Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භක්තිය

මා කුඩා කල අප නිවසේ සියලු දෙනාම සායි බාබා භක්තිකයන් විය. එවිට මගේ වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. බ්‍රහස්පතින්දා අපට විශේෂ දවසකි. එදින අපගේ දිනචරියාව වෙනදාට වඩා වෙනස්ය. සවස 5 ට පමණ නිවසේ සියලු දෙනා නා පිරිසිඳු වී පටන් ගන්නා ගමන කෙලවර වන්නේ රාත්‍රී 10.30 ට පමණ ආපසු නිවසට පැමිණීමෙනි.

මුලින්ම බම්බලපිටියේ වජිරාරාම පන්සලට පිය නගන අපි එහි ආගමික වතාවත් සිදු කරමු. ඉන්පසු, ඊට මදක් දුරින් පිහිටි බම්බලපිටිය හින්දු කෝවිල පිටු පස වූ වෛද්‍ය පිල්ලේ මහතාගේ නිවසට ඇවිදගෙන යන්නෙමු. ඒ එහි පැවැත්වෙන සායි භජන් (සායි බාබා වෙනුවෙන් ගැයෙන ගීතිකා) ගායනා සඳහා සහභාගී වීමටය. මට තවමත් ඒ භජන් ගීත සමහරක් මතකය. පිරිසත් සමග මෙම ගීත ගායනා කිරීම මට දැඩි විනෝදයක් විය. ඊටත් වඩා මගේ සිත් ගත්තේ භජන් වාරය නිම වූ පසු ලැබෙන රසකැවිලි කිහිපයයි. අන්තිම භජන් ගීත ටික ඉවර වනතුරු මම සිටින්නේ අපහසුවෙනි. ඒ කකුල් හිරි වැටීම නිසා ඇතිවන කටු ඇනෙනවා වැනි ස්වභාවයත්, ලැබෙන රසකැවිලි මතක් වීමත් නිසාය.

මේ භජන් ගායනයට සහභාගී වන සමහර අවස්ථාවල එහි ඇති විශාල සායි බාබා පිළිරුවේ මුහුණ ප්‍රදේශයෙන් එකවරම අළු පැහැති කුඩු වර්ගයක් ඇද හැලේ. මේවා විභූති ලෙස එහි පැමිණෙන්නෝ හඳුන්වති. විභූති වැටෙන විට සියල්ලෝම භජන් ගායනය නවත්වා "සත්‍ය සායි මහා රජිකේ" වැනි යමක් මහා හඬින් පවසයි.

"මෙහෙම දේවල් දකින්න හොඳ භක්තියක් තියෙන්න ඕනේ" අපේ අම්මා පවසයි.

මට මතක ඇති ආකාරයට මම භක්තිය යන වදන මුලින්ම ඇසුවේ මේ අවස්ථාවේදීයි. අප පන්සල තුල වතාවත් කරන කිසිඳු වෙලාවක අම්මා මෙම භක්තිය යන වදන භාවිත නොකරයි.

"අම්මේ මම ගොඩක් භක්තියෙන් හිටියොත් විභූති වෙනුවට පැණි බූන්දි වැටෙයිද" දවසක් මම අම්මාගෙන් ඇසුවෙමි. භජන් ගායනා වලින් පසුව ලැබෙන රසකැවිලි වලින් මගේ ප්‍රියතම අංගය එයයි.

"මෝඩ කතා කියන්න එපා ළමයෝ. කතා කරන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න" අම්මා මට සැර දැමුවාය.

අම්මාගේ ගෝරනාඩුව මට නොතේරේ. භක්තියට මේ වැඩකට නැති අළු ගොඩක් මවන්න හැකි නම් වැඩකට ඇති පැණි බූන්දි හෝ අඩුම ගණනේ බඩ පිරෙන්න කිරිබත් කෑල්ලක් හෝ මැවිය නොහැකි වීම මට ප්‍රේහෙලිකාවකි. කෝවිල අවට සිඟා කන මගේම වයසේ වූ දරුවන් මට මතක් වෙයි. සියළු වැර යොදා භක්තිය වඩවා සායි පිළිමයෙන් ආහාර පාන, ඇඳුම් පැළඳුම් මවා ගෙන, ඒවා ඒ දරුවන්ට බෙදා දීමට මම සිහින දැක්කෙමි. එය කුඩා දරුවකුගේ සිහිනයක්ම පමණක් විය.

ඉන් පසු ගෙවුණු 40 වසර තුල මම ලෝකයේ රටවල් 40 කට වඩා තරණය කලෙමි. තම දරුවා බඩගින්නේ හඬද්දී අමාරුවෙන් මිලදී ගත් කිරි ටිකෙන් බොල් පිළිම නහවන ගැහැණුන් මම දැක ඇත්තෙමි. සිය ගණනක් යාචකයන් අහර බිඳක් යදිද්දී තම භක්තිය වෙනුවෙන් ගල් පර්වත, රුක්ෂ ලතා ඉදිරියේ රස මසවුළු තබා ඉන්පසු ඒවා විසි කරන මිනිසුන් මම දුටුවෙමි. දුප්පත්කම හතර වටින් ඇද හැලෙන නගරවල දේවස්ථාන මිල මුදලින්, රත්තරනින්, කසී සළුවලින් පිරී ඉතිරෙනු මම දුටුවෙමි. මේ සියල්ල කෙරේ මිනිසා යොමු කර තිබුණේ භක්තිය විසිනි.

එහිදී මට වැටහුණු අපුරුම කරුණ නම් භක්තිය යම් ප්‍රමාණයකට සමාජයක සමෘද්ධිමත්භාවයට ප්‍රතිලෝමව සමානුපාත බවයි. හින්දු ලබ්ධිකයන් අතර භක්තිමත් බවේ ඉහලම තලයේ වැජඹෙන්නේ ඉන්දියාවේ සහ නේපාලයේ සිටින අන්ත දිළිඳු ජනතාවයි. කතෝලිකයන්ගේ භක්තියෙහි දිග පළල බැලීමට නම් ඔබ යා යුත්තේ රෝමයට නොව උගන්ඩාවේ, සැම්බියාවේ හෝ නයිජීරියාවේ දිළිඳු සමාජ ස්ථර වලටයි. පකිස්තානයේ හෝ ඇෆ්ඝනිස්ථානයේ දුෂ්කර ගම්මානවලදී ඔබට ඉස්ලාම් භක්තියේ ඉහලම අන්තය දැක බලා ගත හැකි වනු ඇත. භක්තියට වැඩි තැනක් හිමි නොවන බෞද්ධ සමාජයේ පීඩිතයෝ බුදු දහම පසෙකලා භක්තියෙන් ඔද වැටී දෙවිවරුන්, මෑණිවරුන්, බබාලා, තුමාලා පසු පස දුවන්නෝය. මගේ කුඩා අවධිය මේ ගැන මට ප්‍රයෝගික අත්දැකීම් ලබා දී ඇත.

භක්තිය යන්නට ආසන්නම ඉංග්‍රීසි පරිවර්තනය "devotion" යන්නයි. මෙම වදන සඳහා ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ලබාදෙන අර්ථකථනයෙහි සිංහල පරිවර්තනය "පුද්ගලයෙකුට හෝ යම් ක්‍රියාකාරකමකට දක්වන ප්‍රේමය, පක්ෂපාතිත්වය සහ උද්යෝගය" යන්නයි.

ඉහත ඉංග්‍රීසි බස හරහා ලැබෙන භක්තියෙහි අර්ථකථනය නිවැරදි නොවන බව මගේ හැඟීමයි.

යමෙකු මගෙන් භක්තිය යනු කුමක්දැයි විමසා සිටියහොත් මා ඔහුට දෙන පිළිතුර "බිය සහ තෘෂ්ණාව මුල් කරගනිමින් තේරුම්ගත නොහැකි සාධක කෙරෙහි මිනිසාගේ සිතේ ඇතිවන චකිතය" භක්තිය යන්නයි.

ඔබ ඉදිරියේ විශාල මැටි ගොඩක් ඇතැයි සිතන්න. ඔබ මැටි වලට බියද? ඔබට මැටි ගොඩෙන් මැටිවලට අමතරව වෙනත් යමක් ලබා ගත හැකිද? පිළිතුර අනිවාර්යයෙන්ම "නැත" යන්නයි.

දැන් කවරෙකු හෝ මේ මැටි ගොඩෙන් දිව එලියට ඇදුනු, දත් මුව දෙපසට නෙරාගිය, නොයෙකුත් ආයුධ සහ මිනිස් හිස් දරාගත් අත් රැසක් ඇති විරූප ගැහැණු වේශයක් අඹනවා යැයි සිතන්න. දැන් ඔබ බිය වේ. මැටි පිළිමයේ රතු, කහ තීන්ත පින්තාරු කර එයට නමක්ද තැබූ විට ඔබ තවත් බිය වෙයි.

මේ පිළිමයට වැඳීමෙන් ඔබට වස්තුව, ධනය, බලය, නිළතල ලබා ගත හැකියැයි ඔබට සිතෙයි. නැතහොත් කවරෙකු හෝ ඔබට පවසයි. එවිට ඔබට තෘෂ්ණාව ඇතිවෙයි. දැන් ඔබව වෙලාගෙන ඇති හැඟීම් සමුදාය භක්තියයි.

පිළිමයෙන් බොහෝ දේ ලබාගත හැකි යැයි, පිළිමයට බොහෝ දේ කල හැකියැයි ඔබට සිතෙයි. මේ ටික වෙලාවකට පෙර තිබූ මැටි ගොඩම බව ඔබට නොතේරෙයි. ඔබගේ මනසට දැන් ඔබම විලංගු දමාගෙන ඇත. මැටි ගොඩ දෙවියෙකු වී ඇත. ඔබ එයට බියවී ඇත. ඔබ පිළිමය සමග ගනුදෙනු කල යුත්තේ ඉතා ප්රවේශමෙනි. එනම් භක්තියෙනි.

සමහරුන් බොල් පිළිම වලින් දෙවියන් සොයද්දී, තවත් සමහරුන්, තුරුලතා වලින්ද, වැලි ගඩොල්, කොන්ක්‍රීට් වලින් තැනු දේවස්ථාන වලින්ද, පොත් වලින්ද, ඒ කිසිත් නැත්නම් හිස් අවකාශයෙන්ද දෙවියන් සොයයි.

බියෙන් සහ තෘෂ්ණාවෙන් තොර භක්තියක් නැත. තිස්තුන් කෝටියක් දෙවිවරුන් වුවද, ඒක දෙවියෙකු වුවද ඔබ තුල භක්තිය ඇතිවන්නේ තෘෂ්ණාව මුල් කරගෙනය. ලොව පුරා මිනිසුන් දෙවියන් යදින්නේ, දෙවියන්ගේ ගුණ ගායනා කරන්නේ යමක් ලැබේයැයි සිතාගෙනය. සමහරු දිව්‍ය ලෝකයේ යන්නට ප්‍රවේශපත් යදිති. සමහරුන්ට රෝග සුව කරගැනීමට අවශ්‍යවෙයි. තවත් අයට යාන වාහන, මිල මුදල්, ඉඩකඩම්, නඩු හබ වලින් ජයගැනීම්, විභාග සමත් වීම් ආදී මෙකි නොකී සියලුම දේ ලබාගන්නට අවශ්‍යවෙයි. මේ අතර තමන්ට ඥානය ලබාදෙන මෙන් මැටි පිළිම වලින් යදින අයද දක්නට ලැබෙයි.

කිසිවක් දෙන්නේ නැති දෙවියෙකුව ඔබ සත පහකට ගණන් නොගනු ඇත.

"ඔබ කැමති යමක් ඔබට දිය හැකි දෙවියන්ට ඔබ අකැමති වුවත් ඔබට දඬුවම් ලබාදීමටද පුළුවන". නුවණැති කපටියන් තම මඩිය තර කරගන්නේ මේ තර්කය උපයෝගී කරගෙනය. ඒ කපටියා, ඔබත් ඔබ සාදාගත් දෙවියනුත් අතරට පැමිණෙන බ්‍රෝකර්වරයාය. නොයෙකුත් ආගම් වල මෙම බ්‍රෝකර්වරයා හැඳින්වීමට නොයෙකුත් නම් භාවිතා කෙරේ. දෙවියන් ඔබට දෙන දේද, ඔබ දෙවියන්ට දෙන දේද අන්තිමට නතර වන්නේ මෙම බ්‍රෝකර් වරයා ළඟය.

බෝල් පිළිම වලට මුදල් කොළ සමග කොඳුරුවන් වටවූ අඹ, අන්නාසි, දිවුල් ගැට, කෙසෙල් ගෙඩි පිදීමට තරම් භක්තිය ඔබව අන්ධ කරයි. භක්තිය වෙනුවෙන් ඇඟ පුරා කටු ගසා ගන්නට, ජිවිත කාලයම නොනා සිටීමට, පැය ගණන් බිම දිගේ පෙරලීමට, හතරට පහට නැවෙමින් නිතිපතා යාඥා කිරීමට සමහරුන් පෙළඹේ. මෙයින් නොනවතින සමහර ආගමිකයන් සර්ව බලතල සහිත, සියළු දේ කල හැකි දෙවියන් වෙනුවෙන් අනෙක් මිනිසුන් සමග සටන් කරයි. මිනී මරයි. ගම් බිම් ගිනිබත් කරයි. අන්තිමේදී ඔබට යමක් ලබාගන්නට මවා ගත් දෙවියා වෙනුවෙන් ඔබට ඔබේ වර්ගයාම නැසීමට සිදුව ඇත. මේ භක්තියෙහි භයංකරත්වයයි.

භක්තියේ නාමයෙන් අන්ධව සිටි යුගයෙන් නික්ම යාමට කාලය එළඹ ඇත.

http://chandimagomes.blogspot.com/2017/08/blog-post.html

[QUOTE="rangana26, post: 22155261, member: 461943"] [SIZE="4"][COLOR="Blue"]භක්තිය [IMG]https://1.bp.blogspot.com/-FUeTANuW-kw/WZ_9aywLQqI/AAAAAAAACxM/0GyV2_MkBv04QOE1Ugg4gB58RaYBCXXNgCLcBGAs/s1600/download.jpg[/IMG] මා කුඩා කල අප නිවසේ සියලු දෙනාම සායි බාබා භක්තිකයන් විය. එවිට මගේ වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. බ්‍රහස්පතින්දා අපට විශේෂ දවසකි. එදින අපගේ දිනචරියාව වෙනදාට වඩා වෙනස්ය. සවස 5 ට පමණ නිවසේ සියලු දෙනා නා පිරිසිඳු වී පටන් ගන්නා ගමන කෙලවර වන්නේ රාත්‍රී 10.30 ට පමණ ආපසු නිවසට පැමිණීමෙනි. මුලින්ම බම්බලපිටියේ වජිරාරාම පන්සලට පිය නගන අපි එහි ආගමික වතාවත් සිදු කරමු. ඉන්පසු, ඊට මදක් දුරින් පිහිටි බම්බලපිටිය හින්දු කෝවිල පිටු පස වූ වෛද්‍ය පිල්ලේ මහතාගේ නිවසට ඇවිදගෙන යන්නෙමු. ඒ එහි පැවැත්වෙන සායි භජන් (සායි බාබා වෙනුවෙන් ගැයෙන ගීතිකා) ගායනා සඳහා සහභාගී වීමටය. මට තවමත් ඒ භජන් ගීත සමහරක් මතකය. පිරිසත් සමග මෙම ගීත ගායනා කිරීම මට දැඩි විනෝදයක් විය. ඊටත් වඩා මගේ සිත් ගත්තේ භජන් වාරය නිම වූ පසු ලැබෙන රසකැවිලි කිහිපයයි. අන්තිම භජන් ගීත ටික ඉවර වනතුරු මම සිටින්නේ අපහසුවෙනි. ඒ කකුල් හිරි වැටීම නිසා ඇතිවන කටු ඇනෙනවා වැනි ස්වභාවයත්, ලැබෙන රසකැවිලි මතක් වීමත් නිසාය. මේ භජන් ගායනයට සහභාගී වන සමහර අවස්ථාවල එහි ඇති විශාල සායි බාබා පිළිරුවේ මුහුණ ප්‍රදේශයෙන් එකවරම අළු පැහැති කුඩු වර්ගයක් ඇද හැලේ. මේවා විභූති ලෙස එහි පැමිණෙන්නෝ හඳුන්වති. විභූති වැටෙන විට සියල්ලෝම භජන් ගායනය නවත්වා "සත්‍ය සායි මහා රජිකේ" වැනි යමක් මහා හඬින් පවසයි. "මෙහෙම දේවල් දකින්න හොඳ භක්තියක් තියෙන්න ඕනේ" අපේ අම්මා පවසයි. මට මතක ඇති ආකාරයට මම භක්තිය යන වදන මුලින්ම ඇසුවේ මේ අවස්ථාවේදීයි. අප පන්සල තුල වතාවත් කරන කිසිඳු වෙලාවක අම්මා මෙම භක්තිය යන වදන භාවිත නොකරයි. "අම්මේ මම ගොඩක් භක්තියෙන් හිටියොත් විභූති වෙනුවට පැණි බූන්දි වැටෙයිද" දවසක් මම අම්මාගෙන් ඇසුවෙමි. භජන් ගායනා වලින් පසුව ලැබෙන රසකැවිලි වලින් මගේ ප්‍රියතම අංගය එයයි. "මෝඩ කතා කියන්න එපා ළමයෝ. කතා කරන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න" අම්මා මට සැර දැමුවාය. අම්මාගේ ගෝරනාඩුව මට නොතේරේ. භක්තියට මේ වැඩකට නැති අළු ගොඩක් මවන්න හැකි නම් වැඩකට ඇති පැණි බූන්දි හෝ අඩුම ගණනේ බඩ පිරෙන්න කිරිබත් කෑල්ලක් හෝ මැවිය නොහැකි වීම මට ප්‍රේහෙලිකාවකි. කෝවිල අවට සිඟා කන මගේම වයසේ වූ දරුවන් මට මතක් වෙයි. සියළු වැර යොදා භක්තිය වඩවා සායි පිළිමයෙන් ආහාර පාන, ඇඳුම් පැළඳුම් මවා ගෙන, ඒවා ඒ දරුවන්ට බෙදා දීමට මම සිහින දැක්කෙමි. එය කුඩා දරුවකුගේ සිහිනයක්ම පමණක් විය. [IMG]https://3.bp.blogspot.com/-FNKD6FzG-7Y/WZ_-XOA86hI/AAAAAAAACxc/VN-QDfgr-XYvqt8X-CXBDgJ_M0Y9oDl5gCLcBGAs/s1600/main-qimg-04fc7f3f5877541b5f531388accf641f.png[/IMG] ඉන් පසු ගෙවුණු 40 වසර තුල මම ලෝකයේ රටවල් 40 කට වඩා තරණය කලෙමි. තම දරුවා බඩගින්නේ හඬද්දී අමාරුවෙන් මිලදී ගත් කිරි ටිකෙන් බොල් පිළිම නහවන ගැහැණුන් මම දැක ඇත්තෙමි. සිය ගණනක් යාචකයන් අහර බිඳක් යදිද්දී තම භක්තිය වෙනුවෙන් ගල් පර්වත, රුක්ෂ ලතා ඉදිරියේ රස මසවුළු තබා ඉන්පසු ඒවා විසි කරන මිනිසුන් මම දුටුවෙමි. දුප්පත්කම හතර වටින් ඇද හැලෙන නගරවල දේවස්ථාන මිල මුදලින්, රත්තරනින්, කසී සළුවලින් පිරී ඉතිරෙනු මම දුටුවෙමි. මේ සියල්ල කෙරේ මිනිසා යොමු කර තිබුණේ භක්තිය විසිනි. එහිදී මට වැටහුණු අපුරුම කරුණ නම් භක්තිය යම් ප්‍රමාණයකට සමාජයක සමෘද්ධිමත්භාවයට ප්‍රතිලෝමව සමානුපාත බවයි. හින්දු ලබ්ධිකයන් අතර භක්තිමත් බවේ ඉහලම තලයේ වැජඹෙන්නේ ඉන්දියාවේ සහ නේපාලයේ සිටින අන්ත දිළිඳු ජනතාවයි. කතෝලිකයන්ගේ භක්තියෙහි දිග පළල බැලීමට නම් ඔබ යා යුත්තේ රෝමයට නොව උගන්ඩාවේ, සැම්බියාවේ හෝ නයිජීරියාවේ දිළිඳු සමාජ ස්ථර වලටයි. පකිස්තානයේ හෝ ඇෆ්ඝනිස්ථානයේ දුෂ්කර ගම්මානවලදී ඔබට ඉස්ලාම් භක්තියේ ඉහලම අන්තය දැක බලා ගත හැකි වනු ඇත. භක්තියට වැඩි තැනක් හිමි නොවන බෞද්ධ සමාජයේ පීඩිතයෝ බුදු දහම පසෙකලා භක්තියෙන් ඔද වැටී දෙවිවරුන්, මෑණිවරුන්, බබාලා, තුමාලා පසු පස දුවන්නෝය. මගේ කුඩා අවධිය මේ ගැන මට ප්‍රයෝගික අත්දැකීම් ලබා දී ඇත. භක්තිය යන්නට ආසන්නම ඉංග්‍රීසි පරිවර්තනය "devotion" යන්නයි. මෙම වදන සඳහා ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ලබාදෙන අර්ථකථනයෙහි සිංහල පරිවර්තනය "පුද්ගලයෙකුට හෝ යම් ක්‍රියාකාරකමකට දක්වන ප්‍රේමය, පක්ෂපාතිත්වය සහ උද්යෝගය" යන්නයි. ඉහත ඉංග්‍රීසි බස හරහා ලැබෙන භක්තියෙහි අර්ථකථනය නිවැරදි නොවන බව මගේ හැඟීමයි. යමෙකු මගෙන් භක්තිය යනු කුමක්දැයි විමසා සිටියහොත් මා ඔහුට දෙන පිළිතුර "බිය සහ තෘෂ්ණාව මුල් කරගනිමින් තේරුම්ගත නොහැකි සාධක කෙරෙහි මිනිසාගේ සිතේ ඇතිවන චකිතය" භක්තිය යන්නයි. ඔබ ඉදිරියේ විශාල මැටි ගොඩක් ඇතැයි සිතන්න. ඔබ මැටි වලට බියද? ඔබට මැටි ගොඩෙන් මැටිවලට අමතරව වෙනත් යමක් ලබා ගත හැකිද? පිළිතුර අනිවාර්යයෙන්ම "නැත" යන්නයි. දැන් කවරෙකු හෝ මේ මැටි ගොඩෙන් දිව එලියට ඇදුනු, දත් මුව දෙපසට නෙරාගිය, නොයෙකුත් ආයුධ සහ මිනිස් හිස් දරාගත් අත් රැසක් ඇති විරූප ගැහැණු වේශයක් අඹනවා යැයි සිතන්න. දැන් ඔබ බිය වේ. මැටි පිළිමයේ රතු, කහ තීන්ත පින්තාරු කර එයට නමක්ද තැබූ විට ඔබ තවත් බිය වෙයි. මේ පිළිමයට වැඳීමෙන් ඔබට වස්තුව, ධනය, බලය, නිළතල ලබා ගත හැකියැයි ඔබට සිතෙයි. නැතහොත් කවරෙකු හෝ ඔබට පවසයි. එවිට ඔබට තෘෂ්ණාව ඇතිවෙයි. දැන් ඔබව වෙලාගෙන ඇති හැඟීම් සමුදාය භක්තියයි. පිළිමයෙන් බොහෝ දේ ලබාගත හැකි යැයි, පිළිමයට බොහෝ දේ කල හැකියැයි ඔබට සිතෙයි. මේ ටික වෙලාවකට පෙර තිබූ මැටි ගොඩම බව ඔබට නොතේරෙයි. ඔබගේ මනසට දැන් ඔබම විලංගු දමාගෙන ඇත. මැටි ගොඩ දෙවියෙකු වී ඇත. ඔබ එයට බියවී ඇත. ඔබ පිළිමය සමග ගනුදෙනු කල යුත්තේ ඉතා ප්රවේශමෙනි. එනම් භක්තියෙනි. සමහරුන් බොල් පිළිම වලින් දෙවියන් සොයද්දී, තවත් සමහරුන්, තුරුලතා වලින්ද, වැලි ගඩොල්, කොන්ක්‍රීට් වලින් තැනු දේවස්ථාන වලින්ද, පොත් වලින්ද, ඒ කිසිත් නැත්නම් හිස් අවකාශයෙන්ද දෙවියන් සොයයි. බියෙන් සහ තෘෂ්ණාවෙන් තොර භක්තියක් නැත. තිස්තුන් කෝටියක් දෙවිවරුන් වුවද, ඒක දෙවියෙකු වුවද ඔබ තුල භක්තිය ඇතිවන්නේ තෘෂ්ණාව මුල් කරගෙනය. ලොව පුරා මිනිසුන් දෙවියන් යදින්නේ, දෙවියන්ගේ ගුණ ගායනා කරන්නේ යමක් ලැබේයැයි සිතාගෙනය. සමහරු දිව්‍ය ලෝකයේ යන්නට ප්‍රවේශපත් යදිති. සමහරුන්ට රෝග සුව කරගැනීමට අවශ්‍යවෙයි. තවත් අයට යාන වාහන, මිල මුදල්, ඉඩකඩම්, නඩු හබ වලින් ජයගැනීම්, විභාග සමත් වීම් ආදී මෙකි නොකී සියලුම දේ ලබාගන්නට අවශ්‍යවෙයි. මේ අතර තමන්ට ඥානය ලබාදෙන මෙන් මැටි පිළිම වලින් යදින අයද දක්නට ලැබෙයි. කිසිවක් දෙන්නේ නැති දෙවියෙකුව ඔබ සත පහකට ගණන් නොගනු ඇත. "ඔබ කැමති යමක් ඔබට දිය හැකි දෙවියන්ට ඔබ අකැමති වුවත් ඔබට දඬුවම් ලබාදීමටද පුළුවන". නුවණැති කපටියන් තම මඩිය තර කරගන්නේ මේ තර්කය උපයෝගී කරගෙනය. ඒ කපටියා, ඔබත් ඔබ සාදාගත් දෙවියනුත් අතරට පැමිණෙන බ්‍රෝකර්වරයාය. නොයෙකුත් ආගම් වල මෙම බ්‍රෝකර්වරයා හැඳින්වීමට නොයෙකුත් නම් භාවිතා කෙරේ. දෙවියන් ඔබට දෙන දේද, ඔබ දෙවියන්ට දෙන දේද අන්තිමට නතර වන්නේ මෙම බ්‍රෝකර් වරයා ළඟය. [IMG]https://1.bp.blogspot.com/-DwCotkmJEwo/WZ_-_YcFeaI/AAAAAAAACxs/ZDIWzOhcPIYZEtXuxSHjFtEVsRIIAf_aACLcBGAs/s1600/FIG-IPN-3182_01.jpg[/IMG] බෝල් පිළිම වලට මුදල් කොළ සමග කොඳුරුවන් වටවූ අඹ, අන්නාසි, දිවුල් ගැට, කෙසෙල් ගෙඩි පිදීමට තරම් භක්තිය ඔබව අන්ධ කරයි. භක්තිය වෙනුවෙන් ඇඟ පුරා කටු ගසා ගන්නට, ජිවිත කාලයම නොනා සිටීමට, පැය ගණන් බිම දිගේ පෙරලීමට, හතරට පහට නැවෙමින් නිතිපතා යාඥා කිරීමට සමහරුන් පෙළඹේ. මෙයින් නොනවතින සමහර ආගමිකයන් සර්ව බලතල සහිත, සියළු දේ කල හැකි දෙවියන් වෙනුවෙන් අනෙක් මිනිසුන් සමග සටන් කරයි. මිනී මරයි. ගම් බිම් ගිනිබත් කරයි. අන්තිමේදී ඔබට යමක් ලබාගන්නට මවා ගත් දෙවියා වෙනුවෙන් ඔබට ඔබේ වර්ගයාම නැසීමට සිදුව ඇත. මේ භක්තියෙහි භයංකරත්වයයි. භක්තියේ නාමයෙන් අන්ධව සිටි යුගයෙන් නික්ම යාමට කාලය එළඹ ඇත. [URL="http://chandimagomes.blogspot.com/2017/08/blog-post.html"]http://chandimagomes.blogspot.com/2017/08/blog-post.html[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom