බෝයි ෆේරෙන්ඩ්ස්ලා

aruna47

Well-known member
  • බෝයි ෆේරෙන්ඩ්ස්ලා

    ස්කෝලේ කාලෙන් පස්සේ දවසක් යාලුවෝ 4 දෙනෙක් අවුරුදු 30 කට පස්සේ හම්බ උනාලු.

    එක්කෙනෙක් ටොයිලට් එකට ගිය අතරෙ අනිත් තුන් දෙනා තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වයන් ගැන කථා කරනවා.

    No 1: මගේ පුතා ආර්ථික විද්‍යාව හදාරලා බෑන්කර් කෙනෙක් උනානේ මෙයා. දැන් එයා ගොඩක් පෝසත්. එයා එයාගේ හොදම යාලුවාට ‍‍‍ෆෙරාරි එකක් තෑගි කළා මේ ළගදි.

    No 2 : ඕ ඒමද? මගේ පුතා දැන් පයිලට් කෙනෙක්. එයාට එයාගෙම කියලා එයාර්ලයින් එකක් තියෙනවා. ඹයාලට කියන්න අනේ එයා දැන් මාරම පෝසත්. එයා එයාගේ හොදම යාලුවට ජෙට් එකක් තෑගි කළා.

    No 3: ඕව මොනාද අනේ. මගේ පුතා දැන් ඉන්ජිනියර් කෙනෙක්. එයා අලුතින් ඩිවලොප්මන්ට් කම්පනි එකක් දැම්මා. එයා එයාගේ හොදම යාලුවට මාලිගාවක් වගේ ලොකු ගෙයක් හදල දුන්නා.

    ඔන්න එතකොට හතරවෙනියා ටොයිලට් ගිහින් ආවා.

    No 4: මොනාද අනේ ඔයාලා මේ කියවා කියව ඉන්නේ.

    No 3: අපි මේ දන්නෙ නැද්ද මෙයා අපෙ පුතාලා ගැන කථා කර කර හිටියේ. ඉතින් ඔයාගේ පුතා මොනාද ඩාර්ලින් දැන් කරනේනෙ.

    No 4: ආ එයා ගේ (GAY) කෙනෙක්නේ.

    No 1: දෙයියනේ ඔයාට මාර දුක ඇති නේද මෙයා. අයියෝ .

    No 4: මොන පිස්සුද අනේ මට නම් මාර හැපි මගේ පුතා ගැන. ගිය සතියේ එයාගේ උපන් දිනේ තිබ්බනේ. එයාට ෆෙරාරි එකකුයි ජෙට් එකකුයි ලොකු මාලිගාවකුයි එයාගේ බෝයි ෆේරෙන්ඩ්ස්ලාගෙන් හම්බුනානේ
     
    • Like
    Reactions: theekshana777