යුද්ධයේදී ඇත්ත සහ බොරුව: මේ දිනවල පැතිරෙන ප්‍රචාරණ යුද්ධය
මේ දිනවල මැදපෙරදිග අර්බුදයත් එක්ක ඉරානය විසින් පතුරුවා හරින ලද ප්‍රධාන පෙළේ "පච" හෙවත් අසත්‍ය ප්‍රචාර කිහිපයක්ම අපිට අහන්න ලැබුණා. ඒ මොනවාද කියලා අපි බලමු:
ඇයි මෙහෙම බොරු කියන්නේ?
ඇත්තටම යුද්ධයකදී මේ වගේ අනිත් පාර්ශ්වයට විශාල හානියක් සිදුවුණා යැයි කියමින් "පච නිෂ්පාදනය කිරීම" හෙවත් අසත්‍ය තොරතුරු වැපිරීමත් යුද්ධයේම එක් ප්‍රධාන කොටසක්. තමන්ගේ හමුදාවේ සහ ජනතාවගේ ධෛර්යය කඩා වැටීම වළක්වා ගන්නත්, යුද්ධය සඳහා මහජන සහයෝගය දිගටම ලබා ගන්නත් මේ වගේ ප්‍රචාර ඉතාම අවශ්‍ය වෙනවා.
අපිට අපේ අතීතය දිහා බැලුවමත් මේක හොඳටම තේරෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද සමයේදී ප්‍රභාකරන් මියගිය බවට එකල තිබූ ආණ්ඩු විසින් වරින් වර බොරු පුවත් මැවූ හැටි අපිට මතකයි. ඒ වගේම අපේ පාර්ශ්වයට වුණු අලාභහානි අඩුවෙන් ප්‍රසිද්ධ කරලා, සතුරාට සිදුවූ හානිය දස ගුණයකින් වැඩිකරලා මාධ්‍ය මඟින් ප්‍රචාරය කළා.
ඕනෑම යුද්ධයකදී මේ විදිහට තොග පිටින් බොරු නිෂ්පාදනය වෙනවා. ඒ නිසා සමාජ මාධ්‍යවල හෝ ප්‍රවෘත්තිවල දකින හැමදේම ඒ විදිහටම පිළිගන්නේ නැතුව, ඒවා කිරා මැන බලලා "තාර බර" අඩුකරගන්න එක අපේ වගකීමක්.
ඉංග්‍රීසියෙන් "All is fair in love and war" (ආදරයේදී සහ යුද්ධයේදී සියල්ල සාධාරණයි) කියලා කියමනක් බිහිවෙලා තියෙන්නේ නිකම්ම කට කහනවට නෙවෙයි!
#IranIsraelConflict #WarPropaganda #FactCheck #MiddleEastCrisis #SocialMediaTruth