බෝසත් සැමියෙක්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බෝසත් සැමියෙක්

    2m47udw.png
    ආදරය කොට එය විවාහයකින් කෙළවර කර ගත්තෝ වාසනාවන්තයෝය. එකට සිතන්නට, එකට සිනාසෙන්නට, එකට හඬන්නට, එකට වසන්නට එතැන් පටන් ඒ ආදරවන්තයින්ට පුළුවන. වසන්ත හා නන්දාවතීත් ඒ වාසනාව ලද යුවළක් වූයේ මීට වසර විසි එකකට පෙරය. ඒ සෙනෙහස් ලෝකය තවත් විකසිත වූයේ වසන්තගේත්, නන්දාවතීගේත් කැදැල්ලට පුංචි පුතු පැමිණීමත් සමගය. පුතුගේ ලෝකයේ රජුත් රැුජනියත් වී සිටි නන්දාවතී හා වසන්ත ළඟට කොහේදෝ තිබූ අවාසනාවක් ආවේ නොසිතූ ලෙසිනි.
    නන්දාවතී සදාකාලික රෝගියකු වූයේ ඔවුන්ගේ පුංචි පවුලේ සතුට ඉහිරවා දමමිනි. දෑතේ, ඇකයේ, ළමැදේ තබාගෙන හුරතල් කළ පුතු නන්දාවතීට ඒ නිසා හුරතල් කරන්නට බැරි වුණාය. ඒ අඩුපාඩුවටත් එක්ක කියා වසන්තටත් පුතු ළඟ එහෙමට රැුෙ`දන්නටවත් ඔහුව හුරතල් කරන්නටවත් වෙලාවක් නැතුව ගියේය. ඒ රෝගී බිරින්දෑව අත් හැරෙන්නට ඉඩ නොදී ඇයව බලාගන්නට සිදුවූ නිසාය. හිත දුකෙන් වුවත් ඔවුන් දරුවාට දුක් නොවිඳින ජීවිතයක් දෙන්නට තීරණයක් ගත්තේ ඔවුන්ගේ අවාසනාවට දරුවාද දුක් විඳිය යුතු නැති නිසාය. ඔවුන්ට හමුවූ ඉතාමත් කාරුණික යුවළකට ඔවුහු ”මලින්ද” පුතු දරුකමට හදාගන්නට දුන්හ. දෑත්, ඇකය, හිත්, පමණක් නොව වසන්තගේ මුළු ජීවිතයම හිස් වූවා සේ දැනුණත් නන්දාවතීට එවන් හැඟීමක්වත් නොදැනෙන්නට තරම් ඒ රෝගය හිතේ සංවේදී බව උදුරාගෙන තිබුණි. හිතා මතාම වසන්ත ඒ මතක අමතක කර ජීවන අරගලයේ යෙදෙයිි. ඒ මහ මගය. මහ මග කීවාට තැන තැන නොවේ. කොට්ටාවේ ම¥ෂි සැලෝනය ආසන්නයේ පදික වේදිකාවේය.
    ”මගෙ ගම වැලිමඩ කැප්පෙටිපොළ විදුරුපොළ. මගේ තාත්තා වඩුවැඩ කළාට අපිට හොඳට උගන්නන්න ඒ ගොල්ලන්ට ඕන වුණා. මම උසස් පෙළ කළේ ගණිත අංශෙන්. වැඩ හතරටම එස් හතරක් විතරයි හම්බ වුණේ. ඊට පස්සෙ මම මවුන්ට් රෝයල් බීච් හෝටලේ ස්ටෝර් කීපර් රස්සාව කළා.”
    වසන්ත සුදත් නීල් කුමාර ජීවිතයේ මුල් භාගය සාරංශයක් කොට කීවේ කොට්ටාවෙ පදික වේදිකාවේ ගිනි අව්වට කරවෙමිනි. විටින් විට ගමට පැමිණ යළි කොළඹ රැුකියාවට යන වසන්තව රැුකියාවත් අතහැර වීදුරුපොළ ගමේම රඳවා ගන්නට නන්දාවතීගේ හිනාව වශී බන්ධනයක් වුණේය.
    ”නන්දාවතී කියන්නේ මගේ තාත්තගෙ අයියගෙ දුව. මගෙ ඇවැස්ස නෑනා. අනූතුනේ, අනූහතරෙ අවුරුද්දෙ වගේ අපි දෙන්නගෙ සම්බන්ධෙ ඇතිවුණේ. මම නන්දාවතී එක්ක යාලූ වුණාට පස්සෙ මට එයාව ගමේ දාලා ආයේ කොළඹ යන්න හිතුණේ නෑ. ඒ හින්දා හෝටලේ රස්සාව නැතිවුණා. අපේ පැත්තේ ඕන තරම් අල වතුවල රස්සා තියෙනවා. මමත් අල වත්තක රස්සාවක් හොයා ගත්තා. ඊට පස්සෙ 96 අවුරුද්දෙ නන්දාවතීව කසාද බැන්දා. ඒ වත්තෙම අපිට පුංචි කාමරයක් හම්බ වුණා. අපි හුඟක් සංතෝසෙන් ජීවත් වුණා. ”
    ඔවුන්ගේ ලෝකයේ ඒ සතුට තවත් වැඩි වූයේ 97 වසර වෙද්දී නන්දාවතී අම්මා කෙනෙකු වන්නට සූදානමින් සිටි නිසාය. වසන්තගේ හිතේ නන්දාවතීට වූයේ අසීමිත ආදරයක් නිසා දරුවා ලැබෙන්නට සිටි නන්දාවතීට වසන්තගෙන් ලැබුණේ විසල් රැුකවරණයක් හා ආදරයකි. නන්දාවතීට ලැබුණේ පුතෙකි. ඒ මලින්දය. පුංචි පුතුගේ උණුසුමින්, හිනාවෙන්, හුරතලෙන් ඔවුන්ගේ ලෝකය පිරෙද්දි වසන්තට හා නන්දාවතීට ජීවිතයේ කිසිදු අඩුවක් දැනුණේ නැත. ඒත් ඒ සතුට ඔවුන්ගේ ලෝකයේ රැුඳුණේ අවුරුද්දක් දෙකක් පමණි.
    ”ඉස්සරවෙලාම නන්දාවතීගේ කටට තමයි මේ රෝගී තත්ත්වයේ ලක්ෂණ ආවේ. මම ඒ එක්කම එයාව බදුල්ල ඉස්පිරිතාලෙට එක්ක ගියා. නවත්තලා බෙහෙත් කළා. හරි ගියේ නෑ. ස්නායු ලෙඩක් කිව්වා හැදිලා තියෙන්නේ. මගෙ හිතට ලොකු බයක් ආවා. නන්දාවතීගෙ අම්මටත් ඔය ලෙඬේ තිබ්බා. අයියා කෙනෙකුටත් තිබ්බා. ඒ ගොල්ලො නම් බෙහෙත් කළේ නෑ. විඳව විඳවා හිටියා. මට ඕන වුණා කොහොමහරි බෙහෙත් කරලා නන්දාවතීව හොඳ කරගන්න.
    මම නන්දාවතීගේ තාත්තට කිව්වා මං නන්දාවතීව මැරෙනකල් බලාගන්නවා කියලා. පුංචි පුතයි, නන්දාවතියි එක්ක මං කොළඹ ආවා. ඒ ඇවිත් මීගොඩ ඕවිටිගමින් අපිට ඉන්න කුලියට කාමරයක් ගත්තා. ඒ ආවට මොන දෙයක් කරන්නත් සල්ලි ඕන. ගෙවල් කුලී කන්න බොන්න බෙහෙත් ගන්න යන්නත් සල්ලි හොයා ගෙන ඉන්න ඕනෑනේ. මට මේ ලෙඩාව තනියම ගෙදර තියලා රස්සාවකට යන්න තත්ත්වයක් තිබ්බෙ නෑ. ඒ නිසා තුන්දෙනාම එක්ක කොට්ටාවේ කොමර්ෂල් බැංකුව ළ`ගට වෙලා ඉඳගෙන අපේ දුක කිව්වා. ඔහොම ටික දවසක් ඉන්නකොට නන්දාවතීගෙ ඇඟටත් ටික ටික ලෙඬේ එන්න අරන් තිබුණේ. නිතර බැංකුවට එන නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි දවසක් අපි ළඟට ඇවිත් පුතාව දරුකමට හදා ගන්න ඉල්ලූවා. දුකේ බෑ. හරිම හුරතල් වයස. ඒත් ඇත්තම කිව්වොත් මටත් තේරිලා තිබ්බේ අපි හින්දා නොදරුවත් ඒ වෙනකොට නිස්කාරණේ දුක් විඳිනවා කියලා. ඒ හින්දා ඒ නෝනයි මහත්තයයි දෙයියො එව්වෙ කියලා හිතලා අමාරුවෙන් වුණත් හිත හදාගෙන කොට්ටාව පොලීසියේ ලියලා පුතාව හදාගන්න ඒ දෙන්නට අරන් යන්න දුන්නා. පුතා ගැන හිතලා එහෙම දුන්නට එදා කාමර කෑල්ලට ආවම පුතා නැති දුක දරන්න බැරි වුණා. එදාම අඬලා ඒ දුක නැතිකරගත්තෙ අපි අඬන්න, දොඩන්න බැඳීම් ඇතිකරගන්න ගියාම එයාට ලෝකයක් නැතිවෙයි කියලා. ”
    රෝගී බව නිසා නන්දාවතීට කිසිම දේක කල්පනාවක් නොතිබුණත් වසන්ත හැම දෙයක් ගැනම හිතුවේය. ඒත් ඔහුට කිසිම විටෙක නම් නන්දාවතී වදයක් කියා හැඟුණේ නැත. ඔහුට ඕනෑ වූයේ කෙසේ හෝ නන්දාවතී සුව කොටගෙන ආයෙත් සතුටින් ජීවත්වෙන්නයි.
    ”ඒත් අන්තිමට එයාගෙ මූළු ඇඟටම ඒ ලෙඬේ ආවා. හරියටම කරන්ට් වැදුණා වගේ දැඟලිල්ලක් තියෙන්නේ. හිටගත්තොත් නැටවෙනවා. ඉඳ ගත්තොත් ඔළුව හැම පැත්තටම වැනෙනවා. දවස පුරාම හැම තත්ත්පරයකම ඇඟ ගැහෙනවා. ඒ කාලේ කොට්ටාව පොලිසියේ හිටපු අයි. පී. කෝදාගොඩ මහත්තයා අපිට හුඟක් උදව් කළා. අපිව කළුබෝවිල රෝහලට යැව්වා. අදටත් නන්දාවතීට කළුබෝවිල රෝහලේ ඩොක්ටර් අර්ජුන ප‍්‍රනාන්දු මහත්තයාගෙන් බෙහෙත් කරනවා. මේක ස්නායු ලෙඩක් කිව්වා. මේ ලෙඬේට කියන්නේ ස්නායු දඩයම. Hungtionton’s chorea
    මම මීට අවුරුදු හය හතකට කලින් මීගොඩ ආයුර්වේදෙනුත් නන්දාවතීට බෙහෙත් කළා. ඒත් ලෙඬේ ටිකක්වත් හොඳ කරගන්න බැරිවුණා. දැන් අවුරුදු 19 ක් වෙනවා අපි කොළඹ ඇවිත්. පුතා හදාගන්න දීලාත් අවුරුදු 19 ක්. පුතා හදාගන්න ගත්ත නෝනත් තවම කතාකරනවා. උදව් ඕනද අහනවා. උදව් ඕන වුණත් මං ඒ ගොල්ලන්ගෙන් උදව් ඉල්ලන්නෙ නෑ. එතකොට පුතාව විකුණුවා වගේ වෙනවා. පුතාව ගන්න වෙලාවෙත් සල්ලි ඕනද ඇහුවා. මං එදාවත් ඒ නෝනලාගෙන් සල්ලි ගත්තේ නෑ. පුතත් ගණිත අංශෙන් උසස් පෙළට ලියලා දැන් රස්සාවකුත් කරනවලූ.”
    වසන්ත නොලැබුණු දේ ගැන දුක් වීම අතහැර බොහෝ කාලයකි. පුතෙකු සිටි බවත් ඔහු හදාගන්නට දුන් බවත් මතකයේ ඇතත් ඒ පුතා ගැන ඔහු දුක් වන්නේ නැත. ඔහුට ඇති එකම දුක නන්දාවතීය.
    ”වෙලාවකට හිතෙනවා වහ කුප්පියක් අරන් දෙන්නා එක්ක බොන්න. දුක් විඳින ජීවිතෙන් මෙතනම සමුගන්න පුළුවන් එතකොට. ඒත් ඒක තවත් පාපයක්. අපි මේ ගෙවන්නේ පහුගිය ආත්මෙක කරපු පාපයක්. ඒ හින්දා හිතුණට වහ බොන්න බෑ. අපි දෙන්නා හැම පෝයකටම පනාගොඩ කෑම්ප් එකේ පන්සලේ සිල් ගන්නවා. නන්දාවතිත් ඒකට කැමැතියි. අපි මොනවාහරි පාපයක් කරලා තියෙනවා නම් මෙහෙම හරි ඒ පව් ගෙවා ගන්න ඕන.
    අපිට උදව් කරන අය අතරේ හැමදාමත් හොයලා බලලා උදව් කරන කීප දෙනෙකුත් ඉන්නවා. ඒ එක්කෙනෙක් ළහිරු මහත්තයා. කොට්ටාවට සිමෙන්ති ගෙන්නන ඒ මහත්තයත් හැම මාසෙම අපිට රුපියල් දෙදාහක් දෙනවා නන්දාවතීට බෙහෙත් ගන්න. ඒ වගේම ම¥ෂි සැලෝන් එකේ අසංක මහත්තයා, අම්පාරේ හාමුදුරුවෝ, සිසිර පෙරේරා වැලිමඩ උපාලි වගේ මහත්තුරු කීප දෙනෙක් අපි ගැන හොයලා බලනවා. හැමදාම අපිව මීගොඩ ඉඳලා කොට්ටාවට ගෙනත් දාන්නෙත් හවසට එක්ක යන්නෙත් වසන්ත කියලා මල්ලි කෙනෙක් එයාගේ ත‍්‍රීවිල් එකෙන්. ඒ මල්ලිගේ නෝනා නැතිවෙලා. පිනට කියලා තමයි දැන් අවුරුදු හතරක් පහක් තිස්සෙ අපිට ඒ උදව්ව කරන්නෙ. උදේ 6.30 ට අපි ගෙදරින් එනවා. හවස 4 ට 5 ට විතර අපිව එක්ක යන්න එනවා. සමහර මිනිස්සු මට බැනලා යනවා නන්දාවතී අව්වෙ තියාගෙන හිඟාකනවා කියලා. නන්දාවතී තනියම තියන්න බෑ. ගැහෙනවා. එක තැන ඉන්නේ නෑ ගැහෙන හින්දා රූටලා යනවා. ඒ හින්දා නන්දාවතී ළඟ මම ඉන්න ඕන. මිනිස්සු කියන විදිහට හෙවණකට ගිහින් හිටියොත් කවුරුත් උදව් කරන්නෙ නෑ.
    අව්වෙ ඉන්න එක අපි දෙන්නටම අමාරුයි. හවසට ගෙදර ගිය ගමන් මං නන්දාවතීව නාවනවා. ඊට පස්සේ ? කෑම එක කවනවා. ඊට පස්සේ හැමදාම නන්දාවතීට දෙන බෙහෙත් පෙත්ත දෙනවා. බේත් පෙත්ත රුපියල් 48 යි. ඒක තමයි නන්දාවතීගේ එකම සැනසීම. ඒක බිව්වම පහුවදා උදේ එළිය වැටෙනකල් නන්දාවතී නිදි. කිසිම දැඟලිල්ලක් නෑ.”
    නන්දාවතී ජීවිතයේ සැනසිලිදායකම පැය ගණන ගෙවමින් නිදිසුව ලැබුවත් වසන්තට ඇහැ පියවෙනවා හොරය. ඔහුට හැම දෙයක්ම මතක් වෙමින් හිත අවදි වෙද්දි නෙතින් ද නින්ද දුරට ගොස් ඔහුගේ හිත රැුයේ පාළුවෙන් පුරවයි.
    ”මට ඕන මගේ ආදරේ අමරණීය කරන්නයි. මගේ ජීවිතේ තියෙනකල් මම මගේ නන්දාවතී බලාගන්නවා. කවදාහරි මට කලින් නන්දාවතී මැරුණොත් එයාගෙ අවසාන කටයුතු කරලා මාත් මැරෙනවා. ඒත් මං තාමත් හිතනවා මේ ඉරණම වෙනස් කරන්න පුළුවන් ද කියලා. කවුරු හරි නන්දාවතී හොඳ කරන්න පුළුවන් ජීවකයෙක් මේ මිහිපිට ඉන්නව නම් අපිට උදව් කරනවා නම් අපිට මේ දුක් ජීවිතෙන් මිදිලා ආයෙත් ගමට ගිහින් සතුටෙන් ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒත් නැත්තම් නන්දාවතීව නවත්තන්න පුළුවන් නිවාසයක් වගේ තැනක් තියෙනවා නම් මං එයාව නවත්තනවා. ඊට පස්සෙ මටත් රස්සාවකට යන්න පුළුවන්. සතියකට පාරක්වත් මට ඊට පස්සෙ නන්දාවතී බලන්න යන්නත් පුළුවන් නම් මේ දුක නෑ.”
    සාජහන් මුම්ටාස්මහල්ට බැඳි පෙම අමරණීය කළේ යමුනා ගං තීරේ ඉදිකළ ආශ්චර්යමත් ටජ්මහලෙනි. එවන් නිමැවුමකින් නොවුණත් වසන්තත් නන්දාවතීට බැඳි පෙම අමරණීය කරන්නට සිතන්නේ ඔහුට පුළුවන් පරිද්දෙනි. ඒ එදා සේම ඇයට අදටත් නොවෙනස්ව සලකමිනි. මේ අපූරූ ආදරවන්ත මිනිසාගේ ලෝකයට සතුටක් ගෙන දෙන්නට නන්දාවතී වෙනුවෙන් කාට හෝ යමක් කළ හැකිනම් එය ඔබ මෙන්ම වසන්තද මේ ජීවිතයේ ලබන මහාම පිනක් වනු ඇත.

    බියංකා නානායක්කාර
    ඡුායාරූප – කනිෂ්ක බැද්දේවෙල
    http://www.rivira.lk/online/2017/12/16/136597
     
    Last edited:

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Apita meyawa mahalu nivasayaka nawattanna barida. Monthly payment ekaknam karanna theyenne, we can do it neda?
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මේ දෙන්නා ඉන්නේ අපේ ගෙවල් ගාව. අපේ අක්කත් ඉස්සර වැඩට යන ගමන් පාරේදී දැක්කම ත්‍රීවීල් එකේ දාගෙන යනවා මීගොඩ බස් හෝල්ට් එකට වෙනකන්. ඊටපස්සේ 100ක් වත් දීලා තමා එයා යන්නේ. දැන් නම් දැක්කත් බලන්නේ නෑ මොකද මේ මිනිහා කරන්නේ හිඟා කන සල්ලි වලින් හැමදාම හවසට බොන එකයි සූදු කෙළින එකයි.
    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඒත් තාමත් කොට්ටාව කොමර්ශල් බැංකුව ඉස්සරහ හිඟා කනවා හැමදාම උදේ ගිහින්. ගෑනිව පෙන්නලා හිඟා කන්නේ මොකද දැක්කම ඕන මනුස්සයෙක් සල්ලි දෙනවා. මේ මිනිහා කරන්නේ හවසට ඒ සල්ලි වලින් බොන එක. අපේ ගෙවල් පැත්තේ කවුරුත් දැන් උදව් කරන්නේ නෑ ඒක නිසා. මේ මිනිහා කරන්නේ තනිකර බොරුවක්.
    :angry:

    අම්මගේ රෙද්ද බෝසත් :rofl::lol:
     
    Last edited:
    • Like
    Reactions: gamerlk

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Respectable person & they need help
    Share this as much as you can

    Gyzone ge kathawa eththanan ?????
    But machan a inna ammata aniwa help eka ona wenw

    වැඩක් නෑ මචං උදව් කරලා. මේ මිනිහගේ එකම ආදායම් මාර්ගය තමා ගෑනිව පෙන්නලා හිඟා කන එක. මොකද මිනිස්සු මාර විදියට සල්ලි දෙනවා. ඔච්චර වැඩිහිටි නිවාසෙක නවත්තන්න ඕන නම් ගමේ මිනිස්සු උදව් නොකර ඉඳී කියලා හිතනවද බං? දැන් අවුරුදු ගානක ඉඳන් ඕක ඔහොම තමයි වෙන්නේ :yes::yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේ දෙන්නා ඉන්නේ අපේ ගෙවල් ගාව. අපේ අක්කත් ඉස්සර වැඩට යන ගමන් පාරේදී දැක්කම ත්‍රීවීල් එකේ දාගෙන යනවා මීගොඩ බස් හෝල්ට් එකට වෙනකන්. ඊටපස්සේ 100ක් වත් දීලා තමා එයා යන්නේ. දැන් නම් දැක්කත් බලන්නේ නෑ මොකද මේ මිනිහා කරන්නේ හිඟා කන සල්ලි වලින් හැමදාම හවසට බොන එකයි සූදු කෙළින එකයි.
    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඒත් තාමත් කොට්ටාව කොමර්ශල් බැංකුව ඉස්සරහ හිඟා කනවා හැමදාම උදේ ගිහින්. ගෑනිව පෙන්නලා හිඟා කන්නේ මොකද දැක්කම ඕන මනුස්සයෙක් සල්ලි දෙනවා. මේ මිනිහා කරන්නේ හවසට ඒ සල්ලි වලින් බොන එක. අපේ ගෙවල් පැත්තේ කවුරුත් දැන් උදව් කරන්නේ නෑ ඒක නිසා. මේ මිනිහා කරන්නේ තනිකර බොරුවක්.
    :angry:

    අම්මගේ රෙද්ද බෝසත් :rofl::lol:

    :dull::sorry:
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මේ දෙන්නා ඉන්නේ අපේ ගෙවල් ගාව. අපේ අක්කත් ඉස්සර වැඩට යන ගමන් පාරේදී දැක්කම ත්‍රීවීල් එකේ දාගෙන යනවා මීගොඩ බස් හෝල්ට් එකට වෙනකන්. ඊටපස්සේ 100ක් වත් දීලා තමා එයා යන්නේ. දැන් නම් දැක්කත් බලන්නේ නෑ මොකද මේ මිනිහා කරන්නේ හිඟා කන සල්ලි වලින් හැමදාම හවසට බොන එකයි සූදු කෙළින එකයි.
    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඒත් තාමත් කොට්ටාව කොමර්ශල් බැංකුව ඉස්සරහ හිඟා කනවා හැමදාම උදේ ගිහින්. ගෑනිව පෙන්නලා හිඟා කන්නේ මොකද දැක්කම ඕන මනුස්සයෙක් සල්ලි දෙනවා. මේ මිනිහා කරන්නේ හවසට ඒ සල්ලි වලින් බොන එක. අපේ ගෙවල් පැත්තේ කවුරුත් දැන් උදව් කරන්නේ නෑ ඒක නිසා. මේ මිනිහා කරන්නේ තනිකර බොරුවක්.
    :angry:

    අම්මගේ රෙද්ද බෝසත් :rofl::lol:




    :eek::eek:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ දෙන්නා ඉන්නේ අපේ ගෙවල් ගාව. අපේ අක්කත් ඉස්සර වැඩට යන ගමන් පාරේදී දැක්කම ත්‍රීවීල් එකේ දාගෙන යනවා මීගොඩ බස් හෝල්ට් එකට වෙනකන්. ඊටපස්සේ 100ක් වත් දීලා තමා එයා යන්නේ. දැන් නම් දැක්කත් බලන්නේ නෑ මොකද මේ මිනිහා කරන්නේ හිඟා කන සල්ලි වලින් හැමදාම හවසට බොන එකයි සූදු කෙළින එකයි.
    මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඒත් තාමත් කොට්ටාව කොමර්ශල් බැංකුව ඉස්සරහ හිඟා කනවා හැමදාම උදේ ගිහින්. ගෑනිව පෙන්නලා හිඟා කන්නේ මොකද දැක්කම ඕන මනුස්සයෙක් සල්ලි දෙනවා. මේ මිනිහා කරන්නේ හවසට ඒ සල්ලි වලින් බොන එක. අපේ ගෙවල් පැත්තේ කවුරුත් දැන් උදව් කරන්නේ නෑ ඒක නිසා. මේ මිනිහා කරන්නේ තනිකර බොරුවක්.
    :angry:

    අම්මගේ රෙද්ද බෝසත් :rofl::lol:

    bp