බොකෝහරාම් එකවර 2000ක් මරයි
නයිජීරියාවේ බොකෝ හරාම් සටන්කාමීන් විසින් ඊසානදිග නයිජීරියාවේ දැවැන්ත මිනිස් සංහාරයක් සිදුකර ඇතැයි වාර්තා වේ.
බාගා නගරයට එල්ල කරන ලද මෙම ප්රහාරයෙන් 2000ක් පමණ මියගොස් ඇති බව සැලකේ.
ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නයිජීරියානු පර්යේෂක ඩැනියෙල් අයර් පවසා ඇත්තේ මෙය බොකෝ හරාම් ත්රස්තවාදීන් විසින් මෙතෙක් එල්ල කළ විශාලතම ප්රහාරය බවයි.
නගරය මුළුමනින්ම අමුසොහොනක් බවට පත්ව ඇතැයිද ඔහු පවසා තිබේ. 2009දී ප්රසිද්ධ තලයට පැමිණි බොකෝ හරාම් සංවිධානය නයිජීරියාව තුළ ෂරියා නීතිය ස්ථාපිත කිරීම සඳහා සටන්වැද සිටින මූලධර්මවාදී සංවිධානයකි.
බාගා නගරය ආරක්ෂා කිරීම සඳහා ගොඩනගා තිබුණු මිලිෂියා හමුදාවේ සාමාජිකයකුවූ 38 හැවිරිදි ධිවරයෙකු වන යනායේ ග්රෙමා පවසා ඇත්තේ ඇතැමෙකු ආරක්ෂාව සඳහා කැලෑවට පලා ගිය අතර තවත් පිරිසක් නිවෙස් දොරගුළු ලා සිටි බවයි.
පලා යන ජනතාව වෙඩි තබා ඝාතනය කළ බව පවසා ඇති ඔහු සඳහන් කර ඇත්තේ මාලාම් කරාන්ටි ගම්මානය දක්වා කිලෝමීටර් 5ක් යන තුරුම මළසිරුරු වැටී තිබුණු බවයි.
එම ගම්මානයද පුළුස්සා දමා තිබූ බව ග්රෙමා හෙළි කර තිබේ.
වොෂින්ටනය පදනම් කරගනිමින් ක්රියාත්මක වන විදෙස් සබඳතා කවුන්සිලය පවසන්නේ වසර 5ක් පුරා ඇවිළ යන කැරලිකාරී තත්වය විසින් 2014 වසර තුළ පමණක් නයිජීරියානුවන් 10000කගේ ජීවිත අහිමිවී ඇති බවයි.

(+6)
. එයා විරතයි ජාති ආගම් භේද නැත්ව කතා කරන්නේ උදව් කරන්නේ..