බෙලිඅත්තේ දැරියක් අතුරුදහන්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බෙලිඅත්තේ දැරියක් අතුරුදහන්

===========================================================================================================================================================================
නාමල්ගේ නිල් බලකාය බෙලිඅත්තේ දැරියක් අතුරුදහන් කරයි



2010 අප්‍රේල් 01 වෙනි බ්‍රහස්පතින්දා, 14:30
nilbalakaya.jpg
බෙලිඅත්ත, මැද්දෙවත්ත, අම්බල ප්‍රදේශයේ නිල් බලකායේ කාර්යාලයක් පවත්ගෙන යමින් තිබූ නිවෙසක ගැහැනු දරුවෙකු මෙම නිල් බලකායේ සාමාජිකයින් විසින් පැහැරගෙන ගොස් ඇති අතර, මේ වනතුරුත් එම දැරිය සොයා ගැනීමට නොහැකිව ඇත. ‍මෙසේ අතුරුදහන්ව ඇත්තේ බෙලිඅත්ත, අම්බල, මැද්දවත්තේ පදිංචි ඩබ්ලිව්.පී.සුවිනීතා නමැති දැරියකි. අම්බල මහා විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇත පසුගිය මාර්තු මස 14 වැනි දින සිට අතුරුදහන්ව ඇත.


ඇයගේ නිවස එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිතවත් නිවසක් වූ අතර, ගෙහිමියන් විසින් නිල් බලකායේ කාර්යාලයක් පවත්වාගැනීමට මෙම නිවසේ ඉඩ ලබා දී ඇත. මෙම කාර්යාලයේ කටයුතු වෙනුවෙන් පැමිණි නිල් බලකායේ පිරිස් ඇයට විවිධ ආකාරයේ අනවශය විහිළු තහළු කර ඇති අතර, පසුව ගෙහිමියන් කිසිවෙකු නොමැති අවස්ථාවකදී මෙම නිල් බලකායේ සාමාජිකයින් විසින් ඇයව පසුගිය මාර්තුමස 14 වැනි දින පැහැරගන ගොස් ඇත.

ගෙහිමියන් වන ඇගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ පැමිණිල්ලක් කර ඇති අතර, පොලිසිය මේ වන විට මේ සම්බන්ධයෙන් සැකපිට තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මේ බව විට බන්ධනාගාර ගත කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ගම්වාසීහු පැවසුවේ දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ද පසුගිය කාලයේ මෙම නිවසේ නිල් බලකායේ කාර්යාලය පවත්වාගැනීම වෙනුවෙන් කටයුතු කරමින් මෙහි ආගිය අය බවයි. ඒ අතරම මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු සාධාරණ පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැනට මෙම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්වාසීන්ගේ විරෝධය මැඩපැවැත්වීමට බවත්ය. පොලිසියේ පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට සැක මතුව ඇති බවත්, ඉහළ නිලධාරීන්ගේ බලපෑමෙන් බෙලිඅත්ත ‍පොලිසිය අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ යටගසා ඇති බවත් ගම්වාසීහු චෝදනා කරති.
.

 

Similar threads