බොදු බල සේනාවට අභියෝගය; හැකි නම් හලාල් සලක#
හලාල් සහ මුස්ලිම් සමාජයට අපහාස කිරීම නිසා කරටම මඩේ එරී සිටින බොදු බල සේනාව තවදුරටත් සිය නිර්ලජ්ජිත බව පෙන්වමින් මාධ්‍ය ප්‍රකාශයකින් අදෝනාවක් කර ඇත. එම අදෝනාවේ අඩංගු සියල්ල අපට අනවශ්‍යය. එහි සඳහන් කරුණු දෙකක් පිළිබඳව පමණක් අවධානය යොමු කරමි.
උපුටා ගැනීම
හලාල් සහතිකයන් නිකුත් කර මුදල් ලබා ගැනීමට කුරාණයේ සඳහන් කර ඇත්තේ කොතැනදැයි බොදු බල සේනා සංවිධානය ප්‍රශ්න කරයි. කොළම පැවැත්වූ මාධ්‍ය හමුවදී එම සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසවේ හලාල් ප්රශ්නය ඇති කළේ මේ රටේ හාමුදුරුවරුන් නොව ඒවා බලෙන් මිනිස්සු මත පැටෙව්වේ ජමිඉයතුල් උලමාවරු බවත්ය. උන් වහන්සේ එහිදී මෙසේද පැවසීය. ‘අපි අහන්නෙ කුරානේ කොතැන ද හලාල් සහතිකය නිකුත් කරලා මුදල් ලබාගන්න කියලා තියෙන්නේ? පුළුවන්නම් ඒක පෙන්වන්න. අපි මේ හලාල් නැති කරන තුරු සටන් කරනවා. අපි මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නත් බලාපොරොත්තුවෙනවා.
උපුටා ගැනීම අවසන්
මුස්ලිම් අපිට හලාල් සලකුණට මුදල් අය කරන්න අල්-කුර්ආනයේ මුලාශ්‍ර ඉල්ලා අභියෝග කරන්නේ හරියට බොදු බල සේනාව වැඩ කරන්නේ ත්‍රිපිටකයේ සඳහන් ආකාරයටම සේය. එම බල සේනාවේ භික්ෂුන් ආහාර ගන්නේ, වස්ත්‍ර අඳින්නේ, පාවහන් පයලන්නේ, රථ වාහන වල ගමන් බිමන් යන්නේ මෙකී නොකී සියළුම කටයුතු කරන භික්ෂු ජීවිතය ගත කරන්නේ ත්‍රිපිටකයට අනුකූලවද? යන්න මම ප්‍රශ්න කරනවා පමණක් නොව අභියෝගද කරමි.
එදා බුදුරජාණන් වහන්සේ ප්රමුඛ සංඝයා වහන්සේලා බණකට ආරාධනා ලැබු විට එයට අයකිරීමක් නොකරන ලදී. නමුත් අද එසේ නැත. ඒ ඇයි? අද පවතින්නේ මුදල් මත යැපෙන සමාජයකි. අද එසේ කළ නොහැක. එදා බුදුරජාණන් වහන්සේ බොහෝ දුර වැඩියේ පා ගමනිණි. ඒ නිසා අද භික්ෂුන් වහන්සේලා එසේ වැඩිය යුතු නැත. බොදු බල සේනාව හලාල් සලකුණ සම්බන්ධව දමන න්‍යායට අනුව නම් කුමක් කළ යුතුද?
දෙවැනි කරුණ නම් ඔවුන් හලාල් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවට කරන අභියෝගයයි. අප බොදු බල සේනාවට අභියෝග කරන්නේ හැකි නම් නීතිය ඉදිරියට හලාල් සලකුණු ප්රශ්නය ගෙනයන ලෙසයි. එමගින් සිදුවන්නේ හලාල් සලකුණට නීතිමය ප්‍රතිපාදන ලබාදීම බව මගේ අදහසයි.
මිනිසුන්ට හලාල් සලකුණ අවශ්‍යය. ව්‍යාපාරිකයන්ටද හලාල් සලකුණ අවශ්‍යය. හලාල් සලකුණ යනු ලොව පිළිගත් ආගමික ප්‍රමිතිකරණයකි. මේ බව ගැන අපේ අධිකරණය අන්ධ ලෙස ක්‍රියා නොකරනු ඇති බව අපේ අදහසයි. බොදු බල සේනාවේ කට්ටිය තමන්ට ජාතිවාදී පිස්සුව තිබෙන නිසා සිතන්නේ අනුන්ටත් එසේමය කියායි. මෙසේ අධිකරන ක්‍රියාදාමයකට ගියහොත් රටේ මෙම පිස්සුව තිබෙන්නේ තමන්ට පමණක් බව ඔවුන් තේරුම් ගනු ඇත.