බුරුමයේ සුරැකෙන සිංහල ඉතිහාසය
Written by කරු Monday, 09 August 2010 21:35
Top Lanka News
මියන්මාරය නමින් හැදින්වෙන රට සිංහලයන් අතර වඩාත් ප‍්‍රසිද්ධ බුරුමය හැටියටයි. බෞද්ධ ශාසනික ඉතිහාසයේ බුරුමය සදහා තවත් නම් අසන්ට ලැබේ. රාමඤ්ඤ දේශය බුරුමය හදුන්වන නමකි. රාමඤ්ඤ, අමරපුර යන නිකායන් දෙකම පිහිටුවිමට මුළික වි ඇත්තේ බුරුමය බව බොහෝ බෞද්ධයෝ දනිති. චෝල ආක‍්‍රමණ සමයේ ආරක්ෂාව පතා බුරුමයට පලාගිය සිංහල භික්ෂුණ් වහන්සේලා මෙම නිකායන් දෙකෙන් එකක් පිහිටුවීමට මුල්වී යයි ඇතැම් ශාස්ත‍්‍රඥයෝ සිතති.
ආචාරීනී හේමා ගුණතිලක බුරුමයේ සුරැකෙන ශ‍්‍රී ලංකා ඉතිහාසය පිළිබද තොරතුරු විස්තර කෙරෙන පොතක් ප‍්‍රකාශයට පත්කර තිබේ. එතුමිය බුරුමයේ බගන් නගරයේ විහාරයක් නැරඹිමට ගිය වේලේ දක්නට ලැබුණු බිතු සිතුවම් සමුහයක් මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රධාන කතාවට මුල් වී තිබේ. ලංකාවේ සිංහල බෞද්ධයන්ට අනුරාධපුරය වැදගත් වෙන්නේ යම් ලෙසකටද බුරුමයේ ජනතාවට බගන් යනු එබදුම ඓතිහාසික නගරයකි. බගන් බෞද්ධ රජවරු ගොඩනැංවු විශාල වෙහෙර විහාර වලින් පිරීගිය ඓතිහාසික නුවරකි.
බගන් නුවර පැරණි විහාරස්ථානයක මහාවංශයේ සදහන් වෙන ඓතිහාසික තොරතුරු බිතුසිතුවම් ලෙසින් දක්නට ඇතැයි ආචාරිනී හේමා ගුණතිලක සදහන් කරයි. බිතුසිතුවම් කිහිපයක ඡායාරූප ද පොතේ අඩංගුකර ඇත.
බුරුමය පුරානයේ සිට ශ‍්‍රී ලංකාව සමග ඉතා සමිප සබදකම් පැවැත්වු රටකි. ලංකාව චෝලයන්ගෙන් බේරාගැනිම සදහා මහ සටනක් මෙහෙයවු විජයබාහු රජතුමා බුරුමයේ රජතුමාගෙන් ඒ සදහා ආධාර ඉල්ලා සිටියේ ය යන්න වංශකතාවන් හි සදහන් පුවතකි. බුරුමයට පලාගිය සිංහල භික්ෂුණ් වහන්සේ ලා බගන් විහාරයන් හි වැඩ වසමින් සිටි නිසා මෙබදු බිතු සිතුවම් උන්වහන්සේලාගේ අනුදැනුම ඇතිව හේ උන්වහන්සේලා විසින් හෝ කළ ඒවා වෙන්ට පුලූවන.
ආචාරීණි හේමා ගුණතිලක ගේ ග‍්‍රන්ථය ලංකාවේ වැලලූන ඉතිහාසය සොයන ගවේෂකයින්ට ඉතාම හොද අත්වැලකි. මෙම පොත ඉත්මනින්ම සිංහල භාෂාවට පරිවරත්නය වෙයි නම් එයින් ඉංග‍්‍රිසි භාෂාව නොදන්නා සිංහලයින් විශාල පිරිසකට සේවය සිදුවන බව කිවහැක.
Re-visiting SriLanka-Myanmar Historical Links
Hema Goonatilaka