බොරු දේශප්‍රේමය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බොරු දේශප්‍රේමය

මාත් එක්ක මොන්ටිසෝරි ගිය
මාත් එක්ක ඉස්කෝලේ ගිය
මගේම අඹ යාළුවා
එදා මාත් එක්ක මෙහෙම කිව්වා



“අපි නම් කවදාවත් උඹලා වගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ.
උඹලා වගේ කළු සුද්දෝ වෙන්නේත් නැහැ
උඹලා වගේ අධිරාජ්‍යවාදීන්ට කත් අදින්නේත් නැහැ
මතක තියාගනින්,
අපි අපේ ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න ලෑස්තියි
අනික අපි කවදාවත් උඹලා වගේ ඩොලර්වලට යටවෙන්නේත් නැහැ*



ඒත් අද ඌ
සුද්දා හදපු ෆේස්බුක් එකේ වෝල් එකට ඉංග්‍රීසියෙන් මෙහෙම ලියනවා




“ මචංලා මම අද ජොබ් එකකට යනවා
මම වැඩකරන්නේ ඇමෙරිකන් කම්පැනියක බ්‍රාන්ච් එකක
එතන හුඟක් ඉන්නේ අපේ අය
අනික අපි වගේ අය තමයිලු හොයන්නේත්
මොකද එතකොට එයාලගේ සල්ලි ඉතුරැයිලු
මට සල්ලි ලැබෙන්නේත් ඩොලර්වලින් මචං*



ඉතින් මම ගත්තා කෝල් එකක්
මගේ අඹ යාළුවට සුබ පතන්න
මම කිව්වා විෂ් යූ ඕල් ද බෙස්ට් කියලා
ඒත් එතකොටම ඌ බැනගෙන බැනගෙන ගියා
“උඹලට සිංහලෙන්වත් සුබපතන්න බැරිද කියලා මගෙන් ඇහුවා*
හැබැයි අන්තිමට ඌ
බුදු සරණයි කියන්න අමතක කළේ නැහැ
 

Chanaka_94

Member
Jan 26, 2014
100
6
0
කන්දක් උඩ
හොක් හැමතැනම ඔක තමා බං දැන් දකින්න තියෙන්නෙ,එ අස්සෙ අපි වගේ උං දෙතුන් දෙනෙක් වත් ඉන්නවා.
 

Chanaka_94

Member
Jan 26, 2014
100
6
0
කන්දක් උඩ
reputation_neg.gif
බොරු දේශප්‍රේමය 02-02-2014 04:09 PM kalisam edan iscole yana eka nawattamu
අඩෝ උඔ හිතුවාද කලිසම කියන්නෙ සුද්දාගේ රෙද්දක් කියලා,උඔට වැරදිලා