බෝම්බ පිලිගන්නා එකම නීතිය ගිනි ත්‍රිකෝණය

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
බෝම්බ පිලිගන්නා එකම නීතිය ගිනි ත්‍රිකෝණය

සැ.යු. -: මෙය හුදෙක් අද්‍යාපනික දැනුම උදෙසා පමණක් පලකරන ලිපියක් වන අතර මෙය Wikipedia සහ අනෙකුත් අන්තර්ජාල මූලාශ්‍ර මගින් ලබා ගත් තොරතුරු මත පදනම් වූ ලිපියකි!…

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට විශාල ලෙස සම්භන්ද වී සිටින්නේ බෝම්බයි ඉතින් අපි මේ බෝම්බ ගැන හොදින් දන්නා බෝම්බයක් සමග කතාබහ කර ලබා ගත් තොරතුරු ඔබ ඉදිරියේ තබන්නට මෙලෙස කටයුතු කරන්නෙමු.

බෝම්බයක් ගැන කතාව ආරම්භ කරන්න පෙර ඔයා දැන ගන්න ඕන ප්‍රධානම දේ තමා ගිනි ත්‍රිකෝණය මොකද මේක නිසා තමා රතිඤ්ඤා , නිලාකූරූ , කොටින්ම ගෙදර තියෙන ලිප උනත් පත්තු වෙන්නෙ🙂.

මේ ගිනි ත්‍රිකෝණය කියන්නේ අපිට ගිනි තියන්න අවශ්‍ය සාදක ගැන කියන සංකේතයක් විතරයි.මේකට අවශ්‍ය සාදක ඇත්තම කියනවනං පට්ට සරලයි.

ඔක්සිජන් (Oxygen)
දහනය වෙන්න දෙයක් (Fuel)
තාපය (Heat)


ඉතින් මේ සාධක තුනම තියෙනවා නං එතන ගින්නකට පැවැත්මක් තියෙනවා🙂.

සටහන -: රොකට් යානාවල Solid Rocket Boosters වල ඉන්ධනයක් ලෙස භාවිතයට ගනිනුයේ ඇලුමිනියම් අන්තර්ගත අමුද්‍රව්‍යයකි.මෙමගින් එයට අවශ්‍ය කරන විශාල තෙරපුම් බලය ඉතා ඉක්මනින් ලබා ගන්නට පුලුවනි.🙂
හරි දැන් ගිනි ත්‍රිකෝණය ගැන දන්න නිසා මම කියන්නම් මේක කොහොමද බෝම්බත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා.

බෝම්බයක් තුල සිදුවන්නේ විශාල ශක්තියක් එකවර නිදහස් කිරීමක්.ඒ කියන්නේ හරියට පිරිණු බස් එක්ක මුලු සෙනගම පොඩි ත්‍රීරෝද රථයකට දාමා එයින් එකවර මිනිසුන් සියල්ල එලියට අදිනවා වගේ දෙයක්.

බෝම්බයක නං මේකට පාවිච්චියට ගන්නේ විශාල ශක්තියක් මුදාහැරිය හැකි සංයෝගයි. ඒවා යොදා සම්පීඩනයට ලක් කිරීම මගින් කලින් කී පරිදි අදහාගත නොහැකි විනාශයක් සිදුකල හැක.

උදාහරණයකට

ඔක්සිජන් ලබාගන්න ඇමෝනියම් නයිට්‍රේට් , පොටෑසියම් නයිට්‍රේට් හෝ ඔක්සිජන් වැඩි වශයෙන් අන්තර්ගත වන සංයෝගයක්
ඉන්ධනයක් ලෙස හයිඩ්‍රෝකබන (පෙට්‍රල් , ඩීසල්) වැනි දෑ යොදා ගන්නවා
අවශය තාපය සපයා ගනුයේ ඩෙටනේටර් වලින්‍ ය.එය සිදුකරනුයේ ලිපක් ඇවිලීමට අවශය පළමු ගිනිපෙනෙල්ල ලබා දීම පමණි.

මේ ගිනි ත්‍රිකෝණයට අවශ්‍ය කරන සාධක ලබා දෙන ආකර අනුව සහ සංයුතින් අනුව එම බෝම්බ වලට කියන නම් වෙනස් වනවා සහ එයින් සිදුවන හානියද වෙනස් වනවා🙂.

කලින් බෝම්බ සහ යකඩ බෝල ලිපියද කියවා මේ සිදුවන හානිය ගැන යම් අවබෝධයක් ඔබට ලබා ගත හැක.

දැන් ඔයාලට තේරෙනවා ඇති මේ බෝම්බ කියනදේ ගිණි ත්‍රිකෝණය පමණක් නොව විද්‍යාව තුල අන්තර්ගත බොහෝ නීති පිලිපදිනා බව.

උපුටනය -: https://make.lk/බෝම්බ-පිලිගන්නා-එකම-නීති/
 

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    බෝම්බයක් පුපුරද්දි ප්‍රධාන වශයෙන් පිපුරුම් 2කක් වෙනවා කියනවා...පලවෙනි ඒකේදි පිපුරුමත් සමග රික්තයක් ඇතිවෙලා වටේ තියෙන දේවල් ඇද ගැනීමක් වෙනවා කියනවා..මේකෙ වෙන ඇත්ත සීන් එක පැහැදිලි කරන්ඩ දන්නෙ කව්ද :)
     

    Similar threads