බෞද්ධ අන්තවාදය පිටු දැකිය යුතුය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධ අන්තවාදය පිටු දැකිය යුතුය

    කලබල වී කුණුහරුප comments දැමීම අනුමත කරනු නොලැබේ!

    බෞද්ධ අන්තවාදය පිටු දැකිය යුතුය
    http://www.divaina.com/2013/06/02/feature14.html

    අප පසුගිය වකවානුවේ මහ පාරේ දුටුවේ පුදුමාකාර දර්ශනය. එක්‌ දිනක්‌ භික්‌ෂුවක්‌ ගිනි තබාගෙන සිය දිවි හානිකර ගනී. ඊළඟ දිනයේදී ඒ මිය ගිය භික්‌ෂුවගේ මෘත දේහය ඉල්ලා තවත් භික්‌ෂූන් පිරිසක්‌ ඒ ආකාරයටම ගිනි තබා ගැනීමට තර්ජනය කරති. මා පසුගිය වකවානුවේ ජනමාධ්‍යවේදීන්, නීතිඥවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහ පාරේ සංදර්ශන පැවැත්වීම ගැන කතා කෙරුවෙමි. නමුත් අර ඉහත කී සියලුම වෘත්තික කොටස්‌ මහ පාරේ සංදර්ශන පැවැත්වීමත්, භික්‌ෂූන් වහන්සේලා මහ පාරේ සංදර්ශන පැවැත්වීමත් අතර පැහැදිලි වෙනසක්‌ ඇත. අද ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා නීතිඥවරුන් පඳුරක්‌, පඳුරක්‌ ගානේ සිටිති. ඔවුන්ගෙන් කිසිදු අඩුවක්‌ නැත. නමුත් භික්‌ෂූන් වහන්සේලා ගැන ඒ දෙය කිව නොහැක. අද ඇතැම් විශාල පන්සල්වල පවා භික්‌ෂූන් වහන්සේලා සිටින්නේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ පමණකි. ඇතැම් පන්සල්වල නායක ස්‌වාමීන් වහන්සේලාට කතා කළ විට උන්වහන්සේලාගෙන් පසු සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන කිසිවක්‌ නොසිතා සිටින බව උන්වහන්සේලා අපට කියති.

    අද පිරිමි ළමුන් මහණ වෙනවා අඩුය. මහණ වූ අය අතරින්ද බොහෝ ගණනක්‌ සිවුරු හැර දමා යති. අලුත මහණ වෙන අයගෙන් දිගටම සාශනයේ රැඳී සිටින්නේ කිහිප දෙනෙකු පමණි. එක භික්‌ෂුවක්‌වත් නොමැතිව වසා දමා ඇති පන්සල් මේ වන විට කීයක්‌ තිබෙනවාද? මේ සියල්ලම මධ්‍යයේ ඉතිරිව සිටින භික්‌ෂූන් වහන්සේලාගෙන්ද ඇතැම් පිරිස්‌ නොයෙක්‌ කල්ලි කණ්‌ඩායම් සාදාගෙන මුළු රටේම මිනිසුන්ගේ කලකිරීමට ලක්‌වන ආකාරයට මහ පාරේ සංදර්ශන පවත්වති. අයෙක්‌ ගිනි තබා ගනී. වෙනත් අය පොලිසිය සමඟ ගැටෙමින් පෙළපාලි යති. තවත් පිරිස්‌ ගිහියන් ද එකතුකර ගෙන නීතිය තමන්ගේ අතට ගෙන ව්‍යාපාරික ස්‌ථාන වටලති. මේ රටේ භික්‌ෂු පරපුරට සැබවින්ම සිදුවී ඇත්තේ කුමක්‌ද? කතෝලික පල්ලිය තුළ නම් එම ආගමේ සියලුම පූජකවරුන් මධ්‍යම අධිකාරියක්‌ යටතේ දැඩි පාලනයට ලක්‌වෙයි. ලංකාවේ භික්‌ෂූන් වහන්සේලා පාලනය කරන එවැනි එක්‌ මධ්‍යම අධිකාරියක්‌ නැත. ඒ ඒ නිකායන්වල භික්‌ෂූන් වහන්සේලා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යqහයන් ද නැත. වෙනත් කිසිම ආගමක කතෝලික, ඉස්‌ලාමීය හෝ හින්දු පූජකවරුන් මහ පාරේ සංදර්ශන පවත්වන්නේ නැත. මේ රටේ එවැන්නක්‌ කරන්නේ භික්‌ෂූන් වහන්සේලා පමණි. ඒ පවත්වන සංදර්ශන ද ජනතාවගේ ශ්‍රද්ධාව වැඩිකිරීමට හෝ බුදු දහම ගැන පැහැදීමක්‌ ඇතිකිරීමට ඉවහල්වන ඒවාද නොවේ. මේ පසුගිය වකවානුවේ භික්‌ෂූන් වහන්සේලා මහ පාරේ පැවැත්වූ සංදර්ශන දකින ඕනෑම අන්‍ය ආගමිකයකු සිතන්නේ වෙනත් ආගමකට අයත්වීම කොතරම් වාසනාවක්‌ද යන්නත් මෙවැනි මෝඩයන් තමන්ගේ ආගමේ පූජකවරුන් අතර නැති බවත්ය. ආගමක්‌ නියෝජනය කරන පූජකවරයෙක්‌ තමුන් ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ කෙසේද යන්න ගැන පරිස්‌සම් විය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. කිසිදු බෞද්ධ භික්‌ෂුවකට තමන්ට හැදුණු වලිප්පුවක්‌ නිසා මුළු සිංහල බෞද්ධ සංහතියටම නිගාකිරීමට ඉඩ නොතැබිය යුතුය.

    විශේෂයෙන් සිංහලයා නිදහසින් පසු දශක ගණනාවන්ම ගත කළේ දුක්‌ විඳින, අහේනියෙන් පෙළෙන, නැතිබැරි මානසිකත්වයකින් හෙබි "වැඩබැරි දාසලා" හැටියටය. ඒ මදිවාට මේ රටේ ජනගහනයෙන් 3% ක පමණ කොටසක්‌ බහුතරය වන 75%ට එලව එලවා පහර දෙන තත්ත්වයක්‌ද පැවැතුණි. මේ අවමානයෙන් රට යන්තම් ගොඩගත්තේ රාජපක්‍ෂ සහෝදර සමාගමය. 1997 දී මා "කොළපාට සමාජය" නමැති කෘතියේ කියා තිබූ එක්‌ ප්‍රධාන කාරණයක්‌ වූයේ සිංහලයා මේ රට පාලනය කිරීමට සුදුස්‌සෙක්‌වීමට නම් කොන්දේසි දෙකක්‌ ඉටුවියයුතු බවයි. ඉන් පළමුවැන්න දෙමළ ත්‍රස්‌තවාදය සුන්නද්දූලි කළ යුතු බවයි. දෙවැන්න නම් මේ රටේ ආර්ථික බලය, ජනගහනයේ ප්‍රතිශතයට සමානරූපීව බහුතරය සිංහල ජාතියට හිමිවිය යුතු බවයි. අද වන විට මින් පළමු කොන්දේසිය ඉටුවී ඇත. අද සිංහලයාට ලෝකයේ ඕනෑම තැනක හිස කෙලින් තබාගෙන ඇවිදිය හැකි තත්ත්වයක්‌ උදා වී ඇත. නමුත් මේ ලැබූ ජයග්‍රහණයටත් අවමන් වන ආකාරයට භික්‌ෂූන් වහන්ස්‌ලා මහ පාරේ හැසිරෙති.

    භික්‌ෂූන් වහන්සේලාගේ මේ අමුතු සංදර්ශන මෑතකදී ආරම්භ වූයේ අන්‍ය ආගම්වාදී අන්තවාදයට එරෙහිවීමක්‌ ලෙසය. පසුගිය දශක ගණනාව මුළුල්ලේ මේ රට තුළ අන්‍ය ආගම්වල අන්තවාදී කොටස්‌ ක්‍රියාත්මක වූ බවට කිසිදු විවාදයක්‌ නැත. ඒ බව ඒ ආගම්වල අයද පිළිගනී. ඉස්‌ලාම් ආගම තුළ අන්තවාදී කල්ලි බිහිවීමෙන් එක පල්ලියක්‌ තිබුණු තැන කොටසක්‌ කැඩී ගොස්‌ තවත් පල්ලියක්‌ බිහිවන ආකාරය ගැනද අපි අසා ඇත. ඇතැම් විට ඇඳුමෙන්, පැළඳුමෙන් පවා මේ ඇතිවී තිබෙන වෙනස්‌කම් පෙනෙන්නට තිබේ. අප කුඩා කල හිසේ සිට දෙපතුල දක්‌වා ඇඟ වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන් දකින්නට නොලැබුණු තරම්ය. නමුත් ඇතැම් ප්‍රදේශවල අද මෙය බහුල දර්ශනයකි. අප කුඩා කල ක්‍රිස්‌තියානි පල්ලි හැටියට පැවතුණේ කතෝලික, ඇන්ග්ලිකානු වැනි ප්‍රධාන පල්ලි ටික පමණි. නමුත් අද වන විට කුඩා අන්තවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් මුළු රට පුරාම ක්‍රියාත්මක වී ඇත. මේ කුඩා කණ්‌ඩායම් මුලින්ම සාමාජිකයන් බඳවා ගන්නේ ප්‍රධාන පල්ලිවලින්ය. ඔවුන් බෞද්ධ හා හින්දු ජනකොටස්‌ වෙතට හැරෙන්නේ ඉන් පසුවය. මේ නිසා මේ කුඩා අන්තවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් ප්‍රධාන කතෝලික හා ඇන්ග්ලිකානු පල්ලිවලටද ප්‍රශ්නයක්‌ වී ඇත.

    භික්‌ෂූන් වහන්සේලා මුලින්ම සංදර්ශන පැවැත්වීමට පටන් ගත්තේ මේ අන්‍ය ආගමික අන්තවාදීන්ට විරුද්ධවීමක්‌ වශයෙනි. නමුත් දැන් එය විකාරයක්‌ බවට පත්වී ඇත. හැම භාණ්‌ඩයකටම හලාල් ලකුණ දීමට උත්සාහ දැරීම මේ රටේ ඉතා සූක්‍ෂමව ක්‍රියාත්මක වූ එක්‌තරා අන්තවාදයක ප්‍රතිඵලයක්‌ බව අප කිව යුතුය. එයට එරෙහි වීම අසාධාරණ යෑයි කිව නොහැක. සෑම දෙයකටම මේ ආකාරයට හලාල් සහතික නිකුත් කිරීම අවශ්‍ය නොවන බව අසාද් සාලි ද කියා සිටියේය. ඔහු අසා සිටියේ මේ හලාල් සහතිකය නිකුත් කිරීමට පෙර මුස්‌ලිම් ජනතාව තමන් කන්නේ කුමක්‌දැයි නොදැන සිටියා ද යන්නයි. ඔහු කිවේ හලාල් සහතිකය නැතුව වුවද මේ රටේ සියලුම මුස්‌ලිම් ජනතාව හලාල් ආහාරයම අනුභව කළ බවයි. මේ නිසා මුස්‌ලිම් නොවන අය පරිභෝජනය කරන දේ වලටද හලාල් සහතික දීම අනවශ්‍ය කාරණයක්‌ බව පැහැදිලිය. නමුත් මෙවැනි අන්තවාදයන්ට මුහුණ දෙන ආකාරය සිංහලයා වෙනම ඉගෙනගත යුතුයි. මේ අන්තවාද අවුරුදු ගණන්, දශක ගණන් මුළුල්ලේ ඉතාමත්ම සූක්‍ෂමව ගොඩනඟන දෙයකි. ඒවාට පිළිතුරු දිය යුත්තේ ද ඒ ආකාරයටම සූක්‍ෂම ලෙසය. අන්‍යාගමික අන්තවාදයට එරෙහි වනවා යෑයි කියා භික්‌ෂූන් වහන්සේලා මහ පාරේ සන්දර්ශන පැවැත්වූ විට සිදුවන්නේ බෞද්ධයන් අන්තවාදීන් හැටියට දිස්‌වී සැබැවින්ම අන්තවාදය වපුරන අයට සුදනන් සේ පෙනී සිටීමට හැකිවීමයි. තමන් ප්‍රසිද්ධියේ කරන්නේ කුමක්‌ද කියන්නේ කුමක්‌ද යන්න ගැන මේ භික්‌ෂූන් වහන්සේලා අවබෝධයෙන් සිටිය යුතුය. එක භික්‌ෂුවක්‌ ඉන්දියාවේ අයිපීඑල් ක්‍රිකට්‌ තරඟ සඳහා යන ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට කුණු බිත්තර ගැසීමට තර්ජනය කරයි. මේ කුණු බිත්තර ගසන්නේ තමන්ගේම මිනිසුන්ටය. තමන්ගේ මිනිසුන්ට කුණු බිත්තර ගසා අනුන්ගේ අන්තවාදයක්‌ පරාජය කළ නොහැක. එය වෙහෙසකාරී කාර්යයක්‌ වුවත් තමන්ගේ මිනිසුන්ට තතු පහදා දීමෙන් ඔවුන්ගේ මතය වෙනස්‌ කළ යුතුය. වෙනත් ආගම්වල අන්තවාදයන් ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයටය. ඔවුන් තමන්ගේ ජාතියටම කුණු බිත්තර ගසා දශක ගණනාවක්‌ පැවැති තත්ත්වයක්‌ දවසින් දෙකෙන් වෙනස්‌ කිරීමට උත්සදාහ කළේ නැත. බෙහෝ සිංහලයන්ට ව්‍යාපාරයක්‌ දියුණු කිරීමට නොහැක්‌කේද මේ මානසිකත්වය නිසාය. සිංහලයාට අවශ්‍ය එක විට ලොකු කුට්‌ටි කඩා ගැනීමටය. ටික ටික අනුක්‍රමික වශයෙන් ව්‍යාපාරයක්‌ දියුණු කිරීමට සිංහලයන්ගෙන් අති බහුතරයට ඉවසීමක්‌ නැත. ඒ කලාව යම් තරමකට හෝ ප්‍රගුණ කර ඇත්තේ දකුණේ සිංහලයන් පමණි. පොදුවේ ගත් කල සිංහලයන්ගෙන් බහුතරයට හරියන්නේ යුරෝපය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියාය. එවැනි තැන්වලින් කෙටි කලකින් ලොකු කුට්‌ටි ලබාගත හැක. සිංහලයාගේ මේ ගතිය මෑතකදී බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා යෑයි කියමින් බිහිවූ බොදු බල සේනාව, සිංහල රාවය, රාවනා බලකාය වැනි සියලු සංවිධානවල ඉතා මැනවින් පෙනෙන්නට තිබිණි. මොවුන් සියලු දෙනාටම අවශ්‍ය වූයේ සතියෙන් දෙකෙන් මුළු ලංකාවම මෙහෙයවීමට හැකි තරමේ බලයක්‌ ගොඩනඟා ගැනීමටය. මේ සංවිධාන තුනම එකිsනෙකා පරයමින් මහපාරේ සංදර්ශන පැවැත්වූහ. එසේ කිරීමෙන් දෙමළ කොටි ත්‍රස්‌තවාදීන්ටවත් නොහැකිවූ ආකාරයට ඔවුන් බුදු දහම නිග්‍රහයට පත්කර ඇත.

