බෝධි පූජාව යනු කුමක්ද?
බෝධි පූජාව සිදුකරන්නේ කුමක් පදනම් කරගෙනද?
බෝධි පූජාව යනු සියලු දෙනාටම සෙත ශාන්තිය උදාකරන උතුම්ම ආශිර්වාද පූජාවයි. එක් එක් ආගම්වල ජනසමාජවල ආශිර්වාදය සඳහා විවිධ පුදපූජා හා ඇදහිලි දකින්නට ලැබේ. එම ශාන්තිකර්ම විවිධ හේතු කාරණා මුල්කරගෙන සිදුකරනු ලබයි. බෝධි පූජාව සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ උපදවාගත් ඥාණසම්භාරය හා බුදුගුණ සිහිපත් කරගෙනය. එසේම ඒ උතුම් ඥාණසම්පත්තිය උපදවා ගැනීමට උපකාරීවූ ඇසතු වෘක්ෂයට වන්දනා කිරීම හා පුද පූජා පැවැත්වීමද කරනු ලබයි.
එක් එක් බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා
මේ වෘක්ෂය බෝගස යනුවෙන් හැඳින් වුවත් එහි නම ඇසතුය. ගෞතම බෝසතාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ වූයේ ඇසතු වෘක්ෂයයි. අනෙක් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි වෘක්ෂ විවිධය.
- තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය රුක්අත්තන ගසය.
- මේධංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය කෑල ගසය.
- සරණංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය පළොල් රුකය.
- කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ බෝධිය සල් ගසය.
- මංගල බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
- සුමණ බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
- රේවත බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
- සෝභිත බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
- අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය කුඹුක් ගසය.
- පදුම බුදුරජාණන් වහන්සේගේ බෝධිය මුරුත ගසය.
- නාරද බුදුරජාණන් වහන්සේගේ බෝධිය මුරුත ගසය.
- පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධිය සල් ගසය.
- සුමේධ බුදුරජාණන් වහන්සේගේ බෝධිය බක්මී ගසය.
- සුජාත බුදුරජාණන් වහන්සේගේ බෝධිය හුණ ගසය.
- පියදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය කුඹුක් ගසය.
- අත්ථදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය සපු ගසය.
- ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය රත්කරව් ගසය.
- සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ බෝධිය කිහිරි ගසය.
- තිස්ස බුදුරජාණන් වහන්සේගේ බෝධිය පියා ගසය.
- ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ බෝධිය නෙල්ලි ගසය.
- විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය පුලිල ගසය.
- සි‚ බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇටඹ ගසය.
- වෙස්සභු බුදුරජාණන් වහන්සේගේ බෝධිය සල් ගසය.
- කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය නුග ගසය.
- කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ බෝධිය දිවුල් ගසය.
- කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධිය මහරි ගසය.
එසේම අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධි වෘක්ෂය වන්නේ නා ගසය.
බුදුවරු බුදු වන ස්ථානය
ඉහත සඳහන් සියලු වෘක්ෂයන්ට බෝගස යනුවෙන් නම් වූයේ බෝසතාණන් වහන්සේ තමන් එම වෘක්ෂ සෙවණේ වැඩහිඳිමින් උතුම් වූ බුදු පදවිය ලබාගත් නිසාය. බෝධි යන වචනයේ නියම අර්ථය වන්නේ නිවැරැදි වූ පැහැදිලි වූ සම්පූර්ණ වූ දැනීමය. නිවැරැදි අවබෝධය හා පැහැදිලි ලෙස ප්‍රකෘතිය සම්පූර්ණයෙන් පෙනෙන බලවත් වූ තියුණු නුවණය. සියලු මහා බෝධිසත්ත්වයන් බුදු බව ලබන විශේෂ ස්ථානයක් මේ මහපොළොවේ ඇත්තාහ. ඒ විශේෂ වූ ස්ථානයට බෝධි මණ්ඩලය යෑයිද කියනු ලැබේ. එය රිදීපාට වැලියෙන් වැසුණු ස්ථානයක් හා එම ස්ථානයට කිසිවකුට ඇතුල්විය නොහැකි ආකාරයට ප්රාකාරයක් මෙන් වටවී ගස්වැල් ඇති බව කාලිංග බෝධි ජාතකයේ සඳහන්ව ඇත. එම ස්ථානයෙන් දෙවියකුට හෝ බ්රහ්මයකුටවත් උඩින් යැමේ හැකියාව නැත. එය එතරම්ම අනුහස් ඇති බව දක්වා තිබේ. එම ස්ථානය දඹදිව මධ්‍ය දේශයේ නේරංජනා ගඟට නුදුරු තැනක පිහිටා ඇති බව දැක්වේ. සියලු බුදුවරයන් වහන්සේලා ලොව්තුරා බුදු බව ලබන්නේ යම්කිසි ගසක් මුලදීය. ලොව්තුරා බුදු වීමට ආධාර වීම සඳහා ඒ ඒ බුදුවරයන් වහන්සේලා වෙනුවෙන් එම වෘක්ෂයන් මහබෝසතාණන් වහන්සේ උපදින දිනයේම හටගනී. සිදුහත් කුමාරයාණන් උපත ලැබූ දිනයේ ඉහත දැක්වූ බෝධිමණ්ඩලයේ ඇසතු ගස පැන නැඟිණ. මීට පෙර ඇසතු වෘක්ෂයක් මුලදී කිසිදු බුදුවරයන් වහන්සේ නමක් බුදු බව ලබා නැත.
ඇසතු ගස බෝ ගස වූ හැටි
අප මහ බෝසතාණන් වහන්සේ වසර හයක්ම දුෂ්කරක්‍රියා කොට වෙසක් පුණු පොහෝ දිනයක අජපාල නම් නුගරුකක් මුල වැඩහිඳ සුජාතා නම් සිටුදුව පූජාකළ කිරිපිඬු වළ¹ සමවත් සුවයෙන් වැඩහිඳ සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙළ කරන ලද මාර්ගයේ ඇසතු වෘක්ෂය කරා වැඩම කළහ. එම අවස්ථාවේ පෙරමගට ආවාවූ සොත්ථිය නම් බමුණකු බුදුරජාණන් වහන්සේට වැඩහිඳීම සඳහා කුසතණ මිටි අටක් පිළිගැන්වූයේය. ඒවා ගවයන්ට ආහාර සඳහා ගෙනයන දෙයක් නොව මෙට්ටයක් වශයෙන් සාදා ගැනීමට ඇති වියළි තණය. එම තණ මිටි අට ගෙන ඇසතු වෘක්ෂයේ නැගෙනහිර පැත්තේ හෙළුහ. එම තණවලින් තුදුස් රියන් අසුනක් සැකසිණි. අනතුරුව උන්වහන්සේ ඇසතු වෘක්ෂයට පිටදී නැගෙනහිර දිසාවට මුහුණලා වැඩසිටි සේක. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් අතීත ජාති පිළිවෙළ දැකීමට සමත් පූර්වේනිවාසානුස්මෘති ඥනය උපදවා ගත්හ. අනතුරුව පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට සකල ක්ළේශයන් ප්රහාණය කිරීමට සමත් අර්හත් මාර්ග ඥනය උපදවා ගත්හ.
ඒ සමගම සියල්ල දැකගැනීමේ ඥානය වන සර්වඥතා ඥනය හා දශබල ඥනාදී සකල බුද්ධගුණයන් උපදවා ගත්හ. ඒ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්වීමය. මේ ආකාරයෙන් කිසිදු පුද්ගලයකුට ළඟාවිය නොහැකි උතුම් වූ ඥනශක්තීන් උපදවා ගත් නිසා ලෝකයෙන්ම ශ්‍රේෂ්ඨත්වයට පත්වූහ. දෙවියන් බඹුන් ඇතුළු සියලු දෙනාගේ ගරුබුහුමනට ලක්වූහ. ඇසතු වෘක්ෂය මුලදී ඒ සියලු ඥනයන් උපදවාගත් නිසා බෝගස යනුවෙන් හඳුන්වන්නට වූහ.
බුදුහිමි වැඩසිටි සමයේම බෝධි පූජා පැවැත්වූ අයුරු
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේම බෝධියක් රෝපණය කර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කළහ. බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් ඡේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවල එන පිරිස යන්නේ අසතුටින්ය. ඒ නිසා අනේපිඬු සිටුතුමා හා ආනන්ද හිමියන් සාකච්ඡා කර බෝධියක් රෝපණය කළොත් සැදැහැවතුන් ගෙනෙන මල් හා සුවඳ වර්ග බෝධියට පුදා සිත සතුටින් ආපසු යන බව සිතූහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ඡේතවන දොරටුවෙහි බෝධියක් රෝපණය කළේය. ආනන්ද හිමියන් මුල්වී එම සත් ක්‍රියාව සිදු කළ නිසා එය ආනන්ද බෝධිය නම් විය.
බෝධීන් වහන්සේ රාජ්‍යත්වයෙන් පිදීම
ධර්මාශෝක අධිරාජයාණන් ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවන අවස්ථාවේ එහි සිදුවූ අසිරිමත් පෙළහර දුටු එතුමා අතිශය ප්‍රීතියට පත්ව බෝධීන් වහන්සේ දඹදිව රාජ්‍යයෙන් පුදමියි අභිෂේක කළේය. පසුව ඇවිදිමින් තැන් අටකදී ඇඳිළිබැඳ බෝධිය ප්රදක්ෂිණා කළේය. බෝධි ශාඛාව ගැනීම සඳහා සත්‍යක්‍රියා කළේය. එකෙණෙහිම රන්කටාරමෙහි බෝධි ශාඛාව පිහිටියේය. එම අවස්ථාවේ නොයෙක් අසිරිමත් පෙළහර සිදු විය. එහි සිටි දෙව් බඹුන් සදු නාද පැවැත්වූහ. නැවතත් අශෝක අධිරාජයාණන් බෝධිය රාජ්‍යයෙන් පුදා අභිෂේක කළේය. ගරුසත්කාර කරමින් බෝධිපූජා පැවැත්වූහ.
බෝධි ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීම සඳහා සියලු කටයුතු සංවිධානය කළේය. අශෝක අධිරාජයන් තම ගී්රවය දක්වා ජලයට බැස සංඝමිත්තාවන් ඇතුළු පිරිසට බෝධීන් වහන්සේ භාරදුන්හ. එම අවස්ථාවේ මහා අරිට්ඨ කුමරුන් ඇතුළු සියලු දෙනාටම රජතුමා මෙසේ කීහ. "මම බෝධීන් වහන්සේ දඹදිව රාජ්‍යයෙන් තුන්වරක් පිදුවෙමි. මාගේ මිත්‍ර රජතුමාද එසේ කෙරේවා"යි කීය.
දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීම
උදුවප් පුර පොහෝ දින බෝධීන් වහන්සේ සහ නැව ලක්දිව දඹකොළ පටුනට පැමිණියේය. නැව වෙරළට ළං වූ පසු දෙවනපෑතිස් නරනිඳු තම ගෙල දක්වා ජලයේ බැස බෝධි වෘක්ෂය පිළිගත්තේය. එදා සිට ලක්දිව සියලු රටවැසියන් සතුටින් කාලය ගත කළහ. බෝධීන් වහන්සේ වෙනුවෙන් ගෞරවයෙන් සැදැහැයෙන් යුතුව පුදසත්කාර කළෝය. දැනට ශ්‍රී ලංකාද්වීපයේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව ජයශ්‍රී මහා බෝධියටත් වඩා පැරණිය. එයට හේතුව දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කලින් කලට සතුරු උපද්‍රවවලට ලක්වීම නිසාය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී,
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවේදී,
ගෝණදෙණියේ සීවලී හිමි