බෙන්ස් කාර්වලින් යන යාචකයන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    බෙන්ස් කාර්වලින් යන යාචකයන්

    source ලක්බිම

    beggar.jpg


    යාචකයන් යනු ශ්‍රී ලාංකීය අපට කිසිසේත්ම නුහුරු නුපුරුදු පිරිසක් නොවේ. ඔවුහු ද අනාදිමත් කාලයක සිට අප සමාජයේ සිටිති. අප රට වෙසෙන මෙම යාචකයන් පරම්පරා ගණනක සහ විවිධ ආර්ථික හේතූන් මත එම තත්ත්වයට පත්වන්නවුන් වශයෙන් කොටස් දෙකකි. අප වැනි තුන්වන ලෝකයේ රටවල් කවරක් සලකා බැලුවද තත්ත්වය මෙසේමය. නමුත් ඇතැම් විට අපට සතුටු වන්නට පුළුවන් අවස්ථා ද තිබේ. ඒ ඉන්දියාවේ තරම් අපේ රටේ යාචකයන් නැතැයි කියාය.
    මේ අතර අපේ රටේ ආර්ථික තත්ත්වය සමග ජීවත්වන්නට ‍පොරබදන බොහෝ දෙනෙක් වැඩි මුදලක් උපයා ගැනීම සඳහා ලෝකයේ දියුණු යැයි සම්මත රටවලට යති. මේ රටවල් අතර මැදපෙරදිග, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු මෙකී නොකී බොහොමයක් තිබේ. මෙම රටවල් ආර්ථික වශයෙන් ඉතා සමෘද්ධිමත්ය. අපේ රටේ උපයනවාට වඩා දෙතුන් ගුණයක මුදලක් එම රටවල රැකියා කිරීමෙන් උපයාගත හැකිය. අනෙක ඒ බොහෝ රටවල අපට වඩා රැකියා සොයා ගැනීමට ඇති අවස්ථාවන් ද ඉහළය. කේතුමතී පුරවර වැනි මෙවැනි රටවල ප්‍රධාන නගර සෑම සැප සම්පතකින්ම ආඪ්‍ය වී ඇතැයි සිතීමේ වරදක් නැත. නමුත් මෙවැනි ධනවත් ආර්ථිකයන් තුළ පවා යාචකයන්ගේ අඩුවක් නොමැති බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉතිහාසය දෙසට හැරී බලන විට පවා පෙනෙන්නේ අද අප ලෝකයේ ධනවත් රටවල් යැයි පවසන බොහෝ ඒවායෙහි යාචකයන් දිගු කාලයක් තිස්සේ ජීවත් වන බවය. ලෝකයේ ධනවත් රටවල ඇති සෞභාග්‍යමත් නගර තුළ යාචකයන් සිටීම පිළිබඳ එක් අතකින් පුදුමයක් යැයි ද සිතේ.
    යාචකයන් පිළිබඳ කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ලෝකයේ වඩාත් ලාභදායකම රැකියාව සිඟාකෑම බවය. ලන්ඩනයේ මැන්චෙස්ටර් හි උමං දුම්රිය මාර්ගයක් තුළ දිවි ගෙවන එක් යාචකයකු සිය යාචක රැකියාව අවසාන වී නිවෙස බලා යන්නේ මර්සිඩීස් බෙන්ස් රථයකින් බැව් සොයා ගැනුණි. ලන්ඩනයේ ධනවතුන් පමණක් සිටින විම්බෙල්ඩන් හි ඔහුට නිවසක් තිබේ. සතියකට ඔහු පවුම් 10,000ක් පමණ උපයන බැව් පැවසෙයි. මෙය මහා බ්‍රිතාන්‍යයේ හැටියට වුවත් ඉහළ ආදායම් මට්ටමකි.
    ලෝකයේ සමාජ සුබසාධනය ඉතා ඉහළ මට්ටමක් පවතින, විරැකියා අනුපාතය ඉතා පහළ මට්ටමක් පවතින ඕස්ට්‍රේලියාවේ ද යාචකයෝ සිටිති. සිඟමනට නොවැටී ජීවත් වීමට යැයි පවසමින් අපේ රටේ බොහෝ දෙනකු නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට වෙර දරනුයේද මේ රටටය. සිඩ්නි නුවර සිටින එක් යාචකයකු වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් 50,000ක් (රුපියල් ලක්ෂ 60කට අධික මුදලකි) පමණ උපයන බැව් සොයාගෙන තිබේ.
    කෙසේ මුත් ලෝකයේ දියුණු රටවල් සමාජ සුබසාධන වැඩසටහන් මගින් යාචකයන් අවම කරන්නට විවිධ පියවර ගනිමින් සිටියි. යාචකයන් වෙනුවෙන් සුබසාධන මධ්‍යස්ථාන පිහිටුවා ඔවුන් ඒවායේ රඳවා තබා ගන්නට කටයුතු යොදා තිබේ. ප්‍රධාන නගරවල යාචකයන් සිටීම සිය රටේ ප්‍රතිරූපයට හානියක් යැයි ඔවුහු සිතති. ඇතැම් නගරවල යාචකයන් වෙනුවෙන් ඇති අරමුදල් සඳහා මුදල් තැන්පත් කිරීම සඳහා මහ මග කැට ද සවි කොට තිබේ. ඒවා ඬඪදඤදඥඵඵ ථඥබඥප ලෙස හඳුන්වනු ලබයි. සිංහලෙන් පැවැසුවහොත් ‘කරුණාවන්ත මානකය’ වැනි නමක් දිය හැකිය.
    එමෙන්ම බොහෝ ප්‍රසිද්ධ නගරවල යාචකයන් සිටිය ද සිඟමන් ඉල්ලීම විවිධ නීති රීති මගින් පාලනය කිරීමට කටයුතු යොදා තිබේ. කැනඩාවේ ඇතැම් නගරවල විනෝදයට සිඟමන් යදින්නන් ද දක්නට ලැබේ. ඔවුන් සිඟමන් ඉල්ලන්නේ බිර වීදුරුවක් පානය කරන්නටය. පසුගිය දශක කිහිපය තුළ මෙය විලාසිතාවක් ලෙස පැතිර තිබිණි. 1999 වර්ෂයේදී මෙවැනි ක්‍රියාවන් පනතක් මගින් තහනම් කරනු ලැබිණි.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වැසියනට උපදෙස් ලබාදී ඇත්තේ යාචකයන් හට සිඟමන් ලබා නොදෙන ලෙසය. එමෙන්ම ආක්‍රමණශීලී යාචකයන් වෙනුbeggarවෙන් ‍පොලීසිය සිය නීති දැඩිකොට තිබේ.
    එක්සත් රාජධානියේ සිඟමන් යැදීම නීති විරෝධීය. නමුත් එම නීතිය දැඩිව ක්‍රියාත්්මක වන බවක් නොපෙනේ. එසේ දැඩිව නීතිය ක්‍රියාත්මක වූයේ නම් මර්සිඩීස් බෙන්ස් රථවල ගමන් කළ හැකි යාචකයන් බිහිවන්නේ නැත. සිඟමන් යැද හසු වුවහොත් සිර දඬුවම් ආදිය ලබානොදෙන තරම්ය. කෙසේ වුවද මහජනතාව නිතර ගැවසෙන ස්ථානවල පමණක් මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ‍පොලීසිය කටයුතු කරයි. ෆින්ලන්තයේද සිඟමන් යැදීම නීති විරෝධීය.රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයන්ට ප්‍රංශයේ සිඟමන් යැදීමේ යම් නිදහසක් තිබෙන අතර නිරෝගී පෙනුමක් ඇති, වැඩ කළ හැකි කිසිවකුටත් සිඟමන් යැදීම තහනම්ය.
    ජපානයේ යාචකයන් බොහෝ අඩුය. පෘතුගාලයේ යාචකයන් බොහෝ විට දක්නට ලැබෙන්නේ කතෝලික දේවස්ථාන අසලය. එමෙන්ම විදුලි සංඥා ආලෝක පුවරු ඇති ස්ථාන, ලිස්බන් නගරයෙන් මඳක් එපිට ස්ථානවල යාචකයන් දක්නට ලැබේ. එහි සිඟමන් යැදීම නීති විරෝධී නැත. නමුත් යාචකයන් වෙනුවෙන් බොහෝ සුබසාධක ආයතන පිහිටුවා තිබේ. එමෙන්ම යාචකයන්හට යම්කිසි දීමනාවක් ද ලබාදෙයි.
    ලක්සම්බර්ග් යනු යුරෝපයේ ඇති දියුණු මෙන්ම ජනාකීර්ණ නගරවලින් එකකි. නමුත් එහි සිඟමන් යැදීම තහනම් නැත. සාමූහිකව, සංවිධානාත්මක ලෙස සිඟමන් යැදීම පමණක් නීති විරෝධීය.
    කෙසේ වුවද තුන්වන ලෝකයේ රටවල යාචකයන් අතර සිදුවන ගැටුම් වැනි හැළහැප්පීම් ලෝකයේ දියුණු නගරවල යාචකයන්ගෙන් වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. ඉන්දියාවේ උදාහරණයක් ලෙස එකම ස්ථානයක සිඟමන් යදින්නට දෙදෙනකු පැමිණිය හොත් මරාගන්නට තරම් දරුණු අයුරින් ගැටුම් ඇති කර ගනී.
    ලෝකයේ රටවල් කෙතරම් දියුණු වුවද ඒ දියුණුවේ වාසි සියලු දෙනා අතර සමසේ බෙදී නොයන බැව් ලොව වටා මෙසේ යාචකයන් සිටීමෙන් මොනවට පැහැදිලි වේ. ඔවුන්ගේ වෙනස වන්නේ ඇතැම්විට අපේ රටේ යාචකයන්ට වඩා ඔවුන් උසස් ජීවන මට්ටමකට හිමිකම්පාන නිසා විය හැකිය. නමුත් ඔවුන් ද යාචකයන්මය.

    නිරංජන් චාමින්ද කරුණාතිලක
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    මම හිතුවේ අර මහින්දගේ ආණ්ඩුවෙන් හොරා කාපු චෝගම් එකට ගෙනාපු benz ගැන news එකක් කියලා..:rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    රටවල් සංවර්දනය වුනු පලියට යාචකයන් නැහැ කියල හිතුවොත් වැරදියි. නොයෙක් හේතු නිසා යාචකයන් හැම රටකම වගේ දකින්න ලැබෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    මෙහෙ homeless කියල කියන අය ඉන්නවා. යාචකයෝ වගේ තමයි. කැනඩාවේ සමහර මුල් පදිංචිකරුවෝ (නෙටිවිස්) යාචකයන් විදියට ඉන්නවා. අනේ මන්ද උන් නම්.

    ආණ්ඩුවෙන් homeless කට්ටියට උදව් කරනවා මම හිතන්නේ. උන් හැමදාම හවස Mcdonald/ kfc වගේ හල්පාරු cheap restaurants වලින් කන්න පෝලිමේ ඉන්නවා.