බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට

    බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට ලක්ෂ 50 ක්

    (ඉන්දිකා රාමනායක)
    ජාතික තවුහිත් ජමාද් ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ත‍්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග‍්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප‍්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දීමට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අද (23) අනුමැතිය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
    මෙම පුද්ගලයා ඉකුත් අපේල් 26 වැනි දින ලබාදුන් තොරතුරෙන් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග‍්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප‍්‍රදේශවල තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවිය.
    මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරු අනුව විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය , බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල, රසානික ද්‍රව්‍ය පිරවූ කෑන් අත්අඩංගුවට ගත්ත ද ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවු බවට මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම අනුමැතිය ලබා දුන් බව පොලිසිය කියයි.
    මොහු ලබාදුන් තොරතුරු පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා සැලකිල්ලට ගෙන එක් තොරතුරක්ට රුපියල් ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50 ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    photo and personal details ekkama dammanam wadath lesiy eelagata ISIS action eka ganna
     

    Similar threads