බුලතාගේ සැකිල්ල සහ සමාජජාල කැසිල්ල
බුලතා යෝධයාගේ සැකිල්‍ලේ ඇත්ත කතාව
දුටුගැමුණු රජ සමයේ සිටි බුලතා යෝධයා සම්බන්ධයෙන් වූ අසත්‍ය ”පෝස්ටුවක්” මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි. රුවන්වැලිසෑය අසල කරන ලද කැණීම්වලින් හමු වූ මීටර් 28ක් දිගැති ටොන් අටක් බරැුති බුලතා යෝධයාගේ ඇටසැකිල්ල විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ සමයේ ලන්ඩන් කෞතුකාගාරයට යවා ඇති බවත් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණයකට අනුව එම ඇටසැකිල්ල ඇමෙරිකාවට ගෙන ගොස් එ්රියා 51 හි රහසිගතව ස`ගවා ගෙන තිබුණු බවත් එහි ස`දහන් වෙයි. එම ඇට සැකිල්ල මේ දිනවල මහජන ප‍්‍රදර්ශනයට විවෘත කර ඇතැයිද එම අසත්‍ය පුවතේ සඳහන් වෙයි.
මෙම අසත්‍ය තොරතුරු සහිත පෝස්ටුව ඇස ගැටෙනා දරුවෝ මෙන්ම වැඩිහිටියෝද කිසිදු වගවිභාගයකින් තොරව එය විශ්වාස කරති. සමහර වැඩිහිටියන් සිය දරුවන්ට එම පෝස්ටුව පෙන්වා බුලතා යෝධයා සම්බන්ධයෙන් තමන් අසා ඇති අනෙකුත් තොරතුරුද පවසන්නේ මහත් අභිමානයෙනි. මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට මුදා හැරීමට පෙර සමාජ ජාල ”ඇඞ්මින්වරු” ම`දක් හෝ දුරදිග සිතන්නේ නම් වඩාත් සුදුසුය.
රුවන්වැලි සෑය අසල කැණීම් මගින් ඇට සැකිල්ලක් සොයාගත්තා යැයි කරන ප‍්‍රකාශයම ”පට්ටපල් බොරුවක්” බව පුරා විද්‍යා වක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ.
”රුවන්වැලි සෑයේ ඉදිකිරීම් කළේ පවිත‍්‍රවයි. ඉදිකිරීම්වලට සහභාගි කරගත්ත හැමෝටමත් ගෙවීම් කළා. අපේ අග‍්‍ර පූජනීය ස්ථාන මුල්කරගෙන වැරදි ප‍්‍රතිරූප හැදීම නම් බොහොම වැරදියි”
මේ අසත්‍ය පුවතට තේමා වූ බුලතා යෝධයා මහියංගණයේ විසූවෙකි. ඔහුට බුලතා නාමය හිමි වූ ආකාරය සම්බන්ධයෙන්ද ජනප‍්‍රවාදයේ ස`දහන් වෙයි. බල ඇත්තා යන පාලි වචනය බි`දී යාමෙන් බලතා ලෙසත් පසුව බුලතා ලෙසත් නම සැකසුණු බව එක් ජනප‍්‍රවාදයකි. රජුට බුලත් මෙහෙවැඞීම (බුලත්විට සැපයීම* සිය රාජකාරිය කරගත් හෙයින් බුලතා ලෙස හැ`දින්වූ බව තවත් අදහසකි.
රජුට බුලත් පිළිගැන්වීමෙන් පසුව වෙනත් කටයුත්තක නිරත නොවූ නිසා බුලතාට දවසෙන් වැඩි කාලයක් විවේකයෙන් ගත කිරීමේ අවස්ථාව තිබිණි. එ් විවේකයේදී වටපිටාවේ ඇවිදින බුලතා ගල් ක`දු දෙකක් අතර වූ පහත් බිමක් හා එ් අසල වූ ෙදාළපාරක් දැක තිබේ. මේ ෙදාළ පාර හරස් කරමින් ගල් ක`දු දෙක අතර බැම්මක් බැ`ද වැවක් තැනුවේ නම් එ් ආසන්නයේ වූ ගොයම් යායම අස්වැද්දීමේ හැකියාව ඇතැයි යන අදහස ඔහුගේ සිතට නැගිණි.
සාමාන්‍ය මිනිසුන් විසිදෙනකුටවත් ගෙන යා නොහැකි තරම් පස් ප‍්‍රමාණයක් තනිවම ඔසවා ගෙන යන බුලතා ගල් ක`දු දෙක අතරේ පස් දමා පාගා වැව් කන්ද සකස් කළ බව ජනප‍්‍රවාදයේ එයි. මේ අයුරින් සැකසූ වැවේ වතුර බැහැර කිරීම ස`දහා සොරොව්ව සකස් කිරීමට සුදුසුවන්නේ වැව් කන්ද දෙකෙළවර වූ ගල් ක`දු දෙකෙන් එකක් බව තීරණය කළ බුලතා කළුගල් මෙලෙක් කරන රහස් ඖෂධයකින් එක් කළුගලක් මෙලෙක් කර වැවේ සොරොව්ව සකස් කළ බවද ජනප‍්‍රවාදයේ ස`දහන් වෙයි. මේ අයුරින් බුලතා තනියෙන් හැ¥ වැව අද අපි හ`දුන්වන්නේ සොරබොර වැව ලෙසයි. මුල් කාලයේ හරබර වැව නමින් හැ`දින්වූ වැව පසුව සරබර, සොරබර ලෙස ද හඳුන්වා ඇති අතර මේ වන විට සොරබොර වැව වී ඇත.
බුලතාගේ භාර්යාවද සාමාන්‍ය කාන්තාවන් විසිදෙනකුගේ පමණ ශක්තියක් ඇති තැනැත්තියකි. සිය ස්වාමියාට ආහාර ගෙන යාම පහසුකිරීමට, එහෙ මෙහෙ යන එන අතරේ කළු ගලින් පඩිපෙළක් බැ`ද ඇතැයිද පැවසේ.
දුටුගැමුණූ රජතුමා මහියංගණය චෛත්‍ය ඉදිකිරීම ඇරඹූ නැකතින්ම වැව ඉදිකිරීම ඇරඹූ බුලතා, මහියංගණය චෛත්‍ය ඉදිකිරීම අවසන් කළ දිනයේම වැවේ ඉදිකිරීම්ද අවසන් කළ බව කියැවේ. තම වික‍්‍රමය දෑසින් දැක ගැනීමට පැමිණෙන ලෙස බුලතා කළ ආරාධනාව අනුව සිව්රඟ සේනා සමග වැව දැකගැනීමට පැමිණි රජතුමා තනි මිනිසකුගේ වික‍්‍රමය දැක රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේ යැයි ප‍්‍රශංසා කර තිබේ. සතුට වැඩිකමට ”වැවදියන් මට. වෙහෙරගංතොට” ලෙස රජතුමා පවසා ඇතැයිද ඒ ප‍්‍රකාශයට අනුව වෙහෙරගංතොට ග‍්‍රාමයේ නම සකස් වූ බවද ජනප‍්‍රවාදයේ එයි.
බුලතා වාසය කළ කිරිපට්ටිය ගම සහිත ගම්වරයක් රජුගෙන් තෑගි ලැබූ බුලතාට පසුව රජුගේ සේනාවට එක්වීමටද හැකි වූ බව කියැවෙයි. එවැනි වැව් බැ`දි යෝධයෙක් සම්බන්ධයෙන් මෙන්ම රුවන්වැලිය වැනි බෞද්ධයාගේ ගෞරවයට පාත‍්‍ර වූ විහාරස්ථාන සම්බන්ධයෙන් වැරදි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමෙන් සිදුවන්නේ අපේ ඉතිහාසය විකෘති කිරීමකි.
බුලතා යෝධයාගේ යැයි කියමින් ප‍්‍රචාරය වන්නේ ජිනෝ ද ඩොමිනිකිස් නම් කලාකරුවෙක් සකස් කළ මිනිස් ඇට සැකිල්ලක අනුරුවකි. මෙම අනුරුව සකස්කිරීමේ කටයුතු අවසන් වී සුළු මොහොතකින් එම කලාකරුවා මියගොස් ඇත. කැලමිටා කොස්මිකා ලෙස හ`දුන්වන මෙම අනුරුව කලාකරු සිහිකිරීමක් ලෙස යුරෝපය පුරා ප‍්‍රදර්ශනය කරන්නකි. එම ඇට සැකිල්ල මිලානෝවල ප‍්‍රදර්ශනය කරන අවස්ථාවේ ගත් ජායාරූපයක් යොදාගනිමින් මෙම අසත්‍ය ප‍්‍රචාරය කෙරෙමින් පවතියි.
රන්මලී සෝමසිරි විසින් රිවිර පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.

Last edited: