Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මොකක් හරි හදපු උපකරණයක් වගේ දෙයක් ගද්දි manual එකක් කියල දෙයකුත් ලැබෙනවනේ... ඒකෙන් තමයි ඒ උපකරණය නියමාකාරයෙන් පාවිච්චිකරන්න අවශ්‍යවෙන තොරතුරු සියල්ලම දැනගන්න තියෙන්නේ. ඔය විදියටම service manual කියලත් එනවා සාමාන්‍යයෙන් හුඟක් උපකරණ, නිපැයුම් එක්ක. ඒවායේ තියනවා ඒ ඒ උපකරණය හදල තියෙන ආකාරය, වැඩකරන ආකාරය ගැන සම්පූර්ණ විස්තර, කෑල්ලෙන් කෑල්ලට ගලවන, සවිකරන විදිය වගේ සේරම දේවල්. ඉතින් මාත් technician කෙනෙක් නිසා, මටත් ඔය manuals හොඳට හුරුයි... ඇත්තටම යම්දෙයක service manual එක තියෙනවා කියන්නේ ඒකෙ ඕනේ දෙයක් කරන්න පුළුවන් ගනනයි! අපේ මේ ඇඟවලුත් හැදිච්ච දේවල් උනාට, කවුරුවත් හදපු දේවල් නොවෙන නිසා, මොකක් හරි company එකක නිෂ්පාදනයක් නොවෙන නිසා, මේවට manuals මොකුත් හොයාගන්න නැහැ!! බුදුහාමුදුරුවෝ කලේ මේ සකස් වෙච්ච දේවල් ගැන අංශුවෙන් අංශුවට හොයල බලල වැඩකරන විදිය, මේකේ පැවැත්ම, මෙතනින් එහාට වෙන්නේ මොකද්ද, මීට කලින් උනේ මොනවද, වගේ සේරම දේවල් ගැන එහෙම්පිටින්ම හොයාගත්ත එකනේ... ඉතින් බුදුහාමුදුරුවෝ කියාදීපු දේවල්ය කියන්නේ, මේ අපේ ජීවිත සම්බන්ධයෙන් තියන manual එකයි, service manual එකයි තමයි!! manual එකෙන් අපිට කියල දුන්න මේ ජීවිතය හරි හැටි පාවිච්චි කරන්න ඕනේ විදිය! පව් කරන්න එපා, පින් කරන්න... නොපමාව කුසලයෙහි හැසිරෙන්නය වගේ දේවල්! ඊළඟට service manual එකෙන් මේක කෑලි කෑලි කරලා පෙන්වූව මේකේ ඇතුලේ වෙන්නේ මේකයි, ඒ ඇරෙන්න වෙන ගන්න දෙයක් නැහැය කියල! තව කියල දුන්න මේ සිද්ධි මාලාවේ පැවැත්ම හටගත්තේ කවදා කොහෙදිද කියල පෙනෙන්නේ නැතිය, ඒත් මේ පැවැත්ම මහා දුක් කන්දරාවක් මේ වෙනකොට උරුම කරලා දීල තියනවය, තව ගියත් ඔච්චරමය, ඒ හන්ද පුළුවන් ඉක්මනින් මේ පැවැත්ම කඩල බිඳලා දාල නිදහස් වෙන්නය කියල!! ඉතින් අප්පොච්චියේ... service manual එකත් තියනවනම්, මොනවද කොරන්න බැරි?? තමන්ට, තම තමන්ගේ ඒවායේ upset හදාගන්න එක නොවැ තියෙන්නේ... හැමෝම technicians ල නෙවෙයි කියල අඩුවක් වෙනේ නැහැ! කියල දුන්නම කරන්න පුළුවන් නේ නේද?

ඇත්තටම මේ වැඩපිළිවෙල මෙතන ඉඳල දිගටම කරගන යන්නයි ඕනේ! අර ලී කෑලි දෙකක්, ගල් කෑලි දෙකක් අතුල්ලලා ගිනි අවුළුවන කතන්දරේ... මතක නේ... අන්න ඒ විදියට තමන්ට මේ කරුණු පරිපූර්ණ වශයෙන් අවබෝධය ඇතිවෙනකම් touch එකේ ඉන්න ඕනේ!! දන්නවනේ අතීතයේ පැවිදි උදවියට මේකට full time engage වෙන්න ඉඩ ලැබුන! දැනුත් පැවිදි අයට නම් එහෙම පුළුවන්. ඒත් අපි? අපි ඉඩ කඩ ලැබෙන හැම වෙලාවේම ධර්ම කරුණු මෙනෙහි කරනවා! තමන්ගේ හැකියාව අනුව, දවල්කාලයේ හරි, රෑකාලයේ හරි, පැය එකහමාරක් දෙකක් වෙන්කරගන්නවා! එතකොට හරි. හැබැයි දින චරියාවේ කොටසක් හැටියට, එකම වෙලාවක, පුරුද්දක් හැටියට!! මම හිතන්නේ හුඟ දෙනෙකුට practical වෙන්නේ රෑ කාලය තමයි. එතකොට බාහිර පරිසරයේ ගැටීම්, සද්ද බද්ද හුඟක් අඩුයි නේ. මේ වෙනකම් පිළිවෙලකට වැඩේට බැහැපු නැති අය මේදැන් වත් බැස්සනම් තමයි හරි!! ධර්ම කරුණු වත් දන්නේ නෑ, මතක නෑ නම්, තමන් වෙන්කරගන්න කාල සීමාවේදී ඉස්සෙල්ලම ඒවා කියවල, ලියාගෙන, පාඩම් කරගෙන පටන්ගන්න. කිසි upset එකක් නැතුව ධර්ම කරුණු සිහිකරන්න හැකියාව ඇතිවේගන එනකොට, මේ විදියට ඒවා තමන්ට ගලප ගලපා බලන්න, කල්පණා කරන්න පටන් ගන්න.

පටන් ගන්න හොඳම තැන මොකද්ද? අපි දකිනවනම් දකින්නේ ඇහෙන්, අහනවනම් අහන්නේ ඇහෙන්, රසවිඳිනවානම් දිවෙන්... ඒත් ඔය සේරම ක්‍රියාත්මක වෙන්නේ මනසිකාරය තිබුනොත් විතරයි බව ධර්මයෙන් දැක්ක නේ... ඉතින් බලන්න ඒක තමන්ට එහෙම නෙවෙයිද? තමන් වෙනස්ද? කියල! ඇයි නින්ද ගියාම සද්ද ඇහෙන්නේ නැත්තේ? කණ වහගන ඉන්නවත් නෙවෙයි නේ... නින්දෙන් කවුරුහරි කටේ මොනවා හරි ගාල ගිහින් කියමු, රස දැනෙන්නේ නැගිට්ටුනාම නේ... ඇයි ඒ? ඒ අර මනසිකාරයේ ක්‍රියාකාරීත්වය තමයි! නිදි වෙලාවට උවමනාවෙන් ආයතන මනසිකාර කිරීමක් සිදුවෙන්නේ නැහැනේ... ඊළඟට ඔය ඇස්වලින් දකින, කන් වලින් අහන දේවල් අනුව සැප දුක ඇතිවෙද්දී, ඒක චුට්ටකට අමතක කරලා වෙනදෙයක් ගැන හිතන්න පුරුදුවෙලා බලන්න. එහෙම කරනකොට අර දකින, අහන දේවල් අනුව දැනිච්ච විඳීම්, හඳුනාගැනීම් සේරම වෙනස්වෙලා යන හැටි බලන්න. හිතට එන ඕනෙම හැඟීමකදීත්, සතුටක්/දුකක්, බයක්/සැකක් නැත්නම් තැතිගැනීමක් වගේ ඕනෙම දෙයකදිත්, අරමුණ වෙනස් කලගමන් දැනිච්ච සියල්ල වෙනස්වෙලා යනහැටි බලන්න! ඔන්න ඔය විදියට පුහුණු කරනකොට ටිකෙන් ටික මේකේ ඇත්ත දකින්න, අවබෝධවෙන්න පටන්ගන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේකනේද කියල ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. ඔයවිදියට ටිකෙන් ටික මේ කයත් එක්ක තිබිච්ච බැඳීම හිතින් ඈත්වෙනකන්ම මේක practice කරන්න. එතකොට තේරෙයි රසට කනවා කියල කරලා තියෙන්නෙත් බොරුවැඩක්! නාමරූප ටිකක් තව නාමරූප ටිකක් ගිලල! විතරයි. ලස්සනට ඇන්ද කියන්නෙත් නාමරූප ටිකක් තව නාමරූප ටිකක් ඔතාගෙන! එච්චරයි. තව කෙනෙකුට ආදරෙන් හිටිය, ඉන්නවා කියන්නෙත් තව නාමරූප ටිකක් ගැන හිතාගෙන ඉන්න අදහසක්! විතරයි. (එතනත් ආදරය කරන්නය කියල 'කෙනෙක්' නැහැ නේ!) ඉතින් මොකද්ද මේ කරලා තියෙන්නේ? තනිකරම පිස්සුවක් විතරනේ... මොනදේ ගැන හිතුවත් ගන්න කියල දෙයක් නැහැ නේ... දීර්ඝ කාලීනව බලද්දී මේ කිසිම දේක තේරුමක් නැහැ නේ... සේරම අනිත්‍යවෙලා යනවා! අපි ලොකුවට හිතාගෙන මහා බොරුවක් කර කර ඉන්නවා!! මෙන්න මේ තත්වය තමන්ට හොඳටම තේරෙණ ගනනට එද්දී, අවබෝධයෙන්ම කලකිරීම ඇතිවෙනවා.

ඒත් මේ සත්‍ය තම තමන්ගේ හිත්වලට හොඳින්ම වැටහෙනකම් කල්පණා කරන්න තියෙන දෙයක් මිසක්, කරකර ඉන්න වැඩ ඔක්කොම අල්ලලා දාල, යුතුකම්, වගකීම් සේරමත් පැත්තකට දාල, 'අලුත් පිස්සුවක්' හදාගතයුතු කතන්දරයක් නෙවෙයි. මේ ලබපු ජීවිත කාලය, පෙරකල පින් බලෙන් ලැබුණු වාසනාවන්ත එකක්. ඒ පින නිසාමයි ධර්මයත් අහන්න, දැනගන්න ලැබුණේ... අපිට කරන්න තියෙන්නේ, මෙතන සිද්ධවේගන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න එකයි! මෙතනින් එහාට ආයේ ආයේ පැවැත්මක් ඕනේ නැහැ, මේ හොඳටෝම ඇති!! කියන තත්වයට එන එකයි තමයි.

[QUOTE="Damith Kariyawasam, post: 8773482, member: 31903"] [size=5]අපි මොකක් හරි හදපු උපකරණයක් වගේ දෙයක් ගද්දි manual එකක් කියල දෙයකුත් ලැබෙනවනේ... ඒකෙන් තමයි ඒ උපකරණය නියමාකාරයෙන් පාවිච්චිකරන්න අවශ්‍යවෙන තොරතුරු සියල්ලම දැනගන්න තියෙන්නේ. ඔය විදියටම service manual කියලත් එනවා සාමාන්‍යයෙන් හුඟක් උපකරණ, නිපැයුම් එක්ක. ඒවායේ තියනවා ඒ ඒ උපකරණය හදල තියෙන ආකාරය, වැඩකරන ආකාරය ගැන සම්පූර්ණ විස්තර, කෑල්ලෙන් කෑල්ලට ගලවන, සවිකරන විදිය වගේ සේරම දේවල්. ඉතින් මාත් technician කෙනෙක් නිසා, මටත් ඔය manuals හොඳට හුරුයි... ඇත්තටම යම්දෙයක service manual එක තියෙනවා කියන්නේ ඒකෙ ඕනේ දෙයක් කරන්න පුළුවන් ගනනයි! අපේ මේ ඇඟවලුත් හැදිච්ච දේවල් උනාට, කවුරුවත් හදපු දේවල් නොවෙන නිසා, මොකක් හරි company එකක නිෂ්පාදනයක් නොවෙන නිසා, මේවට manuals මොකුත් හොයාගන්න නැහැ!! බුදුහාමුදුරුවෝ කලේ මේ සකස් වෙච්ච දේවල් ගැන අංශුවෙන් අංශුවට හොයල බලල වැඩකරන විදිය, මේකේ පැවැත්ම, මෙතනින් එහාට වෙන්නේ මොකද්ද, මීට කලින් උනේ මොනවද, වගේ සේරම දේවල් ගැන එහෙම්පිටින්ම හොයාගත්ත එකනේ... ඉතින් බුදුහාමුදුරුවෝ කියාදීපු දේවල්ය කියන්නේ, මේ අපේ ජීවිත සම්බන්ධයෙන් තියන manual එකයි, service manual එකයි තමයි!! manual එකෙන් අපිට කියල දුන්න මේ ජීවිතය හරි හැටි පාවිච්චි කරන්න ඕනේ විදිය! පව් කරන්න එපා, පින් කරන්න... නොපමාව කුසලයෙහි හැසිරෙන්නය වගේ දේවල්! ඊළඟට service manual එකෙන් මේක කෑලි කෑලි කරලා පෙන්වූව මේකේ ඇතුලේ වෙන්නේ මේකයි, ඒ ඇරෙන්න වෙන ගන්න දෙයක් නැහැය කියල! තව කියල දුන්න මේ සිද්ධි මාලාවේ පැවැත්ම හටගත්තේ කවදා කොහෙදිද කියල පෙනෙන්නේ නැතිය, ඒත් මේ පැවැත්ම මහා දුක් කන්දරාවක් මේ වෙනකොට උරුම කරලා දීල තියනවය, තව ගියත් ඔච්චරමය, ඒ හන්ද පුළුවන් ඉක්මනින් මේ පැවැත්ම කඩල බිඳලා දාල නිදහස් වෙන්නය කියල!! ඉතින් අප්පොච්චියේ... service manual එකත් තියනවනම්, මොනවද කොරන්න බැරි?? තමන්ට, තම තමන්ගේ ඒවායේ upset හදාගන්න එක නොවැ තියෙන්නේ... හැමෝම technicians ල නෙවෙයි කියල අඩුවක් වෙනේ නැහැ! කියල දුන්නම කරන්න පුළුවන් නේ නේද? ඇත්තටම මේ වැඩපිළිවෙල මෙතන ඉඳල දිගටම කරගන යන්නයි ඕනේ! අර ලී කෑලි දෙකක්, ගල් කෑලි දෙකක් අතුල්ලලා ගිනි අවුළුවන කතන්දරේ... මතක නේ... අන්න ඒ විදියට තමන්ට මේ කරුණු පරිපූර්ණ වශයෙන් අවබෝධය ඇතිවෙනකම් touch එකේ ඉන්න ඕනේ!! දන්නවනේ අතීතයේ පැවිදි උදවියට මේකට full time engage වෙන්න ඉඩ ලැබුන! දැනුත් පැවිදි අයට නම් එහෙම පුළුවන්. ඒත් අපි? අපි ඉඩ කඩ ලැබෙන හැම වෙලාවේම ධර්ම කරුණු මෙනෙහි කරනවා! තමන්ගේ හැකියාව අනුව, දවල්කාලයේ හරි, රෑකාලයේ හරි, පැය එකහමාරක් දෙකක් වෙන්කරගන්නවා! එතකොට හරි. හැබැයි දින චරියාවේ කොටසක් හැටියට, එකම වෙලාවක, පුරුද්දක් හැටියට!! මම හිතන්නේ හුඟ දෙනෙකුට practical වෙන්නේ රෑ කාලය තමයි. එතකොට බාහිර පරිසරයේ ගැටීම්, සද්ද බද්ද හුඟක් අඩුයි නේ. මේ වෙනකම් පිළිවෙලකට වැඩේට බැහැපු නැති අය මේදැන් වත් බැස්සනම් තමයි හරි!! ධර්ම කරුණු වත් දන්නේ නෑ, මතක නෑ නම්, තමන් වෙන්කරගන්න කාල සීමාවේදී ඉස්සෙල්ලම ඒවා කියවල, ලියාගෙන, පාඩම් කරගෙන පටන්ගන්න. කිසි upset එකක් නැතුව ධර්ම කරුණු සිහිකරන්න හැකියාව ඇතිවේගන එනකොට, මේ විදියට ඒවා තමන්ට ගලප ගලපා බලන්න, කල්පණා කරන්න පටන් ගන්න. පටන් ගන්න හොඳම තැන මොකද්ද? අපි දකිනවනම් දකින්නේ ඇහෙන්, අහනවනම් අහන්නේ ඇහෙන්, රසවිඳිනවානම් දිවෙන්... ඒත් ඔය සේරම ක්‍රියාත්මක වෙන්නේ මනසිකාරය තිබුනොත් විතරයි බව ධර්මයෙන් දැක්ක නේ... ඉතින් බලන්න ඒක තමන්ට එහෙම නෙවෙයිද? තමන් වෙනස්ද? කියල! ඇයි නින්ද ගියාම සද්ද ඇහෙන්නේ නැත්තේ? කණ වහගන ඉන්නවත් නෙවෙයි නේ... නින්දෙන් කවුරුහරි කටේ මොනවා හරි ගාල ගිහින් කියමු, රස දැනෙන්නේ නැගිට්ටුනාම නේ... ඇයි ඒ? ඒ අර මනසිකාරයේ ක්‍රියාකාරීත්වය තමයි! නිදි වෙලාවට උවමනාවෙන් ආයතන මනසිකාර කිරීමක් සිදුවෙන්නේ නැහැනේ... ඊළඟට ඔය ඇස්වලින් දකින, කන් වලින් අහන දේවල් අනුව සැප දුක ඇතිවෙද්දී, ඒක චුට්ටකට අමතක කරලා වෙනදෙයක් ගැන හිතන්න පුරුදුවෙලා බලන්න. එහෙම කරනකොට අර දකින, අහන දේවල් අනුව දැනිච්ච විඳීම්, හඳුනාගැනීම් සේරම වෙනස්වෙලා යන හැටි බලන්න. හිතට එන ඕනෙම හැඟීමකදීත්, සතුටක්/දුකක්, බයක්/සැකක් නැත්නම් තැතිගැනීමක් වගේ ඕනෙම දෙයකදිත්, අරමුණ වෙනස් කලගමන් දැනිච්ච සියල්ල වෙනස්වෙලා යනහැටි බලන්න! ඔන්න ඔය විදියට පුහුණු කරනකොට ටිකෙන් ටික මේකේ ඇත්ත දකින්න, අවබෝධවෙන්න පටන්ගන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේකනේද කියල ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. ඔයවිදියට ටිකෙන් ටික මේ කයත් එක්ක තිබිච්ච බැඳීම හිතින් ඈත්වෙනකන්ම මේක practice කරන්න. එතකොට තේරෙයි රසට කනවා කියල කරලා තියෙන්නෙත් බොරුවැඩක්! නාමරූප ටිකක් තව නාමරූප ටිකක් ගිලල! විතරයි. ලස්සනට ඇන්ද කියන්නෙත් නාමරූප ටිකක් තව නාමරූප ටිකක් ඔතාගෙන! එච්චරයි. තව කෙනෙකුට ආදරෙන් හිටිය, ඉන්නවා කියන්නෙත් තව නාමරූප ටිකක් ගැන හිතාගෙන ඉන්න අදහසක්! විතරයි. (එතනත් ආදරය කරන්නය කියල 'කෙනෙක්' නැහැ නේ!) ඉතින් මොකද්ද මේ කරලා තියෙන්නේ? තනිකරම පිස්සුවක් විතරනේ... මොනදේ ගැන හිතුවත් ගන්න කියල දෙයක් නැහැ නේ... දීර්ඝ කාලීනව බලද්දී මේ කිසිම දේක තේරුමක් නැහැ නේ... සේරම අනිත්‍යවෙලා යනවා! අපි ලොකුවට හිතාගෙන මහා බොරුවක් කර කර ඉන්නවා!! මෙන්න මේ තත්වය තමන්ට හොඳටම තේරෙණ ගනනට එද්දී, අවබෝධයෙන්ම කලකිරීම ඇතිවෙනවා. ඒත් මේ සත්‍ය තම තමන්ගේ හිත්වලට හොඳින්ම වැටහෙනකම් කල්පණා කරන්න තියෙන දෙයක් මිසක්, කරකර ඉන්න වැඩ ඔක්කොම අල්ලලා දාල, යුතුකම්, වගකීම් සේරමත් පැත්තකට දාල, 'අලුත් පිස්සුවක්' හදාගතයුතු කතන්දරයක් නෙවෙයි. මේ ලබපු ජීවිත කාලය, පෙරකල පින් බලෙන් ලැබුණු වාසනාවන්ත එකක්. ඒ පින නිසාමයි ධර්මයත් අහන්න, දැනගන්න ලැබුණේ... අපිට කරන්න තියෙන්නේ, මෙතන සිද්ධවේගන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න එකයි! මෙතනින් එහාට ආයේ ආයේ පැවැත්මක් ඕනේ නැහැ, මේ හොඳටෝම ඇති!! කියන තත්වයට එන එකයි තමයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom