බූට් තැබීම සහ බූට් කෑම
අද කාලෙ කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තියනවා කියන්නේ මහ සහගහන අපරාධයක්. කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි. කට්ට කාල අමාරුවෙන් දාගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු කෑල්ල එකපාරම බූට් එක තිබ්බම මොකද හිතෙන්නේ? එහෙම දේකට මූණ දෙන්න වුනොත් මොකද කරන්නේ?
මගේ දැනීමේ හැටියට ගොඩක් අය බූට් එක කන්නේ මෙහෙමයි..
අපේ කොල්ලො (සියල්ලන් නෙමේ) කරන්නේ මුලින්ම කෙල්ලව ශේප් කරගන්න ට්‍රයි එක දෙන එක. අන්තිමට ඕක කෙල්ලට වාතයක් වෙන තත්වයටම පත්වෙනවා. කොටින්ම කියනවා නම් කෙල්ල පස්සෙන් බල්ලෙක් වගේ නැට්ට වන වන වැඳ වැඳ යන තත්වයටම පත්වෙනවා. ඒකත් හරි ගියේ නැති වුනාම ඕකෙ ඊලඟ ලෙවල් එක තමා ගේම ඉල්ලීමේ ලෙවල් එක. මරාගෙන මැරෙන්න සූදානම් වෙන පලිගැනීමේ ලෙවල් එක. යාලුවෝ දමා තමා එක දවසක් හරි ලව් කරපු ඒ කෙල්ලව චාටර් කරන ලෙවල් එක. මඩ ගහන, නම කැත කරන, තමාගේ සහ ඇගේ ලිංගික ජීවිතය ගැන අනිත් අයට කිය කිය, ඇගේ අලුත් පෙම්වතාගේ ජීවිතයට තර්ජනය කර කර, වෙඩින් ගන්න දෙන්නේ නෑ කියල තර්ජනය කරන ලෙවල් එක. ෆොටෝ තියෙනව නම් ඒව දාල කෙල්ලගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදල ඒකෙන් මෝඩ චූන් ගන්න ලෙවල් එක. ෆේස් බුක් එකේ බූට් ස්ටේට්ස්, බූට් ෆොටෝස් දමමින් අන් අයගේ අනුකම්පාව සහ අවධානය හිඟාකන ලෙවල් එක.ඊට පස්සේ ආයෙ කවදාවත් ලව් කරන්නේ නෑ, කෑලි දාගන්නේ නෑ, දාගත්තත් සිරා කරන්නේ නෑ කියල තමා තමාටම පොරොන්දු වෙනවා.අන්තිමට මාස දෙක තුනක්, අවුරුද්දක් ගිහින් කෙල්ල අමතක වුනාම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා.අවුරුදු කිහිපයක් ගිහින් ඒ කෙල්ලව බැඳල ඒකි එක්ක පාරෙ යද්දි අර පරණ කෙල්ලව මුහුණට මුහුණ හම්බුනාම පොලව පලාගෙන යන්ඩ හිතෙනවා තමා වැඩවල හැටියට ඒ කෙල්ලගෙ මූණවත් කෙලින් බලන්න බැරි නිසා.ලමයෙක් දෙන්නෙක් හම්බෙලා තාත්තෙක් වුන දවසට අර පරණ නැට්ට වනපු සීන් මතක් වෙද්දි තමාට තමා ගැනම ලැජ්ජ හිතිල අනේ මම වගේ ගොනෙක් කියල හිතෙන තත්වයටම පත්වෙනවා.
ඕක තමයි බොහෝ අය බූට් එක කන විදිහ. මේ කට්ටිය සහ මේ තත්වයට පත්වෙන්න ඉන්න කට්ටියට (ඉදිරියේදී බූට් කන්න ඉන්න කට්ටියට) බූට් තැබීමේ අයිතිය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන එකයි මේ ලිපියේ අරමුණ.
බූට් එකක් තියන එක හෙවත් ආදර සම්බන්ධයකට නැවතීමේ තිත තියන එක ඔයතරම් වැරදි දෙයක්ද?
වැඩිවියට පැමිනුණ දින සිට නොයෙකුත් හේතු නිසා තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සම්බන්ධකම් සෑම විටම විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ, එසේ විය යුතුත් නෑ. ආකර්ශනය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඇතිවන මේ සම්බන්ධතා බිඳ වැටීම සාමාන්‍ය දෙයක්. තරුණයෙක් සහ තරුණියක් ආදර සම්බන්ධතාවක් පටන් ගත් පසු කාලය ගත වීමෙන් එකිනෙකා තේරුම් ගැනීම සිදුවනවා. මෙයට අනිවාර්යෙන් කාලය ගතවනවා. එසේ කාලය ගතවූවායින් පසුවත් කෙනෙක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකි වුවත්, තමාගේ අවශ්‍යතා, උවමනා, සහ වටිනාකම් වලට තම සහකරුවා හෝ සහකාරිය ගැලපෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සම්බන්ධතාවය පවත්වාගෙන යන දෙදෙනාගේම අයිතියක්. බොහෝ විට මේ තීරණය ගැනීම සිතා බැලීමෙන් පසුව හෝ නිරායාසයෙන් නොදැනුවත්වම සිදුවන්නේ. මුල් කාලයේ ආදරයෙන් තේරුම් ගැනීමෙන් ගෙන ගිය සම්බන්ධතාවය කල්යත්ම වෙනත් ස්වභාවයකට පත්විය හැකියි. මේ තත්වයට පත්වීමෙන් අනතුරුව තම උවමනා සහ වටිනාකම් වලට නොගැලපෙන කෙනෙක් සමඟ අනුකම්පාව නිසා හෝ සමාජය ඉදිරියේ පත්වන ලජ්ජාව නිසා හෝ දිගටම සිටීම තමාට මෙන්ම තම සහකරුවා/සහකාරියටත් කරන අසාධාරණයක් නොවේද? එසේ සිටින යුවලක් විවාහ ජීවිතයට ඇතුලත් වුනොත් එම සම්බන්ධතාවය සාර්ථක වීමට වඩා අසාර්ථක වීමට හැකියාව ඉතා වැඩි ඉඩක් තිබෙනවා නොවේද? එය විවාහයෙන් පසු තමා බිහි කරන ලමයින්ට කරන අසාධාරණයක් නොවේද?
ආදර සම්බන්ධතාවයේ යම් අවස්ථාවක තම සහකරුවාට/සහකාරියට ඇති ආදරය, ආකර්ශනය නැති වී ගොස් ඒකාකාරී, නිරස ස්වභාවයකට පත්වුනහොත් ඒ බව තම සහකරුවාට/සහකාරියට දැනුම් දී තීරණයක් ගැනීම වැඩිහිටියක් විදිහට කල යුතු වගකීමක් බවයි මගේ අදහස. තම වෙනස් කම්, නොගැලපීම් සාකච්ඡාවෙන් විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව හෝ එසේ නොමැතිව හෝ සම්බන්ධයට නැවතීමේ තිත තැබීම දෙදෙනාගේම අයිතියක්. මෙය ඉතාම පැහැදිලි, සරල කාරනයක්.
මගේ පුද්ගලික අදහස නම් සහකාරියක් විසින් ප්‍රේම සම්බන්ධයක් නැවතීමට තීරණයක් ගෙන ඒ ගැන කතා කිරීමට හෝ අකමැති නම් එයත් ඇයගේ අයිතියක් බවයි. කෙනෙක් සමග දිගටම සම්බන්ධතාවය ගෙනයාමට අකමැති වීමම ප්‍රමාණවත් විය යුතුයි ඒ සම්බන්ධය නැවතීම සඳහා. නැතුව තමාගේ තීරණයට හේතු ඉදිරිපත් කිරීම හෝ වග උත්තර බැදීම බලෙන් කරන්නට යෑම තේරුමක් නැති දෙයක් විදිහටයි මම දකින්නේ. මෙහිදී සමාජය විසින් මේ දෙස බලන විදිහ අනුමත කල නොහැකියි. උදාහරණයක් විදිහට සම්බන්ධය නැවැත්වූ තරුණිය ටික කාලයකට පසු වෙනත් පොහොසත් තරුණයෙක් හෝ වඩා කඩවසම් තරුණයෙක් සමඟ හෝ ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් සැමදෙනා ඇය දෙස බලන්නේ වපර ඇසින්. නමුත් සිදු වුනේ මම කලින් සඳහන් කල දෙය නොවේද? ඇයගේ අවශ්‍යතාව, උවමනාව, සහ වටිනාකම් වලට ගැලපෙන කෙනෙක් ඇය විසින් තෝරාගනු ලැබුවා. මම එහි කිසිම වැරැද්දක් ඇති බව සිතන්නේ නෑ. තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඇයගේ අයිතියක් පැහැදිලිවම.
ඒ අවස්ථාවේ තමා කැපකල කාලය, ශ්‍රමය, මුදල්, තම සිහින වැනිදේ තමාට අහිමි වූ නිසා ලොකු නාස්තියක් අපරාදයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව සිතා බැලීමේදී සිදුවුනේ ඉතාම හොඳ දෙයක් බව සක්සුදක් සේ පැහැදිලියි. මෙවන් අවස්ථාවල හැකිතර්ම් බුද්ධියෙන් කටයුතු කිරීමයි කල යුත්තේ. ජීවිතයට හොඳ අත්දැකීමක් කර ගැනීමයි කල යුත්තේ.මගෙ අදහස නම් අදාල තරුණයා සතුටු විය යුතුයි තරුණිය ඒ තීරණය ගැනීම ගැන. නැතහොත් විවාහයෙන් පසු තමාට සැපිරීමට නොහැකි ඇයගේ ආශාවල්, අවශ්‍යතා නිසා දෙදෙනාගේම ජීවිත මෙන්ම දරුවන්ගේ ජීවිතද අපායක් වීමට තිබුන අනාගතය අර තරුණියගේ තීරණය හේතුවෙන් වැලකී ගිය නිසා. සිදු වූයේ බූට් තැබීමක් හෝ අවමන් කිරීමක් නොව දෙදෙනා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් විසින් අනෙකා තේරුම් ගෙන වැඩිහිටියෙක් සේ ගත් තීරණයක්. ඉතින් මෙවන් අවස්ථාවක කල යුතු වන්නේ දෙදෙනාම වැඩිහිටියන් දේ හැසිරීමයි.
හදවතින් තීරණ ගැනීම කියා දෙයක් නැත. සෑම විටම ජීවිතයේ තීරණ බුද්ධිමත්ම ගැනීමට උත්සාහ කල යුතුයි. හදවතින් තීරණ ගැනීම යනු බුද්ධිය පාවිච්චි කොට තීරණ නොගෙන හැඟිම් වලට වහල් වී ගන්නා අනුවණ තීරණ හැඳින්වීමට මිනිසුන් සාදාගත් නමකි.
මෙවන් අත්දැකීම් වලින් තම ජීවිතයට පන්නරයක් ලබා ගැනීමයි කල යුත්තේ. ජීවිතයේ යාථාර්තයට මුහුණ දීමට වැඩිහිටියන් ලෙස අපි සියල්ලන් සූදානම් විය යුතුයි. ඒක කරන්න බැරි කෙනෙක් ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමට, විවාහ වීමට, දරුවන් බිහි කිරීමට සුදුසු කෙනෙක් නොවේ.
මෙවන් අවස්ථා මෙන්ම ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම මුහුණ දෙන්නට සිදුවන මිහිරි සහ අමිහිරි අත්දැකීම් තුලින් පන්නරයක් ලබාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කරගැනීමයි කල යුත්තේ. පසු කාලයේදී තමාට තමා ගැනම ලජ්ජාවන අයුරින් එවන් අවස්ථා වලදී හැසිරීම නොවේ.