පෙළපාළි නෑ උද්ඝෝෂණ නෑ දේශපාලනය එපා - බොදු බල සේනාවෙන් ප්‍රතිඥා
February 26, 2014 2:04 am
ජේ. ටී. ද සිල්වා|Maubima
* බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පක්‍ෂ දේශපාලනයට යෑම නොකළ යුතුයි.
* මින් ඉදිරියට බොදු බල සේනාව පෙළපාළි,
උද්ඝෝෂණ කරන්නේ නැහැ.
* අපි බුදුරදුන්ගේ කාලයටත් වඩා එහාට ගොස් තලේබාන්වරු වෙන්න සුදුසු නැහැ.
බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එසේ සඳහන් කරමින් දේශපාලනය ඉතා වැදගත් බැවින් අප කළ යුත්තේ දේශපාලනයට අවශ්‍ය මිනිසුන් තනන එක මිස අපි දේශපාලනයට යන එක නෙවේ යැයි පවසති. බොදු බල සේනා මූලස්ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ඥානසාර හිමියෝ හාමුදුරුවරු ස්වල්ප දෙනෙක් කරන අකටයුතු වැඩ නිසා මේ රටේ මිනිසුන්ට බුද්ධාගම එපාවන තත්ත්වයට පත්ව ඇතැයිද පැවැසූහ.
අමරපුර සංඝ සභාවේ එක් පාර්ශ්වයක් එම පාර්ශ්වයට අයත් භික්‍ෂුන් වහන්සේට දේශපාලනය කිරීම තහනම් කර ඇති බව මාධ්‍යවේදියකු විසින් පෙන්වා දුන් අවස්ථාවේ ඥානසාර හිමියෝ ඉහත ප්‍රකාශය කළහ.

