 'picture' එකක්! ඒහන්ද මට, මේ මම කියන්න යන පිළිවෙලට අවශ්‍යවෙන කරුණු, ඒවෙලාවට බුද්ධ දේශනාවලින් ගන්න පුළුවන්. අපිට දෙයක් කරන්න ගියාම අවශ්‍ය තැනට අවශ්‍ය දේ තිබුනම ලේසියෙන්, එපාවෙන්නේ නැතුව, ඉක්මනට වැඩේ කරන් කරන් යන්න පුළුවන් නේ. මුළු library එකක තරමේ පොත් කියවල, මාස ගණනක් දේශනා අහල මෙහෙම දේකට උත්සහ කරන්නේ කීයෙන් කීදෙනාද? ඒත් මම මේ target කරන පිරිසට වඩා ගොඩාක් දැනුම අඩු, කල්පනා කිරීමේ ශක්තිය අඩු අය නම්, පොඩ්ඩ පොඩ්ඩ හරි දැනුවත් වෙලා ධර්මයටම යොමුවෙන එකයි හොඳම දේ... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom