බෝතලය රු.972,000යි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රුපියල් හතළිස් අටලක්‍ෂ හැටදහසක් වටිනා මත්පැන් බෝතල් 5ක් සමග අවුරුදු 30ක් වු Nee සහ අවුරුදු 23 ක්වු Fui නැමති මැලේසියානු ජාතික කාන්තාවක් සහ තරුණයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම ඊයේ කර ඇත.

    මොවුන් කොළඹ කොටුව ප‍්‍රදේශයේ සුපිරි හෝටලයක නැවතී සිට ඇති අතර ලංකාවට පැමිණ ඇත්තේ 2014 අගොස්තු 19 වනදාය.

    එසේ පැමිණ තරුපහේ හෝටල් වලින් ඉතා වටිනා මත්පැන් බෝතල් ව්‍යාජ ක්‍රෙඩිටිකාඩි මගින් ලබා ගැනීම සිදු කර ඇත.

    කොළඹ නගරයේ පිහිටි තරුපහේ හෝටල් 05කින් Louis Xiii වර්ගයේ මත්පැන් විශේෂයක් බෝතල් 05ක් ව්‍යාජ ක්‍රෙඩිටිකාඩ් පත් මගින් ලබා ගෙන තිබේ.

    මෙම වර්ගයේ එක් බෝතලයක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් (972,000) රුපියල් නවලක්‍ෂ හැත්තෑ දෙදහසකි.

    අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මොවුන් භාරයේ තිබු මත්පැන් බෝතල් 05 සොයා ගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් (4,860,000) හතළිස් අට ලක්‍ෂ හැටදහසකි.

    එමෙන්ම ඔවුන් භාරයේ තිබී ව්‍යාජ ක්‍රෙඩිටි කාඩ්පත් 25 ක්ද සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද (21) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මීට පෙරද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති නිසා විදේශිකයින් විසින් ක්‍රෙඩිටිකාඩි පත් මගින් කරන ගනුදෙනු වලදී වැඩි අවධානයකින් සිටින ලෙස ලාංකික ව්‍යාපාරික ස්ථාන වල මුදල් අයකැමිවරුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.

    louis-xiii-cognac.jpeg

    53292_1_468.jpeg

    උපුටා ගැනීම
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඔතනින් අන්තිමට බෝතල් කීයක් රාජ සන්තක වෙන්න ඉතුරු වේවිද දන්නේ නැ ...:P:P:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔතනින් අන්තිමට බෝතල් කීයක් රාජ සන්තක වෙන්න ඉතුරු වේවිද දන්නේ නැ ...:P:P:P

    රාජසන්තක කරන්නේ නැහැ බන් මම දන්නා කියන විදියට.... විනාස කරනවා. මොකෝ දැන් ඔය කුඩු ලැබුනම රාජසන්තක කරලා, ඊට පස්සේ වෙන්දේසියේ දාල විකුනන්න්ද?
    :angry::angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කසියා ගහන එකෙකුට දුන්නානම් ඌ එක හුස්මට ගහයි. 972000ක් කුඩු.. අන්තිමට ඒත් වෙරි.. 100 සිලිසිලි බැග් එකේ කසියත් වෙරි..
     
    නැ, මචන්. ඔවා විනාශ කරන්නේ නැ. ඉල්ලීගල් බඩු නෙමෙයිනේ.. ඔතන වන්චාව හොර ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගත්තු එක මිසක් අරක්කු නෙමෙයිනේ.. ඔවා ඔක්ශන් දානවා..නැත්තම් ඉන්ශුවරන්ස් කම්පැනි වලට ගන්නවා ක්‍රෙඩිට් කාඩ් ෆ්‍රෞඩ් නිසා..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කසියා ගහන එකෙකුට දුන්නානම් ඌ එක හුස්මට ගහයි. 972000ක් කුඩු.. අන්තිමට ඒත් වෙරි.. 100 සිලිසිලි බැග් එකේ කසියත් වෙරි..

    ඔව් උබ කියන එක 100% ඇත්ත නමුත් බන් පහුවෙනිදට තමයි වෙනස අගට දැනෙන්නේ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැ, මචන්. ඔවා විනාශ කරන්නේ නැ. ඉල්ලීගල් බඩු නෙමෙයිනේ.. ඔතන වන්චාව හොර ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගත්තු එක මිසක් අරක්කු නෙමෙයිනේ.. ඔවා ඔක්ශන් දානවා..නැත්තම් ඉන්ශුවරන්ස් කම්පැනි වලට ගන්නවා ක්‍රෙඩිට් කාඩ් ෆ්‍රෞඩ් නිසා..

    හ්ර්ම් මමනම් අහල නැත එකයි මම කිවුවේ......
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    රාජසන්තක කරන්නේ නැහැ බන් මම දන්නා කියන විදියට.... විනාස කරනවා. මොකෝ දැන් ඔය කුඩු ලැබුනම රාජසන්තක කරලා, ඊට පස්සේ වෙන්දේසියේ දාල විකුනන්න්ද?
    :angry::angry::angry::angry::angry:

    විනාස කරන්නේ මොකටද?

    මේ කුඩු නෙමෙයිනේ? නීති විරෝදී මත ද්‍රව්‍යක් නෙමෙයිනේ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    විනාස කරන්නේ මොකටද?

    මේ කුඩු නෙමෙයිනේ? නීති විරෝදී මත ද්‍රව්‍යක් නෙමෙයිනේ...

    හරි මට කියපන් රාජසන්තක කරලා මොකද කරන්නේ කියලා මේවට?
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    හරි මට කියපන් රාජසන්තක කරලා මොකද කරන්නේ කියලා මේවට?

    එක ඉතින් දන්නේ අදාල නිලදාරියෝ තමයි... :P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි මට කියපන් රාජසන්තක කරලා මොකද කරන්නේ කියලා මේවට?

    එක ඉතින් දන්නේ අදාල නිලදාරියෝ තමයි... :P:P:P
    contraband items(ඩ්‍රග්ස්, බයොහසාඩ් අයිටම්ස්, කොරන්ටීන් අයිටම්ස්, ) තමා විනාශ කරන්නේ.ගිනි අවි නම් නිශ්ක්‍රීය කරලා රාජ්ය් ආකර්ශක අමාත්යන්ශයේ අනුමැතිය ඇතුව වැලිසර තියන නාවික හමුදාවේ අවි ගබඩාවට බාර දෙනවා. සත්තු වගේ ජාතියක් නම් සත්තුවත්තට දෙනවා. වාහන හො වාහන පාට්ස් නම් කස්ටම් එකේ උන් වැලියු කරලා මොටර් රතවාහන ඒකේ උන් ඉස්පෙක්ශන් කරලා ඔක්ශන් දානවා. හයි වැලියුඩ් අයිටම්ස් මේ වගේ ඒවා ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනනවා. ඒ ලැබෙන මුදල් මහා බාන්ඩාගාරයට යැවෙනවා. ඒකයි ක්‍රමේ..
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    contraband items(ඩ්‍රග්ස්, බයොහසාඩ් අයිටම්ස්, කොරන්ටීන් අයිටම්ස්, ) තමා විනාශ කරන්නේ.ගිනි අවි නම් නිශ්ක්‍රීය කරලා රාජ්ය් ආකර්ශක අමාත්යන්ශයේ අනුමැතිය ඇතුව වැලිසර තියන නාවික හමුදාවේ අවි ගබඩාවට බාර දෙනවා. සත්තු වගේ ජාතියක් නම් සත්තුවත්තට දෙනවා. වාහන හො වාහන පාට්ස් නම් කස්ටම් එකේ උන් වැලියු කරලා මොටර් රතවාහන ඒකේ උන් ඉස්පෙක්ශන් කරලා ඔක්ශන් දානවා. හයි වැලියුඩ් අයිටම්ස් මේ වගේ ඒවා ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනනවා. ඒ ලැබෙන මුදල් මහා බාන්ඩාගාරයට යැවෙනවා. ඒකයි ක්‍රමේ..

    එල එල එල
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    නැ, මචන්. ඔවා විනාශ කරන්නේ නැ. ඉල්ලීගල් බඩු නෙමෙයිනේ.. ඔතන වන්චාව හොර ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගත්තු එක මිසක් අරක්කු නෙමෙයිනේ.. ඔවා ඔක්ශන් දානවා..නැත්තම් ඉන්ශුවරන්ස් කම්පැනි වලට ගන්නවා ක්‍රෙඩිට් කාඩ් ෆ්‍රෞඩ් නිසා..

    කවද වගේ
    ඔක්ශන් දායිද දන්නෙ නෑ නේ ද බං ......