“රාජපක්ෂලා යලිත් බලය ගැනීමට එල්ටීටීඊයේ කරේ නගී“ යනුවෙන් මීට දින දෙකකට පෙර පළ කළ ප්‍රවෘත්තිය සනාථ කරමින් ඊයේ අලුත්ගම බස්නැවතුම අසල ලයිට් කණුවක් අසල තිබී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි කිසිවෙකුටත් හානි සිදු නොවන නමුත් විශාල ශබ්දයක් පමණක් නිකුත් වන රතිඤ්ඤාවක් වැනි පුපුරණ ද්‍රව්‍ය සහ විද්‍යුත් පරිපථයක් සහිත කුඩා පෙට්ටියක් හමුවී තිබේ. එය ප්‍රමාණයෙන් අඟල් දෙක හමාරක් සහ අඟල් එක හමාරක් පමණ වී යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. ත්‍රී වීල් රියැදුරෙකු විසින් මෙම සැක කටයුතු පාර්සලය දැක පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිස් ගෙන්වා අලුත්ගම පොලිසියේදී මෙම පාර්සලය පුපුරුවා හරිමින් නිෂ්ක්‍රීය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මෙය ජනතාව බිය කිරීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දක් බවයි. පොලිසියේ ප්‍රකාශය මෙන්ම දින දෙකකට පෙර කී ප්‍රවෘත්තියද සනාථ කරමින් විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින් මේ ගැන ප්‍රචාරය කර තිබුනේ “මහින්ද යන මග දුරස්ථ පාලක බෝම්බයක් හමුවේ“ යනුවෙන් ව්‍යාජ මවා පෑමක් සමගය.
දින දෙකකට පෙර සඳහන් කළ “රාජපක්ෂලා යලිත් බලය ගැනීමට එල්ටීටීඊයේ කරේ නගී“ පුවතේ පසු සමීක්ෂනයන් අනුව මේ වන විට හෙලි වී ඇති පරාජිත රාජපක්ෂවරුන්ගේ සැලසුම් මෙසේය.
එළැඹෙන මැතිවරණයෙන් ලැබෙන නිසැක පරාජය නිසාම ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ සහභාගී වන රැළියකදී පවා මෙවැනි දුම් බෝම්බයක් පුපුරුවා ගනිමින් එය එල්ටීටීඊය කරන ලද්දකැයි මවා පෑමටත්, නව ආණ්ඩුව පැමිණීමෙන් පසු “ඕන්න එල්ටීටීඊය හිස ඔසවලා. මහින්ද රාජපක්ෂ මරන්න යනවා“ යන බොරුව සමාජ ගත කිරීමටත් මැදමූලන රාජපක්ෂ මෘගයන් සහ වහලුන් සූදානම්ව සිටී.
ඒ සඳහා ඔවුන් රාජපක්ෂ යුගයේදී ටීඅයිඩී සහ සීඅයිඩී අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨගේ සහාය ලබාගෙන තිබේ. මේ වන විටත් චන්ද්‍ර වාකිෂ්ඨ කුරුණෑගලට පැමිණ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ කූඨ ක්‍රියා මෙහෙයවමින් සිටී.
චන්ද්‍ර වාකිෂ්ඨ ටීඅයිඩී සහ සීඅයිඩී අධ්‍යක්ෂ වරයාව සිටියදී අල්ලා ගන්නා ලද එල්ටීටීඊ සැකකරුවන් සතුව තිබූ අවි ආයුධ සම්බන්ධයෙන් සටහන් තැබීමේදී සියළුම අවි ආයුධ පිලිබඳ සටහන් තබා නැත. කොටසක් සටහන් තැබීමෙන් තොරව සඟවා ගෙන ඇත. එසේ සඟවා ගන්නා ලද අවි ආයුධ අතර එල්ටීටීඊය සතුව තිබූ ක්ලේමෝ බෝම්බ, ඩෙටොනේටර්, අත් බෝම්බ, පිස්තෝල, ස්නයිපර් අවි, විවිධ උණ්ඩ, ආදිය වේ. රාජපක්ෂ රෙජීමයට ඝාතනය කිරීමට අවශ්‍ය වෙනත් පුද්ගලයන් ඝාතනය කළ පසු ඔවුන් එල්ටීටීඊ යැයි ලේබල් ගැසීම පිණිස පෙර කී සඟවා ගත් එල්ටීටීඊ අවි ආයුධ ඒ අසල දමා මරා දැමූවන් එල්ටීටීඊ යැයි පෙන්වා තිබේ.
මේ වන විට මෙකී අවි ආයුධ කොහේ කොතැන තිබේදැයි දන්නා කෙනෙක් නැත. නමුත් චන්ද්‍ර වාකිෂ්ඨ ඒ පිළිබඳව හොඳින් දනී. ඒ අනුව අද අලුත්ගම සිද්ධියට වඩා වැඩි සිදුවීම් වුව ඉදිරියේදී සිදුවීමට ඉඩ කඩ තිබේ.
පසුගිය 19 දා පළ කළ පුවතේ මෙසේද සඳහන් විය “ මහින්ද රාජපක්ෂට දී ඇති විශේෂ ආරක්ෂාව ඉවත් කර අනෙකුත් අපේක්ෂකයන් හා සමාන ආරක්ෂාවක් සහිතව සාධාරණව ඡන්දයට එන්නැයි ඉල්ලමින් විරුද්ධ පාර්ශව විසින් අධිකරණයට ගොස් ඇති අතර එයම වාසියක් කර ගැනීමට ද රාජපක්ෂවරු සැලසුම් කර තිබේ. ඒ අනුව තමන් සමග මේ වන විට එකට සිටින එල්ටීටීඊ හිටපු සාමාජිකයන් යොදවා තමන්ට කිසියම් ව්‍යාජ ප්‍රහාරයක් එල්ල කරගෙන එය විපක්ෂයේ දේශද්‍රෝහී වුවමනාවක් අනුව එල්ටීටීඊය කළ බව අඟවා ජාතිවාදී ඡන්ද මුලා කිරීමට ද රාජපක්ෂවරු සැලසුම් කර ඇත. මේ බව පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමේදී විමල් වීරවංශගේ කටින්ද එළියට පැන්නේය. වීරවංශ එහිදී කියා සිටියේ රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට කෑ ගහන උදවිය රාජපක්ෂට උණ්ඩයක් එවීමට සැලසුම් කරනවාදැයි නොදන්නා බවයි. දැනටමත් එල්ටීටීඊ හිටපු සාමාජිකයන් සමග එක පතේ කන රාජපක්ෂ සහ හොරු රැල අතින් සිදු වූ හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් ලෙස වීරවංශගේ ප්‍රකාශය සැලකිය හැකි බව දේශපාලන නිරීක්ෂකයෝ කියති. “