    මේ සියලුම බෞද්ධ අන්තවාදී සංවිධාන ජනතාව මත "හොඳ" යෑයි සම්මත දේවල් බලහත්කාරයෙන්ම පැටවීමට උත්සාහ දරයි. ඔවුන් මෙවැන්නක්‌ කරන්නේ සමාජය හොඳ අතට හැරවීමට නොව තමුන් "හොඳ දේවල්" වෙනුවෙන් බලහත්කාරය යොදවන "හොඳ මිනිසුන්" පිරිසක්‌ ලෙස පෙනී සිට ජනතාව අතට ක්‍ෂණිකව ජනප්‍රියවීමට බව පැහැදිලිය. මොවුන් හරක්‌ මස්‌ අනුභව කිරීම ගැන ප්‍රශ්නයක්‌ ඇතිකරගෙන සිටියත්, නිර්මාංශ ආහාර ගැනිය යුතු යෑයි විනය පිටකයෙන් භික්‌ෂූන් වහන්සේලාටවත්, අනිවාර්යකොට නැත. දේවදත්ත අන්තවාදී ඉල්ලීම් පහක්‌ ඉදිරිපත් කළ අතර ඉන් එකක්‌ වූයේ මස්‌ මාලු කිසිවක්‌ අනුභව කිරීම භික්‌ෂූන් වහන්සේලාට තහනම් කිරීමය. නමුත් බුදුහාමුදුරුවන් ඒ ඉල්ලීම් එකක්‌වත් පිළිගත්තේ නැත. උන්වහන්සේ කීවේ ඕනෑම භික්‌ෂුවකට තම අභිමතය පරිදි ඒ ආකාරයට සිටිය හැකි වුවත් එය සියලුම භික්‌ෂූන් වහන්සේලාට අනිවාර්ය කරන්නේ නැති බවය.

    දේවදත්තගේ උත්සාහය වූයේ තමුන් බුදුහාමුදුරුවන්ටත් වඩා ගුණවත්ය. බුදුන්ටත් වඩා අල්පේච්ඡ ජීවිතයකට ප්‍රිය කරනවා යෑයි පෙන්වා භික්‌ෂු ප්‍රජාව අතරේ ලකුණු දමා ගැනීමටය. දැන් මේ මහ පාරේ සංදර්ශන පවත්වන භික්‌ෂුන් වහන්සේලාද කරන්නේ එදා දේවදත්ත කිරීමට උත්සාහ කළ සෙල්ලමමය. අපේ රටේ භික්‌ෂූන් වහන්ස්‌ලා පාලනය කිරීමට මධ්‍යම අධිකාරියක්‌ නැති වුවද ප්‍රධාන නිකායන් තුනේ උගත් භික්‌ෂූන් පෙරට අවුත් මුලු සිංහල බෞද්ධ සංහතියම ලෝකය ඉදිරියේ අවමානයට ලක්‌කර මේ මහ පාරේ සංදර්ශන නවතා දැමීමට යම් කිසි පියවරක්‌ ගත යුතු යෑයි මම සිතමි. පසුගිය වකවානුවේ මේ විකාර දැක දැකත් ලැඡ්ජාවටම මම ඒ සම්බන්ධයෙන් මුණිවත රැක්‌කෙමි. ටික කලකින් මේ විකාර නවතනු ඇතැයි මම සිතුවෙමි. නමුත් දැන් සිදුවී ඇත්තේ ප්‍රසිද්ධියේ කරන මේ විගඩම් එන්න එන්නම දරුණු හා අශෝභන වීමයි. මේ පිස්‌සුවට දැන්වත් තිත තැබුවේ නැතිනම් මෙයින් මේ රටේ බුදු දහමට සිදුවන්නේ මහත් හානියකි.

    සී. ඒ. චන්ද්‍රප්‍රේම
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන්ගේ මිනිසුන්ට කුණු බිත්තර ගසා අනුන්ගේ අන්තවාදයක්‌ පරාජය කළ නොහැක:rofl::rofl:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    භික්‌ෂූන් වහන්සේලාගේ මේ අමුතු සංදර්ශන මෑතකදී ආරම්භ වූයේ අන්‍ය ආගම්වාදී අන්තවාදයට එරෙහිවීමක්‌ ලෙසය. පසුගිය දශක ගණනාව මුළුල්ලේ මේ රට තුළ අන්‍ය ආගම්වල අන්තවාදී කොටස්‌ ක්‍රියාත්මක වූ බවට කිසිදු විවාදයක්‌ නැත. ඒ බව ඒ ආගම්වල අයද පිළිගනී. ඉස්‌ලාම් ආගම තුළ අන්තවාදී කල්ලි බිහිවීමෙන් එක පල්ලියක්‌ තිබුණු තැන කොටසක්‌ කැඩී ගොස්‌ තවත් පල්ලියක්‌ බිහිවන ආකාරය ගැනද අපි අසා ඇත. ඇතැම් විට ඇඳුමෙන්, පැළඳුමෙන් පවා මේ ඇතිවී තිබෙන වෙනස්‌කම් පෙනෙන්නට තිබේ. අප කුඩා කල හිසේ සිට දෙපතුල දක්‌වා ඇඟ වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන් දකින්නට නොලැබුණු තරම්ය. නමුත් ඇතැම් ප්‍රදේශවල අද මෙය බහුල දර්ශනයකි. අප කුඩා කල ක්‍රිස්‌තියානි පල්ලි හැටියට පැවතුණේ කතෝලික, ඇන්ග්ලිකානු වැනි ප්‍රධාන පල්ලි ටික පමණි. නමුත් අද වන විට කුඩා අන්තවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් මුළු රට පුරාම ක්‍රියාත්මක වී ඇත. මේ කුඩා කණ්‌ඩායම් මුලින්ම සාමාජිකයන් බඳවා ගන්නේ ප්‍රධාන පල්ලිවලින්ය. ඔවුන් බෞද්ධ හා හින්දු ජනකොටස්‌ වෙතට හැරෙන්නේ ඉන් පසුවය. මේ නිසා මේ කුඩා අන්තවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් ප්‍රධාන කතෝලික හා ඇන්ග්ලිකානු පල්ලිවලටද ප්‍රශ්නයක්‌ වී ඇත.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එකෙක් හොද විදියට දකින දෙ තවකෙක් වැරද්දක් විදියට දකි බලන්නා හා දකින්නා අනුව සියල්ල වෙනස් වෙ.

    ගයාන්කුවෙට්:rofl:

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙක් හොද විදියට දකින දෙ තවකෙක් වැරද්දක් විදියට දකි බලන්නා හා දකින්නා අනුව සියල්ල වෙනස් වෙ.

    ගයාන්කුවෙට්:rofl:


    :yes::yes::yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අන්තවාදය පිටුදැකිය යුතුයි. ඒත් මේ අවස්ථාවේදී අන්තවාදය හා ආගම රැකීම කියන දෙක වෙන්කර දැකීමට තරම් දැනුමක් හා අවබෝධයක් ඔබටවත් මටවත් තියනව කියල මම හිතන්නේ නෑ.​
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    එකෙක් හොද විදියට දකින දෙ තවකෙක් වැරද්දක් විදියට දකි බලන්නා හා දකින්නා අනුව සියල්ල වෙනස් වෙ.

    ගයාන්කුවෙට්:rofl:


    :yes::yes::yes: kese wetat lankawe wawana de kaka,,lankawen hama dema aran allata p^ka deema anumatha kala nohaka
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හ්ම්....
    මේකත් ලියලා තියෙන්නේ අන්තවාදියෙක්.... :dull:
    අඩෝ සිරාවට මම කියන්නෙ, මම දාන්න හදපු කමෙන්ට් එකමයි උඹ දාල තියෙන්නෙ
    8.gif
    8.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතෝලික පල්ලිය තුළ නම් එම ආගමේ සියලුම පූජකවරුන් මධ්‍යම අධිකාරියක්‌ යටතේ දැඩි පාලනයට ලක්‌වෙයි. ලංකාවේ භික්‌ෂූන් වහන්සේලා පාලනය කරන එවැනි එක්‌ මධ්‍යම අධිකාරියක්‌ නැත. ඒ ඒ නිකායන්වල භික්‌ෂූන් වහන්සේලා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යqහයන් ද නැත. වෙනත් කිසිම ආගමක කතෝලික, ඉස්‌ලාමීය හෝ හින්දු පූජකවරුන් මහ පාරේ සංදර්ශන පවත්වන්නේ නැත.



    ආමේන් !!

    අපි කුරුසයින්ගෙන් ආගමික සහයෝගය ඉගෙනගමු.. සුද්දා හොදට උගන්නලනේ ගියේ