බොදු බල සේනාවේ වත්මන් තත්වය...

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොදු බලයට නැවත ක්‍රියාත්මක වෙන්න වුවමනා නම්, එහෙම වෙන්න කිසිම බාදාවක් මට පෙනෙන්නේ නෑ. මොකද මේක යහපාලනය කියලනේ කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කතා කල ආණ්ඩුවක්. ඉතින් මුසල්මානු කුමන්ත්‍රණ වල අකටයුතු කම් ගැන පැහැදිලිව ඉදිරිපත් කල හැකි සාක්ෂි තියනවා නම්, ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න කිසි බාදාවක් නෑ නේ? අනික නව රජය සමඟ සාකච්චා කරලා මේ ප්‍රශ්න වලට විසඳුමක් ගන්න පියවරක් වත් ගන්න කවුරුත් එපා කියලා නෑ නේ? සාර්ථක වෙන්න හරි අසාර්තක වෙන්න හරි කිසිවක් නොකර පැත්තකට වෙලා ඉන්න එකයි ගැටලුව. එතනින් කෙනෙක් ගේ සැකය වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ නේ!

    අනික coolkasun කියනවා වගේ, කලින් තිබුනට වඩා මුසල්මානු අන්තවාදීන්ට නිදහසක් දැන් ලැබුනා නම්, කලින් තිබුනටත් වඩා ක්‍රියාකාරී බවක් බොදු බල සේනාව දැන් පෙන්වන්න ඕනේ නේද? නමුත් රනිල් ඉන්නවා කියලා, මහින්ද නෑ කියලා, සුදුසු වටපිටාවක් නෑ කියලා උදාසීනව සිටීම ජාතිය ගොඩනංවන ජාතික සංවිධානයක පිළිවෙල නෙවේ නේද? එතකොට මහින්ද නැතිව ජාතිය ගොඩනගන්න විදිහක් නැති බවක් ද කියන්නේ?

    අනික, බොදු බල සේනාව හොයන්න ඕනේ පවතින ප්‍රශ්නයකට ප්‍රයෝගික, සුදුසු විසඳුමක්. මොකද මහින්ද වත්, මෛත්‍රී වත් , වෙන කෙනෙක් වත් මේ රටේ මුස්ලිම් ජාතිකයන් කිසි දවසක ප්‍රතික්ෂේප කරලා නෑ.

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතන බොදු බල සේනාවේ ක්‍රියාකාරී සාමාජිකයෝ ඇති. වාහන දීපු අයත් ඇති.
    ඒ අයට පුළුවන් මොකද්ද දැන් තත්වය, මොකද්ද දැන් සිද්ද වෙන්නේ කියලා කියන්න. :)

    ඒ අය කතා කරනවා නම්, තමන්ගේ අදහස දානවා නම් තමා හොඳ... :yes: :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොදුබල සේනා , සිංහල රාවය වැනි සංවිධාන වල මූලික ප්‍රතිපත්තිය ජාතිකවාදය , පසුගිය ආණ්ඩු සමයේ මොවුන්ගේ මතවාදය ගොඩක් ඉස්සරහට ආවා , ඒ වගේම ආණ්ඩුවට කෙලින්ම යටපත් නොහැකි වූ දේ මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හරහා එළියට ඒමට ඉඩ දුන්නා. එවකට ආණ්ඩුවේ මුස්ලිම් අන්තවාදීන් හිටියත් ඔවුන් යම්තාක් දුරකට යටපත් වෙලයි තිබ්බේ. නමුත් ආණ්ඩුව ගෙන යාමට මුස්ලිම් වරුත් අවශ්‍ය නිසා ඔවුන්ට යම් යම් පඩුරු පාක්කුඩම් දෙන්න රජය කටයුතු කලා.

    බොදුබල සේනාව මහින්දට සහයෝගය දුන්නේ එවෙලේ සිරිසේන මහතා වටා එක්වූ පිරිස් වලින් ජාතිකවාදය ඉස්සරහට ගෙනයාමට නොහැකි බව තේරුනු නිසයි.ඒ බව මේ වන විටත් තහවුරු වී අවසන්. උතුරේ බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන රනිල් , අද දකුණේ සිංහල ජාතිකවාදය යටපත් කරන්න පත්තර වලට පවා තර්ජනය කරමින් සිටිනවා. මෙවන් වට පිටාවක් තුල කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ කියලා ගැටලුවක් තියෙනවා

    බොබසේ මහින්දට සප් එක දෙනවා කියලා කිවුවෙ මෛත්‍රී පනින්නත් කලිං බං :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොදු බලයට නැවත ක්‍රියාත්මක වෙන්න වුවමනා නම්, එහෙම වෙන්න කිසිම බාදාවක් මට පෙනෙන්නේ නෑ. මොකද මේක යහපාලනය කියලනේ කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කතා කල ආණ්ඩුවක්. ඉතින් මුසල්මානු කුමන්ත්‍රණ වල අකටයුතු කම් ගැන පැහැදිලිව ඉදිරිපත් කල හැකි සාක්ෂි තියනවා නම්, ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න කිසි බාදාවක් නෑ නේ? අනික නව රජය සමඟ සාකච්චා කරලා මේ ප්‍රශ්න වලට විසඳුමක් ගන්න පියවරක් වත් ගන්න කවුරුත් එපා කියලා නෑ නේ? සාර්ථක වෙන්න හරි අසාර්තක වෙන්න හරි කිසිවක් නොකර පැත්තකට වෙලා ඉන්න එකයි ගැටලුව. එතනින් කෙනෙක් ගේ සැකය වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ නේ!

    අනික coolkasun කියනවා වගේ, කලින් තිබුනට වඩා මුසල්මානු අන්තවාදීන්ට නිදහසක් දැන් ලැබුනා නම්, කලින් තිබුනටත් වඩා ක්‍රියාකාරී බවක් බොදු බල සේනාව දැන් පෙන්වන්න ඕනේ නේද? නමුත් රනිල් ඉන්නවා කියලා, මහින්ද නෑ කියලා, සුදුසු වටපිටාවක් නෑ කියලා උදාසීනව සිටීම ජාතිය ගොඩනංවන ජාතික සංවිධානයක පිළිවෙල නෙවේ නේද? එතකොට මහින්ද නැතිව ජාතිය ගොඩනගන්න විදිහක් නැති බවක් ද කියන්නේ?

    අනික, බොදු බල සේනාව හොයන්න ඕනේ පවතින ප්‍රශ්නයකට ප්‍රයෝගික, සුදුසු විසඳුමක්. මොකද මහින්ද වත්, මෛත්‍රී වත් , වෙන කෙනෙක් වත් මේ රටේ මුස්ලිම් ජාතිකයන් කිසි දවසක ප්‍රතික්ෂේප කරලා නෑ.

    මේක යහපාලනයනම් චන්ද්‍රිකා බොදුබල සේනාවට බලුසේනාව කියලා තර්ජනය කරන්නෑනේ , රනිල් සිංහල පත්තරවලට තර්ජනය කරන්නෑනේ. සිංහල රාවයට කූරගලට එන්න එපා කියලා උසාවි නියෝග ගන්නෑනේ. මෙහෙම වට පිටාවක ක්‍රියාත්මක වෙන්න අමාරුයි ජාතික සංවිධාන වලට , තියෙන්නේ හඬ අවධි කරන එක විතරයි. මුස්ලිම් අන්ත්වාදීන් පාර්ලිමේන්තුවටත් උඩින් තියෙන විධායක සභාවට ලැගලා , ඒකේ දෙමළ බෙදුම්වාදීනුත් ඉන්නවා ඉතින් කොහෙද ආණ්ඩු ක්‍රියාත්මක වෙන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක යහපාලනයනම් චන්ද්‍රිකා බොදුබල සේනාවට බලුසේනාව කියලා තර්ජනය කරන්නෑනේ , රනිල් සිංහල පත්තරවලට තර්ජනය කරන්නෑනේ. සිංහල රාවයට කූරගලට එන්න එපා කියලා උසාවි නියෝග ගන්නෑනේ. මෙහෙම වට පිටාවක ක්‍රියාත්මක වෙන්න අමාරුයි ජාතික සංවිධාන වලට , තියෙන්නේ හඬ අවධි කරන එක විතරයි. මුස්ලිම් අන්ත්වාදීන් පාර්ලිමේන්තුවටත් උඩින් තියෙන විධායක සභාවට ලැගලා , ඒකේ දෙමළ බෙදුම්වාදීනුත් ඉන්නවා ඉතින් කොහෙද ආණ්ඩු ක්‍රියාත්මක වෙන්නේ?

    ඉතින් බං උඹ ඔය කියන විදිහේ තත්වයක් තියනවනම් නේ බෝ.බ.සේ වගේ සංවිධානයක අවශ්‍යතාව වැඩිපුරම තියෙන්නේ :lol: කලින් ජාතිකවාදී ෂෝයි ආණ්ඩුව තියනවට වඩා අභියෝගයක් තියෙන්නේ මේ බෙදුම්වාදී ආණ්ඩුවෙන් නේ?:rofl:

    එක්කෝ කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳයි නැත්තම් බො.බ.සේ අභියෝග වලට බයයි :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් බං උඹ ඔය කියන විදිහේ තත්වයක් තියනවනම් නේ බෝ.බ.සේ වගේ සංවිධානයක අවශ්‍යතාව වැඩිපුරම තියෙන්නේ :lol: කලින් ජාතිකවාදී ෂෝයි ආණ්ඩුව තියනවට වඩා අභියෝගයක් තියෙන්නේ මේ බෙදුම්වාදී ආණ්ඩුවෙන් නේ?:rofl:

    එක්කෝ කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳයි නැත්තම් බො.බ.සේ අභියෝග වලට බයයි :lol:

    :rofl:

    පඩි නැතුව වැඩ කරනන ඔයා කැමතිද]:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතින් බං උඹ ඔය කියන විදිහේ තත්වයක් තියනවනම් නේ බෝ.බ.සේ වගේ සංවිධානයක අවශ්‍යතාව වැඩිපුරම තියෙන්නේ :lol: කලින් ජාතිකවාදී ෂෝයි ආණ්ඩුව තියනවට වඩා අභියෝගයක් තියෙන්නේ මේ බෙදුම්වාදී ආණ්ඩුවෙන් නේ?:rofl:

    එක්කෝ කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හොඳයි නැත්තම් බො.බ.සේ අභියෝග වලට බයයි :lol:

    මම කිව්වේ ක්‍රියාත්මක වීමේ ගැටළු තියෙන්වා කියලා මිසක් , අභියෝග නෑ කියලා නෙමේනේ. බොදුබල සේනාව මේ ටිකේ මාධ්‍ය සාඛච්ඡා තියෙනවා දැක්කා , ඒවට අදාල දේවල් එයාලගේ වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්. සියලු ජාතික සංවිධාන එක්කාසු වෙලා මුලින්ම කූරගලට යන්න තමයි හිතාගෙන ඉන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    oya okkotama kahilla hadenne sinhalayaa gana mokek hari kataha karoth vitharayi ban:(:(

    http://www.elakiri.com/forum/showthread.php?p=17963825&posted=1

    mewaa nodakkaa wage innaawa oya yahapalana sonnalu
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කිව්වේ ක්‍රියාත්මක වීමේ ගැටළු තියෙන්වා කියලා මිසක් , අභියෝග නෑ කියලා නෙමේනේ. බොදුබල සේනාව මේ ටිකේ මාධ්‍ය සාඛච්ඡා තියෙනවා දැක්කා , ඒවට අදාල දේවල් එයාලගේ වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්. සියලු ජාතික සංවිධාන එක්කාසු වෙලා මුලින්ම කූරගලට යන්න තමයි හිතාගෙන ඉන්නේ

    ඔව් ඔයා කිව්වේ අභියෝග වැඩි කියල දැන් ඒක තමයි මමත් අහන්නේ කෝ ඒවාට එරෙහි ක්‍රියාමාර්ග?

    ඉතින් ගැටළු වලට මූන දෙන්නනේ සේනාවක් හදාගත්තේ? කෝ කලින් තිබුන ක්‍රියාකාරීත්වය? අභියෝග වැඩිනම් ක්‍රියාකාරීත්වයත් වැඩි වෙන්න ඕනේ නේද?

    ඉතින් කූරගල ඔය කියන තරම් තත්වේ දරුණුයි නම් හිත හිත ඉඳල හරියනවද? කෝ ඉස්සරත් ඔයිට වඩා කූරගල ගැන කතා කරානේ? ඇයි දැන් පසුබාල?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    BBS එක කරන්නේ තව්හිඩ් ජාමත් (සවුදියේ සල්ලි වලින් යැපෙන සම්ප්‍රදායික මුස්ලිම් අය යටකරගෙන උඩට එන්න හදන කොටස) එකට කියල වත් කරගන්න බැරි වැඩක්. මොකද කුරගල ඉන්නේ මේ තව්හිඩ් ජාමත් කියන කොටස ජන්ම හතුරෝ ලෙස සලකන සුෆි කියන සුළු සම්ප්‍රදායික මුස්ලිම් කොටසයි. තව්හිඩ් ජාමත් එකටත් කොහොම හරි ඕන ඔය සුෆි කොටස නැති කරලා දාන්නයි.

