බොදු බල සේනා තේමා ගීතය - විශාරද සුනිල් එදිර&#3

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බොදු බල සේනා තේමා ගීතය - විශාරද සුනිල් එදිර&#3


    ඝෝර මරසෙන් රැගෙන බලසෙන්
    යළිත් ඇවිඳින් පෙරහැරේ
    මාර බල බිඳි බුදු පියාණෙනි
    ඔබ දෙසූ ධර්මය අනතුරේ

    බිඳී එරන් කොත නිවී පහන් වැට
    අන්ධකාරයි සාසනේ
    කාහලනාදය නගනට කාලය
    ඇවිත් අවදිවෙමු සොයුරන‍ෙ

    තෙවලා දම්කඳ නොපිටට පද බැඳ
    මිසදිටුවන් එක කඳවුරේ
    නවයුගයේ නෙක බුදුවරු පහලව
    ගෞතම බුදුරුව කළුවරේ

    නොතකා හිටියොත් සසුනම ඉවරයි
    නැගිටිවු නගමින් හඬහැරේ
    සසුන රකින්නට බළ සේනා ගෙන
    බොදුබල සේනා පෙරහැරේ

    බුදුන් දහම් සඟ තුන් රුවනට මුළු
    දිවියම කැපලක පරපුරේ
    උතුම් සිංහ පැටවුනි දැන් නැගිටිමු
    එක්කරගෙන මුළු සනුහරේ

    ධර්ම යුද්ධයක් අරඹා පිවිතුරු
    වනසා අදමිටු අඬබෙරේ
    ඉරහද පවතින තෙක් රැකගත යුතු
    නිර්මල ධර්මය තුන්හෙලේ

    ගායනය : සුනිල් එදිරිසිංහ




    මෙතන ඔබන්න

    රිපොස්ට් නම් සමාවෙයල්ලා:sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    the_angry_lion-1440x900.jpg