බුර්කාව

ncbrando

Member
Jan 31, 2014
838
115
0
:D බුර්කාව

ඉංග්‍රීසි පන්තිය
එයයි මා පළමුව ගිය
තාත්තාගේ අතේ එල්ලී
බියෙන් කකුලද අඩි තබද්දී

පළමුව විභාගයක්ලු
තෝරාගන්නේ පසුවලු
වාඩිවුණා එබැවින
ප්‍රශ්න වැලකට කුහුලින

බැලුවෙමි වටපිට එවිට
හැඳිනි මුහුණකුදු ඇතැයි සිතමින
සිනාසෙන්නට වෙර දරන
දෙනෙත් රතු වූ වුවනින

දිටිමි එවිට කෙල්ලක්
හිමි කෙසඟ සිරැරක්
මුස්ලිම් පෙනුමැති
නිරතුරැවම මදෙස බලනා

සිනාසුණෙමි සැණින මම
උපන් ලය මඬල සනහමින
දිය සිඳී උන් කඩිත්තක්
පිනි පොදින් ගිම් නිවූ විලසින


අත වැනීය ඇය මට
යන විට විභාගය අහවරව
නැවත හමුවෙමු ආයෙත්
පවසමින දෙකොපුලින් සිනාසෙමින

නමුදු නැත හමුවුණේ
ඉන් පසුව නුඹ කිසි දිනේ
දුටුවමුත් මින් මතු දිනේ
බුර්කාවමයි අප වෙන් කළේ

මාලන් විදානපතිරණ

 
Jun 24, 2014
116
7
0
අඩෝ මටත් ඔහොම කැල්ලක් සීන් උන ය හම්බුනේ නෑ බන් එක :( දුක තමයි
දැන් නම් හිතෙනවා සෙට් උනේ නැති එකත් හොදි කයලා :P
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මහත්තයා මන්;16816804 said:
අඩෝ මටත් ඔහොම කැල්ලක් සීන් උන ය හම්බුනේ නෑ බන් එක :( දුක තමයි
දැන් නම් හිතෙනවා සෙට් උනේ නැති එකත් හොදි කයලා :P
ආදරයට ජාති භේද ආගම් භේද නෑ යාළුවා