භක්තිය
ඉපදිලත් මව් කුසින්
මොට්ටුවක් ලැබුවා
තාත්තත් ආවා
කූෆියක් පැළැඳුවා
නැන්දලත් ආවා
පන්සලට මං ගියා
බුදුන් සැම වැන්ඳා
බාරයක් මට වුණා
මාමලත් ආවා
පල්ලියට මං ගියා
පියතුමත් ආවා
යාඥාවක් කළා
අම්මලා එතකොටම
ඇවිත් මා වඩාගෙනම
පූජා වට්ටියක් ගෙන
කෝවිලට ගියා තනිවම
හෙට ඒත් දෙපයින
නැගිටිමින වෙර යොදමින
මං කාව අදහම්ද
කියන් මට බැති සිතින
- මාලන් විදානපතිරණ
(මේ කවියේ තේමාව කෙනෙක්ට තර්කානුකූල නැහැ කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මෙහෙම පවුලක් ලෝකෙ කොහෙවත් ඇත්තෙ නැහැ කියලා නම් කියන්න බැහැ මම හිතන්නේ.ඇතිවෙන්නේ නැහැ කියන්නත් බැහැ)