භාරතයේ විකසිත වන රාවල්පින්ඩි ගිනිමල........

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    භාරතයේ විකසිත වන රාවල්පින්ඩි ගිනිමල........

    veena_malik_46.jpg

    ෆර්දාවල කුරානයල පල්ලියල වීනා මලික්ගේ ජීවිතය වට කරගෙන බලකොටුවක් සේ ඉඳි වී ඇත. එහෙත් ඇයගේ සිහින ලෝකය ඒ සියල්ල අභිබවා යෝධ කිරිල්ලියක සේ වැඩුණි. මේ වනවිට ඒ යෝධ කිරිල්ලිය සියලු බාධකල වැටකඩොලු මතින් බොහෝ දුර පියඹා ගොස් ඇත. එහෙත් තවමත් ඇයට එල්ල වන බාධාවල නම් අඩුවක් නම් නැති පාට ය....

    සහීඩා මලික් ලෙස ඇය පකිස්තානයේ රාවල්ෆින්ඩි නුවර උපත ලැබුවේ හමුදා සෙබලකු වූ අලි මලික්ගේත් සීනත් මලික්ගේත් දියණිය වශයෙනි. ඕනෑ ම මුස්ලිම් දියණියකට මෙන්ම ඇයට ද සිය ආගමික පරිසරය අනුව හැදෙන්නට වැඩෙන්නට සිදු වූවාය. එහෙත්, ඇය ගමන් ගත්තේ සාමාන්‍ය පාකිස්තානු යුවතියක යන මාර්ගයේ නෙවෙයි. මේ හිතුවක්කාරකම නිසා වීනාට බොහෝ චෝදනාවලට ලක්වීමට සිදු වී තිබේ.

    වීනා මලික්ට එල්ල වී ඇති අලුත්ම චෝදනාව නිරුවතින් "එෆ් එච් එම්" සඟරා කවරයට පෙනී සිටියාය යන චෝදනාවයි. "එෆ් එච් එම්" ඉන්දියානු සඟරාවකි. සඟරාව නිකුත්වීමෙන් පසු පකිස්තානය, බොලිවුඩය ගිනි අවුලන නමක් බවට වීනාගේ නම පත් වී තිබේ. මෙවැනි චෝදනාවකට ලක් වෙන ඕනෑම නිළියක මෙන් වීනා ද මෙය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නීය. "මං කවදාවත් නිරුවක් ඡායාරූපයකට පෙනී ඉඳලා නෑ, මගේ කළමනාකරු සහ නීතිඥ කණ්ඩායම මේ ගැන කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ට විරුද්ධව අපි පියවර ගනිමින් ඉන්නේ." වීනා තම නිරුවත් පෙනී සිටීම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට දුන් පිළිතුර එයයි.

    Veena-Malik-nude-FHM-pic.jpg


    "ඡායාරූපය හදපු එකක්. සම්පූර්ණයෙන්ම හදපු එකක්. ඒ ඇත්තටමල ස්ථිරවම මම නම් නොවෙයි." වැඩිදුරටත් ඇය කියා සිටින්නීය. මේ දිනවල වීනා සිටින්නේ ඉන්දියාවේය. ඇය මූම්බායි හි "ස්වියාමාවර්" රියැලිටි වැඩසටහනට සහභාගි වෙමින් සිටින්නීය. එහෙත් "එෆ් එච් එම්" සඟරාවේ කර්තෘ කබීර් ෂර්මා පවසන්නේ වෙනස්ම කතාවකි. ෂර්මා පවසන අන්දමට ඡායාරූප ගෙන ඇත්තේ නොවැම්බර් 22 මූම්බායිහිදීය. ඔහු සතුව ඡායාරූප ගනිද්දී ගත් වීඩියෝ පටය ද තිබේ. "වීනා එවූ ඊ මේල් තියෙනවා. ඇය එහි සඳහන් කර තිබෙනවා ඡායාරූප දැක්කා. ඒ ගැන සතුටින් ඉන්නේ. කවරය නිකුත් වෙන තුරු ආසාවෙන් බලා සිටිනවා කියලා." ෂර්මා පවසන්නේ මෙහි සත්‍ය අසත්‍යතාව සැබෑවටම දැන ගැනීමට සිටින්නන් තව තවත් අසරණ කරමිනි.

    පකිස්තාන නිළියක වූ මීරාල වීනා මලික්ව කලින් ලාභ කෙල්ලක් කියා හැඳින් වූ තැනැත්තියකි. වෙබ් අඩවියෙන් කවරය දුටු ඇය ට්විටර් වෙබ් අඩවියට "වීනා මලික් යනු සම්පූර්ණයෙන්ම පිස්සු ගෑනියක්" යන වාක්‍යය යවා ඇත.

    කෙසේ වුවත් වීනාට මේ සිදුවීම නිසා පකිස්තානයට පය තැබීම ගැටලුවක් වෙමින් පවතී. වීනාගේ පකිස්තානු පුරවැසිභාවය තහනම් කරන ලෙසටත්, ඇයට යළි පකිස්තානයේ ජීවත්වීමට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා පකිස්තානු ශ්‍රේ‍්‍රෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නන්ගේ ගණන අති විශාලය. රහ්මන් මලික් ඇමැතිවරයා ද වීනාට එරෙහිව තදින් ක්‍රියා කරන බවට අනතුරු අඟවා අවසන්ය.

    වරින්වර විවාදාත්මක මාතෘකාවලට ලක්වන්නියක නිසා "විවාදාත්මක රැජින" ලෙස ද සමහරු ඇය හඳුන්වති. මේ සිදුවීමට පෙර බොහෝ දෙනෙක් කතා කළේ වීනා හා පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක මොහමඩ් අසීෆ් සමඟ පැවැති සබඳතාව බිඳ වැටීම ගැනයි. ඉන් පසු ඇය ඉන්දියානු නළු අෂ්මිත් පටෙල් සමඟ සබඳතාවක් පවත්වන බවට කට කතාවක් පැතිර ගියේය.

    පෙම් සබඳතා ගැන ද ඇය ඉන්දියානු මාධ්‍ය සමඟ විවෘත අදහස් පළ කළේ මේ සියලු අර්බුද මධ්‍යයේය. "මං හැම වෙලාවෙම පිරිමියකුට ආදරය කළේ පිවිතුරුවයි. අවංකවමයි. ඒත් ඔවුන් එහෙම කළේ නැහැ. දැන් මගේ වයස අවුරුදු තිස්තුනයි. මේ වනවිට දෙවරක් විවාහ ගිවිස ගෙන තියෙනවා. පළමු විවාහ ගිවිස ගැනීම බිඳ වැටුණේ ඔහු වංචාකාරයෙක් නිසා. දෙවැනි විවාහ ගිවිස ගැනීම, පියාගේ කැමැත්ත අනුව ඔහු සූදානම් කළ කෙනකු සමඟ සිදු වුණා. ඔහුට විවාහයෙන් පසු අමෙරිකාවට යාමට අවශ්‍ය වූ නිසා ඒ විවාහ ගිවිසුමත් කැඩිලා ගියා.

    "අසීෆ් දැන් විවාහ වෙලා. ඔහුට ආදරය කළ නිසා බොහෝ පීඩාවන් විඳින්න සිදු වුණා. තවමත් ඔහු කතා කරනවා. ඒත් තවත් ගෑනියකුට දුක් දෙන්න මට ඕන නැහැ."

    "අෂ්මිත් මගේ හොඳම යාළුවෙක්. මට ඉන්දියාවේ ඉන්නේ යාළුවෝ ටික දෙනයි. අෂ්මිත් ඉන් එක් කෙනෙක්. ඔහුගෙන් ඕනෑම දේකට උපදෙස් ගන්නවා. එහෙත් සම්බන්ධයක් නම් නැහැ." වීනා සිය පෞද්ගලික ජීවිතය මෙසේ වරින් වර පොදු මාධ්‍යයෙන් එළි දැක්වීමට එතරම් කැමැත්තක් නොදක්වන්නීය. එහෙත් තමන් සාමාන්‍ය ගැහැනියක නොව තාරකාවක් වීම නිසා එසේ සිදුවීම ස්වභාවික බව හොඳින් දන්නීය. වීනාගේ නිරුවත් රුව සහිත ආන්දෝලනාත්මක එෆ් එච් එම් සඟරාවේ හිටපු පෙම්වතා වූ ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසීෆ් පිළිබඳ පැවසූ බොහෝ තොරතුරු ද ඇතුළත් ය.

    සමහරු පවසන්නේ ස්මේයම්වර් සීසන් ෆෝ රියැලිටි වැඩ සටහන ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවතින් පෙනී සිටීම වැනි උපක්‍රමයක් භාවිත කරන්නට ඇතැයි කියායි.

    වීනා 1999 සිට නිළියක, මෝස්තර නිරූපිකාවක ලෙස සහ විකට නිළියක ලෙස නමක් දිනා සිටින්නියකි. ඇය මුලින්ම පුංචි තිරයේ විකට නිළියක ලෙස ජනප්‍රිය වූවාය. ඇයගේ කුළුඳුල් උර්දු සිනමා පටය "තේරේ ප්යාර් මේන්" (2000) ය. එය ආදායම් වාර්තා පිහිට වූ සිනමා පටයකි. උර්දු සිනමාපට හයකත්, පන්ජාබ් සිනමා පට තුනකත් රඟපා ඇති වීනා බොලිවුඩයට පිවිසියේ "දාල් මේන් කුඩ් කාලා හයි" සිනමා පටයෙනි. ඇය හා හා පුරා කියා රැඟූ සිනමාපටය තිරගත වීමට නියමිත 2012 දීයි. මෑතකදී වීනා පකිස්තානයට වඩා සමීප වූයේ ඉන්දියාවටයි. ඉන්දියානු රූපවාහිනියේ "බිග් බොස් සීසන් 4" රියැලිටි වැඩසටහනට ද ඇය පෙනී සිටියාය. උදා වී ඇති වාතාවරණය අනුව වීනා මලික් යන පකිස්තානු නිළිය, මෝස්තර නිරූපිකාව බොලිවුඩයටම දායාද වීමේ වැඩි ඉඩක් පවතී.

    දිනමිණ පත්තරේ ක්ෂිතිජය අතිරේකයෙන් ගත්තේ...

    කට්ටියට හිතෙන දේවල් කමෙන්ට් එකක් විදියට දාලා යන්න.......