Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරුකීම තමන්ගේ අයිතියක් කියල හිතපු චේතිය රජතුමා 🤗
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“බලන්ට මහරජතුමනි, ඇස්පනාපිට ඔබට වෙච්චි දේ. මුසාවාදය කී පමණින් ම ඔබ ළඟ තිබුනු ඉර්ධි සතර ම නැතුව ගියා. පොඞ්ඩක් සිතන්ට රජතුමනි, ඔබ සත්‍යය පැවසුවොත් ඔබට නැති වූ දේවල් දැන් ම වුනත් ප්‍රකෘතිමත් කරගන්ට පුළුවනි.”

“නෑ… නෑ… කපිලයෙනි, කෝරකලම්බ කිව්වා වගේ තොපයි මාව වංචා කරන්ට ඔය විදිහට මාත් එක්ක ඔය කතා කියන්නේ. එනිසා මං දෙවෙනි වතාවටත් මේ ප්‍රකාශය පවසා සිටිනවා. කපිල පුරෝහිතය, තොප වයසින් බාලයි! කණිෂ්ඨයෙක්! කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා!”

එතකොට ම චේතිය රජ්ජුරුවන්නේ දෙපා ගොප්ඇටය දක්වා පොළොවෙහි ගිලුනා. කපිල බ්‍රාහ්මණයා අහසේ සිටියදීම නැවතත් කතා කළා. “මහරජතුමනි, තමන් මේ කියන දේ ගැන ආයෙමත් වරක් සලකා බලන්ට.” කියා මේ ගාථා පැවසුවා.

යම් රටක පාලකයෙකුගෙන් – කවුරුත් දන්නා සත්‍ය ඇසූ විට

ඔහු අසත්‍ය වූ බොරුවකින් ම – එයට පිළිතුරු දෙයි නම්

ඒ රටට වසින්නේ – අකලට වසිනා වැස්ස පමණයි

සුදුසු කල සුදුසු ලෙස – වැස්ස නම් ඒ රටට වහින්නේ නෑ

එතකොට රජ්ජුරුවෝ කලින් වගේ ම කපිල බ්‍රාහ්මණයාව වයසින් බාල කොට කෝරකලම්බව වැඩිමහලු කොට තුන්වෙනි වතාවටත් ප්‍රකාශ කළා. එසැණින් ම රජ්ජුරුවෝ කෙණ්ඩා ළඟට යනකල් ම පොළොවෙහි ගිලී ගියා.

“රජතුමනි, ඔබ ඔය කියන දේ ගැන කරුණාකර නැවත වතාවක් සලකා බලන්ට” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාව පැවසුවා.

චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම්

කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ

තවදුරටත් ඔබ මුසා ම කීවොත් – පොළොවේ ඇතුලට ම යි යන්නේ

එතකොට රජ්ජුරුවෝ මෙහෙම කීවා. “නෑ…. නෑ… නෑ…. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ ම යි වැඩිමහල්ලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.” එසැණින් ම රජ්ජුරුවෝ දණහිස දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, කරුණාකර තව එක වතාවක්වත් තමන් ඔය කියන දේ ගැන සලකා බැලුව මැනව” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා.

අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට

අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි

සර්පයෙකුගේ දිවක් ලෙසින් – ඔහුගේ දිව දෙකට බෙදී යනවා

චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම්

කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ

තවදුරටත් ඔබ මුසා ම කීවොත් – තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ

එතකොට රජ්ජුරුවෝ කලින් විදිහට ම “නෑ…. නෑ… නෑ…. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ ම යි වැඩිමහල්ලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.” එසැණින් ම රජ්ජුරුවෝ කලවා දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, මේ අවස්ථාවේ නැවතත් තමන් මේ මොනවාද කියන්නේ කියා සලකා බැලුව මැනව” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා.

අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට

අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි

මාලුවාට දිව පිහිටා නැති සේ – ඔහුටත් තම දිව නැතිවන්නේ

චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම්

කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ

තවදුරටත් ඔබ මුසා ම කීවොත් – තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ

එතකොට රජ්ජුරුවෝ හොඳින් දැන දැන ම කපිල බ්‍රාහ්මණයාව කණිෂ්ඨයා කළා. ඔහුගේ බාල සහෝදරයාව ජ්‍යෙෂ්ඨයා කළා. එසැණින්ම ඔහුව තම නාභිය දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා නැවත නැවතත් ඉල්ලා සිටියා තමන් මේ කියනා දේ ගැන යළිත් සලකා බලන්ට කියා. මේ ගාථාවනුත් පැවසුවා.

අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට

අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි

ඔහු නිසා උපදින්නේ ගැහැණු ළමයි පමණයි

පිරිමි දරුවෝ නැත ඔහු නිසා උපදින්නේ

දැන්වත් චේතිය මහරජුනේ

තමා හොඳින් දන්න සත්‍ය එලෙසින් ම කියන්න

සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න

නමුත් රජුනි තවදුරටත් කීවෝතින් බොරු

තවදුරටත් පොළොවේ ම ගිලේවී

මෙහෙම කීවත් චේතිය රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට ඇහුම්කන් දුන්නේ ම නෑ. උඩඟුකමින් යුක්තව ආයෙමත් කලින් කියූ බොරුව ම ප්‍රකාශයට පත්කළා. එතකොට ඔහුගේ පපුව දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා ආයෙමත් රජ්ජුරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් මේ කියනා දේ ගැන නැවත වතාවක් සලකා බලන්ට කියලයි. එසේ කියා මේ ගාථාවනුත් පැවසුවා.

මහරජුනේ මෙය අසන්න

යමෙක් ඉතා හොඳින් දන්න ඇත්ත අසා සිටිය විට

ඔහු පවසා සිටින්නේ සත්‍යය නොව බොරුවක් නම් – එහි විපාක භයානකයි

තමන්ට දරු සම්පත් හටගන්නේ ම නෑ

ඉන්න දරුවෝ පවා තමන්ව දාලා යනවා

දැන්වත් චේතිය මහරජුනේ

තමා හොඳින් දන්න සත්‍ය එලෙසින් ම කියන්න

සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න

නමුත් රජුනි තවදුරටත් කීවෝතින් බොරු

තවදුරටත් පොළොවේ ම ගිලේවී

චේතිය රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට සවන් දුන්නේ ම නෑ. කෝරකලම්බ නමැති පාපී පුද්ගලයා සමග ඇසුරුකිරීමේ දෝෂය නිසා සත්වෙනි වතාවටත් ඒ බොරුව ම දැඩි ලෙස පවසා සිටියා. එතකොට ම පොළොව විවර වුනා. අවීචියෙන් උඩට මතුවූ ගිනි දැලින් ඔහුව වෙලී ගියා. ඒත් එක්ක ම ඔහු යටට ඇදී ගොස් නිරයේ උපන්නා.

භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවන් වදාළා.

මහණෙනි, ඒ චේතිය රජු – කලින් අහස් ගමන් ඇතිව සැපසේ උන්නේ

කපිල ඉසිතුමා විසිනුයි – ඔහු වෙත ලැබෙනා රජකම අබිසෙස් කෙරුවේ

මුසාවාද පැවසීම නිසා – ඔහු අන්තයට ම පිරිහී ගියා

මහ පොළොව විවර වී ඔහු හට – නිරය තෙක් ම වැනසිලා ගියා

එනිසා ලොව නුවණැත්තෝ – ඡන්ද ද්වේෂ භය මෝහ යන

සතර අගතියෙන් අගතියට යෑම නම් – කිසිදා පසසන්නේ නෑ

තම සිත දූෂණය නොකොට – ඉතා සොඳුරු යහපත් වූ

සත්‍ය වචන ම යි නිසි කල – පැවසිය යුතු වන්නේ

ඊට පස්සේ මහණෙනි, මහජනයා හොඳටෝම භය වුනා. “හප්පේ…. මේ චේතිය රජ්ජුරුවෝ අපගේ ඉර්ෂීන්නාන්සේට ආක්‍රෝශ කරලා හිටං මුසාවාද පවසා අවීචි මහා නරකයට ගියා නොවැ” කියා කම්පා වුනා. චේතිය රජ්ජුරුවන්ට පුතාලා පස්දෙනෙක් හිටියා. පස් දෙනා ම කපිල බ්‍රාහ්මණයා ළඟට දුවගෙන ආවා. “අනේ පින්වතුන් වහන්ස, අපට පිහිට වෙන්ට” කියා කපිල බ්‍රාහ්මණයාගේ දෙපා මුල වැඳ වැටුනා. කපිල ඉසිවරයා මෙහෙම කිව්වා.

“දරුවෙනි, නුඹලාගේ පියා මුසාවාද පවසා නැසුවේ ධර්මය යි! ඉසිවරයාටත් ආක්‍රෝශ කළා. ධර්මය නැසුවා කියන්නේ නුඹලාත් නැසුනා කියන එකයි. දැන් ඉතින් මේ සොත්ථිවතී නුවර වාසය කරන්ට නුඹලාට කැප නෑ” කියලා ඔවුන්ගෙන් හැමට වැඩිමහලු පුත්‍රයාට කතා කළා.

“දරුවෝ මෙහෙ වරෙං… ඔබ නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙලා කෙලින් ම යන්ට. එතකොට පා සතරයි, සොඬවැලයි, වලිගයයි, පුරුෂ නිමිත්තයි යන සත්තැන ම පොළොවේ පිහිටි සුදෝ සුදු හස්තිරාජයෙක් යම් තැනක දකින්ට ලැබෙයි ද ආං එතනයි ඔබේ නගරය සාදා ගත යුත්තේ. ඒ රට හස්තිපුරය නමින් ප්‍රසිද්ධ වේවි.”

ඊළඟට දෙවෙනි පුත්‍රයාට කතා කළා. “දරුවෝ…. ඔයා දකුණු දොරටුවෙන් පිටත් වෙලා කෙලීන් ම යන්ට. එතකොට ඔයාට කිසියම් තැනකදී තනිකර සුදෝසුදු අශ්වයෙක් ව දකින්ට ලැබේවි. එතන ඔබේ නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි අස්සපුර නමින්.”

තුන්වෙනියා අමතා මෙසේ පැවසුවා. “පුත්‍රයා, මෙහෙ වරෙං…. දැන් ඔයා පිටත් වෙන්ට ඕනෑ බටහිර දොරටුවෙන්. පිටත්වෙලා කෙලීන් ම යන්ට. එතකොට කිසියම් තැනකදී කේසර සිංහරාජයෙක් ව දකින්ට ලැබේවි. එතන තමයි ඔබේ තැන. එතන නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි සිංහපුර නමින්.”

ඊළඟට සිව්වෙනියාට කතා කළා. “මෙහෙ වරෙං දරුවෝ…. ඔයා උතුරු දොරටුවෙන් පිටත් වෙලා කෙලීන් ම යන්න. කිසියම් තැනකදී තනි රත්තරනින් කරපු රෝද තියෙන මැදිරියක් දකින්ට ලැබේවි. ආන්න එතනයි තමුන්නේ නගරය සාදාගත යුත්තේ. එය පංචාල රට නමින් ප්‍රසිද්ධ වේවි.”

අන්තිමට පස්වෙනියාට කතා කළා. “දරුවෝ… ඔයාටත් මේ සොත්ථිවතී නගරයේ වසන්ට අවසර නෑ. ඔයා මේ නගරයේ ලොකු චෛත්‍යයක් බඳින්න. ඊට පස්සේ වයඹ දිසාවෙන් නික්මිලා කෙලින් ම යන්ට. එතකොට යම් තැනකදී මහා පර්වත දෙකක් එකිනෙකට වැදිලා දද්දර යන හඬ නිකුත් වෙනවා දකින්ට ලැබේවි. එතන ඔයාගේ නගරය හදාගන්ට. ඒ නගරය දද්දරපුරය නමින් ප්‍රසිද්ධ වේවි.”

එතකොට මහණෙනි, ඒ පුත්කුමාරවරු කපිල ඉසිවරයාට වන්දනා කොට ඔහු කියූ විදිහට ම ගොහින් ඒ ඒ තැන්වල නගර සාදාගෙන වාසය කළා.

මහණෙනි, දේවදත්ත බොරු පවසා මහ පොළොව පලාගෙන ගියේ මේ ආත්මේ විතරක් නොවේ. මහණෙනි, එදා කපිල බ්‍රාහ්මණයා කොතෙකුත් වළක්වන්ට මහන්සි ගත්තත් තමන් සිතාගත් බොරුව ම පවසා පොළොවේ ගිලී නිරයේ උපන් චේතිය රජු වෙලා සිටියේ දේවදත්ත. එදා කපිල බ්‍රාහ්මණයා වෙලා සිටියේ මම” ය කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

[QUOTE="හෙළයෙක්, post: 30443986, member: 503645"] “බලන්ට මහරජතුමනි, ඇස්පනාපිට ඔබට වෙච්චි දේ. මුසාවාදය කී පමණින් ම ඔබ ළඟ තිබුනු ඉර්ධි සතර ම නැතුව ගියා. පොඞ්ඩක් සිතන්ට රජතුමනි, ඔබ සත්‍යය පැවසුවොත් ඔබට නැති වූ දේවල් දැන් ම වුනත් ප්‍රකෘතිමත් කරගන්ට පුළුවනි.” “නෑ… නෑ… කපිලයෙනි, කෝරකලම්බ කිව්වා වගේ තොපයි මාව වංචා කරන්ට ඔය විදිහට මාත් එක්ක ඔය කතා කියන්නේ. එනිසා මං දෙවෙනි වතාවටත් මේ ප්‍රකාශය පවසා සිටිනවා. කපිල පුරෝහිතය, තොප වයසින් බාලයි! කණිෂ්ඨයෙක්! කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා!” එතකොට ම චේතිය රජ්ජුරුවන්නේ දෙපා ගොප්ඇටය දක්වා පොළොවෙහි ගිලුනා. කපිල බ්‍රාහ්මණයා අහසේ සිටියදීම නැවතත් කතා කළා. “මහරජතුමනි, තමන් මේ කියන දේ ගැන ආයෙමත් වරක් සලකා බලන්ට.” කියා මේ ගාථා පැවසුවා. යම් රටක පාලකයෙකුගෙන් – කවුරුත් දන්නා සත්‍ය ඇසූ විට ඔහු අසත්‍ය වූ බොරුවකින් ම – එයට පිළිතුරු දෙයි නම් ඒ රටට වසින්නේ – අකලට වසිනා වැස්ස පමණයි සුදුසු කල සුදුසු ලෙස – වැස්ස නම් ඒ රටට වහින්නේ නෑ එතකොට රජ්ජුරුවෝ කලින් වගේ ම කපිල බ්‍රාහ්මණයාව වයසින් බාල කොට කෝරකලම්බව වැඩිමහලු කොට තුන්වෙනි වතාවටත් ප්‍රකාශ කළා. එසැණින් ම රජ්ජුරුවෝ කෙණ්ඩා ළඟට යනකල් ම පොළොවෙහි ගිලී ගියා. “රජතුමනි, ඔබ ඔය කියන දේ ගැන කරුණාකර නැවත වතාවක් සලකා බලන්ට” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාව පැවසුවා. චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම් කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ තවදුරටත් ඔබ මුසා ම කීවොත් – පොළොවේ ඇතුලට ම යි යන්නේ එතකොට රජ්ජුරුවෝ මෙහෙම කීවා. “නෑ…. නෑ… නෑ…. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ ම යි වැඩිමහල්ලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.” එසැණින් ම රජ්ජුරුවෝ දණහිස දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, කරුණාකර තව එක වතාවක්වත් තමන් ඔය කියන දේ ගැන සලකා බැලුව මැනව” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා. අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි සර්පයෙකුගේ දිවක් ලෙසින් – ඔහුගේ දිව දෙකට බෙදී යනවා චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම් කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ තවදුරටත් ඔබ මුසා ම කීවොත් – තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ එතකොට රජ්ජුරුවෝ කලින් විදිහට ම “නෑ…. නෑ… නෑ…. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ ම යි වැඩිමහල්ලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.” එසැණින් ම රජ්ජුරුවෝ කලවා දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, මේ අවස්ථාවේ නැවතත් තමන් මේ මොනවාද කියන්නේ කියා සලකා බැලුව මැනව” කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා. අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි මාලුවාට දිව පිහිටා නැති සේ – ඔහුටත් තම දිව නැතිවන්නේ චේතිය මහරජුනේ ඔබ – සත්‍යය ම පවසා සිටිනවා නම් කලින් වගේ හැම දෙයක් ම – නැවතත් ලද හැකි වන්නේ තවදුරටත් ඔබ මුසා ම කීවොත් – තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ එතකොට රජ්ජුරුවෝ හොඳින් දැන දැන ම කපිල බ්‍රාහ්මණයාව කණිෂ්ඨයා කළා. ඔහුගේ බාල සහෝදරයාව ජ්‍යෙෂ්ඨයා කළා. එසැණින්ම ඔහුව තම නාභිය දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා නැවත නැවතත් ඉල්ලා සිටියා තමන් මේ කියනා දේ ගැන යළිත් සලකා බලන්ට කියා. මේ ගාථාවනුත් පැවසුවා. අසනු මැනව මහරජුනේ – යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් – එහි විපාකය භයානකයි ඔහු නිසා උපදින්නේ ගැහැණු ළමයි පමණයි පිරිමි දරුවෝ නැත ඔහු නිසා උපදින්නේ දැන්වත් චේතිය මහරජුනේ තමා හොඳින් දන්න සත්‍ය එලෙසින් ම කියන්න සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න නමුත් රජුනි තවදුරටත් කීවෝතින් බොරු තවදුරටත් පොළොවේ ම ගිලේවී මෙහෙම කීවත් චේතිය රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට ඇහුම්කන් දුන්නේ ම නෑ. උඩඟුකමින් යුක්තව ආයෙමත් කලින් කියූ බොරුව ම ප්‍රකාශයට පත්කළා. එතකොට ඔහුගේ පපුව දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා ආයෙමත් රජ්ජුරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් මේ කියනා දේ ගැන නැවත වතාවක් සලකා බලන්ට කියලයි. එසේ කියා මේ ගාථාවනුත් පැවසුවා. මහරජුනේ මෙය අසන්න යමෙක් ඉතා හොඳින් දන්න ඇත්ත අසා සිටිය විට ඔහු පවසා සිටින්නේ සත්‍යය නොව බොරුවක් නම් – එහි විපාක භයානකයි තමන්ට දරු සම්පත් හටගන්නේ ම නෑ ඉන්න දරුවෝ පවා තමන්ව දාලා යනවා දැන්වත් චේතිය මහරජුනේ තමා හොඳින් දන්න සත්‍ය එලෙසින් ම කියන්න සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න නමුත් රජුනි තවදුරටත් කීවෝතින් බොරු තවදුරටත් පොළොවේ ම ගිලේවී චේතිය රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට සවන් දුන්නේ ම නෑ. කෝරකලම්බ නමැති පාපී පුද්ගලයා සමග ඇසුරුකිරීමේ දෝෂය නිසා සත්වෙනි වතාවටත් ඒ බොරුව ම දැඩි ලෙස පවසා සිටියා. එතකොට ම පොළොව විවර වුනා. අවීචියෙන් උඩට මතුවූ ගිනි දැලින් ඔහුව වෙලී ගියා. ඒත් එක්ක ම ඔහු යටට ඇදී ගොස් නිරයේ උපන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවන් වදාළා. මහණෙනි, ඒ චේතිය රජු – කලින් අහස් ගමන් ඇතිව සැපසේ උන්නේ කපිල ඉසිතුමා විසිනුයි – ඔහු වෙත ලැබෙනා රජකම අබිසෙස් කෙරුවේ මුසාවාද පැවසීම නිසා – ඔහු අන්තයට ම පිරිහී ගියා මහ පොළොව විවර වී ඔහු හට – නිරය තෙක් ම වැනසිලා ගියා එනිසා ලොව නුවණැත්තෝ – ඡන්ද ද්වේෂ භය මෝහ යන සතර අගතියෙන් අගතියට යෑම නම් – කිසිදා පසසන්නේ නෑ තම සිත දූෂණය නොකොට – ඉතා සොඳුරු යහපත් වූ සත්‍ය වචන ම යි නිසි කල – පැවසිය යුතු වන්නේ ඊට පස්සේ මහණෙනි, මහජනයා හොඳටෝම භය වුනා. “හප්පේ…. මේ චේතිය රජ්ජුරුවෝ අපගේ ඉර්ෂීන්නාන්සේට ආක්‍රෝශ කරලා හිටං මුසාවාද පවසා අවීචි මහා නරකයට ගියා නොවැ” කියා කම්පා වුනා. චේතිය රජ්ජුරුවන්ට පුතාලා පස්දෙනෙක් හිටියා. පස් දෙනා ම කපිල බ්‍රාහ්මණයා ළඟට දුවගෙන ආවා. “අනේ පින්වතුන් වහන්ස, අපට පිහිට වෙන්ට” කියා කපිල බ්‍රාහ්මණයාගේ දෙපා මුල වැඳ වැටුනා. කපිල ඉසිවරයා මෙහෙම කිව්වා. “දරුවෙනි, නුඹලාගේ පියා මුසාවාද පවසා නැසුවේ ධර්මය යි! ඉසිවරයාටත් ආක්‍රෝශ කළා. ධර්මය නැසුවා කියන්නේ නුඹලාත් නැසුනා කියන එකයි. දැන් ඉතින් මේ සොත්ථිවතී නුවර වාසය කරන්ට නුඹලාට කැප නෑ” කියලා ඔවුන්ගෙන් හැමට වැඩිමහලු පුත්‍රයාට කතා කළා. “දරුවෝ මෙහෙ වරෙං… ඔබ නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙලා කෙලින් ම යන්ට. එතකොට පා සතරයි, සොඬවැලයි, වලිගයයි, පුරුෂ නිමිත්තයි යන සත්තැන ම පොළොවේ පිහිටි සුදෝ සුදු හස්තිරාජයෙක් යම් තැනක දකින්ට ලැබෙයි ද ආං එතනයි ඔබේ නගරය සාදා ගත යුත්තේ. ඒ රට හස්තිපුරය නමින් ප්‍රසිද්ධ වේවි.” ඊළඟට දෙවෙනි පුත්‍රයාට කතා කළා. “දරුවෝ…. ඔයා දකුණු දොරටුවෙන් පිටත් වෙලා කෙලීන් ම යන්ට. එතකොට ඔයාට කිසියම් තැනකදී තනිකර සුදෝසුදු අශ්වයෙක් ව දකින්ට ලැබේවි. එතන ඔබේ නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි අස්සපුර නමින්.” තුන්වෙනියා අමතා මෙසේ පැවසුවා. “පුත්‍රයා, මෙහෙ වරෙං…. දැන් ඔයා පිටත් වෙන්ට ඕනෑ බටහිර දොරටුවෙන්. පිටත්වෙලා කෙලීන් ම යන්ට. එතකොට කිසියම් තැනකදී කේසර සිංහරාජයෙක් ව දකින්ට ලැබේවි. එතන තමයි ඔබේ තැන. එතන නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි සිංහපුර නමින්.” ඊළඟට සිව්වෙනියාට කතා කළා. “මෙහෙ වරෙං දරුවෝ…. ඔයා උතුරු දොරටුවෙන් පිටත් වෙලා කෙලීන් ම යන්න. කිසියම් තැනකදී තනි රත්තරනින් කරපු රෝද තියෙන මැදිරියක් දකින්ට ලැබේවි. ආන්න එතනයි තමුන්නේ නගරය සාදාගත යුත්තේ. එය පංචාල රට නමින් ප්‍රසිද්ධ වේවි.” අන්තිමට පස්වෙනියාට කතා කළා. “දරුවෝ… ඔයාටත් මේ සොත්ථිවතී නගරයේ වසන්ට අවසර නෑ. ඔයා මේ නගරයේ ලොකු චෛත්‍යයක් බඳින්න. ඊට පස්සේ වයඹ දිසාවෙන් නික්මිලා කෙලින් ම යන්ට. එතකොට යම් තැනකදී මහා පර්වත දෙකක් එකිනෙකට වැදිලා දද්දර යන හඬ නිකුත් වෙනවා දකින්ට ලැබේවි. එතන ඔයාගේ නගරය හදාගන්ට. ඒ නගරය දද්දරපුරය නමින් ප්‍රසිද්ධ වේවි.” එතකොට මහණෙනි, ඒ පුත්කුමාරවරු කපිල ඉසිවරයාට වන්දනා කොට ඔහු කියූ විදිහට ම ගොහින් ඒ ඒ තැන්වල නගර සාදාගෙන වාසය කළා. මහණෙනි, දේවදත්ත බොරු පවසා මහ පොළොව පලාගෙන ගියේ මේ ආත්මේ විතරක් නොවේ. මහණෙනි, එදා කපිල බ්‍රාහ්මණයා කොතෙකුත් වළක්වන්ට මහන්සි ගත්තත් තමන් සිතාගත් බොරුව ම පවසා පොළොවේ ගිලී නිරයේ උපන් චේතිය රජු වෙලා සිටියේ දේවදත්ත. එදා කපිල බ්‍රාහ්මණයා වෙලා සිටියේ මම” ය කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා. සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom