ඔන්න එකෝමත් එක රටක හිටිය මහ බොරුව කියල මිනිහෙක්. මිනිහගෙ පුතා පුංචි බොරුව. දවසක් මේ දෙන්න ගියා කැලේට ඉනි කපන්ට. තාත්තා ඉනි කපනව. පුතා එකතුකරනව. දෙන්න ඉනි කප කපා ගගක් ලගට ආව. පුංචි බොරුව මේ ගග ගලන්නෙ කොහාටද කියල තාත්තගෙන් ඇහුව. තොපෙ අම්මලගෙ ගෙදරට කියල තාත්තා කිව්ව.
තාත්තා කෝ කපල ඉවරවෙලා කෝ මං කපපු ඉනි කියල ඇහුව. උඹ කිව්වෙ ගග අම්මගෙ ගෙදරට ගලනව කියල. මං ඒව ඔක්කොම ගගට දැම්ම. පුතා උත්තර දුන්න. තාත්තාට මරු කේන්තියක් ආව. උඹත් අම්මගෙ ගෙදරින් ගොඩවෙයන් කියල පුතාව උස්සල ගගට විසිකළා. ගගේ ගසාගෙන යන පොඩි එකා එක පාරටම කෑ ගහන්ඩ ගත්ත. තාත්තෙ ලූලෙක් ලූලෙක්....
මහ බොරුවා ගගට පැන පුතාව ගොඩට ගත්ත. උඔනම් මහ බොරුවගෙම පුතා කියමින් පුතාව ගෙදර එක්කරගෙන ගියා.
මහ බොරුවා දේශපාලනය කරන්ඩ ගත්ත. කාලයක් දේශපාලනේ කරල වමේ පක්ෂෙක නායකයෙක් වෙන්ඩ මහ බොරුවට පුලූවන් වුනා. මිනිහ දවසක් රට ගියා. රට ගිහින් එද්දි පත්තර කාරයෝ ගුවන් තොටු පොළ්දි අහනව මහ බොරුව සහෝදරයා හැබෑටම කොහෙද ගියෙ කියල. මම ගියා මැතිවරණයෙන් පැරදුනාට පස්සෙ ජනාධිපතිට පැනල යන්ඩ රටක් හොයන්ඩ කියල මහ බොරුව කිව්ව. ඉතින් එහෙම රටක් හොයා ගත්තද කියල පත්තරකාරයෙක් ඇහුව. අනේ එක රටක්වත් අපේ ජනාධිපතිව බාරගන්ඩ කැමති නෑනෙ මහ බොරුව කිව්ව.
රට ගිහින් වෙන මොනාද කරගත්තෙ කියල රිපෝටර් කෙනෙක් ඇහුව. ඩික්ටේටර්ව බලයට ගෙනාවෙත් ජිඑස්පි ප්ලස් සහනය දීමට යුරෝපා සංගමය කැමති කරවා ගත්තා කියා මහ බොරුවා කිව්ව.
මහ බොරුවාව කැදවාගෙන යන්න ගුවන් තොටුපළට ඇවිත් ඉන්න සහෝදරවරුන්ට මාර සතුටක්.
හැබෑටම සහෝදරය ඔබව ඔය ගියා කියන රටවල රාජ්‍ය නායකයින්ව අදුනන0වද එකෙක් ඇහුව. මහ බොරුව කියනව මොනා ද සහෝදරවරු මේ කියන්නෙ
ජර්මන් චාන්සලර් මට රතු පලසක් දැම්ම. ඉතාලි ජනාධිපති කමිසයක් අරන් දුන්න. ඩෙන්මාර්කයෙ නායකයා තමා මං ඇදලන ඉන්න යට කලිසම අරන් දුන්නෙ. ප‍්‍රංශ නායකයා සපත්තු කුට්ටම අරන් දුන්න.
මහ බොරුව සහෝදරයාට ජයවේවා සොල්හයිම් ජයවේවා කියමින් සහෝදරවරු මහ බොරුවාව එක්කරගෙන ගෙදර ගියා.