Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ආයේ අපේ කතාවටම එමු. අර ආයතන හයේ ක්‍රියාකාරීත්වය පාලියෙන් කියවෙන විදිය දැන් මතකයිද? ඕව මතකතියාගන්න පොඩි try එකක් දාන්න, ඒක වැදගත්. දැන් එතකොට ඇසට රුපයක් වැටුනම ඇහෙන් ඒක දැනගන්නවා, ඒකෙන් ඇහේ ස්පර්ශය ඇතිවෙනවා. කනට ශබ්දයක් ඇහුනාම කනෙන් ඒක දැනගන්නවා, ඒකෙන් කනේ ස්පර්ශය ඇතිවෙනවා. නාසයට ගඳ/සුවඳ දැනුනාම නාසයෙන් ඒක දැනගන්නවා, ඒ නාසයේ ස්පර්ශයයි. දිවට රස දැනුනම දිවෙන් ඒ රස දැනගන්නවා, ඒ දිවේ ස්පර්ශයයි. කයට පහසක් දැනුනම කයෙන් ඒක දැනගන්නවා, ඒ කයේ ස්පර්ශයයි. මනසට අරමුණක් ආවාම ඒක මනසින් දැනගන්නවා, ඒක මනසේ ස්පර්ශයයි. පැහැදිලියි නේ? එතකොට ඔතන තියන ඇස, කන, නාසය කියල තියන ආයතන ටික තියෙන්නේ මේ ඇඟේම කොටස් හැටියට නේ. බුදුහාමුදුරුවෝ ඒටික අඳුන්වල දුන්න අභ්‍යන්තර ආයතන නැත්නම් අධ්‍යාත්මික ආයතන 6 ලෙසට. ඒ වගේම 6 ආකාරයක විඥාණය පැලවෙන දෙයක් හැටියට. මොකද්ද පැලවෙනවා කිව්වේ? දැන් වැලක් ගත්තොත් ඒක පොඩියට හැදීගන එනකොට අපි මැස්සක් ගහනවනේ වලට එතිලා එතිලා යන්න. ඉතින් වැලට වම් පැත්තෙන් මැස්ස ගැහුවොත්, වැල වම්පැත්තට හැදි හැදී යනවා. වැලට දකුණු පැත්තෙන් මැස්ස ගැහුවොත්, වැල දකුණු පැත්තට හැදි හැදී යනවා. අපේ හාමුදුරුවෝ කිව්වා මතකයි "දැන් අපි කරන්නේ මැස්ස වම්පැත්තෙන් ගහල, වැලට වැඳ වැඳ කියනවා අනේ වැල දකුණු පැත්තට යන්න, දකුණු පැත්තට යන්න කිය කියා" වගේ දෙයක්. ඉතින් එතකොට වැල එහෙම යාවිද? එතකොට අපි මේ මොනවද කරකර ඉන්නේ? මොකක් වෙයිද අන්තිමේ...

බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ "අවිජ්ජායගතෝ යං පුරිස පුග්ගලෝ පුඥ්ඥං චේ සංඛාරං අභිසංකරෝති පුඥ්ඥුපගං හෝති විඥාණං" (යම් කෙනෙක් පිනක් යයි සම්මත දෙයක් කරද්දී පිනට අනුව විඥාණය සකස් වෙනවා) [පින් කරලා වෙන කෙනෙකුට දෙන්න බැරි මේ හේතුව නිසයි. අපි කෙනෙක් වෙනුවෙන් පින්කමක් කරන වෙලාවක එයා දෙවියන් අතර නැත්නම් වෙන පින් අනුමෝදන් විය හැකි අමනුෂ්‍යය ආත්මයක උපත ලබල, අපි කරන පින්කම දැකල, "අනේ මේ උදවිය කොයි තරම් හොඳ, ගුණයහපත් පිරිසක්ද. මෙයාල තමුන්ගේ ඥාතියව සිහිකරලා මෙහෙම දෙයක් කරනඑක කොයිතරම් හොඳද" කියල සතුටුවෙලා, හිත පහදවා ගත්තොත් විතරයි කෙනෙකුට පිනක් අනුමෝදන් විය හැක්කේ! / ඊට අමතරව පිංකම සිද්ධ කරන උදවියට එහි ප්‍රතිඵල අනිවාර්යයෙන් ලැබෙනවා. (මියගිය කෙනා නිරය/තිරිසන් නැත්නම් වෙන මනුෂ්‍ය ආත්මයක උපතක් ලබල තිබුනොත් එයාට ප්‍රයෝජනයක් නැහැ) ඒ හන්ද අනුන්ගෙන් පින් බලන් තමන් නිකම් ඉන්න එපා!] ඊළඟට 'අපුඥ්ඥං චේ සංඛාරං අභිසංකරෝති අපුඥ්ඥුපගං හෝති විඥාණං' (පවක් යයි සම්මත දෙයක් කරද්දී පවට අනුව විඥාණය සකස් වෙනවා) සහ 'ආනෙන්ජං චේ සංඛාරං අභිසංකරෝති ආනෙන්ජූපගං හෝති විඥාණං' (පින්/පව් වලට අදාළ නැතියයි සම්මත දෙයක් කරද්දී ඊට අනුව විඥාණය සකස් වෙනවා) ආදී වශයෙනුයි.

ඉතින් ඒක නෙවෙයි, ඉතා වැදගත් දෙයක් කියන්නද? දැන් ඔය ඇහැට දකින රුප තමන්ගේ නෙවෙයි නේ. අපි කියමු අහස දිහා බැලුවම පේනවා වලාකුළු එහෙම, ඒවා ඔයාගේ නෙවෙයි නේ! ඊළඟට ඔය එක එක සද්ද ඇහෙන ඒවත්, හිතමු විදුලි කොටනවා, ගොරවනවා කියල. ඒ සද්දත් ඔයාගේ නෙවෙයි නේ! ඊළඟට ඔය ලොකූ කුණුගොඩක් ගාවින් යනකොට එහෙම එන ගඳත් ඔයාගේ නෙවෙයි නේ! ඒවගේම තමයි අනික් ඒවත්. ඒකියන්නේ, ඔය හිතට එන්නේ එක එක අරමුණු, ඔය එක එක වෙලාවට එක එක ඒවා හිතෙන්නේ... අන්න ඒවත් ඔයාගේ නෙවෙයි!!! බය උනාද? බයවෙන්න එපා ඕකතමයි ඇත්ත! ඔය දැන් හිතෙන්න පුළුවන් 'මේ මොනවද මේ කියන්නේ?, මේකා මොකෙද්ද? සිවුරු ඇරපු එකෙක් වත්ද දන්නේ නැහැ!, එතකොට මම කියන්නේ කවුද? මට මොකක්ද වෙන්නේ?, මේවා කියවල මට මොනවා හරි වෙයිද?' වගේ එක එක දේවල්. නැද්ද එහෙම. ඔය සේරම, මනස කියන එකට ඔහේ එන අරමුණු විතරයි! මනස හරියට මූද වගේ එකක්. මූදෙ රැලි එන්නේ කවුරුවත් හදල, නැත්නම් රැල්ල ගස්සල නෙවෙයි නේ! හුලන් හන්ද කියල පඬි අදහසක් ඒවිද? දන්නේ නැහැ! ආවත් අවුලක් නැහැ, ඒවගේම එකක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් මනස අවදියෙන් ඉන්න වෙලාවට එක එක අරමුණු එනවා. මූදෙ රැල්ල ගහන හැටි මතක් කරලා බලන්න. වෙලාවකට රැලි තව රැලි එක්ක හැප්පිලා බිඳිලා යනවා, තව වෙලාවකට තව රැලි එක්ක එකතුවෙලා සැර වැඩිවෙනවා, වෙලාවකට එහෙම එකතුවෙලා එකතුවෙලා වේගෙන් ගොඩබිමට එනවා, සමහර ඒවා ගොඩක් දුරට එනවා, සමහරක් වෙලාවට හරිම නිශ්චලයි නේද? හැමෝගෙම මනසත් ඒවගේ තමයි.

[QUOTE="Damith Kariyawasam, post: 8113301, member: 31903"] [SIZE="3"]ඉතින් ආයේ අපේ කතාවටම එමු. අර ආයතන හයේ ක්‍රියාකාරීත්වය පාලියෙන් කියවෙන විදිය දැන් මතකයිද? ඕව මතකතියාගන්න පොඩි try එකක් දාන්න, ඒක වැදගත්. දැන් එතකොට ඇසට රුපයක් වැටුනම ඇහෙන් ඒක දැනගන්නවා, ඒකෙන් ඇහේ ස්පර්ශය ඇතිවෙනවා. කනට ශබ්දයක් ඇහුනාම කනෙන් ඒක දැනගන්නවා, ඒකෙන් කනේ ස්පර්ශය ඇතිවෙනවා. නාසයට ගඳ/සුවඳ දැනුනාම නාසයෙන් ඒක දැනගන්නවා, ඒ නාසයේ ස්පර්ශයයි. දිවට රස දැනුනම දිවෙන් ඒ රස දැනගන්නවා, ඒ දිවේ ස්පර්ශයයි. කයට පහසක් දැනුනම කයෙන් ඒක දැනගන්නවා, ඒ කයේ ස්පර්ශයයි. මනසට අරමුණක් ආවාම ඒක මනසින් දැනගන්නවා, ඒක මනසේ ස්පර්ශයයි. පැහැදිලියි නේ? එතකොට ඔතන තියන ඇස, කන, නාසය කියල තියන ආයතන ටික තියෙන්නේ මේ ඇඟේම කොටස් හැටියට නේ. බුදුහාමුදුරුවෝ ඒටික අඳුන්වල දුන්න අභ්‍යන්තර ආයතන නැත්නම් අධ්‍යාත්මික ආයතන 6 ලෙසට. ඒ වගේම 6 ආකාරයක විඥාණය පැලවෙන දෙයක් හැටියට. මොකද්ද පැලවෙනවා කිව්වේ? දැන් වැලක් ගත්තොත් ඒක පොඩියට හැදීගන එනකොට අපි මැස්සක් ගහනවනේ වලට එතිලා එතිලා යන්න. ඉතින් වැලට වම් පැත්තෙන් මැස්ස ගැහුවොත්, වැල වම්පැත්තට හැදි හැදී යනවා. වැලට දකුණු පැත්තෙන් මැස්ස ගැහුවොත්, වැල දකුණු පැත්තට හැදි හැදී යනවා. අපේ හාමුදුරුවෝ කිව්වා මතකයි "දැන් අපි කරන්නේ මැස්ස වම්පැත්තෙන් ගහල, වැලට වැඳ වැඳ කියනවා අනේ වැල දකුණු පැත්තට යන්න, දකුණු පැත්තට යන්න කිය කියා" වගේ දෙයක්. ඉතින් එතකොට වැල එහෙම යාවිද? එතකොට අපි මේ මොනවද කරකර ඉන්නේ? මොකක් වෙයිද අන්තිමේ... බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ "අවිජ්ජායගතෝ යං පුරිස පුග්ගලෝ පුඥ්ඥං චේ සංඛාරං අභිසංකරෝති පුඥ්ඥුපගං හෝති විඥාණං" (යම් කෙනෙක් පිනක් යයි සම්මත දෙයක් කරද්දී පිනට අනුව විඥාණය සකස් වෙනවා) [පින් කරලා වෙන කෙනෙකුට දෙන්න බැරි මේ හේතුව නිසයි. අපි කෙනෙක් වෙනුවෙන් පින්කමක් කරන වෙලාවක එයා දෙවියන් අතර නැත්නම් වෙන පින් අනුමෝදන් විය හැකි අමනුෂ්‍යය ආත්මයක උපත ලබල, අපි කරන පින්කම දැකල, "අනේ මේ උදවිය කොයි තරම් හොඳ, ගුණයහපත් පිරිසක්ද. මෙයාල තමුන්ගේ ඥාතියව සිහිකරලා මෙහෙම දෙයක් කරනඑක කොයිතරම් හොඳද" කියල සතුටුවෙලා, හිත පහදවා ගත්තොත් විතරයි කෙනෙකුට පිනක් අනුමෝදන් විය හැක්කේ! / ඊට අමතරව පිංකම සිද්ධ කරන උදවියට එහි ප්‍රතිඵල අනිවාර්යයෙන් ලැබෙනවා. (මියගිය කෙනා නිරය/තිරිසන් නැත්නම් වෙන මනුෂ්‍ය ආත්මයක උපතක් ලබල තිබුනොත් එයාට ප්‍රයෝජනයක් නැහැ) ඒ හන්ද අනුන්ගෙන් පින් බලන් තමන් නිකම් ඉන්න එපා!] ඊළඟට 'අපුඥ්ඥං චේ සංඛාරං අභිසංකරෝති අපුඥ්ඥුපගං හෝති විඥාණං' (පවක් යයි සම්මත දෙයක් කරද්දී පවට අනුව විඥාණය සකස් වෙනවා) සහ 'ආනෙන්ජං චේ සංඛාරං අභිසංකරෝති ආනෙන්ජූපගං හෝති විඥාණං' (පින්/පව් වලට අදාළ නැතියයි සම්මත දෙයක් කරද්දී ඊට අනුව විඥාණය සකස් වෙනවා) ආදී වශයෙනුයි. ඉතින් ඒක නෙවෙයි, ඉතා වැදගත් දෙයක් කියන්නද? දැන් ඔය ඇහැට දකින රුප තමන්ගේ නෙවෙයි නේ. අපි කියමු අහස දිහා බැලුවම පේනවා වලාකුළු එහෙම, ඒවා ඔයාගේ නෙවෙයි නේ! ඊළඟට ඔය එක එක සද්ද ඇහෙන ඒවත්, හිතමු විදුලි කොටනවා, ගොරවනවා කියල. ඒ සද්දත් ඔයාගේ නෙවෙයි නේ! ඊළඟට ඔය ලොකූ කුණුගොඩක් ගාවින් යනකොට එහෙම එන ගඳත් ඔයාගේ නෙවෙයි නේ! ඒවගේම තමයි අනික් ඒවත්. ඒකියන්නේ, ඔය හිතට එන්නේ එක එක අරමුණු, ඔය එක එක වෙලාවට එක එක ඒවා හිතෙන්නේ... අන්න ඒවත් ඔයාගේ නෙවෙයි!!! බය උනාද? බයවෙන්න එපා ඕකතමයි ඇත්ත! ඔය දැන් හිතෙන්න පුළුවන් 'මේ මොනවද මේ කියන්නේ?, මේකා මොකෙද්ද? සිවුරු ඇරපු එකෙක් වත්ද දන්නේ නැහැ!, එතකොට මම කියන්නේ කවුද? මට මොකක්ද වෙන්නේ?, මේවා කියවල මට මොනවා හරි වෙයිද?' වගේ එක එක දේවල්. නැද්ද එහෙම. ඔය සේරම, මනස කියන එකට ඔහේ එන අරමුණු විතරයි! මනස හරියට මූද වගේ එකක්. මූදෙ රැලි එන්නේ කවුරුවත් හදල, නැත්නම් රැල්ල ගස්සල නෙවෙයි නේ! හුලන් හන්ද කියල පඬි අදහසක් ඒවිද? දන්නේ නැහැ! ආවත් අවුලක් නැහැ, ඒවගේම එකක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් මනස අවදියෙන් ඉන්න වෙලාවට එක එක අරමුණු එනවා. මූදෙ රැල්ල ගහන හැටි මතක් කරලා බලන්න. වෙලාවකට රැලි තව රැලි එක්ක හැප්පිලා බිඳිලා යනවා, තව වෙලාවකට තව රැලි එක්ක එකතුවෙලා සැර වැඩිවෙනවා, වෙලාවකට එහෙම එකතුවෙලා එකතුවෙලා වේගෙන් ගොඩබිමට එනවා, සමහර ඒවා ගොඩක් දුරට එනවා, සමහරක් වෙලාවට හරිම නිශ්චලයි නේද? හැමෝගෙම මනසත් ඒවගේ තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom