බොරදියේ මාලු බානා අවස්ථාවාදීන් හා ආගමික &#352

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බොරදියේ මාලු බානා අවස්ථාවාදීන් හා ආගමික &#352

    479938_505042052846716_1695373314_n.jpg



    බොරදියේ මාලු බානා අවස්ථාවාදීන් හා
    ආගමික සහජීවනය මුවා වූ පාපතරයින්ගේ වත.

    සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් වින කටින රුදුරු බලවේග වලට එරෙහිව සයිබර් අවකාශය තුලත් ඉන් පිටතත් නැගෙමින් පවතින සිංහල බෞද්ධ ජාතිමාමක තරුණ රැල්ල සැබවින්ම ඉහත කී බලවේගවලට සැබෑම අභියෝගයක් වී ඇති සැටි අපේ කොල්ලන්ට බියෙන් උන් උන්ගේ ඇදි වතේම වසුරු හෙලා ගන්නා ආකාරයෙන් අපට පැහැදිලි වේ. ජාතිමාමකත්වයෙන් ඔද වැඩුනු අපේ සොයුරන් අඩ පණ කිරීම සදහා ගත් සියලුම උත්සාහයන් ව්‍යර්ථ වූ තැන කරකියාගත හැකි දෙයක් නැති මොවුන් දැන් "භික්ෂූන් වහන්සේගේ නම්වලින්" ෆෙස්බුක් පේජ් අටවා ගනිමින් අපේ සොයුරන්ගේ චරිත ඝාතනය කරන්නට තරම් අසරණ පහත් නීච අඩියකට වැටී ඇත. මේ අන්තවාදීන් අරඹා ඇති අලුත්ම වසංගතය හාමුදුරුවරුන්ගේ නම් වලින් පේජ් අටවා ඒ හරහාම බුදු දහමට හා බෞද්ධයන්ට මැඩ ගැසීමයි. Dhammananda-Sumangala සහ "ලංකා ටෲ නිව්ස්" නමින් පෙනී සිටින නපුංසකයා එහි ඉදිරියෙන්ම සිටින්නෙකි. බුදු හිමියන්ටත්, සිංහල බෞද්ධයන්ටත්, සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින ආදරණීය අපේ සොයුරන්ටත් පහත් හා නින්දිත ලෙස මඩ ගසමින් මඩ වලේ ලැග සිටින මේ නින්දිතයා මේ පිටු මෙහෙයවන්නේ මුස්ලිම් ජාතිකයන් බව පෙන්වීම සදහා දැඩි උත්සාහයක නිරත වෙන අතර, අප නැවතත් කියා සිටින්නේ මේ පිටුපස සිටින්නේ කලකට පෙර සිංහලරාවය ජාතික සංවිධානයේ හිමිවරුන්ට මඩ ගැසූ අන්තවාදී කතෝලික කල්ලතොනීන් පිරිසය. සිංහල බෞද්ධ උරුමයට එරෙහිව ඇතැම් මුස්ලිම් මූලධර්මවාදීන් අතපෙවීම හේතුවෙන් සිංහලයත් අතර ඔවුන් කෙරේ යම් අප්‍රසාදයක් පවතින්නේද එය ඇපයට තබා ගනිමින් මුස්ලිමුන්ට මුවා වී සිංහල බෞද්ධයන්ට මඩ ගසමින් බොර දියේ මාලු බාන මෙ තුච්ඡ ක්‍රියාදාමය ‍සිංහල බෞද්ධ සොයුරන් අවබෝධ කරගැනීම වැදගත්ය. හැම දේටම හම්බයාටම තලනවාට වඩා ඔවුන්ට මුවා වී සිංහල බෞද්ධයාට කෙලවන්නට හදන අවස්ථාවාදී නරුමයන් ගැන අපි අවදියෙන් සිටිය යුතුය.

    අනිත් අතට මොවුන්ගේ ප්‍රධානම ඉලක්කය වී තිබෙන්නේ Sorry.com සිංහ හඩ ඇතුලු සිංහලයන් වෙනුවෙන් කථා කරන සොයුරන් බව ඔවුන්ගේම ප්‍රකාශ වලින් දක්වා තිබේ. කාරණය පැහැදිලිය මොවුන් අපට එරෙහිව මොවුන්ගෙ උණවලිප්පු තද වූයේ අන්‍යාගම්කරණයට හා තේවත්ත පල්ලියේ සිංහල බෞද්ධ සංහාරයට එරෙහිව අපි කරුණු හෙලි කිරීමෙන් පසුවය. එදා අන්‍යාගම්කරණයට එරෙහි‍ වෙමින් සිංහල බෞද්ධයා දෙපයින් නැගිටවූ අතිපූජනීය ගංගොඩවිල සෝම අපේ හාමුදුරුවන් වහන්සේ ඝාතනය කරා සේම, අද අන්‍යාගම්කරණයට ත් සිංහල බෞද්ධයන්ටත් එරෙහිව නැගෙන් අන්තවාදී බලවේග සමග සටන් කරන අපිවත් අපේ සොයුරන්ගේ චරිත ඝාතනය කර නිහඩ කිරීමේ උත්සාහයක් බව පැහැදිලිය.. ඔවුන් එසේ සිතනවානම් එය ඔවුන් දකින දවල් හීනයක් බව අපි කණගාටුවෙන් උවත් දන්වා සිටින්නට කැමතිය. අනිත් බරපතලම කාරයණය නම් මොවුන් මේ මඩ පිටු හරහා ශ්‍රී ලංකා රජයටත් යුධ හමුදාවටත් එරෙහිව මඩ ගැසීම සදහා යොදා ගැනීමයි. කොටි සංවිධානය විසින්ම මරා දමන ලද අහිංසක ගම්වැසියන්ගේ පින්තූර ශ්‍රි ලංකා යුධ හමුදාවේ යුධ අපරාධ ලෙස හුවා දක්වමින් සිටින මේ පාහරයින් නිසැකවම විදේශගත කොටි ඩයස්පෝරාව ප්‍රමුඛ බටහිර ඉවැන්ජලික NGO කල්ලිවල කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටින බව පැහැදිලිය. එදා මානුෂීය මෙහෙයුම සමයේදීත් ඉන් පසුවත් ජාත්‍යන්තරයට කත් අදිමින් යුධ හමුදා විරුවන් මානවහිමිකම් උගුලේ හිරකිරීමට කුමන්ත්‍රණ කරේ සිංහල බෞද්ධයින්වත්, මුස්ලිම්වරුන්වත් නොවන බව මෑත කාලීන ඉතිහාසය ගැන අවබෝධයක් ඇති ඕනෑම අයෙක් හොදින්ම දන්නා කාරණයකි.

    ► මෙන්න වැඩ
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/396844_266878100088180_1515776106_n.jpg

    ► අපේ කොල්ලන්ට මඩ ගහන හැටි
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/394719_266897860086204_154341985_n.jpg

    ► බුදුන් වහන්සේට අපහාස කරන පව්කාරයෝ
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/314842_266899083419415_1333257570_n.jpg

    ► යුධ හමුදා විරුවන්ට හා ජනාධිපති තුමන්ට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති ආකාරය
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/205260_266900246752632_406413663_n.jpg

    ► අපට ඇයි මේච්චර බය !
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/527079_266913343417989_1007600540_n.jpg

    ► රිපෝර්ට් කරන්නේ මෙහෙමයි
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/391488_10150996057048962_1735119460_n.jpg

    ► රි‍පොර්ට් කල යුතු පිටුව
    https://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/163791280420332?sk=info

    Lanka True News හෙළුව

    2012 අප්‍රේල් මස 17 වන දින facebook සමාජ වෙබ් අඩවියට සම්බන්ධවන මොහුගේ ප්‍රථම පුවත වන්නේ "How Gotabhaya ‘helped’ Col. Karuna go to UK on a diplomatic passport under a false name " යන්නයි.අප්‍රේල් 22 වන දින දෙවන පුවත් ලෙස "Mosque attack : Those in top rungs of Govt. behind it – Muslim Congress Secretary and M.P. Hassen Ali........" යන්න පළ කර තිබේ.තෙවැන්න ලෙස "Army soldier intrudes into a house and attempts to rape a teenager" යන්නද ඉන්පසු මැයි 8 වන දින "දැඩි මිලිටරීකරණයට ලක්වෙමින් තිඛෙන ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් එකිනෙකා මරා ගැනීම දිනෙන් දින වර්ධනය වන අයුරු පෙනී යයි" යන්නද පළ කොට ඇත.මෙවෙනි පුවත් පළ කරමින් ආරම්භ වන මෙම facebook පිටුවේ අනාගත සැලැස්ම කුමක්ද යන්න ඔබට දැනටමත් වැටහී ඇති බවට කිසිදු සැකයක් නොමැත.තවද දැරියක් දූෂණය කිරීමේ වරදට ලන්ඩනයේදී වසර 7 ක් සිරගෙට නියම වූ ලන්ඩන් තේම්ස් විහාරයේ ප්‍රධාන සංඝනායක සෝමරතන ජනිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින චායා රූපයක්ද පළ කොට තිබේ.එවැන්නක් පළ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද.? එමෙන්ම පසු ගිය මාසයක ආරක්ෂක ලේකම්තුමා විසින් ප්‍රකාශ කරන ලද "උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නොවේ" යන ප්‍රකාශය හෑල්ලුවට ලක්කරමින්ද ලිපියක් පලකොට තිබේ.තවද "Case filed in UK to arrest war criminal Mahinda " යනුවෙන් පළ කර ඇති ලිපියේ ජනාධිපතිතුමාගේ රුව අපරාධ කරුවෙකු ලෙස හුවා දක්වමින් ඉදිරිපත් කොට ඇති ලිපියෙන්ද, "විරෝධතා නිසා මහින්ද රාජපක්ෂගේ ලන්ඩන් දේශනය අවලංගු කරයි " යන්නෙන්ද, " Britain newspaper receives new evidence on Lankan war crimes " යන්නෙන්ද ගම්‍ය වන්නේ කුමක්ද..? හුදෙක් මෙහිදී අප පක්ෂ පාට බේදයකින් තොරව රට ගැන සිතා එක්විය යුතු කාලය එළඹ ඇත. ජනාධිපතිතුමාට සහ ආරක්ෂක ලේකම්තුමාට මඩ ගැසීමේ අදහසින් තවත් ලිපි කිහිපයක්ද පලකොට ඇත.

    දැන් ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ මොහු විසින් සිංහල බෞද්ධයන් ඉලක්ක කොට ඉදිරිපත් කරන ලද පුවත් කිහිපයක සිරස්තලයි.
    ///මෙන්න නියම කාමාතුර සිංහල බෞද්ධ සුනකයන්......... තිරිසන් සත්තුන්ට වඩා අන්ත සිංහල බෞද්ධයන්..... ලැජ්ජයි එත් ඇත්තයි///
    ///මෙය දුටු පමණින් ඔබට කුමක් හැගෙන්නේද?..... තිරිසන් සත්තුන්ට වඩා අන්ත සිංහල බෞද්ධයනි... ///
    ///ඔබට මෙම රුපය දුටු විගසින් කුමක් හැගේද මදක් සිතන්න...මෙම කාලකන්නි සිංහල බෞද්ධ මිනිස්සු අහිංසක සුරතල් සතුන් දඩයම කොට උන්ගේ මස් විකුණා තවත් පව්ලක් රැකීමට සැරසේ///
    ///බුද්ධ ධර්මය වැනසෙන ආකාරය.........!!!”
    ///එක වසරකට කාන්තාවන් 607 ක් සහ ළමයින් 1180 ක් දූෂණය කරන සිංහල ආශ්චර්යමත් දූපතක්///

    මෙම ක්‍රියාවන් කරන ලද පුද්ගලයන් සාධාරණීකරණය කිරීමට සරෙසනවා නොව.අපරාධය කුමන ජාතියක ආගමක පුද්ගලයෙක් කලද එය අපරාධයකි.එහි කතා දෙකක් නැත. මෙවැනි පුවත් ඔබ පුවත්පත් වල දැක ඇති බවට කිසිදු සැකයක් නැත.එහෙත් මෙහි ඇති අරුමය නම් සෑම සිරස්තලයකම "සිංහල බෞද්ධ" යනුවෙන් අවධාරණය කොට තිබීමයි.එම චායා රූප බැලූ කල එහි සිටින්නේ සිංහල බෞද්ධයන් යැයි කීමට ඇති ශාක්ෂි මොනවද...? සමහර විටක එම චායා රූප වෙනත් දකුණු ආසියාතික රටකට වුවද අයත් විය හැක.සත්ව ඝාතනයට එරෙහිව සිංහල බෞද්ධයන් නින්දිත ලෙස අමතන මොහු වෙනත් ආගමිකයන් විසින් සිදු කරන අහස පොලව නුහුලන සත්ව ඝාතන පිළිබඳව එකකුදු හෝ චායා රූපයක් හෝ පුවතක් පළ කොට තිබේද ? //මහනුවර ශ්‍රී දළදා මාලිගාව පෙනෙන නොපෙනන දුර සිට කිසිම හිරිකිතයකින් තොරව මහා පාරේ සතුන් මරණ සිංහල බෞද්ධ සුනකයන්.........// යනුවෙන් චායා රූපයක් පළ කොට ඇති අතර එහි දළඳා මාලිගාව අසල පිහිටියේ යැයිද හෝ මහනුවර යැයිද කිව හැකි කිසිදු ශාක්ෂියක් නොමැති අතර ගවමස් බුදින අමන පිරිසක් විසින් එම චායා රූපයට කැමැත්ත පලකොට ඇත.මේ අතර //මෙන්න නියම සිංහල බෞද්ධ සිත් ............ සිංහල බෞද්ධ මිනිස් සිත් කෙතරම් දරුණු වී ඇත්ද.....!!!!// යනුවෙන් ලිපි පෙළක්ම පලකොට ඇත.මේවා ඇතැම් පුවත්පත් වලින් උපුටා ගන්න ලද සමාජ විරෝධී ක්‍රියාවන් පිලිබඳ පුවත් වන අතර Lanka true news හි අයිති කරුවා විසින් එම ක්‍රියාවන් “සිංහල බෞද්ධ සිත් “ලෙස ආමන්ත්‍රණය කරමින් පලකොට ඇත්තේ ඇයි ?

    තවද මොහු විසින් සිංහල බෞද්ධයන් හට තමා සිංහල බෞද්ධයෙකු යැයි තහවුරු කිරීමෙහි වස් බුදුන් වහන්සේ දෙසු දහම පිලිබඳ ලිපි දෙක තුනක්ද පලකොට තිබේ.එහෙත් මොහු කිසිදු අයුරකින් සිංහලයෙකු හෝ බෞද්ධයෙකු නොවන බව මොහුගේ facebook පිටුව හොඳින් අධ්‍යනය කිරීමෙන් පැහැදිලිවේ.
    තවද මොහු විසින් සිංහල වංශ කතාවේ ජාතික වීරවරයෙකු ලෙස විරුධාවලියලත් දේශයත් බෞද්ධ ධර්මයත් රැකගැනීමට මහඟු සේවයක් කල අනගාරික ධර්මපාලතුමා ආගම්වාදී ජාතිවාදී පුද්ගලයෙකු ලෙස හංවඩු ගසා ඇති අතර සිංහල නාමයන්ගෙන් ව්‍යාජ profile සාදා ගත පිරිසක් විසින් මොහු විසින් ඉදිරිපත් කරන සෑම බයිලයක්ම හිස් මුදුනෙන් පිලි ගනිමින් ඒවා අනුමත කරන අතර පුදුමයට කරුණ නම් ඇතැම් සිංහලයන්ද මේවා අනුමත කරමින් මෙවෙනි පහත් ක්‍රියාවන්ට උඩ ගෙඩි දීමයි.

    මෙම ලිපිය මගින් අවධාරණය කරන විශේෂිතම කරුණනම් මොහුගේ facebook පිටුව ඇරඹි දා සිට අද දක්වා පළ කරන ලද පුවත් වලින් බහුතරයක්ම භික්ෂූන් වහන්සේලා විසින් කරනලද අකටයුතුකම් පිළිබඳව වීමයි.ඔවුන් විසින් කරනලද වැරදි අපද හෙලා දකිනමුත් මෙහිදී මොහුගේ facebook පිටුව හුදෙක් භික්ෂූන්ගේ අඩු ලුහුඬුකම් සෙවීමටම නිර්මාණය කරන ලද්දේද යන්නද අපට ඇති ගැටලුවකි.මොහු විසින් බෞද්ධයන්ගේ නොයෙක් ක්‍රියාකාරකම් ගැන ලිපි 5ක් පළ කරද්දී 1ක් පමණ වෙනත් සමාජ විරෝධී අකටයුතුකම් ගැන කතා කරන්නට පෙළඹී ඇත.එසේ කරනු ලබන්නේ හුදෙක් මෙය කිසියම් ජන කොටසක් හෝ ආගමක් උදෙසා පවත්වාගෙන යනු නොලබන බවට ඒත්තු ගැන්වීමට විනා වෙනත් කිසිදු අරමුණකින් නොවන බව මාගේ මතයයි.මොහු විසින් ඇතැම් භික්ෂූන්ගේ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පළ කරන ලද ලිපි කිහිපයක සිරස්තල ඔබගේ දැන ගැනීම සඳහා උපුටා දක්වමි.

    ///සුමංගල ගණින්නාන්සේගේ 'ස්කයිප් කාමය' හෙවත් 'පන්සලේ ප්‍රංශ රසේ දිගහැරේ---
    Underworld Monks in Dambulla , Just Listen and See How They Acting Agaisnt Muslims….
    චිකේ නායක හාමුදුරුවනේ ලැජ්ජයි: නින්දිතයි:
    හරක් මරන්න හොද නෑ. හරකාගේ සුප් එක දමලා ගහන්න පුළුවන්..........
    Buddhist Monk arrested for abusing ten-year old
    සෝමරතන චීවරධාරියා සාසනයෙන් නෙරපන්න -ලන්ඩන් බෞද්ධයෝ ඉල්ලති
    ලාංකික දැරිය දූෂණය කළ ලන්ඩන් තේම්ස් විහාරාමාධිපති සෝමරතන හත් වසරක් හිරගෙට
    Whither Buddhist tenets? pregnant lady raped on Poson poya; clergy charged with rapes
    පොසොන් පෝදා අහෝ.! අහෝ.!! අහෝ.!!! සාධු ගැටයා ගෙට පැන ගැබිණියක් දූෂණය කරලා: බෞද්ධ හදවත් සසලවයි
    බීමතින් රිය පැදවූ භික්ෂුවට දඩ----------
    හායි මචං ඇල්ලේ..! මං නාමල්..!!
    භික්ෂු ගුරුවරයෙක් අන් ආගමික සිසුවෙක්ට කන පැලෙන්න ගහලා
    පොළොන්නරුවේ නගර පාලනය අන්තවාදී භික්ෂුවක් සහ මැරයන් අතට අරන්
    අයි ආර් සී සංඝනායක අත්අඩංගුවේ........!!!! අපරාධ කල්ලිවලට පන්සලේ නවාතැන් දීලා.....
    අයිආර්සී චීවරධාරියා අත් අඩංගුවට ගත්තාට ජනතාව රතිඤ්ඤා පත්තුකරයි
    බොදුබල සේනා, Sorry.com මූලධර්මාදීන්ගේ කුමන්ත්ර්ණය හෙළිවේ.......
    හිමිනමක් කසාද බඳි... බිරිය සොයා යද්දි පොලීසියට අසුවේ......!!!!!!!!///

    මෙහි "හරක් මරන්න හොද නෑ. හරකාගේ සුප් එක දමලා ගහන්න පුළුවන්.........." යන පුවත යටතේ හිමි නමක් මෙන් හැඳගත් පුද්ගලයෙකු සුප් එකක් බොන වීඩියෝ ක්ලිප් එකක් ප්‍රචාරය වෙන අතර එහි එම අදාල පුද්ගලයාගේ මුහුණ නොපෙන්වයි.
    තවද මොහු විසන් හුවා දක්වන ලද මවිසින් සිත් ගත් පුවත් දෙකක මුල් වැකි කිහිපය ඔබ වෙත ඉදිරිපත් කරමි.
    “දෙහිවල සත්වෝද්‍යානයට අයිනෙන් ගල්වල පාරට යන අතුරු මාර්ගයේ එනම් අතපත්තු පෙදෙසේ තිබෙන ඉස්ලාමීය දහම් පාසල සත්ව ඝාතකාගාරයක් ලෙස නම් කරමින් දිවයින පුවත් පත විසින් පලකරන ලද සාවද්‍ය පුවතක්………………….”
    “Mosque attack : Those in top rungs of Govt. behind it – Muslim Congress Secretary and M.P. Hassen Ali…”
    Muslim Congress Secretary and M .P Hassen Ali told Lanka true News that…………….”

    Lanka true news facebook පිටුවට මුවා වී සිටින්නේ කවරෙක්ද යන්න දැනගැනීමට ඉහත සිරස්තල දෙක පමණක් ප්‍රමාණවත් වනවාට සැක නැත.මම ඔබගෙන් අසන්නේ ආසන්න දිනක මන්නාරමේදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ඉතා පහත් ලෙස අධිකරණයට පහරදීම පිලිබඳ පුවත Lanka true news විසින් ඉදරිපත් කලාද ? (මෙය පැහැදිලිවම මුස්ලිමුන් පිට තබා බෞද්ධයාට කෙලවීමට දරණ පහත් වෑයමක් බව පැහැදිලිවම කිව යුතුය)

    සැබවින්ම සිංහල බෞද්ධයින් දැනුවත් කිරීමෙහි උත්කෘෂ්ට කාර්යයෙහි නිරත වන වෙබ් අඩවි හා facebook පිටු කිහිපයකටද මොහු විසින් ජාතිවාදීන් ලෙස හංවඩු ගසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවද කිවයුතු තවත් කරුණකි.

    අවසන් වශයෙන් Lanka true news facebook පිටුවෙහි අයිතිකරුවාගේම ප්‍රකාශයක්උපුටා දක්වමි."සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි......අන්තවාදී NGO, LTTE සර්පයන් අපව වෙලාගෙන අවසන් බව ආරක්ෂ ක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ........ ප්‍රවේශම්වන්න."

    අන්තවාදී NGO, LTTE සර්පයන් කවරෙක්දැයි දැන් අපට සැබවින්ම පැහැදිලිය.ඔබ සැමට තෙරුවන් සරණයි!!


    http://www.facebook.com/photo.php?f...039197653.86923.274859899198267&type=1&ref=nf
     
    • Like
    Reactions: Leitan

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Repeat telecast....

    දැන් මෙව්ව අහල අහලම අප්පිරිය‍යි.. මොකක් හරි අලුත් දෙයක් දැම්මන්ං....