බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍&#3

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍&#3

බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍රය

Friday, 11 March 2011 06:53 රවි


Top Lanka News
sri_lanka%20flag.jpg
1818 කැරැල්ලේ විරුවන් රාජද්‍රෝහින් වශයෙන් හංවඩු ගැස් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍රය අහෝසි කිරීමටත් එම විරුවන්ගෙන් කොල්ලකාගත් දේපොළ ඔවුන්ගේ දු දරුවන් වෙත ලබාදීමටත් සම්බන්ධ ඓතිහාසික තීන්දුවක් රජය ගෙන ඇතැයි යන්න අද 11 දිනමිණ පත‍්‍රයේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ඉතාම වැදගත් ආරංචියකි. කැරැුල්ලේ විරුවන් ජාතික විරුවන් වශයෙන් නම් කෙරෙන සන්නස් පත‍්‍රයක් ලබාදීමට මැයි 22 ජාතික වීරදිනයේ ලබාදීමට රජය පියවර ගෙන ඇති බව එම ප‍්‍රවෘත්තියේ වැඩිදුරටත් විස්තර වේ.
1818 කැරැල්ල හෙවත් සිංහලේ නිදහස් සටන පිළිබඳව කිසිවක්ම නොදන්නා සිංහලයෝ සිටිති. මෙම අවස්ථාව උඩරට කැරැල්ල පිළිබඳව සංවාදයකට සුදුසු අවස්ථාවකි. උඩරට කැරැුල්ල පිළිබඳ හැංගී පැවති තොරතුරු කනදරාවක් හෙළිකර දුන්නේ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයි. එමනිසාම එතුමා යම් යම් ඉතිහාසඥයින් ගෙන් නොයෙකුත් නින්දා අපහාස ලැබුවේය.
උඩරට කැරැල්ලට සම්බන්ධ වීම නිසා හැම දෙයක්ම අහිමි වී පාරට වැටුණු හා වනාන්තර වලට කොටුවුන සිංහලයින් දහස් ගණනකි. නැගෙණහිර පලාතේ ඇතැම් ද්‍රවිඩ ජාතිකයින්ගේ පෙලපත් නම් පරීක්ෂා කළහොත් මුදියන්සේ වාසගම් තියෙන විශාල පිරිසක් සිටිති. මේ හැමෝම වනවැදී හැංගුණු ඌව වෙල්ලස්ස පලාත්වල සිංහලයන්ගෙන් පැවතෙන්නෝ වෙති. එහෙත් ඒ කිසිවෙක් තමන්ගේ පරම්පරා විස්තර නොදනිති. අපට සිංහල වාසගම් ඇත්තේ මොන හේතුවක් නිසාදැයි නොදැන සිංහල වාසගම් භාවිතා කරති.
ලංකාව බිතාන්‍යන්ගෙන් නිදහස් වු පසුව උඩරට කැරැුල්ල නිසා අන්තිම පීඩාවට පත් උඩරැටියන් ගැන සෙවීමට එවකට සිටි රජය කොමිෂමක් පත්කෙරුනි. මෙය උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂමේ සභාවයි. මෙහි වාර්තාව යළි එළිදැක්විම ද මෙම අවස්ථාවේ කළයුතු තවත් ක‍්‍රියාවකි. උඩරට රාජධානියට අයත් බොහෝ ප‍්‍රදේශවල සිංහලයන්ගේ ගම් බිම් වලට සිදුවු දේ දැන ගැනීමට හොඳම මගකි උඩරට ගැමි පුනරුත්ථාපන වාර්තාව කියවීම.ර