බොදු බල සේනා සම්පත් අත්තටගේ උදව් ගත්තාද?

බොදු බල සේනා සම්පත් අත්තටගේ උදව් ගත්තාද?

sampat-and+Duminda.jpg
බොදු බල සේනා සංවිධානයේ කැලණිය ප්‍රදේශයේ පැවැත්වෙන සමුළුවක් දැනුවත් කිරීම සඳහා සාමන්‍යය පෙළ විද්‍යා විෂය ටියුෂන් ගුරුවරයෙකු වූ සම්පත් අත්තටගේ විසින් අනුග්‍රහය දැක්වීම මේවනවිට බොහෝ දෙනෙකුගේ කාතාබහට ලක්ව තිබේ.

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ දුමින්ද සිල්වාගේ ලඟම හිතවතෙකි.

ඔහු විසින් ලබාදුන් ලබාදුන් පසුගිය සාමන්‍යපෙළ විභාගය සඳහා ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වීම හේතුවෙන් රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීම් වලට ලක්විණි.

මෙවන් වංචනික පුද්ගලයෙකු බොදු බල සේනා සංවිධානයේ දැන්වීම සඳහා අනුග්‍රහය දැක්වීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයටත් විවේචනයටත් ලක්විය. මෙම සිදුවීමේ ඇත්ත දැන ගැනීම සඳහා එක්ස් ගොසිප් බොදු බල සේනා සංවිධානය ඇමතුවා.

එහිදී ඔවුන් විසින් අප වෙත ප්‍රකාශකොට සිටියේ සම්පත් අත්තටගේ යන පුද්ගලයා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව සමාජයේ නැවතත් පෙනී සිටීම උදෙසා ඔහුගේ වියදමින් ඔහුම පෝස්ටරයක් නිර්මාණය කොට ඔහුම අලවා ඇති බවකි.

බොදු බල සේනා සංවිධානය විසින් ප්‍රසිද්ධ කරනු ලබනු දැන්වීම් සඳහා යොදා ගනු ලබන වර්ණ හා හැඩතලයන් වෙනමම ඇති බවත් ඒවා නිර්මාණය කරන්නේ හා මුද්‍රණය කරන්නේ බොදු බල සංවිධානය විසින් පමණක් බවද ඔවුන් අප වෙත අවධාරණය කොට සිටියා.

ඔවුන්ගේ සංවිධානයේ නම යොදාගනිමින් සම්පත් අත්තටගේ සිදු කල මෙම ක්‍රියාවට එරෙහිවද ඉදිරියේ පියවර ගන්න බව ඔවුන් වැඩිදුරටත් අප වෙත ප්‍රකාශකොට සිටියා.
ආන්දෝලනයට ලක්වූ එම පෝස්ටරය

aththatageposter.JPG

 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මාකටින් කියන්නෙ ඕකට තමයි බන් දන්නෙ නැත්නම් ඉගෙනගනින්:rofl:
 

Similar threads