බොරුකීම තමන්ගේ අයිතියක් කියල හිතපු චේතිය රජතුමා 🤗

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    බොරුකීම නිසා නිරයට ගිය චේතිය රජුගේ කතාව

    අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු දහසක් කියන්ට වෙනවා. බොරු කියන කෙනා ඉතාම වේගයෙන් ගුණදහමින් පිරිහී යනවා. ඔවුන් මරණින් මතු නිරයේ උපදිනවා.චේතිය ජාතකය එවැනි කතාවක්.


    ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. එදා දේවදත්ත පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්න දවසයි. එදා මුළු සැවැත් නුවර ම මිනිසුන් අසත්පුරුෂයන්ගේ භයානක ඉරණම ගැන මහත් සංවේගයට පත්වුනා. දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා පවා කතා කළේ මේ බිහිසුණු ඉරණමට ගොදුරු වූ දේවදත්ත ගැනයි.

    “බලන්ට ඇවැත්නි… මේ දේවදත්තයා ඉන්නකම් ම බොරුවෙන් වංචාවෙන් අනුන් මුළා කරමින් ජීවත් වුනා. කියන තාක් කල්ම බොරු කීවා. ඕං ඉතිං… බලන්ටකෝ…. කරගත් දේ? නිරයට ම ගිහිල්ලා නොවැ නැවතුනේ. හනේ හපොයි…. මේ බොරු කීම නිසා ලැබෙන භයානක විපාක ගැන නම් සිතින් සිතාගන්ටවත් බැරිතරම්.

    ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කතා කරමින් සිටි කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

    “නෑ මහණෙනි…. ඔය දේවදත්ත දැන දැන මුසාවාද කියලා නිරයේ ගොහින් නැවතුනේ මේ ආත්මයේ විතරක් නොවේ. මීට කලින් ආත්මෙකත් බොරු කියලා ඔය විදිහට ම පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්නා!” කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.

    “මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක අතීතයේ ප්‍රථම කල්පයේ මහා සම්මත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ ඒ රජ්ජුරුවන්ට අසංඛෙය්‍ය ආයුෂයක් තිබුනා. ඒ රජ්ජුරුවන්නේ පුතා වුනේ රෝජ නමැත්තා. රෝජ රජුගේ පුතා වුනේ වරරෝජ නමැත්තා. ඔහුගේ පුතා වුනේ කල්‍යාණ නමැත්තා. කල්‍යාණ රජුගේ පුතා වුනේ වරකල්‍යාණ නමැත්තා. වරකල්‍යාණගේ පුතා වුනේ උපෝසථ නමැත්තා. උපෝසථගේ පුතා වුනේ මහා මන්ධාතු නමැත්තා. මන්ධාතු රජුගේ පුතා වුනේ වර මන්ධාතු නමැත්තා. ඔහුගේ පුතා වුනේ වර නමැත්තා. වරගේ පුතා වුනේ උපවර නමැත්තා. ඔහුට ම අපවර කියාත් කියනවා.

    ඉතින් මේ අපවර රජ්ජුරුවෝ රජකම් කළේ චේතිය කියන රටේ සොත්ථිවතී නගරයේ. මොහුට ම යි චේතිය රජු කියා කියන්නෙත්. මේ රජ්ජුරුවන්ට විශේෂ ඉර්ධි හතරක් තිබුනා. මොහුට ආකාසෙන් යන්ට පුළුවනි. ඒ වගේම මොහුගේ ආරක්ෂාවට කඩු ගත් දේවපුත්‍රයෝ සතර දෙනෙක් සතර දිසාවේ පෙනී සිටියා. ඒ වගේම මොහුගේ සිරුරෙන් සඳුන් සුවඳ හැමුවා. මොහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමුවා.

    මොහුට හිටියා කපිල නමැති පුරෝහිත බ්‍රාහ්මණයෙක්. මේ කපිල බ්‍රාහ්මණයාට කෝරකලම්බ නමින් බාල සහෝදරයෙක් හිටියා. මේ කෝරකලම්බ චේතිය රජ්ජුරුවන්නේ යාලුවෙක්. දෙන්නා එකට ම යි ගුරු ගෙදර ශිල්ප හදාළේ. අඹ යාලුවෝ වගේ. ඉතින් ඔය දෙන්නා ඒ කිව්වේ චේතියයි කෝරකලම්බයි යාලුවන් කාලේ චේතිය කුමාරයා මෙහෙම කිව්වා.

    “මිත්‍රයා…. මං හිතාන ඉන්නේ රජකමට පත්වූ හැටියෙම ඔහේට පුරෝහිත තනතුර දෙන්නයි හොඳේ” කියලා. චේතිය කුමාරයාගේ පියා වන වර රජ්ජුරුවෝ අභාවයට පත්වුනා. නමුත් කපිල බ්‍රාහ්මණයාව පුරෝහිත තනතුරෙන් පහකරවන්ට පුළුවන් වුනේ නෑ. කපිල පුරෝහිතයා රාජෝපස්ථානයට එද්දී පුරෝහිත කෙරෙහි ඇති ගෞරවය නිසා චේතිය රජ්ජුරුවෝ ගරු සරු දැක්කුවා. එතකොට කපිල බ්‍රාහ්මණයාට මෙහෙම හිතුනා. ‘ම්… මේ රජ්ජුරුවෝ තාම තරුණයි. මොහුට සමාන වයස ඇති පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියොත් මා එක්ක කටයුතු කරනවාට වඩා පහසුවෙන් කටයුතු කරාවි. ඒ නිසා මං චේතිය රජ්ජුරුවන්ට දන්වා පැවිදි වෙන එක හොඳා’ කියලා දවසක් කපිල බ්‍රාහ්මණයා චේතිය රජ්ජුරුවන්ව බැහැදකින්ට ගියා.

    “මහරජතුමනි, මං දැන් මහලුයි නොවැ. මයෙ අදහස ගිහි ගෙදරින් වෙන්වෙලා පැවිදිදම් පුරන්ටයි. මයෙ පුත්‍ර බ්‍රාහ්මණ කුමාරයාත් මං වාගෙම හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලයි ඉන්නේ. මගේ වැඬේ එයැයිට කරන්ට පුළුවනි. ඒ නිසා මයෙ පුත්‍රයාට පුරෝහිත ඨානාන්තරය දෙන්න. මං පැවිදි වෙන්නම්.” කියලා තම පුත්‍රයාව පුරෝහිත තනතුරේ පිහිටෙව්වා. පිහිටුවලා හිටං රාජ උද්‍යානයට ගොහින් ඍෂි පැවිද්දෙන් පැවිදි වුනා. සුළු කලකින් ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. තමුන්නේ පුත්‍ර පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඇප උපස්ථාන ලබමින් රාජ උද්‍යානයේ ම වාසය කළා.

    කෝරකලම්බ බ්‍රාහ්මණයා කපිල බ්‍රාහ්මණයාට වඩා බාලයි. නමුත් කපිල බ්‍රාහ්මණයා පුරෝහිතකම තමන්ට නොදීම ගැන කෝප වුනා. ‘හහ්… එතකොට මේකා පුරෝහිත ඨානාන්තරේ මට නොදී පැනලා ගොහින් පැවිදි වුනා ඒ…!’ කියලා වෛර බැඳගත්තා. දවසක් කෝරකලම්බ බ්‍රාහ්මණයා රාජ මාලිගාවට ගොහින් චේතිය රජ්ජුරුවොත් එක්ක සතුටු සාමීචි කතාබහේ යෙදී හිටියා. රජ්ජුරුවෝ මෙහෙම ඇහුවා.

    “හෝ…. යාලුවා කෝරකලම්බ…. දැන් පුරෝහිත ඨානාන්තරේ වැඩ බලන්නේ ඔහේ නොවෙයි ද?”

    “එහෙමයි දේවයන් වහන්ස, මං දැන් ඒවා මොකුත් කොරන්නේ නෑ. ඇයි ඉතින් ඒවා කොරන්නේ අපේ අයියණ්ඩි නොවැ.”

    “නෑ…. ඔබේ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා තමන් දැන් මහලුයි කියා පැවිදි වුනා නෙවෙද?”

    “හහ්… අනේ ද කියන්නේ… එයැයි ඉතින් පැවිදි වුනා තමයි. නමුත් උන්නැහේ මං උන්න වගක් සැලකුවා යැ. එයැයිගේ පුතාට නොවැ පුරෝහිත ඨානාන්තරේ දුන්නේ.”

    “ඉතින් කපිල බ්‍රාහ්මණයා නැති එකේ ඔබට ඕනෑ නම් පුරෝහිතකම කොරන්ට බැරියැ.”

    “මේකනේ දේවයන් වහන්ස…. ඔය පුරෝහිත ඨානාන්තරේ ප්‍රවේණියට පරම්පරාගතව එන පදවියක් නොවැ. එතකොට වැඩිමහල් සහෝදරයාව බැහැර කොරලා හිටං මට ඒක කොරන්ට විදිහක් නෑ. වැඩිමල් සහෝදරයා වන කපිල බ්‍රාහ්මණයා නොවැ ඊළඟ එක්කෙනා පත්කළ යුත්තේ.”

    “ඕ…. එහෙම කොහොමෙයි…. මට පුළුවන් නොවැ ඔහේව වැඩිමහල් සහෝදරයා කරන්ට. මං කපිල බ්‍රාහ්මණයාව ඔහේගේ බාල සහෝදරයා කරන්නම්. එතකොට වැඬේ හරි නොවැ. එතකොට ඔහේ තමයි පුරෝහිත ඒ…!”

    “ඒ කොහොමෙයි දේවයන් වහන්ස, එහෙම කොරන්නේ?”

    “හැයි…. මට පුළුවනි මුසාවාද කියලා ඒක කරන්ට.”

    “හප්පේ දේවයන් වහන්ස, තමුන්නාන්සේ මයෙ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා ගැන දන්නෙ නෑ. එයැයි මහා අද්භූත ධර්මයන්ගෙන් සමන්විතයි. විද්‍යාධරයෙක්. තමුන්නාන්සේ අසත්‍ය මුසාවාදයකින් ඔහුව වංචා කරන්ට ගියෝතින් තමුන්නාන්සේගේ ආරස්සාවට ඉන්න ඔය දේවපුත්‍රයන්ව අතුරුදහන් කරලා දමාවි. තමුන්නාන්සේගේ සැරීරෙනුයි මුඛයෙනුයි විහිදෙන මිහිරි සුවඳ නැතිකොරලා හිටං දුගඳ හමන්ට සලස්සාවි. තමුන්නාන්සේට ආකහේ වැඩඉන්ට බැරිවේවි. බිම හිටින්ට සලස්සාවි. තමුන්නාන්සේව පොළොව පලාගෙන යනවා වගේ වැඩ සිද්ධ කරාවි. එතකොට නං තමුන්නාන්සේට මුසාවාද කතාවේ පිහිටා සිටින්ට බැරිවෙයි.”

    “හහ් හා…. ඔහොම කියන්ට එපා කෝරකලම්බ. ඕං බලන්ට එහෙනම් මං ඔය වැඬේ කරලා පෙන්නන්නං.”

    “එහෙම නම් දේවයන් වහන්ස, ඔය මුසාවාදය කෙරෙන්නේ කවද්ද?”

    “ම්…. ඔව්…. මෙයින් හත්වන දවසේ…. හරි නෙ…!”

    මේ දෙන්නාගේ කතාබහ මුළු නගරය පුරා ම පැතිරිලා ගියා. මිනිස්සු පුදුමයෙනුත් පුදුමයට පත්වුනා. “හේයි…. බොලල්ලා දන්නවැයි වැඩක්. ආං අපේ රජ්ජුරුවන් වහන්සේ මුසාවාදයක් කියලා අමුතු ම එකක් කොරන්ට යනවාලු. ඒකෙන් වැඩිමහල්ලාව ඊට බාලයෙක් කරන්ට ඇහැකිලු. බාලයාව වැඩිමලා බවට පත්කරලා හිටං පරම්පරාවෙන් ලැබෙන ඨානාන්තරේ බාලයාට දෙන්ට ඇහැකිලු…. හප්පේ…. බොලේ…. මොකක්දෑ හැබෑට ඔය මුසාවාද විජ්ජාව? ඕක නිල් පාට ද? නැත්නම් කහ රතු ආදී පාටක් ද? හැබෑට…. අපි මෙතෙක් කාලයකට අසා නෑ නොවැ මුසාවාද කියන්නේ මොන වගේ ජාතියක් ද කියලා.”

    මහණෙනි, ඒ කාලේ ලෝකයේ තිබුණේ සත්‍ය කතා කිරීම පමණයි. එනිසා මුසාවාද යනු මොන වගේ දෙයක් ද කියාවත් මහජනයා දැන සිටියේ නෑ. කපිල බ්‍රාහ්මණයාගේ පුත්‍ර පුරෝහිතයාටත් මේ වග ආරංචි වුනා. ඔහු උයනට ගොහින් සිය පියාණන් වන කපිල ඍෂිතුමාට මේ ගැන කියා හිටියා. “පියාණනි, ආං අපේ රජ්ජුරුවෝ මුසාවාදයක් කියලා මොනවදෝ දෙයක් කරලා හිටං තමුන්නාන්සේව වයසින් බාල කරනවාලු. ඊට පස්සේ තමුන්නාන්සේ විසින් මට ලබාදීපු මයෙ පුරෝහිත ඨානාන්තරේ අපේ කෝරකලම්බ පුංචි බාප්පාට දෙන්ට යනවාලු.”

    “හොහ්…. හොහ්…. හෝ…. පුත්‍රයා…. නමුත් රජ්ජුරුවන්ට නම් මුසාවාදයක් කොරලා වුනත් අපේ ප්‍රවේණිගත ඨානාන්තරේ කෝරකලම්බට හිතුමනාපෙට දෙන්ට විදිහක් නෑ. ම්… එතකොට…. ඔය…. මුසාවාදය කෙරෙන්නේ…. කවද්ද?”

    “තව හත් දොහකින් රජ්ජුරුවෝ ඒක කරනවාලු.”

    “හරි පුත්‍රය…. කමෙක් නෑ. ඒකට කමෙක් නෑ. එදාට මටත් දැනුම් දීපං.”

    සත්වෙනි දවසේ ‘අපේ රජ්ජුරුවන්නේ මුසාවාදය බලන්ට ඕනෑ’ කියලා පැමිණි මහජනයාගෙන් රාජාංගණය පිරී ඉතිරී ගියා. ඇඳන් පිට ඇඳන් බැඳලා ඒ මත හිටගෙන බලා උන්නා. පුරෝහිත පුත්‍රයා ගිහින් සිය පිය තවුසාටත් දැනුම් දුන්නා.

    අලංකාර රාජාභරණයෙන් සැරසී ගිය රජ්ජුරුවෝ මාලිගයෙන් නික්ම අවුත් රාජාංගණයට ඉහළින් ආකාසේ හිටගත්තා. එතකොට ම කපිල බ්‍රාහ්මණ තාපසයාත් අහසින් ම ඇවිදින් චේතිය රජ්ජුරුවෝ ඉදිරියේ ආකාසයේ ම පත්කඩය එළා ඒ මත වාඩිවුනා. රජ්ජුරුවන්ගෙන් මෙහෙම ඇහුවා.

    “මහරජතුමනි, මේ කතාව ඇත්තක් ද? තමුන්නාන්සේ මුසාවාදයක් කරලා වයසින් බාල අයෙක්ව වයසින් වැඩිමහලු බවට පත්කරලා හිටං පරම්පරාවෙන් වැඩිමහලාට ලැබෙන තනතුර බාලයෙකුට දෙන්ට යනවා කියන්නේ?”
    “එසේය ආචාර්යපාදයෙනි…. මං එහෙම දෙයක් කිව්වා තමයි.”

    “මහරජතුමනි, මුසාවාදය කියා කියන්නේ මහා භයානක දෙයක්. එයින් මනුෂ්‍යයාගේ ගුණධර්ම වනසා දමනවා. මරණින් මතු සතර අපා උපතට ඇදගෙන යනවා. මහරජතුමනි, යම් කෙනෙක් මුසාවාද කියනවා නම් ඔහු ධර්මය නසන කෙනෙක්. පළමුව ධර්මය නසා දෙවනුව තමාවත් නසා ගන්නවා.” කියා මේ ගාථාවන් පැවසුවා.

    ඒකාන්තයෙන් සත්‍ය ධර්මය – වැනසී යයි බොරු පැවසීමෙන්
    වැඩිහිටියන් හට සැලකීමේ ගුණ – වැනසී යනවා ඒ බොරුවෙන්
    සත්‍ය කීම නමැති දහම – යමෙක් නසන්නේ නැත්නම්
    ඔහුගේ කිසි දෙයක් ලොවෙහි – නැතිවෙන්නේ නම් නෑ
    ධර්මය වනසන්ට එපා! – දහම නසා ඔබ නැසෙන්ට එපා!

    සත්‍ය පෙනි පෙනී – කියයි නම් යමෙක් බොරු
    දෙවියෝ ඔහු අත්හැර යනවා ම යි
    බොරු කියන්නාගේ මුඛයෙන්
    පිළිකුල් දුගඳ නම් හමනවා ම යි
    තමාට නිසි තැන රැඳී සිටින්නට
    මුසාවාදියට බැරිවෙනවා ම යි

    කපිල බ්‍රාහ්මණයාගේ ගාථා ඇසූ රජ්ජුරුවෝ භයට පත්වුනා. දෑස් ලොකු කොට කෝරකලම්බ දිහා බැලුවා. “නෑ රජ්ජුරුවන් වහන්ස, තමුන්නාන්සේට මතකෙයි මං කලියෙන් ම කීවා අපේ අයියණ්ඩි ගැන. එයැයි ඔය වගේ කතා කියන වග. ඒ නිසා කිසි දේකට භය වෙන්ට එපා.”

    එතකොට රජ්ජුරුවෝ තමන් කලින් කියාපු කරුණ ම ඉස්සරහට ගත්තා. “හරි…. දැන් මං මේ සභාවේ ප්‍රකාශය නිකුත් කරනවා. කපිල බ්‍රාහ්මණතුමනි, තමුන්නාන්සේ වයසින් බාල කණිෂ්ඨයෙක්. කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා!”

    මේ මුසාවාදය කිව්වා විතරයි එසැණින් ම ‘හාපෝ…. මෙවැනි මුසාවාද කියන්නෙකුගේ ආරස්සාව අපි භාරගන්නේ නෑ’ කියා දේවපුත්‍රයෝ හතරදෙනා කඩු අත්හැරලා නොපෙනී ගියා. කුණු බිත්තරයක් බිඳුනා වගේ රජ්ජුරුවන්නේ කටින් කුණුගඳ ගහන්ට පටන් ගත්තා. වැසිකිළි වළක දොර ඇරියා වගේ සරීරයෙන් දුගඳ හමන්ට පටන් ගත්තා. අහසේ ඉන්ට බැරුව ගියා. පාත්වෙලා බිම හිටගත්තා. ඉර්ධි සතරින් ම පිරිහී ගියා.

    එතකොට කපිල තාපසින්නාන්සේ මෙහෙම කීවා. “මහරජතුමනි, භය වෙන්ට එපා. ඔබ ඉතාම පැහැදිලිව හොඳටම දන්නා සත්‍යය සත්‍යය හැටියට ම කියන්න. එහෙම නැවත සත්‍ය කීවොත් මේ සෑම දෙයක් ම තිබුණා වගේ ම තියෙන්ට සලස්සන්නම්” කියලා මේ ගාථාව පැවසුවා.

    දැන්වත් ඔබ මහරජුනේ – හොඳින් දන්නා සත්‍යය එලෙසින් ම පවසන්න
    එසේ සත්‍යය පවසා කලින් තිබුණ හැම දෙයක් ම යළි ලැබගන්න
    නමුත් රජුනි තවදුරටත් බොරු කීවොත්
    ඔබ හට දිගටම සිදුවෙයි පොළොවෙ සිටින්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    “බලන්ට මහරජතුමනි, ඇස්පනාපිට ඔබට වෙච්චි දේ. මුසාවාදය කී පමණින් ම ඔබ ළඟ තිබුනු ඉර්ධි සතර ම නැතුව ගියා. පොඞ්ඩක් සිතන්ට රජතුමනි, ඔබ සත්‍යය පැවසුවොත් ඔබට නැති වූ දේවල් දැන් ම වුනත් ප්‍රකෘතිමත් කරගන්ට පුළුවනි.”

    “නෑ… නෑ… කපිලයෙනි, කෝරකලම්බ කිව්වා වගේ තොපයි මාව වංචා කරන්ට ඔය විදිහට මාත් එක්ක ඔය කතා කියන්නේ. එනිසා මං දෙවෙනි වතාවටත් මේ ප්‍රකාශය පවසා සිටිනවා. කපිල පුරෝහිතය, තොප වයසින් බාලයි! කණිෂ්ඨයෙක්! කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා!”

    එතකොට ම චේතිය රජ්ජුරුවන්නේ දෙපා ගොප්ඇටය දක්වා පොළොවෙහි ගිලුනා. කපිල බ්‍රාහ්මණයා අහසේ සිටියදීම නැවතත් කතා කළා. “මහරජතුමනි, තමන් මේ කියන දේ ගැන ආයෙමත් වරක් සලකා බලන්ට.” කියා මේ ගාථා පැවසුවා.

    යම් රටක පාලකයෙකුගෙන් – කවුරුත් දන්නා සත්‍ය ඇසූ විට
    ඔහු අසත්‍ය වූ බොරුවකින් ම – එයට පිළිතුරු දෙයි නම්
    ඒ රටට වසින්නේ – අකලට වසිනා වැස්ස පමණයි
    සුදුසු කල සුදුසු ලෙස – වැස්ස නම් ඒ රටට වහින්නේ නෑ

    එතකොට රජ්ජුරුවෝ කලින් වගේ ම කපිල බ්‍රාහ්මණයාව වයසින් බාල කොට කෝරකලම්බව වැඩිමහලු කොට තුන්වෙනි වතාවටත් ප්‍රකාශ කළා. එසැණින් ම රජ්ජුරුවෝ කෙණ්ඩා ළඟට යනකල් ම පොළොවෙහි ගිලී ගියා.

    “රජතුමනි, ඔබ ඔය කියන දේ ගැන කරුණාකර නැවත වතාවක් සලකා බලන්ට” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාව පැවසුවා.

    චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම්
    කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ
    තවදුරටත් ඔබ මුසා ම කීවොත් – පොළොවේ ඇතුලට ම යි යන්නේ

    එතකොට රජ්ජුරුවෝ මෙහෙම කීවා. “නෑ…. නෑ… නෑ…. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ ම යි වැඩිමහල්ලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.” එසැණින් ම රජ්ජුරුවෝ දණහිස දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, කරුණාකර තව එක වතාවක්වත් තමන් ඔය කියන දේ ගැන සලකා බැලුව මැනව” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා.

    අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට
    අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි
    සර්පයෙකුගේ දිවක් ලෙසින් – ඔහුගේ දිව දෙකට බෙදී යනවා

    චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම්
    කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ
    තවදුරටත් ඔබ මුසා ම කීවොත් – තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ

    එතකොට රජ්ජුරුවෝ කලින් විදිහට ම “නෑ…. නෑ… නෑ…. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ ම යි වැඩිමහල්ලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.” එසැණින් ම රජ්ජුරුවෝ කලවා දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, මේ අවස්ථාවේ නැවතත් තමන් මේ මොනවාද කියන්නේ කියා සලකා බැලුව මැනව” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා.

    අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට
    අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි
    මාලුවාට දිව පිහිටා නැති සේ – ඔහුටත් තම දිව නැතිවන්නේ

    චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම්
    කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ
    තවදුරටත් ඔබ මුසා ම කීවොත් – තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ

    එතකොට රජ්ජුරුවෝ හොඳින් දැන දැන ම කපිල බ්‍රාහ්මණයාව කණිෂ්ඨයා කළා. ඔහුගේ බාල සහෝදරයාව ජ්‍යෙෂ්ඨයා කළා. එසැණින්ම ඔහුව තම නාභිය දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා නැවත නැවතත් ඉල්ලා සිටියා තමන් මේ කියනා දේ ගැන යළිත් සලකා බලන්ට කියා. මේ ගාථාවනුත් පැවසුවා.

    අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට
    අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි
    ඔහු නිසා උපදින්නේ ගැහැණු ළමයි පමණයි
    පිරිමි දරුවෝ නැත ඔහු නිසා උපදින්නේ

    දැන්වත් චේතිය මහරජුනේ
    තමා හොඳින් දන්න සත්‍ය එලෙසින් ම කියන්න
    සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න
    නමුත් රජුනි තවදුරටත් කීවෝතින් බොරු
    තවදුරටත් පොළොවේ ම ගිලේවී

    මෙහෙම කීවත් චේතිය රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට ඇහුම්කන් දුන්නේ ම නෑ. උඩඟුකමින් යුක්තව ආයෙමත් කලින් කියූ බොරුව ම ප්‍රකාශයට පත්කළා. එතකොට ඔහුගේ පපුව දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා ආයෙමත් රජ්ජුරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් මේ කියනා දේ ගැන නැවත වතාවක් සලකා බලන්ට කියලයි. එසේ කියා මේ ගාථාවනුත් පැවසුවා.

    මහරජුනේ මෙය අසන්න
    යමෙක් ඉතා හොඳින් දන්න ඇත්ත අසා සිටිය විට
    ඔහු පවසා සිටින්නේ සත්‍යය නොව බොරුවක් නම් – එහි විපාක භයානකයි
    තමන්ට දරු සම්පත් හටගන්නේ ම නෑ
    ඉන්න දරුවෝ පවා තමන්ව දාලා යනවා

    දැන්වත් චේතිය මහරජුනේ
    තමා හොඳින් දන්න සත්‍ය එලෙසින් ම කියන්න
    සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න
    නමුත් රජුනි තවදුරටත් කීවෝතින් බොරු
    තවදුරටත් පොළොවේ ම ගිලේවී

    චේතිය රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට සවන් දුන්නේ ම නෑ. කෝරකලම්බ නමැති පාපී පුද්ගලයා සමග ඇසුරුකිරීමේ දෝෂය නිසා සත්වෙනි වතාවටත් ඒ බොරුව ම දැඩි ලෙස පවසා සිටියා. එතකොට ම පොළොව විවර වුනා. අවීචියෙන් උඩට මතුවූ ගිනි දැලින් ඔහුව වෙලී ගියා. ඒත් එක්ක ම ඔහු යටට ඇදී ගොස් නිරයේ උපන්නා.

    භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවන් වදාළා.

    මහණෙනි, ඒ චේතිය රජු – කලින් අහස් ගමන් ඇතිව සැපසේ උන්නේ
    කපිල ඉසිතුමා විසිනුයි – ඔහු වෙත ලැබෙනා රජකම අබිසෙස් කෙරුවේ
    මුසාවාද පැවසීම නිසා – ඔහු අන්තයට ම පිරිහී ගියා
    මහ පොළොව විවර වී ඔහු හට – නිරය තෙක් ම වැනසිලා ගියා

    එනිසා ලොව නුවණැත්තෝ – ඡන්ද ද්වේෂ භය මෝහ යන
    සතර අගතියෙන් අගතියට යෑම නම් – කිසිදා පසසන්නේ නෑ
    තම සිත දූෂණය නොකොට – ඉතා සොඳුරු යහපත් වූ
    සත්‍ය වචන ම යි නිසි කල – පැවසිය යුතු වන්නේ

    ඊට පස්සේ මහණෙනි, මහජනයා හොඳටෝම භය වුනා. “හප්පේ…. මේ චේතිය රජ්ජුරුවෝ අපගේ ඉර්ෂීන්නාන්සේට ආක්‍රෝශ කරලා හිටං මුසාවාද පවසා අවීචි මහා නරකයට ගියා නොවැ” කියා කම්පා වුනා. චේතිය රජ්ජුරුවන්ට පුතාලා පස්දෙනෙක් හිටියා. පස් දෙනා ම කපිල බ්‍රාහ්මණයා ළඟට දුවගෙන ආවා. “අනේ පින්වතුන් වහන්ස, අපට පිහිට වෙන්ට” කියා කපිල බ්‍රාහ්මණයාගේ දෙපා මුල වැඳ වැටුනා. කපිල ඉසිවරයා මෙහෙම කිව්වා.

    “දරුවෙනි, නුඹලාගේ පියා මුසාවාද පවසා නැසුවේ ධර්මය යි! ඉසිවරයාටත් ආක්‍රෝශ කළා. ධර්මය නැසුවා කියන්නේ නුඹලාත් නැසුනා කියන එකයි. දැන් ඉතින් මේ සොත්ථිවතී නුවර වාසය කරන්ට නුඹලාට කැප නෑ” කියලා ඔවුන්ගෙන් හැමට වැඩිමහලු පුත්‍රයාට කතා කළා.

    “දරුවෝ මෙහෙ වරෙං… ඔබ නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙලා කෙලින් ම යන්ට. එතකොට පා සතරයි, සොඬවැලයි, වලිගයයි, පුරුෂ නිමිත්තයි යන සත්තැන ම පොළොවේ පිහිටි සුදෝ සුදු හස්තිරාජයෙක් යම් තැනක දකින්ට ලැබෙයි ද ආං එතනයි ඔබේ නගරය සාදා ගත යුත්තේ. ඒ රට හස්තිපුරය නමින් ප්‍රසිද්ධ වේවි.”

    ඊළඟට දෙවෙනි පුත්‍රයාට කතා කළා. “දරුවෝ…. ඔයා දකුණු දොරටුවෙන් පිටත් වෙලා කෙලීන් ම යන්ට. එතකොට ඔයාට කිසියම් තැනකදී තනිකර සුදෝසුදු අශ්වයෙක් ව දකින්ට ලැබේවි. එතන ඔබේ නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි අස්සපුර නමින්.”

    තුන්වෙනියා අමතා මෙසේ පැවසුවා. “පුත්‍රයා, මෙහෙ වරෙං…. දැන් ඔයා පිටත් වෙන්ට ඕනෑ බටහිර දොරටුවෙන්. පිටත්වෙලා කෙලීන් ම යන්ට. එතකොට කිසියම් තැනකදී කේසර සිංහරාජයෙක් ව දකින්ට ලැබේවි. එතන තමයි ඔබේ තැන. එතන නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි සිංහපුර නමින්.”

    ඊළඟට සිව්වෙනියාට කතා කළා. “මෙහෙ වරෙං දරුවෝ…. ඔයා උතුරු දොරටුවෙන් පිටත් වෙලා කෙලීන් ම යන්න. කිසියම් තැනකදී තනි රත්තරනින් කරපු රෝද තියෙන මැදිරියක් දකින්ට ලැබේවි. ආන්න එතනයි තමුන්නේ නගරය සාදාගත යුත්තේ. එය පංචාල රට නමින් ප්‍රසිද්ධ වේවි.”

    අන්තිමට පස්වෙනියාට කතා කළා. “දරුවෝ… ඔයාටත් මේ සොත්ථිවතී නගරයේ වසන්ට අවසර නෑ. ඔයා මේ නගරයේ ලොකු චෛත්‍යයක් බඳින්න. ඊට පස්සේ වයඹ දිසාවෙන් නික්මිලා කෙලින් ම යන්ට. එතකොට යම් තැනකදී මහා පර්වත දෙකක් එකිනෙකට වැදිලා දද්දර යන හඬ නිකුත් වෙනවා දකින්ට ලැබේවි. එතන ඔයාගේ නගරය හදාගන්ට. ඒ නගරය දද්දරපුරය නමින් ප්‍රසිද්ධ වේවි.”

    එතකොට මහණෙනි, ඒ පුත්කුමාරවරු කපිල ඉසිවරයාට වන්දනා කොට ඔහු කියූ විදිහට ම ගොහින් ඒ ඒ තැන්වල නගර සාදාගෙන වාසය කළා.

    මහණෙනි, දේවදත්ත බොරු පවසා මහ පොළොව පලාගෙන ගියේ මේ ආත්මේ විතරක් නොවේ. මහණෙනි, එදා කපිල බ්‍රාහ්මණයා කොතෙකුත් වළක්වන්ට මහන්සි ගත්තත් තමන් සිතාගත් බොරුව ම පවසා පොළොවේ ගිලී නිරයේ උපන් චේතිය රජු වෙලා සිටියේ දේවදත්ත. එදා කපිල බ්‍රාහ්මණයා වෙලා සිටියේ මම” ය කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා.

    සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    උබෙ රිප්ලයි එක බලල මම ඕක ගූගල් කරල කියවල බැලුව
    ඊට පස්සේ මට හිතුන 550 ජාතකයම බොරු කියල 😢
    ඒක අවුලක් නෑ. මේ කතා කිව්ව කාල වෙනස් අහපු අය වෙනස්. අපි ළග තියෙන්නේ වර්ෂන් එකක් ඕකේ core message එක විතරයි අපිට ගන්න තියෙන්නේ. වටේ දේවල් හරිද වැරදිද කියලා වාද කරගන්න ඒක තේරුමක් නැති වැඩක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ
    කොහොමත් බොරු කියන එක පැවැත්මක් නැති වැඩක්. බොරු කියන මිනිස්සු කොහොමත් පෙන්නන්න බෑ. අපේ අම්මලා තාත්තලා බොරු කිව්වොත් පොඩි කාලේදී අපිට දඬුවම් කරා. බොරු කියන මිනිහට ඕනම ජරා වැඩක් කරන්න පුලුවන් කියලා අපේ ආච්චි අපිට කියලා දුන්නේ. තාම මතකයි. මොකක් හරි ජාතක කතාවකුත් කියලා දුන්නා. ඒක search කරනකොට මෙන්න මේක හම්බුනා. 🤷‍♂️

    එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො

    විතිණ්ණ පරලොකස්ස - නත්ථි පාපං අකාරියං”


    යනුවෙන් වදාරා තිබේ.

    “සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යනු එහි තේරුමයි.🤷‍♂️
    (https://pitaka.lk/books/bauddhayage-athpotha/9-4-1.html)
    එක බොරුවකින් ජාතියක් රටක්‌ වුණත් වනසන්න පුළුවන්.😔
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,383
    30,590
    113
    කෑගල්ල
    උබල ඔහොම කිවාට පන්සිල් පද හතරයි කියලා ගැසට් එකක් ගැහුවොත් සිවු සිල් පද කියලා..

    අප්පා අර ප්‍රාඩෝ සින් එකෙන් පස්සේ ත්‍රිසම් පද කියලා තවත් අඩු කරන්න වෙයි වගේ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,159
    1
    48,593
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ලොජික් ප්‍රශ්නයක්.

    හාවයි නරියයි එකතුවෙලා ලබු කිරිබත් හදපු කතාව ගමු.

    ඒ මුළු කතාවම බොරුවක්.

    ඒ කතාවේ කොටස් වෙන් කරලා ගත්තම ඒවත් වෙනස් වෙනස් බොරු.

    දැන් ඔය කතාව කියන කෙනෙකුව අපි සලකන්නෙ එක බොරුවක් කියපු කෙනෙක් විදිහටද බොරු ගොඩක් කියපු කෙනෙක් විදිහටද?
     
    • Like
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    මේක ලොජික් ප්‍රශ්නයක්.

    හාවයි නරියයි එකතුවෙලා ලබු කිරිබත් හදපු කතාව ගමු.

    ඒ මුළු කතාවම බොරුවක්.

    ඒ කතාවේ කොටස් වෙන් කරලා ගත්තම ඒවත් වෙනස් වෙනස් බොරු.

    දැන් ඔය කතාව කියන කෙනෙකුව අපි සලකන්නෙ එක බොරුවක් කියපු කෙනෙක් විදිහටද බොරු ගොඩක් කියපු කෙනෙක් විදිහටද?
    උදව්වක්

    බොහෝ රූ = බොරු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    බොරුව - ඒකවචන
    බොරු - බහුවචන
    නේද?
    දන්නෙ නෑ. බොහෝ රූ තමා බොරු කියන්නෙ කියල විතරයි දන්නෙ.

    ඒක බහුවචන ඒක වචන දෙකටම ගන්න පුළුවන් කියල හිතෙන්නෙ.

    බොරු + ව කියන එකේ ව යෙදෙන්නෙ කොහොමද කියල අදහසක් නෑ. ඒක ප්‍රත්‍යයක් වගෙනෙ.

    රූ කියන එකට රුව දාගෙන වගේ බොරුව කිව්වොත් ඒත් මුලින් ආයෙ තියෙන්නෙ බහු වචනයක්.

    බොහෝ රුව
    බොහෝ රූ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ
    මේක ලොජික් ප්‍රශ්නයක්.

    හාවයි නරියයි එකතුවෙලා ලබු කිරිබත් හදපු කතාව ගමු.

    ඒ මුළු කතාවම බොරුවක්.

    ඒ කතාවේ කොටස් වෙන් කරලා ගත්තම ඒවත් වෙනස් වෙනස් බොරු.

    දැන් ඔය කතාව කියන කෙනෙකුව අපි සලකන්නෙ එක බොරුවක් කියපු කෙනෙක් විදිහටද බොරු ගොඩක් කියපු කෙනෙක් විදිහටද?
    ඉතින් ඒක කියපු පරමාර්ථය අනුව තමයි. කවුරු හරි කොටවන්න, චරිත ඝාතනය කරන්න, කවුරු හරි රවට්ටලා වාසි ප්‍රයෝජනයක් ගන්න කිව්ව නම් තමයි ඒක බොරුවක් වෙන්නෙ. 🤷‍♂️
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,159
    1
    48,593
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඒක කියපු පරමාර්ථය අනුව තමයි. කවුරු හරි කොටවන්න, චරිත ඝාතනය කරන්න, කවුරු හරි රවට්ටලා වාසි ප්‍රයෝජනයක් ගන්න කිව්ව නම් තමයි ඒක බොරුවක් වෙන්නෙ. 🤷‍♂️
    ඒ කියන්නෙ ගහක් පෙන්නල මේක ගලක් කියල කිව්වොත් ඒක බොරුවක් වෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: Candid-B

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,755
    6,825
    113
    Kotte
    ඒක අවුලක් නෑ. මේ කතා කිව්ව කාල වෙනස් අහපු අය වෙනස්. අපි ළග තියෙන්නේ වර්ෂන් එකක් ඕකේ core message එක විතරයි අපිට ගන්න තියෙන්නේ. වටේ දේවල් හරිද වැරදිද කියලා වාද කරගන්න ඒක තේරුමක් නැති වැඩක්.
    ඉතින් බන් චේතිය රජා එක බොරුවයි කියල තියෙන්නෙ
    කතා කියපු එකා බොරු කීයක් කියල තියෙනවද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    ඉතින් බන් චේතිය රජා එක බොරුවයි කියල තියෙන්නෙ
    කතා කියපු එකා බොරු කීයක් කියල තියෙනවද
    උබට කිව්ව එක තේරුන් නෑ.


    ඔය කතා අහපු අයත් නෑ කියපු අයත් නෑ කතාව විතරයි තියෙන්නේ නිමිත්තට අදාල තත්ත්වයනූත් නෑ. අල්ලගන්න ඕනි කොයි කොටසද කියන එක නැන පමණින් ගන්න ඕනි දෙයක්.

    ඉතින් බන් චේතිය රජා එක බොරුවයි කියල තියෙන්නෙ
    කතා කියපු එකා බොරු කීයක් කියල තියෙනවද
    උබට ඕනි නන් තර්ක කරන්න පුළුවන් මේ කතාව චෙතිය රජතුමාගේ චරිතය ගාතනය කරන්න හදපු කතාවක් කියල උනත්. 🤗
    ------ Post added on Jan 2, 2025 at 10:02 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,159
    1
    48,593
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චේතිය රජා බොරුකාරයෙක් නෙවෙයි චේතියට බොරුකාරයා කියල හංවඩු ගැහුවේ ඒ කාලේ හිටපු ජෙප්පො වෙන්න බැරිද?!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,272
    83,410
    113
    චේතිය රජා බොරුකාරයෙක් නෙවෙයි චේතියට බොරුකාරයා කියල හංවඩු ගැහුවේ ඒ කාලේ හිටපු ජෙප්පො වෙන්න බැරිද?!
    නැත්තං චේතිය රජතුමාට මුලින්ම බොරු කිව්වා ගමන් ලපයක් පහළ උනා වෙන්නත් පුළුවන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,159
    1
    48,593
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක අතීතයේ ප්‍රථම කල්පයේ මහා සම්මත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා.

    ඒ කාලේ ඒ රජ්ජුරුවන්ට අසංඛෙය්‍ය ආයුෂයක් තිබුනා.

    ඒ රජ්ජුරුවන්නේ පුතා වුනේ රෝජ නමැත්තා. රෝජ රජුගේ පුතා වුනේ වරරෝජ නමැත්තා.

    ඔහුගේ පුතා වුනේ කල්‍යාණ නමැත්තා. කල්‍යාණ රජුගේ පුතා වුනේ වරකල්‍යාණ නමැත්තා.

    වරකල්‍යාණගේ පුතා වුනේ උපෝසථ නමැත්තා. උපෝසථගේ පුතා වුනේ මහා මන්ධාතු නමැත්තා. මන්ධාතු රජුගේ පුතා වුනේ වර මන්ධාතු නමැත්තා.

    ඔහුගේ පුතා වුනේ වර නමැත්තා.

    වරගේ පුතා වුනේ උපවර නමැත්තා. ඔහුට ම අපවර කියාත් කියනවා.
    මේවා පච කියල හිතෙන්නෙ නැද්ද?