අපේ තාත්තා ගේ දේපල වලට බූදල් නඩුවක් තිබුනා. දැන් නඩු කටයුතු ඉවරයි. අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලැබුනා.
Lawyer කිව්වා, ඊට පස්සේ අද්මිනිස්ත්‍රාසි පැවරුම් කර ලියන්න ඕන කියල ?
1. අද්මිනිස්ත්‍රාසි පැවරුම් කර ලියන වැඩේ, නඩුව කරපු Lawyer ම කරන්න ඕනද ? වෙන කෙනෙක්ගෙන් කරගන්න බැරිද ? ( නඩුව කරපු කෙනාගේ වැඩ පරක්කුයි ).
2. නඩුවට ඔප්පු 25, 30 වගේ තියෙනව. ඒ ඔප්පු සියල්ලම එක පාර අද්මිනිස්ත්‍රාසි පැවරුම් කාරයකින් ලියන්න පුළුවන් නේද ?
මට ඕන, මේ වැඩේ සතියක් ඇතුලත කරලා ඉවර කරගන්න
මම නම් දන්න විදිහට මෙහෙමයි, හැබැයි ඔයා මේක බූදල් නඩු කරන නීතිඥ මහත්මක්ගෙන් හරියට අහලා දැනගන්න -
ඔයාගේ තාත්තා මිය යන කොට මම හිතනවා අවසාන කැමති පත්‍රයක් තිබ්බේ නෑ කියලා. ඒ අනුව නඩුවේ දී ඔයාගේ අම්මා administrator විදිහට නම් කරලා නඩුව දාන්න ඇති. නඩුව ඉවරවෙන කොට ඔය අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ඔයාගේ අම්මට ලබාදෙනවා(සාමාන්‍යයෙන් වෙන්නේ ඔයාගේ නීතිඥ මහත්මයා ඒ ලේඛනය හදලා උසාවියට ගොනුකරලා අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය උසාවියෙන් certify කරන එක)
අද්මිනිස්ත්‍රාසි පැවරුම්(administrators conveyance) මම දන්න විදිහට නඩුවේ පෙරකලාසි දාපු නීතිඥ මහත්මයාම කරන්න ඕනේ නෑ. හැබැයි ඔය කියන විදිහට ඔප්පු 25-30 වගේ තියෙනවා නම් ඒ කියන්නේ එක්කෝ ඉඩම් ගොඩක් මේ නඩුවේ තියෙනවා කියන එක හෝ පාර්ශවකාරයන් ගොඩක් මේ නඩුවේ ඉන්නවා කියන එක. ඒවගේ නඩුවක නඩුව මුල ඉදන් කරගෙන එන නීතිඥ මහත්මයා ඔප්පු ටික කරන එක වඩාත් සුදුසුයි නැත්නම් වැරදි / මගහැරීම් වෙන්න පුළුවන්.
ඔයාගේ දෙවැනි ප්‍රශ්නය දිහා බැලුවොත් ඔව් මම දන්නා විදිහට එක පවරුමකින් ඔක්කොම දේපල පවරන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රශ්න තියෙනවා ඔය එක එක ඉඩම් තියෙන්න පුළුවන් සමහර වෙලාවට එක එක ඉඩම් රේගිස්ට්‍රර් කාර්යාලවල රෙජිස්ටර් වෙන්න එතකොට ඔය වැඩේ ගැටළු සහගත වෙනවා. අනිත් ප්‍රශ්නය තමයි එක අද්මිනිස්ත්‍රාසි පැවරුම්කාරයක ඉඩම් කිහිපයක් ඇතුලත් වුනොත් ඔයාට ඔය එක එක ඉඩම් විකිණීමේදී ගැටළු සහගත වෙන්න පුළුවන්.
මම හිතනවා ඔය නඩුව ඉවරයි කියල ඔයා කිව්වට නඩුව අවසාන කරලා නෑ කියලා මොකද ඔය අද්මිනිස්ත්‍රාසි පැවරුම් නඩුව අවසාන වෙන්න කලින් තමයි කරන්නේ.
ඔය මම කිව්වේ මම දන්නා විදිහට. මේක බූදල් නඩු කරන නීතිඥ මහත්මක්ගෙන් හරියට අහලා දැනගන්න.
අපේ තාත්තා ගේ දේපල වලට බූදල් නඩුවක් තිබුනා. දැන් නඩු කටයුතු ඉවරයි. අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලැබුනා.
Lawyer කිව්වා, ඊට පස්සේ අද්මිනිස්ත්‍රාසි පැවරුම් කර ලියන්න ඕන කියල ?
1. අද්මිනිස්ත්‍රාසි පැවරුම් කර ලියන වැඩේ, නඩුව කරපු Lawyer ම කරන්න ඕනද ? වෙන කෙනෙක්ගෙන් කරගන්න බැරිද ? ( නඩුව කරපු කෙනාගේ වැඩ පරක්කුයි ).
2. නඩුවට ඔප්පු 25, 30 වගේ තියෙනව. ඒ ඔප්පු සියල්ලම එක පාර අද්මිනිස්ත්‍රාසි පැවරුම් කාරයකින් ලියන්න පුළුවන් නේද ?
මට ඕන, මේ වැඩේ සතියක් ඇතුලත කරලා ඉවර කරගන්න
------
Post added on Mar 4, 2021 at 8:26 AM