Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරුකීම තමන්ගේ අයිතියක් කියල හිතපු චේතිය රජතුමා 🤗
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරුකීම නිසා නිරයට ගිය චේතිය රජුගේ කතාව

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු දහසක් කියන්ට වෙනවා. බොරු කියන කෙනා ඉතාම වේගයෙන් ගුණදහමින් පිරිහී යනවා. ඔවුන් මරණින් මතු නිරයේ උපදිනවා.චේතිය ජාතකය එවැනි කතාවක්.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. එදා දේවදත්ත පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්න දවසයි. එදා මුළු සැවැත් නුවර ම මිනිසුන් අසත්පුරුෂයන්ගේ භයානක ඉරණම ගැන මහත් සංවේගයට පත්වුනා. දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා පවා කතා කළේ මේ බිහිසුණු ඉරණමට ගොදුරු වූ දේවදත්ත ගැනයි.

“බලන්ට ඇවැත්නි… මේ දේවදත්තයා ඉන්නකම් ම බොරුවෙන් වංචාවෙන් අනුන් මුළා කරමින් ජීවත් වුනා. කියන තාක් කල්ම බොරු කීවා. ඕං ඉතිං… බලන්ටකෝ…. කරගත් දේ? නිරයට ම ගිහිල්ලා නොවැ නැවතුනේ. හනේ හපොයි…. මේ බොරු කීම නිසා ලැබෙන භයානක විපාක ගැන නම් සිතින් සිතාගන්ටවත් බැරිතරම්.

ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කතා කරමින් සිටි කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“නෑ මහණෙනි…. ඔය දේවදත්ත දැන දැන මුසාවාද කියලා නිරයේ ගොහින් නැවතුනේ මේ ආත්මයේ විතරක් නොවේ. මීට කලින් ආත්මෙකත් බොරු කියලා ඔය විදිහට ම පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්නා!” කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.

“මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක අතීතයේ ප්‍රථම කල්පයේ මහා සම්මත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ ඒ රජ්ජුරුවන්ට අසංඛෙය්‍ය ආයුෂයක් තිබුනා. ඒ රජ්ජුරුවන්නේ පුතා වුනේ රෝජ නමැත්තා. රෝජ රජුගේ පුතා වුනේ වරරෝජ නමැත්තා. ඔහුගේ පුතා වුනේ කල්‍යාණ නමැත්තා. කල්‍යාණ රජුගේ පුතා වුනේ වරකල්‍යාණ නමැත්තා. වරකල්‍යාණගේ පුතා වුනේ උපෝසථ නමැත්තා. උපෝසථගේ පුතා වුනේ මහා මන්ධාතු නමැත්තා. මන්ධාතු රජුගේ පුතා වුනේ වර මන්ධාතු නමැත්තා. ඔහුගේ පුතා වුනේ වර නමැත්තා. වරගේ පුතා වුනේ උපවර නමැත්තා. ඔහුට ම අපවර කියාත් කියනවා.

ඉතින් මේ අපවර රජ්ජුරුවෝ රජකම් කළේ චේතිය කියන රටේ සොත්ථිවතී නගරයේ. මොහුට ම යි චේතිය රජු කියා කියන්නෙත්. මේ රජ්ජුරුවන්ට විශේෂ ඉර්ධි හතරක් තිබුනා. මොහුට ආකාසෙන් යන්ට පුළුවනි. ඒ වගේම මොහුගේ ආරක්ෂාවට කඩු ගත් දේවපුත්‍රයෝ සතර දෙනෙක් සතර දිසාවේ පෙනී සිටියා. ඒ වගේම මොහුගේ සිරුරෙන් සඳුන් සුවඳ හැමුවා. මොහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමුවා.

මොහුට හිටියා කපිල නමැති පුරෝහිත බ්‍රාහ්මණයෙක්. මේ කපිල බ්‍රාහ්මණයාට කෝරකලම්බ නමින් බාල සහෝදරයෙක් හිටියා. මේ කෝරකලම්බ චේතිය රජ්ජුරුවන්නේ යාලුවෙක්. දෙන්නා එකට ම යි ගුරු ගෙදර ශිල්ප හදාළේ. අඹ යාලුවෝ වගේ. ඉතින් ඔය දෙන්නා ඒ කිව්වේ චේතියයි කෝරකලම්බයි යාලුවන් කාලේ චේතිය කුමාරයා මෙහෙම කිව්වා.

“මිත්‍රයා…. මං හිතාන ඉන්නේ රජකමට පත්වූ හැටියෙම ඔහේට පුරෝහිත තනතුර දෙන්නයි හොඳේ” කියලා. චේතිය කුමාරයාගේ පියා වන වර රජ්ජුරුවෝ අභාවයට පත්වුනා. නමුත් කපිල බ්‍රාහ්මණයාව පුරෝහිත තනතුරෙන් පහකරවන්ට පුළුවන් වුනේ නෑ. කපිල පුරෝහිතයා රාජෝපස්ථානයට එද්දී පුරෝහිත කෙරෙහි ඇති ගෞරවය නිසා චේතිය රජ්ජුරුවෝ ගරු සරු දැක්කුවා. එතකොට කපිල බ්‍රාහ්මණයාට මෙහෙම හිතුනා. ‘ම්… මේ රජ්ජුරුවෝ තාම තරුණයි. මොහුට සමාන වයස ඇති පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියොත් මා එක්ක කටයුතු කරනවාට වඩා පහසුවෙන් කටයුතු කරාවි. ඒ නිසා මං චේතිය රජ්ජුරුවන්ට දන්වා පැවිදි වෙන එක හොඳා’ කියලා දවසක් කපිල බ්‍රාහ්මණයා චේතිය රජ්ජුරුවන්ව බැහැදකින්ට ගියා.

“මහරජතුමනි, මං දැන් මහලුයි නොවැ. මයෙ අදහස ගිහි ගෙදරින් වෙන්වෙලා පැවිදිදම් පුරන්ටයි. මයෙ පුත්‍ර බ්‍රාහ්මණ කුමාරයාත් මං වාගෙම හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලයි ඉන්නේ. මගේ වැඬේ එයැයිට කරන්ට පුළුවනි. ඒ නිසා මයෙ පුත්‍රයාට පුරෝහිත ඨානාන්තරය දෙන්න. මං පැවිදි වෙන්නම්.” කියලා තම පුත්‍රයාව පුරෝහිත තනතුරේ පිහිටෙව්වා. පිහිටුවලා හිටං රාජ උද්‍යානයට ගොහින් ඍෂි පැවිද්දෙන් පැවිදි වුනා. සුළු කලකින් ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. තමුන්නේ පුත්‍ර පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඇප උපස්ථාන ලබමින් රාජ උද්‍යානයේ ම වාසය කළා.

කෝරකලම්බ බ්‍රාහ්මණයා කපිල බ්‍රාහ්මණයාට වඩා බාලයි. නමුත් කපිල බ්‍රාහ්මණයා පුරෝහිතකම තමන්ට නොදීම ගැන කෝප වුනා. ‘හහ්… එතකොට මේකා පුරෝහිත ඨානාන්තරේ මට නොදී පැනලා ගොහින් පැවිදි වුනා ඒ…!’ කියලා වෛර බැඳගත්තා. දවසක් කෝරකලම්බ බ්‍රාහ්මණයා රාජ මාලිගාවට ගොහින් චේතිය රජ්ජුරුවොත් එක්ක සතුටු සාමීචි කතාබහේ යෙදී හිටියා. රජ්ජුරුවෝ මෙහෙම ඇහුවා.

“හෝ…. යාලුවා කෝරකලම්බ…. දැන් පුරෝහිත ඨානාන්තරේ වැඩ බලන්නේ ඔහේ නොවෙයි ද?”

“එහෙමයි දේවයන් වහන්ස, මං දැන් ඒවා මොකුත් කොරන්නේ නෑ. ඇයි ඉතින් ඒවා කොරන්නේ අපේ අයියණ්ඩි නොවැ.”

“නෑ…. ඔබේ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා තමන් දැන් මහලුයි කියා පැවිදි වුනා නෙවෙද?”

“හහ්… අනේ ද කියන්නේ… එයැයි ඉතින් පැවිදි වුනා තමයි. නමුත් උන්නැහේ මං උන්න වගක් සැලකුවා යැ. එයැයිගේ පුතාට නොවැ පුරෝහිත ඨානාන්තරේ දුන්නේ.”

“ඉතින් කපිල බ්‍රාහ්මණයා නැති එකේ ඔබට ඕනෑ නම් පුරෝහිතකම කොරන්ට බැරියැ.”

“මේකනේ දේවයන් වහන්ස…. ඔය පුරෝහිත ඨානාන්තරේ ප්‍රවේණියට පරම්පරාගතව එන පදවියක් නොවැ. එතකොට වැඩිමහල් සහෝදරයාව බැහැර කොරලා හිටං මට ඒක කොරන්ට විදිහක් නෑ. වැඩිමල් සහෝදරයා වන කපිල බ්‍රාහ්මණයා නොවැ ඊළඟ එක්කෙනා පත්කළ යුත්තේ.”

“ඕ…. එහෙම කොහොමෙයි…. මට පුළුවන් නොවැ ඔහේව වැඩිමහල් සහෝදරයා කරන්ට. මං කපිල බ්‍රාහ්මණයාව ඔහේගේ බාල සහෝදරයා කරන්නම්. එතකොට වැඬේ හරි නොවැ. එතකොට ඔහේ තමයි පුරෝහිත ඒ…!”

“ඒ කොහොමෙයි දේවයන් වහන්ස, එහෙම කොරන්නේ?”

“හැයි…. මට පුළුවනි මුසාවාද කියලා ඒක කරන්ට.”

“හප්පේ දේවයන් වහන්ස, තමුන්නාන්සේ මයෙ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා ගැන දන්නෙ නෑ. එයැයි මහා අද්භූත ධර්මයන්ගෙන් සමන්විතයි. විද්‍යාධරයෙක්. තමුන්නාන්සේ අසත්‍ය මුසාවාදයකින් ඔහුව වංචා කරන්ට ගියෝතින් තමුන්නාන්සේගේ ආරස්සාවට ඉන්න ඔය දේවපුත්රයන්ව අතුරුදහන් කරලා දමාවි. තමුන්නාන්සේගේ සැරීරෙනුයි මුඛයෙනුයි විහිදෙන මිහිරි සුවඳ නැතිකොරලා හිටං දුගඳ හමන්ට සලස්සාවි. තමුන්නාන්සේට ආකහේ වැඩඉන්ට බැරිවේවි. බිම හිටින්ට සලස්සාවි. තමුන්නාන්සේව පොළොව පලාගෙන යනවා වගේ වැඩ සිද්ධ කරාවි. එතකොට නං තමුන්නාන්සේට මුසාවාද කතාවේ පිහිටා සිටින්ට බැරිවෙයි.”

“හහ් හා…. ඔහොම කියන්ට එපා කෝරකලම්බ. ඕං බලන්ට එහෙනම් මං ඔය වැඬේ කරලා පෙන්නන්නං.”

“එහෙම නම් දේවයන් වහන්ස, ඔය මුසාවාදය කෙරෙන්නේ කවද්ද?”

“ම්…. ඔව්…. මෙයින් හත්වන දවසේ…. හරි නෙ…!”

මේ දෙන්නාගේ කතාබහ මුළු නගරය පුරා ම පැතිරිලා ගියා. මිනිස්සු පුදුමයෙනුත් පුදුමයට පත්වුනා. “හේයි…. බොලල්ලා දන්නවැයි වැඩක්. ආං අපේ රජ්ජුරුවන් වහන්සේ මුසාවාදයක් කියලා අමුතු ම එකක් කොරන්ට යනවාලු. ඒකෙන් වැඩිමහල්ලාව ඊට බාලයෙක් කරන්ට ඇහැකිලු. බාලයාව වැඩිමලා බවට පත්කරලා හිටං පරම්පරාවෙන් ලැබෙන ඨානාන්තරේ බාලයාට දෙන්ට ඇහැකිලු…. හප්පේ…. බොලේ…. මොකක්දෑ හැබෑට ඔය මුසාවාද විජ්ජාව? ඕක නිල් පාට ද? නැත්නම් කහ රතු ආදී පාටක් ද? හැබෑට…. අපි මෙතෙක් කාලයකට අසා නෑ නොවැ මුසාවාද කියන්නේ මොන වගේ ජාතියක් ද කියලා.”

මහණෙනි, ඒ කාලේ ලෝකයේ තිබුණේ සත්‍ය කතා කිරීම පමණයි. එනිසා මුසාවාද යනු මොන වගේ දෙයක් ද කියාවත් මහජනයා දැන සිටියේ නෑ. කපිල බ්‍රාහ්මණයාගේ පුත්‍ර පුරෝහිතයාටත් මේ වග ආරංචි වුනා. ඔහු උයනට ගොහින් සිය පියාණන් වන කපිල ඍෂිතුමාට මේ ගැන කියා හිටියා. “පියාණනි, ආං අපේ රජ්ජුරුවෝ මුසාවාදයක් කියලා මොනවදෝ දෙයක් කරලා හිටං තමුන්නාන්සේව වයසින් බාල කරනවාලු. ඊට පස්සේ තමුන්නාන්සේ විසින් මට ලබාදීපු මයෙ පුරෝහිත ඨානාන්තරේ අපේ කෝරකලම්බ පුංචි බාප්පාට දෙන්ට යනවාලු.”

“හොහ්…. හොහ්…. හෝ…. පුත්‍රයා…. නමුත් රජ්ජුරුවන්ට නම් මුසාවාදයක් කොරලා වුනත් අපේ ප්‍රවේණිගත ඨානාන්තරේ කෝරකලම්බට හිතුමනාපෙට දෙන්ට විදිහක් නෑ. ම්… එතකොට…. ඔය…. මුසාවාදය කෙරෙන්නේ…. කවද්ද?”

“තව හත් දොහකින් රජ්ජුරුවෝ ඒක කරනවාලු.”

“හරි පුත්‍රය…. කමෙක් නෑ. ඒකට කමෙක් නෑ. එදාට මටත් දැනුම් දීපං.”

සත්වෙනි දවසේ ‘අපේ රජ්ජුරුවන්නේ මුසාවාදය බලන්ට ඕනෑ’ කියලා පැමිණි මහජනයාගෙන් රාජාංගණය පිරී ඉතිරී ගියා. ඇඳන් පිට ඇඳන් බැඳලා ඒ මත හිටගෙන බලා උන්නා. පුරෝහිත පුත්‍රයා ගිහින් සිය පිය තවුසාටත් දැනුම් දුන්නා.

අලංකාර රාජාභරණයෙන් සැරසී ගිය රජ්ජුරුවෝ මාලිගයෙන් නික්ම අවුත් රාජාංගණයට ඉහළින් ආකාසේ හිටගත්තා. එතකොට ම කපිල බ්‍රාහ්මණ තාපසයාත් අහසින් ම ඇවිදින් චේතිය රජ්ජුරුවෝ ඉදිරියේ ආකාසයේ ම පත්කඩය එළා ඒ මත වාඩිවුනා. රජ්ජුරුවන්ගෙන් මෙහෙම ඇහුවා.

“මහරජතුමනි, මේ කතාව ඇත්තක් ද? තමුන්නාන්සේ මුසාවාදයක් කරලා වයසින් බාල අයෙක්ව වයසින් වැඩිමහලු බවට පත්කරලා හිටං පරම්පරාවෙන් වැඩිමහලාට ලැබෙන තනතුර බාලයෙකුට දෙන්ට යනවා කියන්නේ?”

“එසේය ආචාර්යපාදයෙනි…. මං එහෙම දෙයක් කිව්වා තමයි.”

“මහරජතුමනි, මුසාවාදය කියා කියන්නේ මහා භයානක දෙයක්. එයින් මනුෂ්‍යයාගේ ගුණධර්ම වනසා දමනවා. මරණින් මතු සතර අපා උපතට ඇදගෙන යනවා. මහරජතුමනි, යම් කෙනෙක් මුසාවාද කියනවා නම් ඔහු ධර්මය නසන කෙනෙක්. පළමුව ධර්මය නසා දෙවනුව තමාවත් නසා ගන්නවා.” කියා මේ ගාථාවන් පැවසුවා.

ඒකාන්තයෙන් සත්‍ය ධර්මය – වැනසී යයි බොරු පැවසීමෙන්

වැඩිහිටියන් හට සැලකීමේ ගුණ – වැනසී යනවා ඒ බොරුවෙන්

සත්‍ය කීම නමැති දහම – යමෙක් නසන්නේ නැත්නම්

ඔහුගේ කිසි දෙයක් ලොවෙහි – නැතිවෙන්නේ නම් නෑ

ධර්මය වනසන්ට එපා! – දහම නසා ඔබ නැසෙන්ට එපා!

සත්‍ය පෙනි පෙනී – කියයි නම් යමෙක් බොරු

දෙවියෝ ඔහු අත්හැර යනවා ම යි

බොරු කියන්නාගේ මුඛයෙන්

පිළිකුල් දුගඳ නම් හමනවා ම යි

තමාට නිසි තැන රැඳී සිටින්නට

මුසාවාදියට බැරිවෙනවා ම යි

කපිල බ්‍රාහ්මණයාගේ ගාථා ඇසූ රජ්ජුරුවෝ භයට පත්වුනා. දෑස් ලොකු කොට කෝරකලම්බ දිහා බැලුවා. “නෑ රජ්ජුරුවන් වහන්ස, තමුන්නාන්සේට මතකෙයි මං කලියෙන් ම කීවා අපේ අයියණ්ඩි ගැන. එයැයි ඔය වගේ කතා කියන වග. ඒ නිසා කිසි දේකට භය වෙන්ට එපා.”

එතකොට රජ්ජුරුවෝ තමන් කලින් කියාපු කරුණ ම ඉස්සරහට ගත්තා. “හරි…. දැන් මං මේ සභාවේ ප්‍රකාශය නිකුත් කරනවා. කපිල බ්‍රාහ්මණතුමනි, තමුන්නාන්සේ වයසින් බාල කණිෂ්ඨයෙක්. කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා!”

මේ මුසාවාදය කිව්වා විතරයි එසැණින් ම ‘හාපෝ…. මෙවැනි මුසාවාද කියන්නෙකුගේ ආරස්සාව අපි භාරගන්නේ නෑ’ කියා දේවපුත්‍රයෝ හතරදෙනා කඩු අත්හැරලා නොපෙනී ගියා. කුණු බිත්තරයක් බිඳුනා වගේ රජ්ජුරුවන්නේ කටින් කුණුගඳ ගහන්ට පටන් ගත්තා. වැසිකිළි වළක දොර ඇරියා වගේ සරීරයෙන් දුගඳ හමන්ට පටන් ගත්තා. අහසේ ඉන්ට බැරුව ගියා. පාත්වෙලා බිම හිටගත්තා. ඉර්ධි සතරින් ම පිරිහී ගියා.

එතකොට කපිල තාපසින්නාන්සේ මෙහෙම කීවා. “මහරජතුමනි, භය වෙන්ට එපා. ඔබ ඉතාම පැහැදිලිව හොඳටම දන්නා සත්‍යය සත්‍යය හැටියට ම කියන්න. එහෙම නැවත සත්‍ය කීවොත් මේ සෑම දෙයක් ම තිබුණා වගේ ම තියෙන්ට සලස්සන්නම්” කියලා මේ ගාථාව පැවසුවා.

දැන්වත් ඔබ මහරජුනේ – හොඳින් දන්නා සත්‍යය එලෙසින් ම පවසන්න

එසේ සත්‍යය පවසා කලින් තිබුණ හැම දෙයක් ම යළි ලැබගන්න

නමුත් රජුනි තවදුරටත් බොරු කීවොත්

ඔබ හට දිගටම සිදුවෙයි පොළොවෙ සිටින්න

[QUOTE="හෙළයෙක්, post: 30443985, member: 503645"] බොරුකීම නිසා නිරයට ගිය චේතිය රජුගේ කතාව අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු දහසක් කියන්ට වෙනවා. බොරු කියන කෙනා ඉතාම වේගයෙන් ගුණදහමින් පිරිහී යනවා. ඔවුන් මරණින් මතු නිරයේ උපදිනවා.චේතිය ජාතකය එවැනි කතාවක්. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. එදා දේවදත්ත පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්න දවසයි. එදා මුළු සැවැත් නුවර ම මිනිසුන් අසත්පුරුෂයන්ගේ භයානක ඉරණම ගැන මහත් සංවේගයට පත්වුනා. දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා පවා කතා කළේ මේ බිහිසුණු ඉරණමට ගොදුරු වූ දේවදත්ත ගැනයි. “බලන්ට ඇවැත්නි… මේ දේවදත්තයා ඉන්නකම් ම බොරුවෙන් වංචාවෙන් අනුන් මුළා කරමින් ජීවත් වුනා. කියන තාක් කල්ම බොරු කීවා. ඕං ඉතිං… බලන්ටකෝ…. කරගත් දේ? නිරයට ම ගිහිල්ලා නොවැ නැවතුනේ. හනේ හපොයි…. මේ බොරු කීම නිසා ලැබෙන භයානක විපාක ගැන නම් සිතින් සිතාගන්ටවත් බැරිතරම්. ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කතා කරමින් සිටි කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “නෑ මහණෙනි…. ඔය දේවදත්ත දැන දැන මුසාවාද කියලා නිරයේ ගොහින් නැවතුනේ මේ ආත්මයේ විතරක් නොවේ. මීට කලින් ආත්මෙකත් බොරු කියලා ඔය විදිහට ම පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්නා!” කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා. “මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක අතීතයේ ප්‍රථම කල්පයේ මහා සම්මත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ ඒ රජ්ජුරුවන්ට අසංඛෙය්‍ය ආයුෂයක් තිබුනා. ඒ රජ්ජුරුවන්නේ පුතා වුනේ රෝජ නමැත්තා. රෝජ රජුගේ පුතා වුනේ වරරෝජ නමැත්තා. ඔහුගේ පුතා වුනේ කල්‍යාණ නමැත්තා. කල්‍යාණ රජුගේ පුතා වුනේ වරකල්‍යාණ නමැත්තා. වරකල්‍යාණගේ පුතා වුනේ උපෝසථ නමැත්තා. උපෝසථගේ පුතා වුනේ මහා මන්ධාතු නමැත්තා. මන්ධාතු රජුගේ පුතා වුනේ වර මන්ධාතු නමැත්තා. ඔහුගේ පුතා වුනේ වර නමැත්තා. වරගේ පුතා වුනේ උපවර නමැත්තා. ඔහුට ම අපවර කියාත් කියනවා. ඉතින් මේ අපවර රජ්ජුරුවෝ රජකම් කළේ චේතිය කියන රටේ සොත්ථිවතී නගරයේ. මොහුට ම යි චේතිය රජු කියා කියන්නෙත්. මේ රජ්ජුරුවන්ට විශේෂ ඉර්ධි හතරක් තිබුනා. මොහුට ආකාසෙන් යන්ට පුළුවනි. ඒ වගේම මොහුගේ ආරක්ෂාවට කඩු ගත් දේවපුත්‍රයෝ සතර දෙනෙක් සතර දිසාවේ පෙනී සිටියා. ඒ වගේම මොහුගේ සිරුරෙන් සඳුන් සුවඳ හැමුවා. මොහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමුවා. මොහුට හිටියා කපිල නමැති පුරෝහිත බ්‍රාහ්මණයෙක්. මේ කපිල බ්‍රාහ්මණයාට කෝරකලම්බ නමින් බාල සහෝදරයෙක් හිටියා. මේ කෝරකලම්බ චේතිය රජ්ජුරුවන්නේ යාලුවෙක්. දෙන්නා එකට ම යි ගුරු ගෙදර ශිල්ප හදාළේ. අඹ යාලුවෝ වගේ. ඉතින් ඔය දෙන්නා ඒ කිව්වේ චේතියයි කෝරකලම්බයි යාලුවන් කාලේ චේතිය කුමාරයා මෙහෙම කිව්වා. “මිත්‍රයා…. මං හිතාන ඉන්නේ රජකමට පත්වූ හැටියෙම ඔහේට පුරෝහිත තනතුර දෙන්නයි හොඳේ” කියලා. චේතිය කුමාරයාගේ පියා වන වර රජ්ජුරුවෝ අභාවයට පත්වුනා. නමුත් කපිල බ්‍රාහ්මණයාව පුරෝහිත තනතුරෙන් පහකරවන්ට පුළුවන් වුනේ නෑ. කපිල පුරෝහිතයා රාජෝපස්ථානයට එද්දී පුරෝහිත කෙරෙහි ඇති ගෞරවය නිසා චේතිය රජ්ජුරුවෝ ගරු සරු දැක්කුවා. එතකොට කපිල බ්‍රාහ්මණයාට මෙහෙම හිතුනා. ‘ම්… මේ රජ්ජුරුවෝ තාම තරුණයි. මොහුට සමාන වයස ඇති පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියොත් මා එක්ක කටයුතු කරනවාට වඩා පහසුවෙන් කටයුතු කරාවි. ඒ නිසා මං චේතිය රජ්ජුරුවන්ට දන්වා පැවිදි වෙන එක හොඳා’ කියලා දවසක් කපිල බ්‍රාහ්මණයා චේතිය රජ්ජුරුවන්ව බැහැදකින්ට ගියා. “මහරජතුමනි, මං දැන් මහලුයි නොවැ. මයෙ අදහස ගිහි ගෙදරින් වෙන්වෙලා පැවිදිදම් පුරන්ටයි. මයෙ පුත්‍ර බ්‍රාහ්මණ කුමාරයාත් මං වාගෙම හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලයි ඉන්නේ. මගේ වැඬේ එයැයිට කරන්ට පුළුවනි. ඒ නිසා මයෙ පුත්‍රයාට පුරෝහිත ඨානාන්තරය දෙන්න. මං පැවිදි වෙන්නම්.” කියලා තම පුත්‍රයාව පුරෝහිත තනතුරේ පිහිටෙව්වා. පිහිටුවලා හිටං රාජ උද්‍යානයට ගොහින් ඍෂි පැවිද්දෙන් පැවිදි වුනා. සුළු කලකින් ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. තමුන්නේ පුත්‍ර පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඇප උපස්ථාන ලබමින් රාජ උද්‍යානයේ ම වාසය කළා. කෝරකලම්බ බ්‍රාහ්මණයා කපිල බ්‍රාහ්මණයාට වඩා බාලයි. නමුත් කපිල බ්‍රාහ්මණයා පුරෝහිතකම තමන්ට නොදීම ගැන කෝප වුනා. ‘හහ්… එතකොට මේකා පුරෝහිත ඨානාන්තරේ මට නොදී පැනලා ගොහින් පැවිදි වුනා ඒ…!’ කියලා වෛර බැඳගත්තා. දවසක් කෝරකලම්බ බ්‍රාහ්මණයා රාජ මාලිගාවට ගොහින් චේතිය රජ්ජුරුවොත් එක්ක සතුටු සාමීචි කතාබහේ යෙදී හිටියා. රජ්ජුරුවෝ මෙහෙම ඇහුවා. “හෝ…. යාලුවා කෝරකලම්බ…. දැන් පුරෝහිත ඨානාන්තරේ වැඩ බලන්නේ ඔහේ නොවෙයි ද?” “එහෙමයි දේවයන් වහන්ස, මං දැන් ඒවා මොකුත් කොරන්නේ නෑ. ඇයි ඉතින් ඒවා කොරන්නේ අපේ අයියණ්ඩි නොවැ.” “නෑ…. ඔබේ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා තමන් දැන් මහලුයි කියා පැවිදි වුනා නෙවෙද?” “හහ්… අනේ ද කියන්නේ… එයැයි ඉතින් පැවිදි වුනා තමයි. නමුත් උන්නැහේ මං උන්න වගක් සැලකුවා යැ. එයැයිගේ පුතාට නොවැ පුරෝහිත ඨානාන්තරේ දුන්නේ.” “ඉතින් කපිල බ්‍රාහ්මණයා නැති එකේ ඔබට ඕනෑ නම් පුරෝහිතකම කොරන්ට බැරියැ.” “මේකනේ දේවයන් වහන්ස…. ඔය පුරෝහිත ඨානාන්තරේ ප්‍රවේණියට පරම්පරාගතව එන පදවියක් නොවැ. එතකොට වැඩිමහල් සහෝදරයාව බැහැර කොරලා හිටං මට ඒක කොරන්ට විදිහක් නෑ. වැඩිමල් සහෝදරයා වන කපිල බ්‍රාහ්මණයා නොවැ ඊළඟ එක්කෙනා පත්කළ යුත්තේ.” “ඕ…. එහෙම කොහොමෙයි…. මට පුළුවන් නොවැ ඔහේව වැඩිමහල් සහෝදරයා කරන්ට. මං කපිල බ්‍රාහ්මණයාව ඔහේගේ බාල සහෝදරයා කරන්නම්. එතකොට වැඬේ හරි නොවැ. එතකොට ඔහේ තමයි පුරෝහිත ඒ…!” “ඒ කොහොමෙයි දේවයන් වහන්ස, එහෙම කොරන්නේ?” “හැයි…. මට පුළුවනි මුසාවාද කියලා ඒක කරන්ට.” “හප්පේ දේවයන් වහන්ස, තමුන්නාන්සේ මයෙ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා ගැන දන්නෙ නෑ. එයැයි මහා අද්භූත ධර්මයන්ගෙන් සමන්විතයි. විද්‍යාධරයෙක්. තමුන්නාන්සේ අසත්‍ය මුසාවාදයකින් ඔහුව වංචා කරන්ට ගියෝතින් තමුන්නාන්සේගේ ආරස්සාවට ඉන්න ඔය දේවපුත්රයන්ව අතුරුදහන් කරලා දමාවි. තමුන්නාන්සේගේ සැරීරෙනුයි මුඛයෙනුයි විහිදෙන මිහිරි සුවඳ නැතිකොරලා හිටං දුගඳ හමන්ට සලස්සාවි. තමුන්නාන්සේට ආකහේ වැඩඉන්ට බැරිවේවි. බිම හිටින්ට සලස්සාවි. තමුන්නාන්සේව පොළොව පලාගෙන යනවා වගේ වැඩ සිද්ධ කරාවි. එතකොට නං තමුන්නාන්සේට මුසාවාද කතාවේ පිහිටා සිටින්ට බැරිවෙයි.” “හහ් හා…. ඔහොම කියන්ට එපා කෝරකලම්බ. ඕං බලන්ට එහෙනම් මං ඔය වැඬේ කරලා පෙන්නන්නං.” “එහෙම නම් දේවයන් වහන්ස, ඔය මුසාවාදය කෙරෙන්නේ කවද්ද?” “ම්…. ඔව්…. මෙයින් හත්වන දවසේ…. හරි නෙ…!” මේ දෙන්නාගේ කතාබහ මුළු නගරය පුරා ම පැතිරිලා ගියා. මිනිස්සු පුදුමයෙනුත් පුදුමයට පත්වුනා. “හේයි…. බොලල්ලා දන්නවැයි වැඩක්. ආං අපේ රජ්ජුරුවන් වහන්සේ මුසාවාදයක් කියලා අමුතු ම එකක් කොරන්ට යනවාලු. ඒකෙන් වැඩිමහල්ලාව ඊට බාලයෙක් කරන්ට ඇහැකිලු. බාලයාව වැඩිමලා බවට පත්කරලා හිටං පරම්පරාවෙන් ලැබෙන ඨානාන්තරේ බාලයාට දෙන්ට ඇහැකිලු…. හප්පේ…. බොලේ…. මොකක්දෑ හැබෑට ඔය මුසාවාද විජ්ජාව? ඕක නිල් පාට ද? නැත්නම් කහ රතු ආදී පාටක් ද? හැබෑට…. අපි මෙතෙක් කාලයකට අසා නෑ නොවැ මුසාවාද කියන්නේ මොන වගේ ජාතියක් ද කියලා.” මහණෙනි, ඒ කාලේ ලෝකයේ තිබුණේ සත්‍ය කතා කිරීම පමණයි. එනිසා මුසාවාද යනු මොන වගේ දෙයක් ද කියාවත් මහජනයා දැන සිටියේ නෑ. කපිල බ්‍රාහ්මණයාගේ පුත්‍ර පුරෝහිතයාටත් මේ වග ආරංචි වුනා. ඔහු උයනට ගොහින් සිය පියාණන් වන කපිල ඍෂිතුමාට මේ ගැන කියා හිටියා. “පියාණනි, ආං අපේ රජ්ජුරුවෝ මුසාවාදයක් කියලා මොනවදෝ දෙයක් කරලා හිටං තමුන්නාන්සේව වයසින් බාල කරනවාලු. ඊට පස්සේ තමුන්නාන්සේ විසින් මට ලබාදීපු මයෙ පුරෝහිත ඨානාන්තරේ අපේ කෝරකලම්බ පුංචි බාප්පාට දෙන්ට යනවාලු.” “හොහ්…. හොහ්…. හෝ…. පුත්‍රයා…. නමුත් රජ්ජුරුවන්ට නම් මුසාවාදයක් කොරලා වුනත් අපේ ප්‍රවේණිගත ඨානාන්තරේ කෝරකලම්බට හිතුමනාපෙට දෙන්ට විදිහක් නෑ. ම්… එතකොට…. ඔය…. මුසාවාදය කෙරෙන්නේ…. කවද්ද?” “තව හත් දොහකින් රජ්ජුරුවෝ ඒක කරනවාලු.” “හරි පුත්‍රය…. කමෙක් නෑ. ඒකට කමෙක් නෑ. එදාට මටත් දැනුම් දීපං.” සත්වෙනි දවසේ ‘අපේ රජ්ජුරුවන්නේ මුසාවාදය බලන්ට ඕනෑ’ කියලා පැමිණි මහජනයාගෙන් රාජාංගණය පිරී ඉතිරී ගියා. ඇඳන් පිට ඇඳන් බැඳලා ඒ මත හිටගෙන බලා උන්නා. පුරෝහිත පුත්‍රයා ගිහින් සිය පිය තවුසාටත් දැනුම් දුන්නා. අලංකාර රාජාභරණයෙන් සැරසී ගිය රජ්ජුරුවෝ මාලිගයෙන් නික්ම අවුත් රාජාංගණයට ඉහළින් ආකාසේ හිටගත්තා. එතකොට ම කපිල බ්‍රාහ්මණ තාපසයාත් අහසින් ම ඇවිදින් චේතිය රජ්ජුරුවෝ ඉදිරියේ ආකාසයේ ම පත්කඩය එළා ඒ මත වාඩිවුනා. රජ්ජුරුවන්ගෙන් මෙහෙම ඇහුවා. “මහරජතුමනි, මේ කතාව ඇත්තක් ද? තමුන්නාන්සේ මුසාවාදයක් කරලා වයසින් බාල අයෙක්ව වයසින් වැඩිමහලු බවට පත්කරලා හිටං පරම්පරාවෙන් වැඩිමහලාට ලැබෙන තනතුර බාලයෙකුට දෙන්ට යනවා කියන්නේ?” “එසේය ආචාර්යපාදයෙනි…. මං එහෙම දෙයක් කිව්වා තමයි.” “මහරජතුමනි, මුසාවාදය කියා කියන්නේ මහා භයානක දෙයක්. එයින් මනුෂ්‍යයාගේ ගුණධර්ම වනසා දමනවා. මරණින් මතු සතර අපා උපතට ඇදගෙන යනවා. මහරජතුමනි, යම් කෙනෙක් මුසාවාද කියනවා නම් ඔහු ධර්මය නසන කෙනෙක්. පළමුව ධර්මය නසා දෙවනුව තමාවත් නසා ගන්නවා.” කියා මේ ගාථාවන් පැවසුවා. ඒකාන්තයෙන් සත්‍ය ධර්මය – වැනසී යයි බොරු පැවසීමෙන් වැඩිහිටියන් හට සැලකීමේ ගුණ – වැනසී යනවා ඒ බොරුවෙන් සත්‍ය කීම නමැති දහම – යමෙක් නසන්නේ නැත්නම් ඔහුගේ කිසි දෙයක් ලොවෙහි – නැතිවෙන්නේ නම් නෑ ධර්මය වනසන්ට එපා! – දහම නසා ඔබ නැසෙන්ට එපා! සත්‍ය පෙනි පෙනී – කියයි නම් යමෙක් බොරු දෙවියෝ ඔහු අත්හැර යනවා ම යි බොරු කියන්නාගේ මුඛයෙන් පිළිකුල් දුගඳ නම් හමනවා ම යි තමාට නිසි තැන රැඳී සිටින්නට මුසාවාදියට බැරිවෙනවා ම යි කපිල බ්‍රාහ්මණයාගේ ගාථා ඇසූ රජ්ජුරුවෝ භයට පත්වුනා. දෑස් ලොකු කොට කෝරකලම්බ දිහා බැලුවා. “නෑ රජ්ජුරුවන් වහන්ස, තමුන්නාන්සේට මතකෙයි මං කලියෙන් ම කීවා අපේ අයියණ්ඩි ගැන. එයැයි ඔය වගේ කතා කියන වග. ඒ නිසා කිසි දේකට භය වෙන්ට එපා.” එතකොට රජ්ජුරුවෝ තමන් කලින් කියාපු කරුණ ම ඉස්සරහට ගත්තා. “හරි…. දැන් මං මේ සභාවේ ප්‍රකාශය නිකුත් කරනවා. කපිල බ්‍රාහ්මණතුමනි, තමුන්නාන්සේ වයසින් බාල කණිෂ්ඨයෙක්. කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා!” මේ මුසාවාදය කිව්වා විතරයි එසැණින් ම ‘හාපෝ…. මෙවැනි මුසාවාද කියන්නෙකුගේ ආරස්සාව අපි භාරගන්නේ නෑ’ කියා දේවපුත්‍රයෝ හතරදෙනා කඩු අත්හැරලා නොපෙනී ගියා. කුණු බිත්තරයක් බිඳුනා වගේ රජ්ජුරුවන්නේ කටින් කුණුගඳ ගහන්ට පටන් ගත්තා. වැසිකිළි වළක දොර ඇරියා වගේ සරීරයෙන් දුගඳ හමන්ට පටන් ගත්තා. අහසේ ඉන්ට බැරුව ගියා. පාත්වෙලා බිම හිටගත්තා. ඉර්ධි සතරින් ම පිරිහී ගියා. එතකොට කපිල තාපසින්නාන්සේ මෙහෙම කීවා. “මහරජතුමනි, භය වෙන්ට එපා. ඔබ ඉතාම පැහැදිලිව හොඳටම දන්නා සත්‍යය සත්‍යය හැටියට ම කියන්න. එහෙම නැවත සත්‍ය කීවොත් මේ සෑම දෙයක් ම තිබුණා වගේ ම තියෙන්ට සලස්සන්නම්” කියලා මේ ගාථාව පැවසුවා. දැන්වත් ඔබ මහරජුනේ – හොඳින් දන්නා සත්‍යය එලෙසින් ම පවසන්න එසේ සත්‍යය පවසා කලින් තිබුණ හැම දෙයක් ම යළි ලැබගන්න නමුත් රජුනි තවදුරටත් බොරු කීවොත් ඔබ හට දිගටම සිදුවෙයි පොළොවෙ සිටින්න [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom