බොරු අල්ලන අළුත් ම තාක්‍ෂණය Lie Detector

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බොරු අල්ලන අළුත් ම තාක්‍ෂණය Lie Detector

බොරු අල්ලන අළුත් ම තාක්‍ෂණය


ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්‍ෂණ ක‍්‍රමයක් විiාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.
ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්‍ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප‍්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ‍්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

අසත්‍යයක් පවසන විටකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් මෙම උපකරණය මගින් එම වෙනස්වීම් පෙන්වන බවත් පවසන ඔවුන්, මෙම දත්ත වලට අමතරව මුහුණේ හැඟීම් වර්ග කරන වෙනත් පද්ධතියක දත්ත ද සමග පරිඝණයකට ඇතුළත් කරන බව පවසයි.

මෙම සියළුම දත්ත සැලකිල්ලට ගනිමින් පරීක්‍ෂනයට භාජනය කරන පුද්ගලයා පවසන දෑ වල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරනු ලැබේ.

මේ වසර අවසානය වන විට මෙම තාක්‍ෂණය බි‍්‍රතාන්‍යයේ ගුවන්තොටුපලක් සඳහා ද යොදගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    බුහහා .......

    ඒසී රූම් එකක ප්‍රස්න ඇහුවොත් අහුවෙනවා බොරු

    බයිද වේ ලංකාවේ එහෙම ඕක ආවොත් අනාතයි , ඇයි ඉතිං ප්‍රස්න කරන්න කියලා පොලිසිය ඇතුලට යන එකා යන්නේම බයෙන් හීතල වෙලා නේ :lol: