බෞද්ධ - මුස්ලිම් කලහය දී කිතුනුවෝ කටයුතු ක#
මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධයින් සහ මුස්ලිම් ජනතාව අතර කාලයක් තිස්සේ පැවතුනු සුලු අරගලයක් හේතුවෙන් දෙපිරිස අතර කළබල ඇතිවිය. මෙය වඩාත් බරපතළ වූයේ 1915 මැයි 28 වෙසක් පොහොදින , ගම්පොල දී පැවති පෙරහරකට මුස්ලිම් පිරිසක් විසින් බාධා ඇති කිරීමයි. මැයි 31 වෙනිදා වන විට මේ කෝලහාලය මහනුවර සිට රඹුක්කනටත් කෑගල්ලටත් එතැනින් කොළඹටත් ව්‍යාප්ත විය. මේ නිසා ජුනි 02 වන දින යුද්ධ නීතිය ප්‍රකාශයට පත් විය. මහනුවර හා කොළඹ ස්ථාන කිහිපයක් හැරුණ විට අනික් ප්‍රදේශවල කලබලකාරී තත්ත්වය පැවතුනේ පැය කිහිපයක් පමණක් වූ අතර මරණ සංඛ්‍යාව 50 කට වැඩි නොවීය. මෙම කලහකාරී තත්ත්වය දින අටකින් පමණ (ජුනි 05 වන විට) මග හැරී ගිය ද, බ්‍රිතාන්‍ය යටත් විජිතවා දී පාලකයෝ ජුනි 10 වන දින දී දුටු තැන වෙඩි තැබීමේ නියෝගය පනවමින් මාස 3 ක් පුරා යුද්ධ නීතිය පවත්වා ගෙන ගියහ.
මෙහිදී ඔව්හු යුද්ධ නීතිය ප්‍රයෝජනයට ගත්තේ සිංහල බෞද්ධයන් පීඩාවට පත් කිරීමටය. බොහෝ ස්ථානවල දී කිසිඳු වග විභාගයකින් තොරව බෞද්ධයන් වෙඩි තබා මරන ලදී. ධනවත් දේපල හිමි අය අත්අඩංගුවට ගෙන මුදල් ලබාගෙන නිදහස්කරන ලදී. ඉතාමත් දුෂ්ට අන්දමට බෞද්ධයන් බිය ගන්වා මුදල් පැහැර ගැනීම සිදුවිය. සමහරුන්ට කස පහර පවා දෙනු ලැබුවේ ඔවුන් කලහකාරින් ලෙස ක්‍රියා කළ නිසා නොව ඔවුන්ගෙන් මුදල් හා හා දේපල උදුරා ගැනීමේ චේතනාවෙන් ය. මුදල් නොලැබුන අවස්ථාවලදී ඔවුන් වෙඩි තබා මරන ලදී. විශිෂ්ඨ මෙන්මජනාදරයට පත්ව සිටි බෞද්ධ නායකයින් වන එෆ්. ආර්. හා ඩී. එස්. සේනානායක සොයුරන්, ඩී. බී. ජයතිලක, හෙන්රි අමරසූරිය, ඒ. ඊ. ගුණසිංහ,දොස්තර ඩබ්ලිව් ඒ. ද සිල්වා, ඩී. පී. විජේවර්ධනසහ පානදුරේ ඩයස් සහෝදරයින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් කොයි වේලේ හෝ වෙඩි තබා මරන බවට ද තර්ජන ඇතිවිය. මෙම දුෂ්ඨ ක්‍රියාවලට අමතරව, මුස්ලිම්වරුන්ට වන්දි ගෙවීම පිණිස බෞද්ධයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගත් අතර එසේ මුදල් නොදුන් අයට කස පහර දීම ද අත්අඩංගුවට ගෙන සිරගත කිරීමද සිදුවිය. මෙම කාලය තුළදී යුද්ධ නීතිය යටතේ සිදුවූ සියලුම දාමරික සිදුවීම්වලට රජය වගකීමෙන් තොර බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව, 1915 අගෝස්තු 31 වන දින යුද්ධ නීතිය ඉවත් කෙරුණි.
මෙම බෞද්ධ - මුස්ලිම් කලහය මැඩලන්නට රජය ගත් දරුණු පියවර නිසා සිංහල බෞද්ධයන්ට විජාතික පාලකයන් විසින් කරන ලද දරුණු ක්‍රියාවන් වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහාත් එම අපරාධයන් ගැන විරෝධය පළ කිරීම සඳහාත් කිතුනුවන් බොහෝ දෙනෙක් පාලකයන්ට එරෙහිව නැගී සිටියහ. ඔවුන් අතරෙන් ශ්‍රීමත් ජේම්ස් පීරිස්, එඩ්වඩ් වෝල්ටර්, ඊ. ඩබ්ලිව් පෙරේරා සහ ඇල්බට් ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛතැනක් ගත්හ. සිරගෙදරට යෑම හෝ වෙඩි තබා මරණයට පත්වීම හෝ නොතකා, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ නිවසෙහි රහසිගතව රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව, පාලකයන්ගේ දරුණු ක්‍රියාවන් ගැන බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන්ට කරුණු පෙන්වා දීම සඳහා දිස්ත්‍රික් ඒජන්ත වරුන් විසින් 1915 ජුනි 10 වන දින නිකුත් කරන ලද "දුටු තැන වෙඩි තබනු" නියෝගයේ පිටපතක් තම පාවහන් අඩියෙහි සඟවාගෙන තම ජීවිතය පරදුවට තබා 1915 ජුලි මාසයේ දී බ්‍රිතාන්‍ය බලා නැව්නැංගේ සැදැහැවත් කිතු බැතිමතකු වූ ඊ. ඩබ්ලිව් පෙරේරා විරුවාණන් ය. ඔහු විසින් කරන ලද කරුණු පහදා දීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජය කේබල් පණිවුඩයකින් ආණ්ඩුකාර චාමර්ස් වහාම එම තනතුරෙන් ඉවත්කොට ඔහු වෙනුවට ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් පත් කළේ ය.
සිංහල බෞද්ධයන්ට කරන ලද අපරාධයන් ගැන විරෝධය පළ කිරීම සඳහා 1915 සැප්තැම්බර් 25 දින කොළඹ දීපබ්ලික් හෝල් හි ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වුණි. ලංකාවේ නොයෙකුත් පළාත්වලින් පැමිණි 6000 ක් පමණ සිංහල ජනතාව සහභාගි වූ මෙම රැසවීමේ මුලසුන හෙබවීම ක්‍රිස්තු භක්තික ජේම්ස් පීරිස් භාරකිරීම එතුමාණන් කෙරෙහි ජනතාව තුල තිබු ඉමහත් විශ්වාසයේ සහ ගෞරවයේ සංකේතයකි. සිදුකරන ලද අපරාධයන් ගැන අප්‍රසාදය පළ කරමින්, මේ ගැන කරුණු විභාග කර බැලීම සඳහා රාජකීය කොමිසමක් ඉල්ලා අඩු තරමින්
පෙත්සම් පහක් මෙම රැස්වීමෙන් පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට යවන ලදී. ඉන් පළමු පෙත්සමට අත්සන් තැබූ අයගෙන් අඩකට වැඩි පිරිසක් කිතුනුවෝ වූහ. එසේ කළ මුලු පිරිසගෙන් සියයට විස්සක්ම කතෝලික බැතිමතුන් විය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල විසූ බෞද්ධයින් රැක බලා ගැනීම සඳහා එහි විසූ භක්තිමත් කතෝලික බැතිමතකු වූ ඇල්බට් ඒ. වික්‍රමසිංහ මහතා නිර්භීතව ක්‍රියා කළේය. . බ්‍රිතාන්‍ය රජයට යවන ලද (ඉහත සඳහන්) පෙත්සම් වලට තොරතුරු රැස්
කිරීමේ කමිටුවට ඔහු තේරී පත් විය. එසේ යැවූ 4 වන හා 5 වන පෙත්සම්වල ප්‍රධාන වශයෙන් අඩංගු වූයේ කෝලහාලයෙන් පසුව කිසිඳු නඩු විභාගයකින් තොරව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මරා දමන ලද බෞද්ධයන් පිළිබඳව ඒ මහතා විසින් සපයන ලද තොරතුරුය. එම දිස්ත්‍රික්කය තුල සිදු කරන ලද වෙඩි තැබීම් ගැන
විභාග කිරීමට අලූතින් පත් වූ ඇන්ඩර්සන් ආණ්ඩුකාරතුමා විසින් 1916 ඔක්තෝබර් 26 වන දින " කෑගලු වෙඩි තැබීම් කොමිසම" පත් කරන ලදී. (මෙම කොමිසම සැලකිල්ලට ලක් කළේ, යුද්ධ නීතිය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සිදුවූ දාමරික ක්‍රියා පමණි.මෙයට හේතුව, එවැනි ක්‍රියා අනෙක් දිස්ත්‍රික්ක වල සිදුනොවූ නිසා නොවේ. එම දිස්ත්‍රික්ක වල ද දාමරික ලෙස බෞද්ධයින් මරණයට පත් කළ ද මරණ පරීක්ෂණ නොතිබුණ හෙයින් එම මරණ ගැන කිසිඳු වාර්තාවක් නොතිබිණ. එහෙත් වික්‍රමසිංහ මහතාගේ වෑයම නිසා, පිළිගත හැකි පරිදි සාධක ඉදිරිපත් කරන ලද්දේ කෑගලු දිස්ත්‍රික්කයෙන් පමණි.) කොමිසම් වාර්තාව 1917 ජනවාරි 18 වන දින නිකුත් විය.
සිංහල බෞද්ධයන් වෙනුවෙන් ක්‍රියා කිරීම අත්හරින ලෙස ආණ්ඩුකාර චාමර්ස් විසින් කරන ලද යෝජනාව අවඥා සහගතව ප්‍රතික්ෂේප කරමින් මෙම අවාසනාවන්ත කාලයේ දී සිංහල ජනතාවට නායකත්වය දී ඔවුන් නිසි මාර්ගයේ යොමු කළේ අව්‍යාජ දේශප්‍රේමියකු වූ ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් ය.