    මේ ගැන පැහැදිලි අදහසක් ගන්න වැද්දාගේ විග්‍රහය කියවන්න. ගාල කඩාගත්ත හරක් වගේ හැසිරිලා මේ ප්‍රශ්න විසඳන්න ගියොත් අන්තිමට වෙන්නේ උන්ට ඕන වැඩේ අපෙන්ම කරගන්න එකයි..BBS කියන්නේ තනිකරම දේශපාලන ව්‍යාපාරයක්.

    ජාතික ව්‍යාපාරක් කරන්නේ රට ස්ථාවර තත්වයකට ගෙන ගමන් රටේ ප්‍රශ්න විසඳන්න බලන එක, BBS කරන්නේ රට අස්ථාවර කරලා තියෙන ප්‍රශ්න තව වැඩි කරන එක..මේක සමහරු ඇත්තටම රට ජාතිය වෙනුවෙන් කැක්කුමක් තියෙන කට්ටිය වෙන්න පුළුවන්, එත් ඔලුව නරක් වුනාම කඳ කොච්චර හොඳ උනත් වැඩක් නැ..

    11001703_862976340410613_5968581529017906835_o.jpg

    මේ දිනවල නැවතත් අවධානයට යොමුවී ඇති කුරගල කන්දේ සරළ කතාව ඔබ සියල්ලන්ම දන්නවා ඇත.

    කුරගල සහ ඒ අවට ක්‍රි.පූ. 2වන සියවසට දිවෙන සංඝාවාස වල නටබුන් රැසක් ඇත. අතීතයේ 'තණ්ඩුලෙයිය පබ්බත' නම්වූ බෞද්ධ ආශ්‍රමය මෙය යයි විශ්වාස කෙරේ. මතකයෙන් වැළලී වල්බිහිවී ගිය මේ භූමිය නැවත නූතන අවධානයට පැමිණෙන්නේ 1875දී, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි වූ සූෆී මුස්ලිම් පිරිසක් මෙම ස්ථානය මුල්කරගෙන උත්සවයක් පැවැත්වීම ඇරඹු නිසාය. සූෆී මුස්ලිම්වරුන් ගේ සම්ප්‍රදායට අනුව පූජනීය ස්ථානයක් වූ ශ්‍රී පාද අඩවියට දකුණේ සිට යන චාරිකා මාර්ගයේ පිහිටි කුරගල, ක්‍රි.ව. 5 වන සියවසේ සිට සුෆි ශාන්තුවරයන් භාවනා කළ භූමියක් ලෙස ප්‍රසිද්ධ වන්නේ එතැන් සිටය. එම ශාන්තුවරයන්ගෙන් මුල්තැන් ගන්නා අබ්දුල්කදීර් ඝිලානි සැමරීමට තණ්ඩුලෙයිය පබ්බත භූමිය සූෆිවරු අද ද හඳුන්වන්නේ 'ජෛලානි' ලෙසයි.

    නූතන විසංවාදයේ මූලය මෙයයි.

    - - -

    ඉදිරියට යෑමට පෙර, ලංකාවේ විවිධ මුස්ලිම් කොට්ඨාශ ගැන යමක් පැහැදිලි කිරීම අවශ්‍ය වේ. ලංකාවේ බහුතර මුස්ලිම් පිරිස සුන්නි මුස්ලිම්වරුය. සුළුතරයක් ලෙස ෂියා සහ සූෆී වැනි පිරිස් සිටිති.

    ලංකාවේ අති-සුළුතර මුස්ලිම් පිරිසක් වන සූෆීවරු, මූලධර්මවාදී මුස්ලිම් ප්‍රජාවට වඩා වෙනස් ගතිපැවතුම් ඇත්තෝ වෙති. ආවේණික දාර්ශනික න්‍යායන් මෙන්ම මානසික ඒකාග්‍රතාව දියුණු කරන භාවනා ක්‍රම ද ඔවුහු භාවිතා කරති. අල්පේච්ඡතාවය ප්‍රිය කරති. ශ්‍රීපාද අඩවිය පූජනීයත්වයෙන් සලකන එකම ලාංකික මුස්ලිම් පිරිසද ඔවුහු වෙති.

    1920 පමණ සිට ලොව වටා ක්‍රමයෙන් හිස එසවූ නූතන මුස්ලිම් ප්‍රතිසංස්කරණවාදය වැඩියෙන්ම බලපෑවේ බහුතර සුන්නි මුස්ලිම්වරුන්ටය. එසේම මූලධර්මවාදී වහාබ්බි (ඔවුන්ගේ හැඳින්වීමට අනුව සලාෆි) ආභාෂයන්ට වැඩියෙන්ම ගෝචර වූයේ මේ ප්‍රජාව ය. අරාබි ආභාෂයට, රටාවට අනුව ලංකාවේ අලුතෙන් හැදෙන ගොඩනැගිලි, ගම්මාන යනාදිය සඳහා අන්තරජාතික මුස්ලිම් සහෝදරත්ව ආධාර මුදල් සියල්ලම වගේ ලැබෙන්නේ මෙම සුන්නි ප්‍රජාව සහ එයට ආභාශයක් වන වහබ්බි/සලාෆි පිරිස් වලටය.

    ලංකාවේ ප්‍රතිසංස්කරණවාදී/මූලධර්මවාදී මුස්ලිම් මුහුණුවරට සංවිධාන රැසක් ඇත:

    නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානවල, සුදු ලෝගු වලින් සැරසී රැවුල් වවාගෙන ගෙයින් ගෙට යමින් මුස්ලිම් පවුල් යාඥා වලට යොමු කරන කණ්ඩායම් සුලභ දසුනකි. මේ "තබ්ලීඝි ජමාත්" සංවිධානයයි. ඊට වඩා ඉහල සමාජ-ආර්ථික මට්ටමක පිරිස් සඳහා, ගැඹුරෙන් කුරාණය සහ හාඩිත් කියවීමට සති අන්ත පන්ති/මද්‍රසා පවත්වන "ජමාත්ති ඉස්ලාමී" පිරිස්ද වෙති. විදේශීය ආධාර වැඩියෙන්ම ලැබෙන, ස්වාධීන පල්ලි සහ ජුම්මා පවත්වා කෙමෙන් ශක්තිමත් වූ "තව්හීඩ් ජමාත්" සංවිධානයද තව එකකි. අද දින බේරුවල ප්‍රදේශයේ සම්පූර්ණ මුස්ලිම් බලය ඇත්තේ මෙම "තව්හීඩ්" පිරිස් වලටය. සමස්ත ලංකා ජමියාතුල් උලමා (ACJU) සංවිධානයට මෙහයවීම දෙන්නේද "තව්හීඩ්" පිරිස් විසිනි.

    මූලධර්මවාදී මුස්ලිම්වරුන්ගේ විශ්වාසයන්ට අනුව, ශාන්තුවරයන් සහ පූජා භූමි වන්දනාව හරාම් ය; නවත්වාදැමිය යුතු දෙයකි. නැගෙනහිර සිදුවූ බෞද්ධ නටබුන් ආක්‍රමණය මෙහි එක් පැතිකඩකි.

    සිංහල බෞද්ධයා නුදුටු අනෙක් පැතිකඩ නම්, සාම්ප්‍රදායිකව පූජාභූමි සහ ශාන්තුවර වන්දනාව සිදුකළ සූෆී මුස්ලිම් පිරිස්වලට මූලධර්මවාදී මුස්ලිම් පිරිස් විසින් එල්ලකළ තාඩන-පීඩන ගණනාවයි. ලංකාවේ ව්හබි/තව්හීඩ් මුස්ලිම් ශක්තිය වැඩිවත්ම, සූෆී මුස්ලිම්වරුන්ට ඇතිවූ තාඩන පීඩන උත්සන්න විය. නමුත් ලංකාවේ සිංහල ද්‍රවිඩ බහුතරය මේ ගැන කිසිවක් නොදනී.

    1980 ගණන් වල සිට කාතන්කුඩි ප්‍රදේශයේ සූෆීවරුන්ට විවිධ ප්‍රහාර එල්ලවිය. 2004දි සලාෆි පිරිසක් එල්ලකළ ප්‍රහාරයකින් කාතාන්කුඩියේ සූෆී ස්මාරක සහ පූජාභූමි රැසක් විනාශ විය. 2006 දී සූෆී පූජකයෙක්ගේ සොහොනට කඩාවැදුණු කාතන්කුඩි තව්හීඩ් පිරිසක් ඔහුගේ මළසිරුර හාරා ගොඩගෙන ප්‍රසිද්ධියේ පුළුස්සාදැමීමට තරම් සාහසික විය. 2009 වන විට තව්හීඩ් ප්‍රජාවේ බලය වැඩි වීම නිසා බේරුවල ප්‍රදේශයටද මේ අන්තවාදය දැඩි සේ පැතිරුණි. බේරුවල සූෆී පූජාභූමියක් විනාශ කිරීමට පිරිස් උසිගැන්වීමේදී තව්හීඩ් පූජකයන් එම පූජාභූමිය සමාන කළේ බෞද්ධ විහාරයකටයය.

    = = =

    සිංහල වේවා මුස්ලිම් වේවා, අදාළ කිසිවෙක් ප්‍රසිද්ධියේ කීමට අකමැති, හෝ නොදන්නා, කුරගල කථාවේ යටි-රහස තේරුම්ගැනීමට ඉහත විස්තරය ප්‍රමාණවත් බව අප විශ්වාස කරමු. තවමත් නොතේරෙන්නන්ට තේරුම් ගැනීමට, මෙයින් ව්‍යුත්පන්න වන කාරණා ටික සාරාංශ වශයෙන් පහත දක්වා ඇත.

    (1) තව්හීඩ් ජමාත් සංවිධානයේ ඉල්ලීම යටතේ පලස්තීනයට ඩොලර් මිලියනයක ආධාරයක් දුන් අවස්ථාවේ ගොලුවී සිටි බොදුබල සේනාව සහ රාවණා බලය, මහා හයියෙන් සද්ද දමා පෙළපාලියෙන් ගොස් කුරගල 'බේරාගත්තේ' ඇයි යයි ඔබට වැටහෙනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොවේ: ලංකවේ බහුතර මුස්ලිම් පිරිසට හා තවුහීඩ් ජමාත්/ජමියාතුල් උලමා වැනි විශාල සංවිධාන වලට සූෆිවරුන්ගේ ජෛලානි හෙවත් කුරගල සුෆි ස්මාරක විනාශවීම ගැන කිසිදු ප්‍රශ්නයක් නොමැති බව මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ සේවක ඥානසාර ද හොඳින් දැන සිටි නිසාය.

    එනම්, මුස්ලිම් ඡන්ද පදනමට සැලකියයුතු හානියක් සිදුනොකොට, සිංහල ඡන්ද වැඩිකර ගැනීමට කුරගල මගඟු සම්පතක් විය.

    (2) නැගෙනහිර වහබ්බි/සලාෆි ග්‍රහණයට කොටුවී ඇති මුහුදුමහා විහාර භූමි ආක්‍රමණයට වඩා අවධානයක් කුරගලට යලි-යලිත් ලැබෙන්නේ ඇයි දැයි ඔබට තේරෙනු ඇත. රාවණා බලය කුරගල දාන සෙල්ලං නැගෙනහිර දාන්නට ගියහොත් ඇවිස්සෙන්නේ සූෆීවරුන් නොව තව්හීඩ්වරුන්ය. මුළුමහත් මුස්ලිම් ප්‍රජාවමය. නැවතත් කුරගල මාතෘකාවක් වීගෙන එන්නේ ඒ නිසාය.

    (3) එසේම, තව්හීඩ් ජමාත් සවිධානය සහ ජමියාතුල් උලමාව, කුරගල මුස්ලිම් ස්මාරක විනාශවීම ගැන වැඩි යමක් නොකියන්නේද මේ නිසාමය. ඇත්තෙන්ම කුරගල 'බෞද්ධ ජයග්‍රහණයෙන්' වැඩිම වාසි ගණන අත්වන්නේ ඔවුන්ටය. ඒවා නම්:

    අ.) සලාෆි/තව්හීඩ් මුස්ලිම් පිරිස විසින් සූෆී මුස්ලිම් පිරිසට කිරීමට අවශ්‍ය වූ පීඩනය බෞද්ධයන්ම සිදුකරදී තිබේ.

    ආ.) මින් ලංකාවේ නිහඬ ම, සාමකාමීම යෝනක පිරිසක්වූ සූෆී පිරිසද බෞද්ධ-විරෝධී වීමට පෙළඹීම අමතර වාසියකි.

    ඇ.) ප්‍රතීක චාප වලට වහල්වී 'ලේ රත්වී' දඟලන වීර සිංහලබෞද්ධයන්ගේද මනදොල පිරවීමට මුස්ලිම් ප්‍රජාවට මේ තුලින් හැකිවී තිබේ; මන්දයත්, එම සිංහල බෞද්ධ පිරිස් මෙය දකින්නේ මුස්ලිම් ආක්‍රමනවාදයට විරුද්ධව තමන් ලද ජයග්‍රහණයක් ලෙසයි. එම 'ජයග්‍රහණයට' ඉඩදී නිහඬව සිටීම තුලින්, තමන්ට සැබෑවටම වැදගත් වන මුලධර්මවාදී වැඩපිළිවෙලවල් වැඩි සමාජ-අවධානයකින් තොරව කරගෙනයාමට ඔවුන්ට හැකි වෙති. කොටින්ම, සිංහලයන්ට ගුලියක් කවා ඇත.

    ඈ.) අවසාන වශයෙන්, බෞද්ධයන් විසින් ලංකාවේ මුස්ලිම් පිරිස් වලට කරන තාඩන පීඩන සඳහා කදිම උදාහරණයක් ලෙස, කිසිවක් නොදන්නා අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ මෙය භාවිතා කිරීමටද තව්හීඩ් පිරිස් පසුබට නොවෙති. අන්තිමට තව්හීඩ් සංවිධානයේ විදේශ ආධාර වැඩි වන්නේද සිංහල බෞද්ධයාගේ පිහිටෙනි.

    - - -

    මූලධර්මවාදී ඉස්ලාම් බලපෑම නමැති හූනා පැනයද්දී හලා ගිය නැට්ට අල්ලාගෙන දඟලන සිංහල බෞද්ධ වීරයා තාම හිතාන ඉන්නේ මේ අහු වුණේ හූනා ම කියා ය.

    කුරගල 'බේරාගත්' සැමට ආදිවාසී උත්තමාචාරය.

    -වැද්දා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතින් උඹ ඇයි අර විදිහට මට කිව්වේ? මම උඹව කොට් කරේ නෑ නේ?

    ube post eka kasuna quote karaala thiyenne :dull:
    ekatane mamath uththara dlaa thiyenne
    anith paththata hithayi kiyaala passe post eka damme:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ube post eka kasuna quote karaala thiyenne :dull:
    ekatane mamath uththara dlaa thiyenne
    anith paththata hithayi kiyaala passe post eka damme:sorry:

    ඉතින් උගේ පොස්ට් කෝට් කරාම මට අදාළ නෑනේ? අනික පොන්ස් කෑල්ල කොහෙන්ද ආවේ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක යහපාලනයනම් චන්ද්‍රිකා බොදුබල සේනාවට බලුසේනාව කියලා තර්ජනය කරන්නෑනේ , රනිල් සිංහල පත්තරවලට තර්ජනය කරන්නෑනේ. සිංහල රාවයට කූරගලට එන්න එපා කියලා උසාවි නියෝග ගන්නෑනේ.

    බොදු බල සේනාවට තහංචි මහින්ද ත් දැම්මා නේ. අර දර්ගා නගරේ ගැටුමෙන් පස්සේ මාවනැල්ලේ ද කොහෙද පවත්වන්න තිබ්බ රැස්වීම නැවැත්තුවේ. ගැටුම් ඇති කරනවා කියලා. ඒ සිද්දි වලින් පස්සේ බොදුබලය වැඩිය ක්‍රියාකාරී වුනේම නෑ නේ? බොදු බල සේනාවට කෙනෙහෙලිකම් 8 වෙනිදායින් පස්සේ පටන්ගත්ත දෙයක් නෙවේ නේ. පොලිසියත් ඉද්දි බය නැතුව ගේමට බැහැපු සංවිධානයක් නේ! ඒ නිසා ඕක පිළිගන්න පුළුවන් හේතුවක් නෙවේ.

    මෙහෙම වට පිටාවක ක්‍රියාත්මක වෙන්න අමාරුයි ජාතික සංවිධාන වලට , තියෙන්නේ හඬ අවධි කරන එක විතරයි. මුස්ලිම් අන්ත්වාදීන් පාර්ලිමේන්තුවටත් උඩින් තියෙන විධායක සභාවට ලැගලා , ඒකේ දෙමළ බෙදුම්වාදීනුත් ඉන්නවා ඉතින් කොහෙද ආණ්ඩු ක්‍රියාත්මක වෙන්නේ?

    දෙයක් නිත්‍යානුකුලව කරනවා නම්, එකේ ගැටළුවක් නෑ නේ? දර්ගා ගැටුමේදීත් ඒක බොදු බලයට කරගෙන යන්න මහින්ද දුන්නේ නෑ නේ? STF එක නවත්තුවානේ. එකයි මං පැහැදිලිව කිවුවේ, සාක්ෂි තියනවා නම් මුසල්මානු අන්තවාදයේ අකටයුතුකම් ගැන නිතිය මගින් කටයුතු කරන්න නව රජය භාදා කරලා නෑ.. එහෙම තියන ප්‍රශ්න අධිකරණය වෙත යොමු කිරීමේ බාධාවක් නෑ. මිනිස්සු දැනුවත් කරන්න එපා කියලා නෑ. වටපිටාවක් නෑ නෙවේ වටපිටාවක් තියනවා. සංවිධානය සද්දයක් නෑ...

    හැබැයි පාරේ වලිදාගෙන ගහගන්න දෙන්නේ නැතිවෙයි ඒක හරි. බොදු බලයට ඕනේ, ගැටලුවට විසඳුමක් හොයන්නේ නැතුව පාරවල් වල ගහ ගන්න නම්, ඒක හරියන එකක් නෑ..

    මුසල්මනුවන්ටත් එච්චරම තමා..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oya okkotama kahilla hadenne sinhalayaa gana mokek hari kataha karoth vitharayi ban:(:(

    http://www.elakiri.com/forum/showthread.php?p=17963825&posted=1

    mewaa nodakkaa wage innaawa oya yahapalana sonnalu

    නොදැක්කා වගේ ඉන්නවා කියලා point කලේ මට නං, මං ඕක දැක්කේවත් නෑ. ඔය බවක් මන් මේ දැන් දැක්කේ. ඔතන කිසි තර්කයක් නෑ සුජීව සේනසිංහ සම්පුර්ණයෙන්ම වැරදියි. මම ගන්නෙත් අර මිනිස්සුන්ගේ පැත්ත. මං මයිත්‍රිට චන්දෙ දුන්නේ මහින්දගේ පාලනේ තිබ්බ/මෙපමණක් කල් රටේ දේශපාලුවන්ගේ පැවති බලු වැඩ නැවත දකින්න බලාගෙන නෙවේ.
     
    • Like
    Reactions: gayankuwait

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    "Chandelier"

    Party girls don't get hurt
    Can't feel anything, when will I learn
    I push it down, push it down

    I'm the one "for a good time call"
    Phone's blowin' up, they're ringin' my doorbell
    I feel the love, feel the love

    1, 2, 3 1, 2, 3 drink
    1, 2, 3 1, 2, 3 drink
    1, 2, 3 1, 2, 3 drink

    Throw 'em back, till I lose count

    I'm gonna swing from the chandelier, from the chandelier
    I'm gonna live like tomorrow doesn't exist
    Like it doesn't exist
    I'm gonna fly like a bird through the night, feel my tears as they dry
    I'm gonna swing from the chandelier, from the chandelier

    But I'm holding on for dear life, won't look down won't open my eyes
    Keep my glass full until morning light, 'cause I'm just holding on for tonight
    Help me, I'm holding on for dear life, won't look down won't open my eyes
    Keep my glass full until morning light, 'cause I'm just holding on for tonight
    On for tonight

    Sun is up, I'm a mess
    Gotta get out now, gotta run from this
    Here comes the shame, here comes the shame

    1, 2, 3 1, 2, 3 drink
    1, 2, 3 1, 2, 3 drink
    1, 2, 3 1, 2, 3 drink

    Throw 'em back till I lose count

    I'm gonna swing from the chandelier, from the chandelier
    I'm gonna live like tomorrow doesn't exist
    Like it doesn't exist
    I'm gonna fly like a bird through the night, feel my tears as they dry
    I'm gonna swing from the chandelier, from the chandelier

    But I'm holding on for dear life, won't look down, won't open my eyes
    Keep my glass full until morning light, 'cause I'm just holding on for tonight
    Help me, I'm holding on for dear life, won't look down, won't open my eyes
    Keep my glass full until morning light, 'cause I'm just holding on for tonight
    On for tonight

    On for tonight
    'Cause I'm just holding on for tonight
    Oh, I'm just holding on for tonight
    On for tonight
    On for tonight
    'Cause I'm just holding on for tonight
    'Cause I'm just holding on for tonight
    Oh, I'm just holding on for tonight
    On for tonight
    On for tonight