බොන අයට රනිල්ගෙන් සහනයක් 😌

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනය තීරණය කර තිබෙනවා.

    කිරිමට මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, පෙබරවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් සිදුකර ඇති බවයි.

    සුරාබදු ආඥා පනතට අනුව ජනවාරි මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ ද, අදාළ සංශෝධනයන්වලට සුරාබදු බලපත්‍රලාභීන් විරෝධය පළ කිරිමත් සමඟ යළිත් වරක් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු මෙලෙස සංශෝධනය කරනු ලැබුවා.

    ඒ අනුව දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර ඇති අතර නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් පමණක් අයකරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක්.

    එමෙන්ම පොල් රා බෝතල් කිරිම සඳහා මිලියන 10ක්ව පැවැති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩුකර ඇති අතර තල් රා බොතල්ගත කිරිමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 05ක්.

    විනාකිරි නිෂ්පාදනාගාර ගාස්තුව ලක්ෂ 25 සිට ලක්ෂ 05 දක්වා අඩුකර ඇති අතර එක්වරක් පමණක් අයකරගනු ලබන ගාස්තුව ලක්ෂ 25ක් ලෙස සංශෝධනය කර ඇත.

    මේ අතර මහ නගර සභා බල ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මිලියන 15ක් ලෙස පැවැති අතර නව සංශෝධනයට අනුව එය ලක්ෂ 10 දක්වා අඩු කර තිබෙනවා.

    මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, නගරසභා බල ප්‍රදේශ සඳහා එක්කෝටි විසි පන්ලක්ෂයක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 8 දක්වා අඩුකර ඇති අතර අනෙකුත් ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීම සඳහා රුපියල් මිලියන 10ක්ව පැවැති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 6 දක්වා අඩුකර ඇති බවයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපි තව බදු ගෙවමු..

    මුන්ට කඩේ යන උනුත් ඉන්නවද? :lol:

    ජොනියගෙ ටැක්ස් කැපෙනවට ඊරිසියා කරන්න එපා ප්‍රෙන්ස් 😏
     
    • Like
    Reactions: kolavari

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    බාර් කාරයන්ට සහන දුන්නාම අපට පුප ද ලැබෙන්නේ. පොනිලගේ කැම්රි වැඩ
     
    • Like
    Reactions: Solo Rider