බේබදු චීවරධාරියා

TMDil

Member
May 7, 2010
113
8
0
බේබදු චීවරධාරියා

426668_300943949970777_219430344788805_809134_1472689289_n.jpg


පසුගිය 23 දා රාත්‍රී 10.30 ට පන්නිපිටිය හයිලෙවල් පාරේදී බීමත්ව කාර් රථයක් එළවාගෙන විත් රිය අනතුරක් සිදු කළ කිතලව පඤ්ඤාජීව චීවරධාරියා අනතුර සිදුවූ අවස්ථාවේදී.

පළමු සේයාරුවෙන් දැක්වෙන්නේ අනතුර සිදුකළ අනෙක් රථයයි. මැද සේයාරුවේන බේබදු පඤ්ඤාජීව අනතුරින් පසු වේදනාවෙන් සිටි අයුරු. තුන්වන සේයාරුවේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී ඔහු පානය කරමින් සිටි විස්කි බෝතලයේ ඉතුරු කොටයයි.
 

TMDil

Member
May 7, 2010
113
8
0
මේ චීවරධාරී නරියා පන්නා දමන්න කිසිවෙකු නැතිද? උගත් බුද්ධිමත් බෞද්ධ ගිහි නායකයිනි, චීවරධාරීන්ගෙන් බුද්ධාගම බේරාගනිව්..!

බුද්ධාගමට නිගාදෙන චීවරධාරීන් අල්ලාගත් පසුවත් ඔවුන් උපැවිදි කොට ශාසනයෙන් පන්නා නොදැමීම නිසා චීවරධාරීන් සහ ඔවුන් ආරක්ෂා කරන නායක කාරකාදීන් බුද්ධාගමට අද වින කටින ප්‍රධාන කණ්ඩායම වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලැබී ඇති නවතම වාර්තාව මෙසේය
...
"හෙළ උරුම චීවරධාරියා බීමත්ව රිය පදවා හමුදා භටයෙකු හප්පලා: වරද පිළිගනී" මැයෙන් පසුගිය පෙබ.19 දා ලංකා ඊ නිව්ස් පුවතින් හෙළි කළ චීවරධාරියා යළිත් බීමත්ව රිය පදවා අනතුරක් සිදුකොට තිබේ.

මොහු නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ ගෝතමී විහාරයේ නායක චීවරධාරියා වන කිතලව පඤ්ඤාජීව නමැත්තා ය. වයස අවුරුදු 58 ක් වයසැති මොහු ජාතික හෙළ උරුමයේ ප්‍රබලයෙකි.

පසුගිය 23 දා රාත්‍රී 10.30 ට පන්නිපිටිය හයිලෙවල් පාරේ ගීතාන්ජලී සැලෝන් ඉදිරිපිටදී කාර් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ හැපී අනතුරක් සිදුවිය. වාහන දෙකටම බරපතල හානි සිදුවිය. මෙම අනතුරට සම්බන්ධ කාර් රථය එළවාගෙන විත් ඇත්තේ පෙර කී චීවරධාරියා ය. මොහු එම අවස්ථාවේ සිට ඇත්තේ ද හොඳටම බීමත්වය. අනතුරින් තුවාල ලැබූ චීවරධාරියා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර එම වාර්තාවන්ගේද කිතලව පඤ්ඤාජීව බීමත්ව සිට ඇති බව තහවුරු කර තිබේ.

පසුව ලබන 01 දා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත මුදා හැර ඇත.

මොහු බීමත්ව රිය පදවා කහතුඩුවේදී හමුදා සෙබලෙකු හැප්පීම නිසා කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 26,000 ක දඩයක් සහ රුපියල් 20,000 ක වන්දියක් ද~ුවම් ලෙස නියම කෙළේ පසුගිය දෙසැම්බර් 15 වෙනිදා ය.

තම සඟ ඝණ විනයානුකූලව හදාගැනීමට නොහැකි සහ විනය විරෝධීන් උපැවිදි කොට එළවා දමා ඝාසනය ශ=ද්ධ කිරීමට නොහැකි නිකාය නායක සංඝ්‍යාවරුන් සහ හෙළ උරුම නායක සංඝ්‍යාවරුන් බුදු රජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරමින්, ජාතිවාදය වපුරමින්, දේශපාලනයේ යෙදෙමින්, මිනීමරු පාලකයන්ට ප්‍රශස්ති කියමින්, බුද්ධාගමට මේ සිදුකරගෙන යන හානිය ගැන බුද්ධිමත් උගත් සැබෑ බෞද්ධ ගිහි භවතුන් අවදි විය යුතු කාලයයි.

ගිහි බෞද්ධ නායකයන් මේ සඳහා ඉදිරිපත් නොවුන හොත් සුපේශළ ශික්ෂාගාමී සැබෑ යතිවරුන් චීවරධාරීන්ගෙන් බේරා ගත නොහැකි වනවා ඇත.