භංගය_සම්මතයි..!

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Dan ethakota 2015di my3 ranilwa pm kare 113 diwe thiyaagenada? Ubalata eeka ethical neda?
    113 passe hadaganna eka awlak wenne 113 nathi unoth misak wena awlak wenne na




    malli 2015 wla tibbe president election ekka. eke dinne MY3. etakota tibbe 18 wana wiyawastawa. eke anuwa president ta puluwan eya kamati kenek path karanna. ekai kawurth wirudda une natte. 19 ekata damma parliment eke bahutare kamatak one kiyala ekai 113 penna one. dan mahindawa path kale kohomada? oya dan my3 kiyana hatiyata hahri widiyata tiyenna onenam koheda mahindata bahutara bale? koheda 113 or 113+ sign karapu papers? ewa mukuth nahana. danwath terunada
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කරුගේ දෙවන විශ්වාස භංගයක් ජනපති විසි කරයි.. ‘විධිමත්’ ක‍්‍රමයට කරන්නැයි දන්වයි..
    :lol::lol::lol:

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ තම නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් අද දිනයේද සම්මත කලේ යයි කියන විශ්වාසභංග යෝජනාවද පිළිගන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

    ඔහු සඳහන් කර ඇත්තේ තමන් සමග පැවති සාකච්චාවේදී එජාපෙ නායකයන් එකග වූ පරිදි විධිමත් ක‍්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර නැති බවයි.

    මේ අනුව මෙවර සම්මත කළ බව පැවසෙන විස්වාසභංග යෝජනාව ද කිසිසේත්ම පිළිගන්නේ නැති බව ජනාධිපතිවරයා සදහන් කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විධිමත් ලෙස සම්මත කරන පස විශ්වාස භංග යෝජනාවක් පිලිගැනීමට තමන් බැදී සිටින බවද සදහන් කර තිබේ.

    දැනට මාස කිහිපයකට පෙර එවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංගය ආකාරයේ විශ්වාස භංගයක් පිලිගැනීමට තමන් කිසිසේත්ම පැකිලෙන්නේ නැතැයිද ඔහු සදහන් කර ඇත.

    පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත කරගැනීම සදහා ක්‍රමවේදය අදියරෙන් අදියර සරල ආකාරයෙන් මෙහි දැක්වේ.

    ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා පිලිගැනීම මූලිකම කාරණාව වෙයි.

    අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
    පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
    එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
    එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
    එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
    වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
    පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
    මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
    එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
    එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
    අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.
    එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.
    (ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග වලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.)
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46342659_2489784174581466_8347733045352071168_n.png